SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෙබරවාරි 14 දා කදිරගාම කේන්ද්‍රයේදී ජනරජ පක්ෂය විසින් රටේ සියළු පක්ෂ වලට පුළුල් සන්ධානයක් ගොඩනඟන්නට සාකච්ඡාවකට ආරාධනා කලා.

පාඨලී ආරාධනා කරල නිකං හිටියෙ නැහැ. පහුගිය සතිය පුරාම ලංකාවේ ප්‍රධාන පෙළේ පක්ෂ හමුවෙන්නත් ගියා.

 

මුලින්ම ගියේ පාඨලීලගෙ දේශපාලන මතවාදයෙ මහගෙදර වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මෛත්‍රී එක්ක සෑහෙන දිග කතාබහක් තිබුන කියලත් ආරංචියි. ඇත්තටම මෛත්‍රී පුලුල් සන්දානයකට කැමති  වෙලා. ඒත් මෛත්‍රීට තිබිල තියෙන්නෙ පක්ෂය අභ්‍යන්තරයෙ ප්‍රශ්න.

 

“දැන් මේ අපේ කට්ටිය රනිල් මහත්තයගෙ ආණ්ඩුවෙ මැති ඇමතිකන් කරනවනේ. කොහොමද මේ ගොල්ල එක්ක සන්දාන කරන්නෙ. එහෙට මෙහෙට පනිනවා. ඇමතිකමක් දුන්නම කඩා බිඳගෙන දුවල ඒක ගන්නව”.

ඔන්න ඔහොමලු මෛත්‍රීගේ ප්‍රශ්න පත්තරය ඉස්සරහට එන්නෙ.

 

ඒ මොනව උනත් මෛත්‍රී පිලිගෙන තියෙන්නේ පොදු සන්දානයක් හදාගෙන මේ මැතිවරණ වලට නාවොත් තමන් ඇතුලු පිරිසට ආයෙ දේශපාලනය කරන්න ලැබෙන්නෙ නෑ කියලලු.

 

පාඨලීලගෙ  සාකච්ඡා මාලාවේ දෙවැන්න තිබුණෙ  රනිල් වික්‍රමසිංහ සහ එජාප නියෝජ්‍ය නායක රුවන් සහ එජාප මහලේකම්ගේ ප්‍රධානත්වයෙන්.

 

ඒකෙදි සුපුරුදු විදිහට රනිල් පාඨලීලගෙ ප්‍රකාශනය ගැන අගය කරන්න පටන් අරගෙන.

ඒකෙ තිබුණු සමහර කාරණා දැනටමත් ක්‍රියාත්මක කරන්න තීරණය කරලලු.

පාසැල් දරුවන්ට ආහාර වේලක් දීම වගේම රජයේ ආදායම් එකතු කිරීමේ අධිකාරියක් පිහිටුවීමත් ඒ අතර වෙනවලු.

කොහොම උනත් ජනාධිපති රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට තරඟ කරනව කියලත්, ජනාධිපතිවරණය මුලින් පවත්වනව කියලත්,  හැමෝම එකතුවෙන වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බවත් කියල තියෙනවා.

 

පාඨලීලගෙ තුන්වැනි රැස්වීමට ආරාධනා ලැබිල තිබුණෙ  සජබ මහලේකම් රංජිත් මද්දුමබන්ඩාරගෙන්. ඒ සඳුදා උදෑසන 11ට. සඳුදා රැස්වීමට පෙරාතුව මද්දුමබණ්ඩාර කියල තිබුණෙ තමන්ගේ පාර්ශවයෙන් තිස්ස, මුජිබර්, කිරිඇල්ල සහ ගයන්ත සාකච්ඡාවට සහභාගී වනව කියලයි. සජිත් සාකච්ඡාවට සහභාගී නොවන බව ඉඟිකර තිබුනත් පාඨලී කියල තිබුනේ සජබය කල ආරාධනයට ගෞරවයක් වශයෙන් තමන් එම රැස්වීමට සහභාගී වන බවක්.

 

මෙහෙම දින වකවානු දාගෙන තිබුණත්  ඇති වෙමින් තිබු සුහද බව කඩමින් ඉරිදා රාත්‍රී රූපවාහිනී ප්‍රවෘත්ති වලින් පෙන්නුවේ පාඨලී කයිවාරුකාරයෙක් පමනක් බවට සජිත් කරන ලද කතාවයි. ඒ කතා මොකක් උනත් චම්පික තමන්ගෙ කන්ඩායම එක්ක සජබය හමුවෙලා. සාකච්ඡාවට තිස්ස පැඇවිත් තිබුණෙ ටිකක් පරක්කු වෙලා. කිරිඇල්ල ඇවිල්ලම නෑ.

 

කොහොම උනත් සාකච්ඡාව ආරම්බ වෙලා තිබුණෙ  රනිල්-පාඨලී සාකච්ඡා වලින් මතුවු කරුනු සහ ජනරජ පෙරමුනේ වැඩපිලිවල ගැන කරුනු පැහැදිලි කරමින්. ඉන් පස්සෙ රනිල් ජනාධිපතිවරනය මේ වසරේ පවත්වන්නේ යයි කීම පදනම් කරගනිමින් පලමුව එන්නේ ජනාධිපති වරණයක්ද මහමැතිවරනයක්ද යන කරුන අරබයා සාකච්ජා වෙලා. ඒ අතරෙ  ජනරජ පෙරමුන විසින් මහමැතිවරනය පලමුව පැවතිය හැකි බවට ගෙන එනු ලැබු තර්කය තිස්සත් අනුමත  කරලා.

 

ජනාධිපතිවරනයකදී සජබයට 35% ජනපදනමක් තිබුනද ඉතිරිය දිනා ගැනීම සඳහා පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙන බව ජනරජ පෙරමුණ කියලා. නමුත් මහලේකම් රංජිත් කියා ඇත්තේ  තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ආරම්බ කරන ලද්දේ දැන් බවත් තමන්ට ජවිපෙ අභිබවා යෑමට සියළු ශක්තිය තියෙන  බවකුයි..

 

ඊට ප්‍රතිචාර වශයෙන් ජනරජ පෙරමුන සඳහන් කරල තියෙන්නේ සජබයට සිංහල උගත් පංතියේ පරිකල්පනයට ඇතුළු වීමට තවමත් නොහැකිවී ඇති බවයි. ඒ නිසාම අනාගත ජයග්‍රහනයක් සඳහා 2015 පන්නයේ පුළුල් සන්ධානයක් අවශ්‍යවී තිබෙන බව ඔවුන් කියලා.

 

නමුත් රංජිත් දිගින් දිගටම කියා ඇත්තේ  ජයග්‍රහනය කිරීම සඳහා සියළු ශක්තිය සජබයට පවතින බවත් ඒ සඳහා වන සියළු සංවිධාන කටයුතු දැනටමත් සිදු කරමින් සිටින බවකුත් ය.

 

වඩාත් හැවුම්කරණීය සිදුවීම වන්නේ රංජිත් එසේ කීවාට සජබ සෙසු සාමාජිකයන්ගේ ශරීර භාෂාවෙන් තේරුම් යන ලද්දේ ජනරජ සාමාජිකයන් කියන දේ තුල සත්‍යයක් පවතින බවක් ය..

අවසානයේ පාඨලී කියා ඇත්තේ  සජබ දැනට ජවිපෙට එරෙහිව සිදු කරන විවේචන පල රහිත විවේචන බවත් ජවිපෙ කරන කරන දේ සජබය අනුකරණය  කිරීමෙන් නිසි ප්‍රතිපලයක් අත්නොවන බවකි.

මුජිබර් රහුමාන් එම කතාවට යම් ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වු නමුත් රංජිත් මද්දුමබණ්ඩාර  ස්ථිරසාරව කියා ඇත්තේ  ජනාධිපතිවරනයෙන්ද පාර්ලිමේන්තු මැතිවරනයෙන්ද ජවිපෙ අභිබවා සජබය නිසැකවම ජයග්‍රහනය කරන බවකි.

තිස්ස අත්තනායක  කියා ඇත්තේ  ජනාධිපතිවරනයට රනිල් නිසැකවම තරඟ නොකරන බවය.

 

@ලාල්ගේ කොලම