SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත්

'හරක් කටා', පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන පිටියේ තිරය පිටුපස සෙල්ලම් දැමූ ප්‍රබලයන් සියල්ලන්ම මේ වනවිට එකිනෙකා හෙළිදරව් කරමින් සිටී. රාජ්‍ය යාන්ත්‍රණය සහ පාතාලය අතර පැවති පද්ධතිමය දූෂණයේ ගැඹුර නිරාවරණය කරන මෙම ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් මාලාවේ නවතම කුණාටුව දැන් හමා යන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙක් දෙසටය.

 

 

 

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අයගේ නම් මෙම ජාවාරම් ජාලය තුළින් ඉස්මතු වීමෙන් පසුව, මෙම නවතම සටහන සහ සමාජයේ දැඩි අවධානය දැන් යොමු වී ඇත්තේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක වෙතටයි.

 

 

නඳුන් චින්තකගේ රැඳවුම් නියෝග (DO) ඉවත් කර ඔහුව සාමාන්‍ය බන්ධනාගාරයකට යොමු කිරීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක (ලක්ෂ 1200ක) අතිවිශාල අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී සාගල රත්නායකගේ නම මෙලෙස පැටළී ඇතැයි වාර්තා වේ.

 

 

මෙම බිහිසුණු හෙළිදරව්ව කරළියට පැමිණෙන්නේ අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද විමර්ශනයේදී හේරත් මුදියන්සේලාගේ කොනගෙදර නිර්මාණ ඉන්ද්‍රජිත් බණ්ඩාර නොහොත් 'හර්බි' නැමැත්තාගෙන් ලබාගත් ප්‍රකාශයක් මත පදනම්වය. ඔහුගේ ප්‍රකාශයට අනුව, ඩුබායි රාජ්‍යයේදී රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අය හමුවූ අවස්ථාවේදී මෙම අඳුරු ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා වී ඇත.

 

 

එහිදී ඔවුන් දෙදෙනා විසින් මෙලෙස පවසා තිබේ,

 

"අපි දැනටමත් චින්තකව මරණ එක නවත්තලා අභය දානය දීලා තියෙන්නේ. ඒකට අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂ 500ක් දේශබන්දු තෙන්නකෝන්ට දෙන්න ඕනෙ. ඒ වගේම මාස තුනක් ඇතුළත චින්තකගේ DO එක ගළවන්න ඕනෙ, ඒකට ජනාධිපති ලේකම් සමන් ඒකනායකට රුපියල් ලක්ෂ 500ක් දෙන්න ඕනෙ. එයා සල්ලි ගන්නෙ නෑ, වෙන ක්‍රමයකට අපි ඒක කරනවා. සාගල රත්නායක මාර්ගයෙන් හරි අපි ඒ වැඩේ කරගන්නවා."

 

 

මෙම තීරණාත්මක ප්‍රකාශය අල්ලස් කොමිසම විසින් මේ වනවිටත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව, රාජ්‍ය බලය අවභාවිත කරමින් සිදුකළ මෙවැනි මහා පරිමාණ ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු දැඩිව සිදුකෙරෙනු ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

 

 

මූලාශ්‍රය: ලංකා නිවුස් වෙබ්

නවතම ලිපි