SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාන්තා ශක්තියෙන් රටට වැඩක් ගන්නා බැව් ජනාධිපති වික්‍රමසිංහ කියා ඇත.

මෙවර ඡන්දය මුව විටෙහි තබා හැමෝටම කාන්තාවන් සිහි වෙලාය.

කව්රු කොයි ආකාරයෙන් ගෙන ආ ඡන්ද උපක්‍රමයක් වුවද එය ටක්කෙටම හරි ය.

 

මෙවර මැතිවරණය තීරණය කරන්නේ..., පවුල් තුළ දෙනු ලබන  ඡන්දයේ දිශාව තීරණය කරන්නේ බිරින්දෑවරුන් ය. මව්වරුන්ය. මෙතෙක් කල් පියාගේ හෝ සැමියාගේ කීමට ඡන්ද කාඩ් පත රැගෙන ගොස් ඔවුන් කියූ පක්ෂයට පාටට පුද්ගලයාට ඇස් පියාගෙන කතිරය ගසා ආ  බොහෝ ගැහැණුන් මෙවර තනි තීරණයක් ගන්නේ ය. තනි තීරණයක්ම නොව පවුලේ අනික් අයගේ ඡන්දය දීමේ තීරණය ද ගන්නේ ය.

 

 

ඒ ඇයට දේශපාලන සවිඥානිකත්වයක් ලැබීම නිසා හෝ දේශපාලන ප්‍රවාහයකට හසුවීම නිසා හෝ නොවේ ය. එවන් ඉලව් සවිඥානිකත්වයක් ආචාර්ය/ මහාචාර්යවරියන්ට විනා ගැහැණුන්ට උවමනා ද නැත. ඔවුන් ඊට අත පොවන්නේ  මෙතෙක් පවත්වාගෙන ආ පරිභෝජන රටාව කුඩා වීමෙන් ගේ දොර, දුවා දරුවන් මුහුණ පා ඇති අර්බූධය නිසා ය. දරුවන්ගේ සිහිනයේ පාර වැසී ඇති නිසා ය. එසේත් නැතිනම් එකී මාර්ගය අසීරු වී තිබීම නිසා ය.

 

කාලෙකට පසු පවුල් ඇතුලේ පියා/ සැමියා කුල්ල කුජීතව ඇත්තේමෙතෙක්  රට පාලනය කළ ඇත්තන්ට පින් සිදු වෙන්නටය.

ඊට අවශ්‍ය අඩිතාලම වැටුනේ මාලිමා‌වියන්ගේ වේදිකාවලිනි.

එම වේදිකාවල ගැහැණුන්ගේ විවිධ කතා සමාජ මාධ්‍යයේ වයිරල් වූයේ විවේචක අර්ථයකින් වුවද එම හේතුවම එම අදහස් දැක්වීම් ඉහලට ඔසවා තැබීමට ඉවහල් විය.

සමාජ මාධ්‍යයේ හැටි එහෙමය.

වර්තමාන වෙළඳපොල කරණයේ ස්වරූපය එයය.

වෙළඳාමට සුදු හුණු ගා තවදුරටත් පලක් නැත.

ඒ අර්ථයෙන් දැන් ගැහැණුන් තම ප්‍රශ්න මතින් පා තැබූ මැතිවරණ ලෝකය ඇයත් ඇයගේ මාරාන්තික ගැටලුවත් විකුණා මැති වරණය නැමැති  වෙළඳපොල තර කර ගැනීම අරඹා ඇත.

 

එන්නේ මහමැතිවරණයක් නිසා මහා සංකේත පිරිමියාගේ වසඟයෙන් මිදී තම පීඩනයේ, පීඩනය නිසා හටගත් වෛරයේ ගිනි සිළුව දල්වන්නට ගැහැණුන්ට අවස්ථාවක් ද ඇත.

ඉතිහාසය විසින් පටවා ඇති තරඟයේ, කුහකත්වයේ, ඊර්ෂ්‍යාවේ කටු ඔටුන්න පසෙක තබා ගිනි සිළුව අතට ගත හැක.

 

ජාතික ජන බලවේගය ගන්නා පියවරයන් ඒ ආකාරයටම සමගි ජන බලවේගය ද කොපි කරන්නේ යැයි සමහරුන් තර්ක කර ඇත.

සමහරවිට එය ජාජබ සීරියස් තීරණ, උපක්‍රමිකව සජබය විසින් කුජීත කිරීමක් වන්නටද පුළුවන.

එහෙත් නිර්මාණාත්මකව සජබය තවමත් ඇත්තේ බොහෝ පහතිනි.

ඒ නිසා රජරට පැවති කාන්තා හමුවේ සිටියේ රජරට කාන්තාවන් යැයි කිසිවෙක් විශ්වාස නොකරති.

ඔවුන් උඩරට ඔසරිය හැඳ ගත්තද වේදිකාවේ ගීතයට නර්තනයේ යෙදුනේ මට්ටක්කුලියේ ආරට ය.

එනිසා සජබ කාන්තා රැළිය විහිලුවක් විය.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ‘ප්‍රතිභාභිෂේකා කාන්තා ව්‍යවසායක සම්මාන 2023”  උළෙල අමතමින් කියන්නේ ඉදිරියේදී රටේ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බව ය.

ඔහුටද  දැන් මෙතෙක් රට කරවූ නායකයින් හට රටේ ගැහැණුන්‌ගෙන් ලැබිය හැකි දඩුවම ගැන ඉව වැටිලා වැනි ය.

එහෙත් ඔහු ගේ දේශපාලන ගමනට ගැහැණුන්ව රැස්කරගත නොහැකි ය.

කොතෙක් පිරිහුනද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට එය අදටද දිනිය හැකි අභියෝගය කි.

රනිල් වික්‍රමසිංහ හට මේ කාන්තා පවුරු වළලු බිඳ ජය ගත හැකි එක අවස්ථාවක් ඇත.

ඒ වඩාත් හොඳින් පාරිභෝජන අවස්ථාවන් සුමට කිරීම මගින් බඩු මිල, ජල විදුලි අන්තර්ජාල දුරකථන  බිල්,  ගෑස්, ඉන්ධන මිල, සිමෙන්ති ගල් වැලි පස්, රැකියා අවස්ථා, අධ්‍යාපන අවස්ථා  ඇතුලු දේ සඳහා පහසුකම් සපයා දීමය.

 

එකී අවශ්‍යතාවන් සපුරා දෙන්නේ නම් ඉදිරිපත් වන අපේක්ෂකයා ලංකාව ඉන්දියාවේ කොලනියක් කලද ඔවුනට අවුලක්ම නැත්තේය.

මෙය ගැහැණුන්ගේ පිටකරගත නොහැකි පීඩනයකින් ගත් තීරණයක් වනු ඇත.

දැන් ගැහැණුන් සිටින්නේ යකා වැහිලා ය.

ඒ තුළ ගන්නා දේශපාලන තීන්දුව කාගෙවත් සුරංගනා කතාවලට යටත් නොවන්නේ ය.

කිසිදු සමාවක් නැත.

මෙවර ඡන්දයේ ස්වරූපය එය ය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස මහාචාර්ය නිර්මාල් දේවසිරි කියනා ග්‍රාමීය (ග්‍රාමීය වේවා නාගරීක වේවා කොයි ස්ත්‍රියගේම පොදු පැතුම එයය)  ස්ත්‍රියගේ දේශපාලන සවිඥානිකත්වය කුමක්ද යන්න නිර්මාල් දේවසිරිටම ඉන්පසු වටහා ගත හැකි වනු ඇත.

ජය වේවා!

පවුරු වලල්ලේ පුරුකාවියක් විසිනි.

@samaara paranavithana

 

නවතම ලිපි