SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිරි ලංකාව තුල දේශපාලනයේ ඉතා ගැඹුරුම දේශපාලන වෙනස්කමකට ජන සමාජය සුදානම් බව වැටහේ.

වසර 76 ක් තිස්සේ නොවැඩුණු දේශපාලන ,ආර්ථික,සමාජීය සංස්කෘතියක් ජනතාව ඉල්ලා සිටි. අරගලය ඉල්ලා සිටියේ සම්පුරණ ක්‍රමයේ වෙනසකි. එම වෙනස ලංකාවේ දේශපාලන පක්ෂ තේරුම් ගෙන නැති බව මට නිතර කියන්නට සිදුව තිබේ. අරගලය ගැන විවිධ අරුත් නිරූපනයන් බිහි වුවද අරගලය තුල පෙනුණු සංස්කෘතිය තුල පිළිගත් හා ප්‍රතික්ෂේපිත කරුණු ගැන ගැඹුරු අධ්‍යනයක් ලංකාවේ විශ්විද්‍යාල පද්ධතිය තුල ඇති දේශපාලන හා සමාජ විද්‍යා අංශ වත් ක්‍රියාත්මක කළා දැයි නොදනිමි.

 

විමල් විරවංශ විසින් ලියා දක්වන ලද සුළු සත්‍ය ඇතුලත් පොත හා සන්නස්ගලගේ පොත මට තවම කියවන්නට නොහැකි විය. එහෙත් අරගලය කාගේ හෝ කුමන්ත්‍රණයක් යයි හා එහි බාවිතාව ගැන උසුළු විසිළු කිරීමේ දේශපාලන සංස්කෘතියක් හැර අරගලය විසින් ඉල්ලා සිටින ලද දේශපාලනය කිසිවකු විසින් වටහා ගෙන නැත. අරගලය ට පහර දීමෙන් පසු එහි ගිය සජිත් ට අනුරට දැක්වූ දැඩි විරෝධතාවය තුලින් වත් කියවීමක් ලබා ගෙන නොමැත.

 

අරගලයේ දී රටේ ජනතාව ඉල්ලා සිටි ප්‍රධාන කරුණ වුයේ ක්‍රමයේ වෙනසකි. එම ක්‍රමයේ වෙනස,දේශපාලන ,ආණ්ඩුක්‍රම හා අධිකරණ ක්‍රමයේ වෙනසකි.නීතිඥ වරුන්ගේ බාවිතාව අරගලය සමයේ ජනතා වාදී විය.එනයින් ජනතා වාදී අධිකරණයක අවශ්‍යතාව සමාජ අවශ්‍යතාවයක් බව අධිකරණ ය වටහා ගත්තේද? මධ්‍යම පාන්තිකයන්ට තම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් අරගලය බිහි වුවද,ඒ තුලින් ඉල්ලා සිටියේ එම අවශ්‍යතා සම්පුරණ වූ පසු පැරණි දේශපාලන ක්‍රමය පිළිගන්නා සමාජයක් නොවේ.

 

female 2

 

වසර 2019 සිට මේ දක්වා සිරි ලංකාවේ කාන්තාව උපරිමයෙන් හෙවත් දරාගැනීමේ සීමාව ඉක්මවා දරාගෙන සිටින බව ලංකාවේ සියළුම දේශපාලන පක්ෂ වටහා ගත යුතුය. කොවිඩ් වසංගතය ගැහැණිය ගේ සියලු රැකියා අවස්ථා, දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මෙන්ම සමාජීය නිදහස අහිමි කරන ලදී.ගෝටාබය පාලනයේ අමනෝඥ කෘෂි ප්‍රත්පත්තිය භාන්ඩ මිල ඉහල දමමින් අහාර උද්දමනයකට රට ඇද දමන ලද බැවින්,කාන්තාවගේ කුසගින්න දෙවැනි වෙමින් දරුවන්ගේ කුසගින්නට ප්‍රමුඛ තැන ලැබෙන විට මේ ආර්ථික අවපාතයේ දී ලිංගික ශ්‍රමිකයන් ලෙස, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් පවා යොමු වුයේ තම අධ්‍යාපන අවශ්‍යතා සම්පුරණ කර ගැනීම වෙනුවනි. තත්ත්වය සුණු සහල් මිටේ සිට කාන්තාව විසින් කරන ලද රැකියාව සුළු ව්‍යපාරය දක්වාම බල පා තිබේ.ඇඟලුම් රැකියා හා වෙනත් ව්‍යපාර වල තිබුණු රැකියා ආර්ථිකය හැකිලීම නිසා අහිමි වී ඇත. ගෘහස්ත කෘෂි කටයුතු බිජ හා අනෙකුත් වියදම් මත පසු බා තිබේ. විශ්‍රාමික බව ලැබූ කාන්තාවන්ට වසර ගණනකින් විශ්‍රාම වැටුප් ගෙවීමේ ලිපිගොනු අවසන් කර නොමැත.

 

female 6

 

මේ ආකාරයෙන් ලාංකේය කාන්තාව වසර 76 ක් තිස්සේ පැවැති පාලන කාල වලින් ඉතා ගැඹුරු දුක්ඛිත මට්ටමකට වැටි සිටිති. මේ කරුණ ලාංකේය දේශපාලන පක්ෂ නිවැරදිව වටහා ගෙන නැති බව පෙනේ. ජාජබය කිසිදු ව්‍යුහාත්මක වෙනසක් හෝ කාන්තාවට පැහැදිලි විසඳුමක් යෝජනා නොකර,ප්‍රයෝගිකව, විමධ්‍යගත අරමුදලකින් පවා එවැනි කාන්තාව නගා සිටුවීමේ එකදු වැඩපිළිවෙලක් දියත් නොකර කාන්තාවන්ට ආකර්ෂණය වී ඇත. එසේ වන්නේ ප්‍රධාන පක්ෂ දෙකට ඇති විරෝධතාවය නිසා මිස ඔවුන් විසින් කිසි දිනක කාන්තාවන් ඉලක්ක කරගෙන කරන ලද එකදු බිම් මට්ටමේ වැඩකුදු නැතුවය. සජබය ද ඒ මග යමින් කාන්තාවන් ගොනු කරමින් සිටිති. නුවර පැවැත්වූ රැලිය ජවිපෙ රැලියට දෙවැනි වුයේ නැත. ඒ රට වටෙන් ගෙන ආ කාන්තාවන් ගේ රැස්වීමකි. එතුල ජවිපයේද දැන් දැන් නැගිටින ඥාති සංග්‍රහය හොඳින්ම පෙනෙන්නට තිබුණි. තාත්තාගෙන් දුවට යන කෝටාව වෙනුවෙන් කිරිඇල්ල ගේ දියණිය වේදිකා ගතව සිටිනු දක්නා ලදී. ඒ අනුව අරගලය විසින් ප්‍රතික්ෂේපිත ඥාති සංග්‍රහය ගැන මේ දෙපක්ෂයම වටහා ගෙන නැත.

 

Female 1

 

ජවිපෙ බල මණ්ඩල සමාජිකයන්ගේ බිරින්දෑ වරු ෆ්රන්ට් එකට පැමිණ තිබේ. මේ සංඥාව එතරම් තදින් වටහා ගැනීමට ජාජබය වටා එක්වන කාන්තාවන්ට නිනව්වක් නැත. මේ දේශපාලනය නිවැරදි වීමකදී ජනතාවාදී විය යුතුය. ජනතාව ට සහභාගිත්ව දේශපාලනය තුල වැඩිපුර අවස්ථා ලැබිය යුතුය.

 

සියළුම පක්ෂ නායකයන් සිතා සිටින්නේ ඔවුන්ගේ පැරණි දේශපාලන, පුද්ගලයන් එකතු කිරීමේ හා සංධාන ගැසීමේ ක්‍රමය මේ වතාවේ ද මැතිවරණ සිතියම සම්ප්‍රදායික පරිදි පවත්වාගෙන යාමට සමත් වන බවටය. එය එසේ නොවේ ලංකාවේ දැනට පාර්ලිමේන්තුවේ සිටින 225 න 150 ක් අනිවාර්යයෙන්ම ජනතාව ඊලඟ වතාවේදී එලියට ඇද දමන බව විදේශීය ඔත්තු සේවාවන් පවා ගණනය කර තිබේ. එය එසේ නොවන බවට වන ප්‍රධාන සාක්ෂිය කාන්තා දේශපාලනය බව සම්බන්ධ පොලවේ යථාර්තය වී ඇත. මෙවර ස්වාමි පුරුෂයන්ට අරක්කු බෝතලයට බත් පැකට්ටුවට චන්දය දීම වෙනුවෙන් බිරින්දෑ වරු විරුද්ධ වන යුගයක් බිහි වී ඇත.ඒ වසර 4 ක් තිස්සේ ලාංකීය කාන්තාව විඳි අපමණ දුක් ගැහැට වලට විසඳුමක් අපේක්ෂාවෙනි.එහෙත් විසඳුමක් යයි සිතා සිටින කේන්තිය,අපේක්ෂා කඩවීම සමග බැඳුණු අසරණ කමේ වේදනාව මත ජාජබයට චන්දය බාවිතා කිරීම තවත් වැරදි තීන්දුවක් බව ඔවුනට වැටහෙන විට රටේ දැනට පවතින තත්ත්වයද අහිමි වී තිබෙන්නට පිළිවන. යථාර් තය එයයි.

 

female 4female 5

 

ලංකාවට මේ මොහොතේ අවශ්‍ය සංහිදියා දේශපාලනයකි.ඒ අළුත් බලවේගයක් නොමැති නිසාවෙනි.අළුත් බලවේගයක් ගොඩ නැගීම ට ඇති භූ දේශපාලනයේ බාධාව ජයගැනීමට ප්‍රභල කඳවුරක් ගොඩනැගිය හැකි නායකයන් පෙනෙන්නට නැත. භූ දේශපාලනය දැනටත් ලංකාවේ ඉදිරි වසර 10 තීරණය කර ඇත. ලංකාවේ දේශපාලකයා අවබෝධාත්මක සංහිදියා දේශපාලනයකට කටයුතු නොකලොත් කුස්සියේ වේදනාව ලංකාව නමැති හිස් මුට්ටියද පොළවේ ගසා අසරණ වනු ඇත. සංහිදියා දේශපාලනය ක් බිහි කර ගැනීමට සර් ව පාක්ෂික දේශපාලන කථිකාවතක් තුල එකඟ තාවයන්ට පැමිණිය යුතුය. ඒ චන්දයෙන් කව්රු ජයග්‍රහනය කලත් දැනට පවතින ආර්ථික ක්‍රමය හා ණය, ණය ප්‍රති ව්‍යුහගත කරණය ගැන ඇති කරුණු වෙනස් නොකර කටයුතු කිරීමටය.එසේ නොවුණහොත් සිරි ලංකාවේ ආර්ථිකය හා දේපල ඉන්දියාව ලබාගන්නා ක්‍රමයට වඩා හානිකර ලෙස ඉක්මනින් හා ප්‍රචණ්ඩ ලෙස චීනය විසින් ණය වලට හිලව් කර දීමට පක්ෂ ක්‍රමවේදයක් දැනටමත් ගොණු වෙමින් තිබේ. සදාකාලික චීන ණය උගුලක කර වටට අප ලංවෙමින් ඉන්නේ කාන්තාවගේ ජිවන තත්ත්වය නිසා බව ප්‍රබුද්ධ යයි සිතා සිටින පිරිමි දේශපාලන නායකයන් තේරුම් ගත යුතුය.

 

 

@Subhashini Wipfler