SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

2021 මැයි මාසයේදී ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ MV X-Press Pearl නෞකාව ගිනිගෙන විනාශ වීම,

හුදෙක් අවාසනාවන්ත අනතුරක් පමණක් නොවේ. බහාලුම් 1,486ක්, නයිට්‍රික් අම්ලය ටොන් 25ක් සහ ප්ලාස්ටික් කණිකා බිලියන 70කට අධික ප්‍රමාණයක් සාගරයට මුදාහැරීම හරහා සිදුවූයේ, ලොව මෙතෙක් වාර්තා වූ දැවැන්තම සමුද්‍රීය ප්ලාස්ටික් විනාශය බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් මනාව තහවුරු කර තිබේ.

 

 

 

බහුජාතික සමාගම්වලට එරෙහිව නියම වූ පුද්ගලික වගකීම

මෙම මහා විනාශය සම්බන්ධයෙන් 2025 ජූලි 24 දින ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව නෛතික සන්ධිස්ථානයකි. එමගින්, නෞකාවේ මව් සමාගම වන සිංගප්පූරුවේ EOS RO Pte. Ltd., ක්‍රියාකරුවන් වන X-Press Feeders සහ දේශීය නියෝජිතයා වන Sea Consortium Lanka Pvt. Ltd. යන පාර්ශව වෙත වගකීමෙන් ගැලවීමට ඉඩ නොතබා සාමූහික සහ පුද්ගලික වගකීමක් (Joint and several liability) පනවනු ලැබීය.

 

 

62.jpeg

 

 

ඩොලර් බිලියනයක වන්දිය -

අවසන් තීන්දුවද? මූලික පියවරක් පමණක්ද?

 

 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ සමාගම්වලට වසරක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියනයක් (USD 1 Billion) ගෙවීමට නියෝග කර ඇත. එහෙත් මෙහි ඇති හෙළිදරව්වාත්මක සත්‍යය වන්නේ, මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන කමිටුව විසින් ඇස්තමේන්තු කළ සමස්ත හානිය ඩොලර් බිලියන 6.4ක් තරම් දැවැන්ත වීමයි. slleader අප මාධ්‍යවේදීන් විසින් අනාවරණය කරගත්තේ අඛණ්ඩව සිදුවන පාරිසරික හානිය හේතුවෙන් මෙම ඩොලර් බිලියනය "මූලික ගෙවීමක්" පමණක් වන අතර, අනාගත අතිරේක වන්දි තක්සේරු කිරීම සඳහා ස්වාධීන කොමිසමක් පත්කර ශ්‍රී ලංකාවේ නෛතික අයිතිය සුරක්ෂිත කිරීමට අධිකරණය ක්‍රියා කර ඇති බවය.

 

අපි කවුද - Marine Environment Protection Authority (MEPA)

 

 

රාජ්‍ය ආයතනවල අකර්මණ්‍යතාව සහ වගකීම් පැහැර හැරීම

මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් හෙළිදරව් කළ තවත් බරපතල කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල සහ බලධාරීන්ගේ පැවති අතිශය දුර්වලතාවයයි. අර්බුදකාරී අවස්ථාවේදී සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනතට (MPPA) අනුකූලව නිසි තීරණ නොගෙන, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) හිටපු සභාපතිනිය සහ එවකට විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා සිය ව්‍යවස්ථාපිත වගකීම් සම්පූර්ණයෙන්ම පැහැර හැර ඇති බව අධිකරණයෙන් තීන්දු විය.

 

 

නීතිපතිවරයාගේ භූමිකාව සහ සිංගප්පූරු නඩුවේ ඛේදවාචකය

ශ්‍රී ලංකාවට අයත් දේශීය අද්මිරාල්ති අධිකරණ බලය පැහැදිලිව තිබියදීත්, වන්දි ලබාගැනීමේ සිවිල් නඩුව සිංගප්පූරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත ගෙන යාමට නීතිපති දෙපාර්තමේන්තුව ගත් තීරණය මෙහිදී දැඩි දෝෂදර්ශනයට ලක් විය. ඩොලර් මිලියන 4.5ක (රුපියල් කෝටි ගණනක) මහජන මුදලක් නීතීඥ ගාස්තු ලෙස පමණක් නිකරුණේ ගෙවීමට සිදුවූ මෙම අදූරදර්ශී තීරණය "අසාධාරණ සහ අත්තනෝමතික" ක්‍රියාවක් බව අධිකරණය දැඩිව අවධාරණය කළේය.

 

 

Sir Nigel Teare appointed a Judge of the Singapore International Commercial Court Quadrant Chambers congratulates Sir Nigel Teare on his appointment as an International Judge to the Supreme Court of Singapore. He

 

 

ලන්ඩන් අධිකරණයේ ඩොලර් මිලියන 25ක සීමා කිරීමේ උගුල

ශ්‍රී ලංකාවට හිමිවිය යුතු සැබෑ යුක්තිය හමුවේ ඇති ප්‍රබලතම අභියෝගය වන්නේ ජාත්‍යන්තර රක්ෂණ මාෆියාව ක්‍රියාත්මක කරන සීමා කිරීම් ය. මේ වන විටත් නෞකාවේ P&I රක්ෂණ සමාගම විසින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අධිකරණයක් හරහා සිය වන්දි ගෙවීමේ වගකීම පවුම් මිලියන 19.16 කට (එනම් ඇමරිකානු ඩොලර් මිලියන 25කට පමණ) සීමා කරගැනීමට නියෝගයක් ලබාගෙන තිබේ. ඩොලර් බිලියන 6.4ක හානියක් සිදුවී ඇති පසුබිමක මෙය ශ්‍රී ලංකාවට එල්ල වූ දැවැන්තම ප්‍රහාරයකි.

 

මුල් පිටුව - Marine Environment Protection Authority (MEPA)

 

 

අන්තරායකර භාණ්ඩ වසන් කිරීමේ පාපය

මීට අමතරව, නෞකා බලධාරීන් විසින් නයිට්‍රික් අම්ල කාන්දුව වසන් කරමින් ජාත්‍යන්තර සමුද්‍රීය අන්තරායකර භාණ්ඩ කේතය (IMDG Code) උල්ලංඝනය කර තිබීමද බරපතල ගැටලුවකි. අන්තරායකර භාණ්ඩ නිසි පරිදි ප්‍රකාශයට පත් නොකිරීමේ (misdeclaration) වරද මත පදනම්ව, භාණ්ඩ රක්ෂණ (Cargo Insurance) වගකීම්වලින් ද නිදහස් වීමට රක්ෂණ සමාගම්වලට මේ හරහා නෛතික ඉඩකඩක් විවර වී තිබේ.

 

 

Marine Cargo Insurance: Why Carrier Liability Falls Short

 

ඩොලර් මිලියන 250ක අල්ලස සහ අපරාධ විමර්ශන

මෙම දැවැන්ත ඛේදවාචකය නැවත වළක්වා ගැනීම සඳහා MARPOL, SOLAS වැනි ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව දේශීය නීති වහාම සංශෝධනය කිරීමට අධිකරණය නියෝග කර ඇත. තවද, සත්‍ය තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් අපරාධ රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් කෙරෙන පරීක්ෂණ ද, වන්දි ක්‍රියාවලිය යටපත් කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම (CIABOC) මගින් කෙරෙන පරීක්ෂණ ද වහාම වේගවත් කරන ලෙස තවදුරටත් නියම කර තිබේ.

 

 

ජාත්‍යන්තරය හමුවේ අභියෝගාත්මක සටනක්

 

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මෙම ඓතිහාසික තීන්දුව පාරිසරික යුක්තිය වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරකි. එහෙත් සැබෑ සටන ඇත්තේ ලන්ඩන් අධිකරණය තුළ රක්ෂණ සමාගම් ගොඩනගා ඇති ඩොලර් මිලියන 25ක සීමා කිරීමේ පවුර බිඳ දැමීම සහ දූෂිත දේශීය නිලධාරීවාදයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම තුළය. පාරිසරික විනාශයේ ඇස්තමේන්තුවට සරිලන සම්පූර්ණ වන්දිය දිනාගැනීම සඳහා ශ්‍රී ලංකාවට අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත නෛතික සටනක් කිරීමට සිදුවනු ඇත.

 

[SLLeader මීළඟ ලිපිය මගින් එක්ස්ප්‍රස් පර්ල් ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ වන්දි යාන්ත්‍රණය සමග නෛතික ජයග්‍රහණ සහ වන්දි මුදල් සම්බන්ධ කරුණු සාකච්ඡා කෙරෙනු ඇත].

 

 

#නිරොමි සුබ්‍රමනියම්

නවතම ලිපි