SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

රුපියල් කෝටි 14කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවේ ඊයේ (31) දින විභාගය, නීතිමය සහ පරිපාලනමය වශයෙන් තීරණාත්මක කරුණු රැසක් මතු කළේය.

 

 

Protecting access to immunoglobulin therapy | Immune Deficiency Foundation

 

 

විශේෂයෙන්ම, වෛද්‍ය සැපයීම් අංශයේ (MSD) හිටපු සහකාර අධ්‍යක්ෂිකා ලතිකා චාන්දනී වන්නිආරච්චි ගෙන් විමසූ හරස් ප්‍රශ්න හරහා, විත්තිපාර්ශ්වයේ නීතිඥවරුන් ගොඩනගන තියුණු නෛතික ප්‍රවේශයන් මනාව පැහැදිලි වෙයි.

 

 

 

පහත දැක්වෙන්නේ එම නඩු වාර්තාව ඇසුරෙන් උපුටා ගත් සංවාද සහ ඒ හරහා මතු කෙරෙන විචාරාත්මක නෛතික විශ්ලේෂණයකි.

 

 

වගකීම විමධ්‍යගත කිරීම: "තීරණ ගත්තේ තනිවම නොවේ"

 

Sri Lanka receives key lab reports on human immunoglobulin drug from India and Germany - LNW Lanka News Web

 

 

දහවන චූදිත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන ගේ මූලික උත්සාහය වූයේ, අදාළ ඖෂධ ගෙන්වීමේ තීරණ සහ සාකච්ඡා යම් තනි පුද්ගලයෙකුගේ හෝ කුඩා කණ්ඩායමකගේ රහසිගත ක්‍රියාවලියක් නොව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවූවක් බව අධිකරණය හමුවේ තහවුරු කිරීමයි.

 

නීතිඥ: "ඒ කියන්නේ වගකිවයුතු පිරිසක් සහභාගි වී සිටියා"

සාක්ෂිකාරිය: "එසේය ස්වාමීනී"

නීතිඥ: "SPC සභාපති සරත් ලියනගේ, සාමාන්‍යාධිකාරී ඩී. දහනායක, NMRA සභාපති උත්පල ඉන්ද්‍රවංශත් සහභාගි වී සිටියා."

සාක්ෂිකාරිය: "එසේය ස්වාමීනී"

 

 

මෙම ප්‍රවේශය ඉතා තියුණුය. ප්‍රසම්පාදන ක්‍රියාවලියට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ප්‍රධානීන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් ද සම්බන්ධ වී ඇති බව සාක්ෂිකාරිය ලවාම පිළිගැනීමට සැලැස්වීම හරහා, විත්තිකරුවන් මත පමණක් පැටවී ඇති චේතනාන්විත වංචාව (Mens Rea) පිළිබඳ චෝදනාව අභියෝගයට ලක් කිරීම මෙහි අරමුණයි.

 

 

මතකයේ හිඩැස් සහ ක්‍රියාපටිපාටියේ දුර්වලතා නිරාවරණය වීම

 

Guide to Human Normal Immunoglobulin BP | JoinHub Pharma

 

 

හරස් ප්‍රශ්න ඇසීමේදී වඩාත්ම තීරණාත්මක අවස්ථාව එළඹෙන්නේ 'රිටක්සිමැබ්' සහ ආන්දෝලනාත්මක 'හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්' ඖෂධ භාරගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව ප්‍රශ්න කරන විටදීය.

 

නීතිඥ: "ඒවා (හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්) භාර ගනිද්දි මොනවද බැලුවේ?"

සාක්ෂිකාරිය: "ඉන්වොයිස්, ඖෂධ හා සුජිත් මහතා ඉදිරිපත් කළ ලේඛන."

නීතිඥ: "ගැනුම් ඇණවුම?"

සාක්ෂිකාරිය: "මතක නැහැ"

 

 

දශක තුනකට ආසන්න පළපුරුද්දක් ඇති, වෛද්‍ය සැපයීම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළ සාක්ෂිකාරියට, කෝටි ගණනක් වටිනා ඖෂධ භාරගැනීමේදී එහි මූලිකම ලියවිල්ලක් වන 'ගැනුම් ඇණවුම' (Purchase Order) පරීක්ෂා කළාද යන්න මතක නොමැති වීම නඩුවේ පැමිණිලි පාර්ශ්වයට ප්‍රබල පහරකි. විත්තිපාර්ශ්වය මෙමඟින් පෙන්වා දෙන්නේ වංචාවක් සිදුවී ඇත්නම්, එයට MSD ආයතනය අභ්‍යන්තරයේ පැවති බරපතළ පරිපාලන සහ රාජකාරිමය දුර්වලතා සෘජුවම බලපා ඇති බවයි. තවද, CID ය ප්‍රශ්න කළ ඇතැම් කරුණු ද ඇයට "මතක නැහැ" යැයි පැවසීම ඇයගේ සාක්ෂියේ විශ්වසනීයත්වය (Credibility of the witness) හීන කිරීමට නීතිඥවරයා භාවිතා කරයි.

 

 

තෝරාගත් නිලධාරීන් ආරක්ෂා කිරීමේ චෝදනාව

 

All major decisions on emergency purchase of 182 types of drugs taken in 2022 while second suspect was in the UK – The Island

 

 

අටවන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වසන්ත විජේසේකර ගේ හරස් ප්‍රශ්න කිරීම් වඩාත් ආක්‍රමණශීලී මුහුණුවරක් ගත් අතර, ඔහු ඍජුවම සාක්ෂිකාරියගේ චේතනාව ප්‍රශ්න කළේය.

 

නීතිඥ: "තමන් දන්නේ පැ 401 මිනිට් සටහන පමණයි."

සාක්ෂිකාරිය: "එසේය ස්වාමීනි"

නීතිඥ: "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මේ නඩුවෙන් පැත්තක තියන්න, ඔබ උත්සහ කරන බවට මම යෝජනා කරනවා"

සාක්ෂිකාරිය: "ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි"

 

 

මෙම යෝජනාව නීතිමය වශයෙන් අතිශය වැදගත් ය. අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සාක්ෂි ආඥා පනත අනුව, සාක්ෂිකරුවෙකු යම් පාර්ශ්වයක් කෙරෙහි පක්ෂපාතීව කටයුතු කරන්නේ නම්, එය ඔප්පු කිරීම හරහා සමස්ත සාක්ෂියම දුර්වල කළ හැකිය. 2023 මාර්තු 27 පැවති තීරණාත්මක රැස්වීමක් පිළිබඳව ඇය දරන "නොදුවත්භාවය", සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැනි ඉහළ නිලධාරීන් නීතියේ රැහැනින් ගලවා ගැනීමේ උත්සාහයක් ලෙස නීතිඥවරයා අධිකරණය හමුවේ ස්ථාපිත කිරීමට උත්සාහ දරයි.

 

 

මෙම හරස් ප්‍රශ්න කිරීම් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, අදාළ ඖෂධ ගනුදෙනුව හුදු දේශපාලනික තීරණයක් පමණක් නොව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන ව්‍යුහය, ප්‍රසම්පාදන කමිටු සහ නියාමන ආයතන සියල්ලේම දෝෂ සහිත අන්තර්ක්‍රියාවක ප්‍රතිඵලයක් බව අධිකරණය හමුවේ ගෙනහැර දැක්වීමට විත්තිපාර්ශ්වය සමත් වෙමින් සිටින බවයි. විශේෂයෙන්ම ඖෂධ භාරගැනීමේදී නිලධාරීන්ගේ වගකීම් පැහැර හැරීම සහ සාක්ෂිකරුවන්ගේ මතකයේ ඇති පරස්පරතා, ඉදිරියේදී නඩුවේ තීන්දුව කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරනු නිසැකය.

 

 

Three-Judge Bench for Keheliya's Immunoglobulin Case

 

 

නඩු වාර්තාව

2026/07/31

 

ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි 14කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව  (31) යළි විභාගයට ගැනිණි.

 

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකාරියක ලෙස සිව්වන දිනටත් වෛද්‍ය සැපයීම් ඒකකයේ හිටපු සහකාර අධ්‍යක්ෂිකා ලතිකා චාන්දනී වන්නිආරච්චි සාක්ෂි සඳහා කැඳවා තිබිණි.

 

දහවන චූදිත වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.

 

නීතිඥ ; ඔබ 1990 දී කළුතර ජාතික 'සෞඛ්‍ය විද්‍යායතනයෙන් ඖෂධ වේදය හැදෑරූ බවත්, 1993 දී සීමා වාසික ඖෂධ වේදියෙකු ලෙස සේවය ආරම්භ කළ බවත් කීවා. ඒ කොහේද?

සාක්ෂිකාරිය ; ගම්පහ රෝහලේ ස්වාමීනී

නීතිඥ ; 1994 දී පළමු පත්වීම ලබා සහකාර අධ්‍යක්ෂ දක්වා ආවා

සාක්ෂිකාරිය ; සහකාර අධ්‍යක්ෂ වුණේ 2021 දී

නීතිඥ ; සේවය කළේ කවර ස්ථානවලද?

සාක්ෂිකාරිය ; අවිස්සාවේල්ල, කාසල් වීදිය කාන්තා රෝහල, බදුල්ල මහ රෝහල හා වෛද්‍ය සැපයීම් අංශය

නීතිඥ ; ඔබ වෛද්‍ය සැපයීම් ඒකකයට එද්දී අත්දැකීම් සම්භාරයක් ලබපු කෙනෙක්

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඔබ 2011 දී ඖෂධවේදී උපාධිය ලැබුවා

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නීතිඥ ; 2020-2021 කාලය තුළ කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ වැඩ බලන උපදේශිකාව කෙලෙස කටයුතු කළා.

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නීතිඥ ; දැන් සහකාර අධ්‍යක්ෂවරියක්

සාක්ෂිකාරිය ; 2024 සේවය අත්හිටවන තුරු

නීතිඥ ; ඔබට ඖෂධ වේදය පිළිබඳ ප්‍රාමාජික දැනුමක් තිබෙනවා

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නීතිඥ ; ඔබ සහකාර අධ්‍යක්‍ෂිකාව ලෙස රැස්වීම් වලට සහභාගි වුණා

සාක්ෂිකාරිය ; එසේය

ස්වාමීනී

( 105  ගොනුවේ පැ 398 පෙන්වයි. )

 නීතිඥ ; ඔබ තත්ත්ව පාලන අංශයේ කොපමණ කල් සිටියද?

සාක්‍ෂිකාරිය ; 2020 දක්වා සිටියා

නීතිඥ ; එහි කුමක්ද කළේ??

සාක්ෂිකාරිය ; ඖෂධ සමාලෝචන කමිටු හා චක්‍රලේඛ කමිටුවල කටයුතු කළා. තත්ත්ව පාලන කටයුතු කළේ NMRA එක

නීතිඥ ; ඔබ කළේ පරිපාලන කටයුත්තක්

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි

නීතිඥ ; අනතුරුව සහකාර අධ්‍යක්‍ෂිකා ධූරයේ දී 7,8,9,10, 21 දරන ගබඩාවලට ඖෂධ ලැබීම සම්බන්ධව කටයුතු කළා.

සාක්ෂිකාරිය ; ඔව්

නීතිඥ ; 1 සිට 10 දක්වා,  21හා පිළිකා නොවන නාමික ඖෂධ සහිත 310 ගබඩාව ඒ ඒ ගබඩා භාරව අධ්‍යක්ෂවරුන් දෙදෙනා කටයුතු කළා .

නීතිඥ ; (පැ 398 පෙන්වයි.) ඔබ මේ ලේඛනය ගබඩාවට ටෙන්ඩර් ප්‍රදානයක ලේඛනයක් ලෙස හඳුනා ගන්නවද?

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි

නීතිඥ ; ලේකම්වරයාගේ අත්සන හඳුනනවද?

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි

නීතිඥ ; (69 ගොනුවේ 10V63 පෙන්වයි) 2022 සැප්තැම්බර් 5 දින තබන ලද සටහනක් මේ.

සාක්ෂිකාරිය ; රැස්වීම් වාර්තාව අනුව මම සහභාගිවෙලා තියෙනවා

නීතිඥ ; එම රැස්වීම එවකට ලේකම් වාර්තා කර තිබෙනවා. ඊට ලේකම් හා අතිරේක ලේකම් සහභාගි වී  තිබුනද?

සාක්ෂිකාරිය ; රැස්වීම් වාර්තාව අනුව සහභාගී වෙලා තිබෙනවා.

නීතිඥ ; බලන්න කවුද සහභාගි වී ඇති නිලධාරීන් කියා?

සාක්ෂිකාරිය ; MSD එකෙන් වෛද්‍ය හේරත්, වෛද්‍ය තුසිත සුදර්ශන, K S K වීරසේකර, PD සොලමන්ස්, M S W ද සොයිසා , ප්‍රධාන තොග පාලක ( ආර් එස් ඩී  අංශය ) කුමාර, ප්‍රධාන තොග පාලක HMDN බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ පුෂ්ප කුමාර, මම සහ ප්‍රධාන තොග පාලක ( ශල්‍ය) විජේසිංහ.

නීතිඥ ; ඒ කියන්නේ වගකිවයුතු පිරිසක් සහභාගි වී සිටියා

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නීතිඥ ; spc සභාපති සරත් ලියනගේ, සාමාන්‍යාධිකාරී ඩී දහනායක, NMRA සභාපති උත්පල ඉන්ද්‍රවංශත් සහභාගි වීසිටියා. 

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නීතිඥ ; කොතැනද පැවැත්වුණේ?

සාක්ෂිකාරිය ; අමාත්‍ය කාර්යාලයේ

නීතිඥ ; කවුද මුලසුන

සාක්ෂිකාරිය ; අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

නීතිඥ ; 10 V 63 දරන සටහන අනුව එහි සාකච්ඡා කරන ලද කරුණු හයක් සම්බන්ධව වාර්තා කර තිබෙනවා.

සාක්ෂිකාරිය ; කරුණු හතක් සම්බන්ධව ස්වාමීනී

නීතිඥ ; එහි ගත් තීරණ පිළිබඳ වගකීම කාගෙද යන්න මෙම ලේඛනයේ සඳහන් වෙනවා

(සාක්ෂිකාරියට 10 V 53 ලේඛනය පෙන්වයි)

සාක්ෂිකාරිය ; මෙය පෙර දැක්වූ රැස්වීමට සමාන්තර ලෙස පැවැත්වූ රැස්වීමක්

නීතිඥ ; මෙය කවදද පැවැත්වුණේ.?

සාක්ෂිකාරිය ; 2022 /10/10

නීතිඥ ; කවුද වාර්තා කර තිබුණේ?

සාක්ෂිකාරිය ; සෞඛ්‍ය බලධාරීන්

නීතිඥ ; ගරු සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල

( සාක්ෂිකාරිය එම පිළිතුර පළමුවෙන්  දුන්නේ ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යනුවෙනි)

නීතිඥ ; අමාත්‍යාංශය පැත්තෙන් ඇමති, නියෝජ්‍ය ඇමති, සහභාගී වෙලා NMRA එකේ වෛද්‍ය විජිත් ගුණසේකර සම්බන්ධ වෙලා.  spc පැත්තෙන් සභාපති, සාමාන්‍යාධිකාරී සහභාගී වෙලා. මේ රැස්වීමේ මාතෘකාව ඖෂධ ගැන, ඖෂධ හිඟය ගැන කතා කිරීම

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී

නීතිඥ ; එක් එක් කාරණා ගැන විවිධ අංශවල නිලධාරීන් සාකච්ඡා කළා. සාක්ෂිකාරිය ඔබ පැ 388 ලේඛනයේ වෙන් වෙන්ව රිටක්සිමැබ් IV 50 ml වයල් වලට අදාල පැ 336, 338, 340 හා 341 යන ඉන්වොයිස් දීලා තිබෙනවා.  (අදාල ඉන්වොයිස් පෙන්වයි)

ඔබ කියන්නේ ඖෂධ භාර ගැනීමේ දී ඉන්වොයිස් පරීක්ෂා කළා කියා. පරීක්ෂාවෙන් පසු ගැලපීම මත භාරගත්තා කියා.

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි

නීතිඥ ; ඒ අනුව ඔය ඉන්වොයිස් පත්‍ර හතරේ ගැනුම් ඇනවුම කුමක්ද?

සාක්ෂිකාරිය ; 131632

නීතිඥ ; ඔබ කීවා ඔය ගැනුම් ඇනවුම් බලලයි බාරගත්තේ කියා

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නීතිඥ ; 197 ගොනුවේ පැ 334  බලන්න

(106 ගොනුවේ පැ 360 ද පෙන්වයි.)

මේ දක්වා සාක්ෂි වලට අදාල රිටක්සිමැබ් ප්‍රධාන ලිපියට අදාළ ගැනුම් ඇණවුම මේ

සාක්ෂිකාරිය ; මෙය ප්‍රදානය කළ ලිපියට නිකුත් කළ ගැනුම් ඇනවුම ස්වාමීනි

නීතිඥ ; ඒකක 2250 ක් MSD එකට ලබාදෙන ප්‍රදාන තිබුණා.  එහිදී අනුමත කළ යුතු කරුණු රාශියක් මෙහි සඳහන්. MSD  බලාපොරොත්තු වන එම කොන්දේසි සඳහන්. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පසු ටෙන්ඩර් ප්‍රදානයේදී MSD මෙයින් නිකුත්වන අවස්ථාවේ ලේඛනය මේ award letter එක ක්‍රියාත්මක වන්නේ ගැනුම් ඇනවුමක් ලබා දුන්නමයි.

සාක්ෂිකාරිය ; ගැනුම් ඇනවුම නිකුත් කරන්නේ ඝනකාධිකාරී ස්වාමීනි

නීතිඥ ; ඔබ කියනවා ගැණුම් මැනවුම හා ඉන්වොයිස් පත පරීක්ෂා කළා කියලා

සාක්ෂිකාරිය ; ඒ දෙක හා ප්‍රධාන ලිපියක් පරීක්ෂා කළා

නීතිඥ ; ඔබ පැ 374, 371 හා 380 ඉන්වොයිස් පත්‍ර වලට අදාළව හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්  MSD බාරගත් බවත් කීවා. එහිදී ද invoice පත් ප්‍රධාන ලිපි හා ගැනුම් ඇණවුම් බැලුවද?

සාක්ෂිකාරිය ; මුලින්ම ලැබුණු තොගයේදී තමයි ඒ පරීක්ෂාව කරන්නේ. මෙහි තොග කිහිප වතාවක් ඇවිත් තිබෙනවා

නීතිඥ ; ඒවා භාර ගනිද්දි මොනවද බැලුවේ?

සාක්ෂිකාරිය ; ඉන්වොයිස්, ඖෂධ හා සුජිත් මහතා ඉදිරිපත් කළ ලේඛන.

නීතිඥ ; ගැනුම් ඇණවුම?

සාක්ෂිකාරිය ; මතක නැහැ

නීතිඥ ; රිටක්සිමැබ් 2200 භාරගත්තා

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නීතිඥ ; ඔබ කිව්වා රිටක්සිමැබ් ඖෂධයට අදාළ ගොනු අංකය තවත් හතළිස් හතරක් මෙම ලේඛනයේ ඇතුළත් බව.

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

නීතිඥ ; එම ඖෂධ වලින් මොනවද භාර ගත්තේ කියා කිව හැකිද?

සාක්ෂිකාරිය ; එහෙම මතක නෑ . තොග ගොනු අංක වලින් බැලිය යුතුයි.

නීතිඥ ; ඔබෙන් රිටක්සිමැබ් ගැන ප්‍රශ්න කළා. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැනත් ප්‍රශ්න කළාද?

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැන ඇහුවේ නැහැ

සාක්ෂිකාරිය ; ඇහුවෙ නෑ ස්වාමීනී

නීතිඥ ; අංක 1 සිට 48 දක්වා ඇතුළත් වන ඖෂධ ගැන සී අයිඩීය ප්‍රශ්න කළාද ?

සාක්ෂිකාරිය ; අයිතම ලෙස මතක නැහැ ස්වාමීනි. රිටක්සිමැබ් ගැන ඇහුවා මතකයි. පොදුවේ කට උත්තර ගත්තද මතක නැහැ.

නීතිඥ ; මම යෝජනා කරනවා 2V 39 ලේඛනයේ අංක 1 සිට 43 දක්වා ඇතුළත් ඖෂධ ගැන ඔබෙන් ප්‍රශ්න කළා කියලා.

සාක්ෂිකාරිය ; මතකයක් නැහැ

නීතිඥ ; ප්‍රශ්න කලානම් මතක තියෙනවනේ

සාක්ෂිකාරිය ; මතක නැහැ

නීතිඥ ; මම යෝජනා කරනවා ප්‍රශ්න කළා කියා

සාක්ෂිකාරිය ; මට මතක නැහැ

නීතිඥ ; ඔබ බාරගත් රිටක්සිමැබ් ඖෂධය අංක 131632 ගැනු මැනවුම ප්‍රකාරව හා 22/11/30 දිනට සැපයිය යුතුව තිබූ ඖෂධයක් බව කිව්වොත් පිළිගන්නවද?

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි

(අටවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වසන්ත විජේසේකර හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි)

නීතිඥ ; ඔබ මූලික සාක්ෂි දෙන අවස්ථාවේ 125 ගොනුවේ ලකුණු කළ පැ 401 ගැන සාක්ෂි දුන්නා. එය වෛද්‍ය හේරත් යැවූ එකක්

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නීතිඥ ; 2023/03/27 එවකට සිටි ඇමති සමග තැබූ රැස්වීමක් ගැන

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී

නීතිඥ ; ඔබ එවැන්නකට සහභාගී වුණේ නැහැ?

සාක්ෂිකාරිය ; මතක නැහැ ස්වාමීනි. සටහනක් පෙන්නුවොත් හඳුනාගත හැකියි

නීතිඥ ; එහෙම එකක් තිබුණද නැද්ද කියල පුද්ගලික දැනීමක් වත් නැද්ද?

සාක්ෂිකාරිය ; තිබුණද නැද්ද දන්නේ නැහැ

නීතිඥ ; තමන් දන්නේ පැ 401 මිනිට් සටහන පමණයි.

සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි,

නීතිඥ ; එහෙම එකක් තිබුණා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, NMRA සභාපති, CEO දෙදෙනා, spc සභාපති හා කාර්ය මණ්ඩල, MSD කාර්ය මණ්ඩලය සහභාගි වුණා නම් ඒ කියාවත් 3/27 තිබුන රැස්වීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ගැන ජ්‍යෙෂ්ඨයින් සහභාගි වෙලා.

සාක්ෂිකාරිය ; බලධාරීන් සහභාගී වෙන්න ඇති

නීතිඥ ; සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මේ නඩුවෙන් පැත්තක තියන්න, ඔබ උත්සහ කරන බවට මම යෝජනාා කරනවා

සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි

නීතිඥ ; NMRA සභාපති, spc සභාපති මේ පුද්ගලයන් ප්‍රසම්පාදන කටයුතු ගැන බලන බව දන්නවා. නමුත් තමන් දන්නේ නෑ 2023/03/27 රැස්වීම තිබුණද නැද්ද කියලා?

සාක්ෂිකාරිය ; මතක නැහැ ස්වාමීනී

 

 

නවතම ලිපි