SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ තීරණාත්මක හැරවුමක්!

 

පසුගිය 19 වන දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ බාල ඖෂධ ගෙන්වීමේ නඩුව,

මෙරට සෞඛ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින බරපතල ව්‍යාකූලතා සහ ආයතනික වගකීම් පැහැර හැරීම් මැනවින් නිරාවරණය කළ දිනයක් විය. වෛද්‍ය සැපයීම් ඒකකයේ (MSD) ප්‍රධාන තොග පාලක එච්. එම්. ඩී. එන්. බණ්ඩාරගේ සාක්ෂි සහ හරස් ප්‍රශ්න ඇසීම් මත පදනම්ව, ඉදිරි ජූලි 08 වන දින පැවැත්වෙන නඩු විභාගය සඳහා පූර්ව සටහනක් ලෙස මෙම විචාරාත්මක විශ්ලේෂණය ඉදිරිපත් කෙරේ.

 

The Anatomy of a Medical Scandal: Sri Lanka's Substandard Drug Trial  Exposes a Systemic Administrative Collapse - Harideshaya.lk

 

පද්ධතියේ දෝෂ සහ වගකීම විමධ්‍යගත කිරීම

6 වන සහ 7 වන චූදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ ප්‍රධාන උපායමාර්ගය වූයේ, චූදිතයන් තනි තීරණ ගෙන නොමැති බවත්, ඖෂධ හිඟය සහ විදේශ විනිමය අර්බුදය හමුවේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියා කළ බවත් තහවුරු කිරීමයි. විශේෂයෙන්ම 'ප්‍රොන්ටෝ' (Pronto) දත්ත පද්ධතියේ පවතින ව්‍යාකූලත්වය ඔවුන් සිය වාසියට යොදා ගන්නා ලදී.

 

නීතිඥ සත්‍යජිත් මුණසිංහ (6 වන චූදිත වෙනුවෙන්) -

ප්‍රොන්ටො පද්ධතිය 2015 දී MSD එකේ ආරම්භ කළ අවස්ථාවේ සිට 2023/05/31 දක්වා එය සක්‍රීයව පවතිද්දී වැරදි තොරතුරු ගණනක් එහි තිබිලා.

සාක්ෂිකරු-

එච්. එම්. ඩී. එන්. බණ්ඩාර: ඔව් ස්වාමීනී.

නීතිඥ අරවින්දු මනතුංග ආරච්චි (7 වන චූදිත වෙනුවෙන්) -

ඇයි ජාතික තොගය සැලකිල්ලට නොගත්තේ?

සාක්ෂිකරු එච්. එම්. ඩී. එන්. බණ්ඩාර-

මට එහෙම උපදෙස් ලැබිලා තිබුණේ නැහැ. සාකච්ඡාවේ උපදෙස් මත... ජාතික තොගය ද සලකා මේ ලැයිස්තුව හැදුවා නම් පරස්පර එකක් වෙනවා.

 

 

 

මෙහිදී විත්තිය උත්සාහ කරන්නේ නිලධාරීන් කටයුතු කර ඇත්තේ ඉහළින් ආ උපදෙස් (සෞඛ්‍ය ලේකම්, අතිරේක ලේකම් ඇතුළු) මත බව පෙන්වා දීමටයි. තොග පාලකවරයාද තම වගකීම "සාකච්ඡාවේ උපදෙස් මත" යැයි පවසමින් මඟ හරින ආකාරය මෙහිදී පැහැදිලිව පෙනේ.

 

 

Health Ministry Clarifies Immunoglobulin Quality Concerns - Asian Mirror

 

පැමිණිල්ලේ ප්‍රහාරය: මවාපෑ හිඟය සහ ලිපිගොනු විකෘතිය

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම විසින් මෙහෙයවූ හරස් ප්‍රශ්න කිරීම් නඩුවේ තීරණාත්මකම කඩඉමක් විය. කිසිදු සැබෑ ඖෂධ හිඟයක් නොමැතිව "සැපයුම් හිඩැසක්" (Supply Gap) කෘත්‍රිමව මවාපාමින් හදිසි මිලදී ගැනීම් සිදු කර ඇති ආකාරය ඇය අධිකරණය හමුවේ ලිඛිත සාක්ෂි සහිතව නිරාවරණය කළාය.

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම

3V8 මිනිත් සටහනට අදාලව... ADC කියන තැන අත්සන කාගෙද?

සාක්ෂිකරු එච්. එම්. ඩී. එන්. බණ්ඩාර

සොලමන්ස්ගේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම

මෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනට කලින් ලියා ඇති දේ බලන්න.

සාක්ෂිකරු එච්. එම්. ඩී. එන්. බණ්ඩාර

"to fill the spc supply gap due to the essential item" කියා ලියා තියෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම

ඔය කියන විදියේ ගැප් එකක් ජනවාරි 12 සිට පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි යන කාලයේ තිබිලා තියෙනවද?

සාක්ෂිකරු එච්. එම්. ඩී. එන්. බණ්ඩාර

මාසික අවශ්‍යතාව ලැබී තිබුණා. මාසික අවශ්‍යතාව 7500 යි. 5/31 දිනට 11440ක් තිබිලා තියෙනවා... ඒ අනුව සප්ලයි ගැප් එකක් නැහැ.

 

 

 

අවශ්‍යතාව 7,500ක්ව තිබියදී තොගයේ 11,440ක් තිබීමෙන් පැහැදිලි වන්නේ "හිඟයක්" පවතින බවට ව්‍යාජ සටහන් යොදා ඇති බවයි. තවද සැපයුම්කරුගේ නාමය "අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා ලිමිටඩ්" සහ "Ag" ලෙස ලිපි ලේඛනවල වෙනස් වන ආකාරය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් මතු කිරීමෙන්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පැවති වංචනික හා නොසැලකිලිමත් ස්වභාවය මොනවට පැහැදිලි කෙරිණි.

 

 

Immunoglobulin drug cleared for use after quality resolved - Breaking News  | Daily Mirror

 

 

නඩු විභාගයේ සහ සාක්ෂිවල දුර්වලතා

මුල් වාර්තාව විචාරාත්මකව විශ්ලේෂණය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම අදාළ සාක්ෂි දීමේ ක්‍රියාවලියේ බරපතල දුර්වලතා කිහිපයක් නිරීක්ෂණය වේ.

 

වාචික උපදෙස් මත බිලියන ගණනක තීරණ ගැනීම -

සාක්ෂිකරු ප්‍රකාශ කරන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත්ගෙන් වාචික උපදෙස් ලැබුණු බවයි. "එදිනෙදා රාජකාරී වලදී වාචික උපදෙස් දීම සාමාන්‍ය දෙයක්" යැයි ඔහු පවසයි. එහෙත් ජාතික ඖෂධ ප්‍රසම්පාදනය වැනි අතිශය සංවේදී සහ මූල්‍යමය වටිනාකමක් ඇති ක්‍රියාවලියකදී, "V" අක්ෂරය යෙදීම හෝ ජාතික තොගය නොසලකා හැරීම වැනි තීරණාත්මක පියවර ලිඛිත අනුමැතියකින් තොරව සිදු කිරීම පද්ධතියේ ඇති බරපතලම ඛේදවාචකයයි.

 

ප්‍රොන්ටෝ පද්ධතියේ ඛේදවාචකය-

භාවිතයට ගත හැකි (usable), භාවිතයට ගත නොහැකි (unusable), සහ තත්ත්වයෙන් අසමත් (quality failed) ඖෂධ සියල්ලම එකට දත්ත පද්ධතියේ නිරූපණය වීම නිසා සැබෑ ඖෂධ තොගය පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබා ගැනීම කළ නොහැකි වී ඇත. මෙම පරිපාලනමය දුර්වලතාව දූෂිත නිලධාරීන්ට මනා තෝතැන්නක් නිර්මාණය කර දී ඇත.

 

සාක්ෂිකරුගේ "මගහැරීමේ" න්‍යාය-

බොහෝ අවස්ථාවලදී ප්‍රධාන තොග පාලකවරයා "මට මතක නැහැ" හෝ "උපදෙස් ලැබුණේ නැහැ" යන පිළිතුරු මත යැපේ. ලේඛන සැකසීම තමන් නොකළ බව පැවසුවද, ඔහු එම ක්‍රියාවලියේ ප්‍රධාන පුරුකකි. ජාතික තොගය නොසලකා හැර ලැයිස්තු සෑදීම "සියලු දෙනාගේ අනුදැනුම මත" කළා යැයි කීමෙන් සාමූහික වගකීමක් පෙන්වා තනි වරදින් මිදීමට ඔහු දරන උත්සාහය අධිකරණය ඉදිරියේ ප්‍රබල දුර්වලතාවයක් ලෙස පෙනේ.

 

අනන්‍යතා තහවුරු නොකිරීම-

ලියාපදිංචි සමාගම් නාමයේ "Ltd" සහ "Ag" වැනි මූලික වෙනස්කම් පවා වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන්ගේ ඇස ගැටී නොමැත (හෝ හිතාමතා නොසලකා හැර ඇත). ඩොලර් 130 බැගින් ඖෂධ 22,500ක් ගෙන්වීමේදී සැපයුම්කරුගේ සැබෑ අනන්‍යතාවයවත් තහවුරු කර නොතිබීම ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල බරපතල උල්ලංඝනයකි.

     

     

    මෙම නඩු විභාගය හුදෙක් ඖෂධ වංචාවක් පමණක් නොව, රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ සිට පහළට විහිදී ගිය "සාමූහික නොසැලකිල්ල" සහ "වගකීමෙන් පලායාමේ" සංස්කෘතියක් අධිකරණය හමුවේ විවෘත කර ඇත. පැමිණිල්ල විසින් කෘත්‍රිමව මවාපෑ ඖෂධ හිඟය සාක්ෂි සහිතව ඔප්පු කිරීම ජූලි 08 වැනිදා නඩු වාරයේදී තවත් තීරණාත්මක වනු ඇත. ලිඛිත සාක්ෂි සහ නිලධාරීන්ගේ අන්තර්-සම්බන්ධතා ගැටගැසෙන ආකාරය මත, විත්තියේ "වාචික උපදෙස්" නැමති පලිහ ඉදිරියේදී කොතරම් දුරට ඔරොත්තු දේද යන්න තීරණය වනු ඇත.

     

     

    The Anatomy of a Medical Scandal: Sri Lanka's Substandard Drug Trial  Exposes a Systemic Administrative Collapse - Harideshaya.lk

     

    නඩු වාර්තාව
    2026/06/19

     

    බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ නඩුව ඊයේ (19) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත් අවස්ථාවේ 10 වන දිනටත් සාක්ෂිය සඳහා කැඳවා තිබූ වෛද්‍ය සැපයීම් ඒකකයේ ප්‍රධාන තොග පාලක එච් එම් ඩී එන් බණ්ඩාරගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරන ලද්දේ 6 වන චූදිතගේ නීතිඥ නුවන් ජයවර්ධන වෙනුවෙන් නීතිඥ සත්‍යජිත් මුණසිංහ විසිනි.

     

    ඔහුගේ හරස් ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු මෙසේද කීවේය.

     

    නීතිඥ ; පැ 293 වම් පස සිට පස්වන තීරුවේ පෙන්ඩින් ඕඩර් ගැන කරුණු තියෙනවා. ඕඩර් ලිස්ට් එකක් ක්‍රියාත්මක වන ආකාරය කියන්න.

    සාක්ෂිකරු ; තොග පාලන නිලධාරි විසින් දත්ත ඇතුළත් කරද්දී වර්ෂය ආයතනය , ඉන් පසු අයිතමයට අදාළ ඇනවූම් ආකාරයට දත්ත , ඉන් පසු ප්‍රධානයක්ද මිලදී ගැනීමක්ද යන්න ඇතුල් කළ හැකියි.

    එවිට අංකයක් ජෙනරේට් වෙනවා. ඒ අනුව පිරිවිතර ලැබෙන ඇණැවුම් ප්‍රමාණය ඇතුල් කළ හැකියි

    නීතිඥ ; වෛද්‍ය සැපයුම් අංශය හැම අවුරුද්දකම ඇනවූම් ඉදිරිපත් කරනවද?

    සාක්ෂිකරු ; පෙන්ඩින් සලකා බලා අවශ්‍යතාව මත ඇණවුම් කරනවා

    නීතිඥ ; ඇතැම් අවස්ථාවල විශේෂ ඇනවුම් කරනවාා නේද?

    සාක්ෂිකරු ; ඔව් ලබාගන්න තීරණ අනුව

    නීතිඥ ; පැ 273 ලේඛනයේ බලලා කියන්න අයිතම අංක එක යටතේ පළමුව දකින්නට ලැබෙන 00541 ඇණවූම ගැන. මේක සාක්ෂිය අනුව 2020 වසරට ලැබෙන ඇණවුමක්ද? නැත්නම් ප්‍රොන්ටො පද්ධතියට 2020 ඇතුල් කරන එකක්ද?

    සාක්ෂිකරු ; ප්‍රොන්ටෝ පද්ධතියට 2020 ඇතුල් කරන එකක්

    නීතිඥ ; පැ 293 ලේඛනයේ තුන්වන අයිතමයේ 2022 වර්ෂය සඳහන්ව පටන් ගන්නා ඇනවුම් පද්ධතියට ඇතුල් කර ඇත්තේ 2022 වසරේදී

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

    නීතිඥ ; 2022 වසරට අදාලව පෙන්ඩින් ඕඩර් කීපයක් තියෙන්න ඇති

    සාක්ෂිකරු ; 2021 වර්ෂයේදී සාමාන්‍ය ඇනවුම් spc හරහා ලෝක බැංකු ප්‍රධානයකට ඉදිරිපත් කළ එකක් හා ICL යටතේ x ඇනවුමකුත් තිබෙනවා

    නීතිඥ ; එකම වසරක ඇනවූම් හතරක් ඇයි?

    සාක්ෂිකරු ; වාර්ෂික ඇනවුම්වලට අමතරව විශේෂ ඇණවුම් තුනකුත් ඇවිත්

    නීතිඥ ; අයිතම අංක හතරක්ද

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

    නීතිඥ ; අයිතම අංක 4 ට අදාළව ඉදිරිපත් වූ ඇණවුම් තුනම වාර්ෂික අදාළ ඇනවුම්

    සාක්ෂිකරු ; ඔව්

    නීතිඥ ; අයිතම අංක 6 යටතේ ඉදිරිපත් වූ ඖෂධ ඇනවුම් 3 ක්ද 2022 ට අදාළව තිබෙනවා. එයින් දෙකක් විශේෂ ඇනවුම්

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

    නීතිඥ ; 2022ට අදාළව ඇනවූම් හයක් ඉදිරිපත් වෙලා

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

    නීතිඥ ; එහි වාර්ෂික ඇනවුම් පහයි. පරිත්‍යාගයකුත් තිබෙනවා

    සාක්ෂිකරු ; ඔව්

    නීතිඥ ; පැ 293 සලකා බැලීමේදී 2022ට අදාල විශේෂ ඇනවුම් තිබෙනවාද?

    සාක්ෂිකරු ; ඔව්

    නීතිඥ ; එහෙම වෙන්න විශේෂ හේතුවක් තිබුණද?

    සාක්ෂිකරු ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ඖෂධ මිලදී ගන්න අවස්ථාව ලැබුණා. ලෝක බැංකුව යටතේ මිලදී ගන්න ලැබුණා. පරිත්‍යාග ලැබුණා

    නීතිඥ ; එසේ විවිධ ආයතන ඇනවූම් ඉදිරිපත් කරන්න හේතු මොනවාද?

    සාක්ෂිකරු ; මූල්‍ය ණය හා ප්‍රධාන වලට සමාන්තරයි

    නීතිඥ ; වාර්ෂික ඇනවුම් වලට අමතරව විශේෂ ඇණවුම් ඉදිරිපත් වෙන්නෙ එක හේතුවක් තමයි ඖෂධ සංස්ථාවට ණයවර ලිපි විවෘත කර ගැනීමට විදේශ මුදල් හිඟවීම?

    සාක්ෂිකරු ; ඒක ඒ අදාල ආයතනයෙන් තහවුරු කරගත යුතුයි

    නීතිඥ ; මෙම නඩුවට අදාළ විමර්ශනයේදී, ප්‍රකාශ තුනක් ලබා දුන්නා නේද?

    සාක්ෂිකරු ; ඔව්

    නීතිඥ ; 2024/5/28 , 8/7, 8/27 දිනවලදී එම ප්‍රකාශ ලබා දුන්නේ

    සාක්ෂිකරු ; ඔව්

    නීතිඥ ; 8/27 දින MSD එකේදී විමර්ශන නිලධාරීන්ට ලබා දුන් ප්‍රකාශයෙන් විදේශ මුදල් හිඟයක් ඇතිවූ හෙයින් යනුවෙන් සඳහන් කර තිබෙන බව පිළිගන්නවද?

    සාක්ෂිකරු ; ප්‍රකාශයක් කරල තියේ නම් හරි

    නීතිඥ ; spc ආයතනයට ණයවර ලිපි විවර කරන්න විදේශ මුදල් හිඟයක් තිබුණද නැද්දවත් දන්නේ නැද්ද? ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ණයවර ලිපි විවෘත කර ගැනීමට අවධානයක් තිබුණා යනුවෙන් ඔබ එහි සඳහන් කර තිබෙනවා.

    සාක්ෂිකරු ; මගේ දැනුම අනුව කීවා. spc ආයතනයෙන් එය තහවුරු කරගත යුතුයි. ඒක කිව්වේ ඒ දවස්වල

    නීතිඥ ; දැන් දරන්නේ වෙන මතයක්ද?

    සාක්ෂිකරු ; ඒ ස්ථාවරය අනුව පැහැදිලි කළේ

    නීතිඥ ; spc හරහා විමර්ශන ඇනවූම් ගනිද්දී විදේශ මුදල් නැතිවීමේ අවධානමක් තිබුණා නම් එය පිළිගන්නවද?

    සාක්ෂිකරු ; මගේ දැනීමේ හැටියට මම එය කියලා තියෙන්නේ. ඔව් එසේ තිබෙනවා නම් පිළිගන්නවා

    නීතිඥ ; පැ 293 ලේඛනය අනුව වම් පස සිටියේ 6 තීරුවේ ජාතික තොගය සම්බන්ධයෙන් තොරතුරු සඳහන්.

    සාක්ෂිකරු ; ඔව්

    නීතිඥ ; ආයතනික තොගය තුළ ඖෂධ වර්ග ගණනක් භාවිතා කිරීමේ හැකියාව මත කාණ්ඩ කර තිබෙනවා. ඖෂධ වර්ග ගත්තම එය usable, Unusable, quality faild, withdrawal, with hold ආදී වශයෙන් තොග තුළ කාණ්ඩ පවතින්නේද?

    සාක්ෂිකරු ; ඔව් පද්ධතිය තුළ තිබෙනවා

    නීතිඥ ; ආයතනික තොගය තුළ මම ඉහත කී සියල්ල නිරූපණය වෙනවද?

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

    නීතිඥ ; ඒ කියන්නේ පද්ධතිය තුළ භාවිතා කළ හැකි නොහැකි සියල්ල එකට පවතිනවා

    සාක්ෂිකරු ; ඔව්, ඒ දත්තත් නිරූපණය වෙනවා

    නීතිඥ ; ප්‍රොන්ටො පද්ධතිය 2015 දී MSD එකේ ආරම්භ කළ අවස්ථාවේ සිට 2023/05/31 දක්වා එය සක්‍රීයව පවතිද්දී වැරදි තොරතුරු ගණනක් එහි තිබිලා.

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

    නීතිඥ ; ප්‍රොන්ටෝ පද්ධතියට පිවිස SR අංකය හෝ බෙහෙතක නමක් ඇතුල් කරන අවස්ථාවේ තොරතුරු වෙනස්ද?

    සාක්ෂිකරු ; සර්ච් කරලා ගන්න පුළුවන්

    නීතිඥ ; ඕනෙම ඖෂධයක් සර්ච් කරලා ගත්තම itam movement කියලා එකක් තියෙනවද?

    සාක්ෂිකරු ; තිබුණා

    නීතිඥ ; ඊට ඇතුල් වුනාම මොනවද වෙන්නේ?

    සාක්ෂිකරු ; බෙදිලා ගිය අන්දම පෙන්වනවා

    නීතිඥ ; පද්ධතියට ඇතුල් වී පසුපසට අදාළ විස්තර කරා යන්න පුළුවන්ද?

    සාක්ෂිකරු ; එහෙම පහසුකමක් තිබුණා

    නීතිඥ ; අයිතම ලැබීම හා බෙදාහැරීම තුළ තොග ශූන්‍ය නම් සඳහන් වන්නේද?

    සාක්ෂිකරු ; ඔව්

    නීතිඥ ; ප්‍රොන්ටෝ තුළට ඖෂධ SR අංකය හා drop down list සහ Lager repeat එකක් ලබාගත හැකිද?

    සාක්ෂිකරු ; ඔව්

    නීතිඥ ; මම යෝජනා කරනවා ප්‍රොන්ටෝ පද්ධතියට ඇතුල් කරන ලද ඖෂධයකට අදාළව ලැබිය යුතු කාල සටහන ලබාගත හැකිය කියා

    සාක්ෂිකරු ; මම එය ප්‍රතික්ෂේප කරනවා

    නීතිඥ ; CID ය MSD එක තුළදී ඔබෙන් ප්‍රකාශ ගනිද්දි තොග පාලක විසින් ගෙන එන ගොනුව ගැන විමසුවා

    සාක්ෂිකරු ; මගෙන් එහෙම විමසීමක් කලේ නැහැ

    නීතිඥ ; ප්‍රාදේශීයව කරන මිලදී ගැනීම් ගැන ඔබෙන් විමසුවද?

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

    නීතිඥ ; යම් ආයතනයක තොග අවම හෝ ශූන්‍ය මට්ටමකට පැවතිය ඇත්නම් කුමක්ද කරන්නේ?

    සාක්ෂිකරු ; එවිට ඒ ආයතනය MSD එකට දැනුම් දෙනවා. MSD එක සොයා බලා ලබා දෙන අනුමැතිය මත මට ප්‍රාදේශීය මිලදී ගැනීමක් කරනවා.

    නීතිඥ ; මම යෝජනා කරනවා ප්‍රාදේශීය මිලදී ගැනීමකට MSD ය අවසර දෙන්නේ , MSD තොග ශූන්‍ය වී ආයතන වලත් තොග ශූන්‍ය වුනොත් පමණයි කියා.

    සාක්ෂිකරු ; අසල රෝහල්වලින් තොග බලලා එන්න තියෙන ඇනවුම්ද බලලා ලබාගත යුතු ප්‍රමාණය දැනුම් දෙන්නේ

    7 වන චූදිතගේ නීතිඥ අරවින්දු මනතුංග ආරච්චි සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි

    නීතිඥ ; පැ 260 ලේඛනය හැදුවේ ඔබ. එය හදද්දි ජාතික තොගය සැලකිල්ලට ගත්තද?

    සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

    නීතිඥ ; ඇයි ජාතික තොගය සැලකිල්ලට නොගත්තේ?

    සාක්ෂිකරු ; මට එහෙම උපදෙස් ලැබිලා තිබුණේ නැහැ

    මසකට අඩු කාලයක් සඳහා ඒ ලැයිස්තුව හැදුවේ, 2 Month delay කියන පදනම මත ගනිද්දි මාස දෙකක අයිතම ලැයිස්තුවක් ඉවත් වෙනවා. ඒ නිසා out of stock ලැයිස්තුවක් වැඩක් නැහැ. මේ නිසා රැස්වීම්වලදිත් MSD තොග සලකා ඉදිරිපත් කර තිබුණා. ජාතික තොගය ද සලකා මේ ලැයිස්තුව හැදුවා නම් පරස්පර එකක් වෙනවා. එහෙමනම් ඒ සඳහා වෙනම උපදෙස් දෙන්නන ඕන.

    නීතිඥ ; ඔබේ තීරණය මතද ජාතික ලැයිස්තුව ඉවත් කර ලැයිස්තුව හැදුවේ

    සාක්ෂිකරු ; නැහැ. සාකච්ඡාවේ උපදෙස් මත

    නීතිඥ ; 7 චූදිත ජාතික තොගය සලකා බලන්න එපා කියලා. සඳහන් කර නැහැ

    සාක්ෂිකරු ; එය හැමදෙනාම දැනුවත්ව හදපු එකක්

    නීතිඥ ; එම සාකච්ඡාවට හත් වන චූදිත සහභාගි වුණාද?

    සාක්ෂිකරු ; මතක නැහැ

    නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ කිසි වගකීමක් නොගන්න නිලධාරියෙක් කියා

    සාක්ෂිකරු ; මම ප්‍රතික්ෂේප කරනවා කරනවා. මෙය සියලු නිලධාරීන්ගේ අනු දැනුම මත හැදුව එකක්

    නීතිඥ ; ඔබේ යටතේ සිටින තොග නිලධාරීන්! වෙන වෙනමද ද ලැයිස්තු හදලා දෙන්නේ? ප්‍රසම්පාදන වලදිත් වෙන වෙනමද දෙන්නේ?

    සාක්ෂිකරු ; ඔව් වෙන වෙනම

    නීතිඥ ; ඔබලා ලෝක බැංකුව වැනි ආයතන සමගත් කටයුතු කරනවා. එවැනි අවස්ථාවලත් දෙන්නේ වෙන වෙනම ෆයිල් ද?

    සාක්ෂිකරු ; උපදෙස් පරිදි කටයුතු කරනවා

    නීතිඥ ; ඇයි සෙපරේට් ෆයිල් ඉදිරිපත් කරන්නේ

    සාක්ෂිකරු ; සියලු ඇනවුම් එකතු කර එස්පීසි එකට යවනවා. ඇනවුම් ලැයිස්තු ගොනු සමඟයි. spc යට දෙන්නේ.

    නීතිඥ ; 71 ගොනුවේ තිබෙන 305, 306, 307 ලේඛන පෙන්නුවා නේද?

    සාක්ෂිකරු ; ඔව්

    නීතිඥ ; ඔබට මේ ලේඛන තුන ලැබුණද?

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

    නීතිඥ ; ඒක ලැබෙන විට ප්‍රසම්පාදන අවසන්ව සැපයුම්කරු තෝරාගෙනත් අවසන්ද?

    සාක්ෂිකරු ; සැපයුම්කරුවන්ගේ ලේඛන අපට ලැබෙන්නේ ප්‍රසම්පාදන අවස්ථාවේදී.

    නීතිඥ ; මිල තීරණය කරන අවස්ථාවෙද? ප්‍රමාණය තීරණය කරන අවස්ථාවෙද?

    සාක්ෂිකරු ; මිල හා ප්‍රමාණ තීරණය කරන අවස්ථාවේ.

    නීතිඥ ; 72 ගොනුවේ පැ 264 ලේඛනය බලන්න ඒ ගැන ඔබ දැනුවත්ද?

    සාක්ෂිකරු ; නැහැ

    නීතිඥ ; මෙය MSD ආයතනයට යවා තිබෙනවා. ඔබට ලැබුණේ නැද්ද?

    සාක්ෂිකරු ; නැහැ

    නීතිඥ ; මේ ලේඛනය ඔබට, ඔබේ අනෙක් නිලධාරීන්ට, අධ්‍යක්ෂ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට සෞඛ්‍ය ලේකම් මගින් ලැබුණා කියා මම යෝජනා කරනවා

    සාක්ෂිකරු ; ලේකම් එහෙම කියනවා නම් එහෙම වෙන්න ඇති

    නීතිඥ ; නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මහතාගෙන් වාචික උපදෙස් ලැබුණු බව ඔබ කීවා

    සාක්ෂිකරු ; ප්‍රසම්පාදන කටයුතු වලට අදාල ලිපි ලබා දී මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කලා. 305 අපට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මගින් ලබා දුන්නා. මේක සංකීර්ණයි. කොටස් දෙකකට කරන්න ඕන කියා වාචිකව දැනුම් දුන්නා. අපි කටයුතු කළේ 305 ලිපියට අදාලව. අපට පැහැදිලි කිරීම් කළා. අපි ඒ අනුව කටයුතු කළා

    නීතිඥ ; වාචික උපදෙස් මත කටයුතු කළා කීවා.

    සාක්ෂිකරු ; ඔව් ලේඛනවල ගැටලු ඇති තැන් ගැන කතා කළා

    නීතිඥ ; ඔබ යටතේ ඇති තොග පාලන නිලධාරීන්ට වාචික උපදෙස් දෙනවද?

    සාක්ෂිකරු ; එදිනෙදා රාජකාරී වලදී වාචික උපදෙස් දීම සාමාන්‍ය දෙයක්

    නීතිඥ ; මම යෝජනා කරනවා පෙර දිනක ඔබ කී පරිදි කිසිම වාචික උපදෙසක් ඔහු නොදුන් බව.

    සාක්ෂිකරු ; උපදෙස් දුන්නා

    නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැන ගැටලුවක් ඇතිවුන අවස්ථාවේ හදිසි සාකච්ඡාවක් පැවැත්වුණා කියා මතකද?

    සාක්ෂිකරු ; අවස්ථා කිහිපයක සාකච්ඡා තිබුණා.

    (සාක්ෂිකරුට ලේඛනය පෙන්වයි)

    සාක්ෂිකරු ; මේකෙ මගේ නම තියෙනවා

    නීතිඥ ; එහි සාකච්ඡා වුණ දේවල් මතකද?

    සාක්ෂිකරු ; අවුරුදු 3 ක් වෙනවා. දැන් මතක නැහැ

    නීතිඥ ; මම යෝජනා කරනවා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රශ්නය දැනගත් පසු නව ක්‍රමවේද හඳුනා ගැනීමට ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට හත්වන චූදිත කටයුතු කළ අතර ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේද හඳුන්වා දෙමින් කටයුතු කර ඇති බවට

    සාක්ෂිකරු ; උපදෙස් නිකුත් කර තිබෙනවා ස්වාමීනි

    නීතිඥ ; සාක්ෂිකරුට මම යෝජනා කරනවා හත්වන චූදිත තමන් උපදෙස් නිර්මාණය නොකළ අතර ලේකම් අතිරේක ලේකම් ඇතුළු ඉහල නිළධාරීන්ගේ උපදෙස් මත කටයුතු කළා කියා.

    සාක්ෂිකරු ; එවන් උපදෙස් ලබා දී ඒ මත කටයුතු කරන්න කියන්න ඇති ස්වාමීනි

    නීතිඥ ; කිසිදු අවස්ථාවක හත්වන චූදිත වරදක් නොකළ අතර නිසි පරිදි රාජකාරී ඉටුකළ බවට මම යෝජනා කරනවා

    සාක්ෂිකරු ; ඒ මත කටයුතු කරන්න ඇති කියා මම හිතනවා

    නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම ආරම්භයි

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; E01 ක්‍රමවේදය ඔස්සේ යමින් ඖෂධ භාර ගැනීම ඔබ පුද්ගලිකව කළාද?

    සාක්ෂිකරු ; නැත ස්වාමීනි

    නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඇණවුමක් ඉදිරිපත් වුනාම තමයි ප්‍රසම්පාදන කටයුතු කරන්නේ කියා ඔබ කිව්වා

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබලාට උපදෙස් ලැබුණේ ප්‍රසම්පාදනයටයි. ප්‍රධානය කළාට පසු ඇනවූම කරන්නේ ඇයි කියා දන්නවද?

    සාක්ෂිකරු ; නැත ස්වාමීනී

    විනිසුරු ; ඇණවුම් ලැයිස්තුවක් හදන්නේ ඇයි?

    සාක්ෂිකරු ; spc එකට අදාලව පිරි විතර නිකුත් කර මිල කැඳවනවා

    විනිසුරු ; අවශ්‍යතාව මතද?

    සාක්ෂිකරු ; ඔව් ස්වගිරිහාගම

    නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 3 චූදිත හා 7 චූදිත ප්‍රශ්න කළා වාචික උපදෙස් ගැන. ඔබ මේ ලිපියේ උපදෙස් ප්‍රකාරව ඇනවුම් ලැයිස්තු සකස් කළා කීවා. පැ 291 MSD V ආවෙ කොහෙන්ද කියන්න පුළුවන්ද?

    සාක්ෂිකරු ; බැහැ ස්වාමීනී

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; check by කියන තැන අත්සන් කරද්දි MSD V ආවෙ කොහොමද කියලා කිව්වෙ නැද්ද?

    සාක්ෂිකරු ; V අක්ෂරය නියෝජ්‍ය අධ්‍යක්ෂ ගේ උපදෙස් මත හැදුවේ. ලෝකල් කැටගරියට ඇතුල් කරන්න කියා උපදෙස් දුන්නා

    නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 7 චූදිත විසින් ලබා දුන් උපදෙස් මත 305, 306, 307 ලේඛනවලට 'V' අක්‍ෂරය ඇතුළත් කළාද?

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබට පුළුවන්ද කියන්න ඇනවුම් දැම්මේ මොන පදනමින්ද කියා?

    සාක්ෂිකරු ; උපදෙස් පරිදි

    නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; MSD මඟින් ඇනවුම් ඉදිරිපත් කරද්දී ලැබේවකැටගරිය සිතනා තොග ගැන නොසලකා කටයුතු කරන්න කියා කී නිසා එසේ කළාද?

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අතේ ඇති හා ලැබෙතැයි සිතන තොගය සලකා බලනවා. මේ අවස්ථාවේ තොග පාලන නිලධාරීන් විනය පරීක්ෂණවලට ලක් වුණාද?

    සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 291 හැදුවේ පැ 306 මිනිට් එක ප්‍රකාරවය කිව්වා මතකද.

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 308 ලේඛනය හැදුවේ ඔබද?

    සාක්ෂිකරු ; නැහැ

    (3V8 සටහනට සාක්ෂිකරුගේ අවධානය යොමු කරවයි)

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ සටහන 5 චූදිත තබා ඇතැයි පිළිගත්තා.

    සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි දකුණු පැත්තේ ඇති අත්සන කාගෙද?

    සාක්ෂිකරු ; වෛද්‍ය කපිල වික්‍රමනායකගේ

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 3V8 මිනිත් සටහනට අදාලව අනුමැතිය ලබා ගැනීම සිදුවන්නේ වමේ සිට දකුණටද දකුණේ සිට වමට ද?

    සාක්ෂිකරු ; වමේ සිට දකුණට

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ADC කියන තැන අත්සන කාගෙද?

    සාක්ෂිකරු ; සොලමන්ස් මහත්මියගේ

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනට කලින් ලියා ඇති දේ බලන්න

    සාක්ෂිකරු ; toto fill the spc supply gap due to the essential item කියා ලියා තියෙනවා

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වැඩ බලන අධ්‍යක්ෂ ඉන්පසු කියනවා ඔබේ අත්සනට හා අනුමැතියට යොදනවා කියා.

    සාක්ෂිකරු ; ඔව්

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සහකාර අධ්‍යක්ෂවරයා අත්සන් කරල

    සාක්ෂිකරු ; ඔව්

    නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඉන්පසු කපිල වික්‍රමනායක වෛද්‍යවරයා අත්සන් කරලා

    සාක්ෂිකරු ; ඔව්

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔය කියන විදියේ ගැප් එකක් ජනවාරි 12 සිට පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි යන කාලයේ තිබිලා තියෙනවද?

    සාක්ෂිකරු ; මාසික අවශ්‍යතාව ලැබී තිබුණා. මාසික අවශ්‍යතාව 7500 යි. 5/31 දිනට 11440ක් තිබිලා තියෙනවා. ජනවාරි 30න් පසු තොග දෙකක් ලැබී තිබෙනවා. මාසික අවශ්‍යතාවයට වැඩිය තිබෙනවා. ඒ අනුව සප්ලයි ගැප් එකන් නැහැ.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 291 ප්‍රකාරව තමයි පැ 310 සැකසුනේ කියා ඔබ පිළිගත්තා

    සාක්ෂිකරු ; ඔව්

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 310 ලේඛනය සඳහා පුද්ගලිකව දායක වුණාද?

    සාක්ෂිකරු ; නැහැ

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය. ; එහෙම කියන්නේ කොහොමද?

    සාක්ෂිකරු ; නොවැම්බර් මාසයේදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අත්දැකීම් පදනම් කරගෙන සාක්ෂි දුන්නා. ගැනුම් ඇණවුම් ගැන අවබෝධයක් නැහැ

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කරුණාකර අධිකරණයට කියන්න පැ 294 ලේඛනයේ සෞඛ්‍ය ලේකම් යැවූ ලිපියට අදාලව හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 22500ක් ඇමරිකානු ඩොලර් 130 ක් සඳහන් කර ඇති සැපයුම්කරු කවුද කියා?

    සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ෆාමා Ag LTD

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 310 බලන්න. එය කාටද නිකුත් කර තිබෙන්නේ?

    සාක්ෂිකරු ; අයිසොලස් බයෝ ෆාමා Ag

    නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබද මේ ලියුම හැදුවේ

    සාක්ෂිකරු ; නැහැ

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලියුම් දෙක හැදුවේ එක ආයෙක් නෙවෙයි කියා දන්නවද?

    සාක්ෂිකරු ; ඔව් එකක ltd නැහැ ස්වාමීනී

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 191, 192, 193, ලිපි වලට අනුව අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා ලිමිටඩ් ද Ag ද ලියුම ඉදිරිපත් කරන්නේ?

    සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා. නමුත් ලිපි ශීර්ෂයේ Ag තිබෙනවා.

    පැමිණිල්ලේ හරස් ප්‍රශ්න තවදුරටත් විමසීමට නියමිතය. ජූලි 8වැනිදා යළි මෙම නඩුව විභාග කෙරේ

     

     

    නවතම ලිපි