SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බොහෝ දෙනෙක් ඉදිරි මැතිවරණ ඉලක්ක කොට ගෙන බලය ලබාදෙන ලෙස ජනතාවට පවසමින් විරුද්ධ දේශපාලන මත දරන්නන් විවේචනය කරමින් මහජන කෝපය අවුස්සමින් කටයුතු කළ ද

රට සහ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහල දැමීමට අවශ්‍ය කරන වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකරන බව පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන සමණ්ඩලයේ සභාපති කරු පරණවිතාන කියා තිබුණි.

 

එහිදී අවුරුදු තුනක් ඇතුළත රට සහ ජනතාව පෙළෙන පීඩාවන්ගෙන් මුදාගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙල එක්සත් ජනරජ පෙරමුණෙන් ඉදිරිපත් කොට ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගය හෝ වෙනත් පක්ෂයක් සතුරු කරගෙන එක්සත් ජනරජ පෙරමුණ දේශපාලනය නොකරන බවත් ඔහු අවධාරණය කර තිබුණි.

 

කෙසේ වුවද පාඨලී චම්පික රණවක අරබයා මේ දිනවල දැඩි කතාබහක් මතුව ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ කාලයක් පුරා පාඨලීගේ දේශපාලන සගයන්ව සිට ඔහුගෙන් ඉවත්ව ඇති ප්‍රමුඛ පෙළෙ ක්‍රියාකාරීන් අදහස් පලකිරීම ආරම්භ කර තිබීමය.

 

අසෝක ට අවශ්‍ය මොනවාද?

 

පහුගිය දවස්වල අසෝක අබේගුණවර්ධන මාලිමාව වෙනුවෙන් ඔහුගෙ නාලිකාවකින් වීඩියෝ කිහිපයක් නිකුත් කර තිබුණි. (අපි ඒක මෙහෙම ලිව්වොත් වඩාත් හරි “අසෝක එයාගෙ නාලිකාව වෙනුවෙන් මාලිමාවෙ වීඩියෝ කිහිපයක් කරල තිබුණි)

අසෝක මේ වීඩියෝවට අදාළ කරුණුවලට පසුබිම් කරගෙන  තිබුණේ යම්කිසි පාර්ශ්වයක් විසින් සිදුකළ සමීක්ෂණයක දත්ත ය.

 

කෙසේ වුවද  පොදුවේ ගත්විට ලංකාවේ කෙරෙන සමීක්ෂණ කියන්නෙම හරි සරල කාරණයක් වන නිසාත්  සමීක්ෂනයට දත්ත හොයාගන්න විදිහ, ඒවා සොයාගන්න සම්බන්ධ කරගන්නා මානව සම්පත් මොනවද? කරන්නේ කොහොමද? යන්නත්  ඒවාට සම්බන්ධව ඇති පාර්ශ්වීය සම්බන්ධකම්, විශ්ලේෂන විධික්‍රමය, මේ ආදීවු සියලු ක්‍රියාවලිය සම්පූර්ණ විකාරරූපී තත්වයක් පිළිබිඹු කරන බව බොහෝ දෙනාගේ අදහස ය.  ඊටත් වඩා විකාරරූපී වන්නෙ ඒ දත්ත විශ්ලේෂනයන් අදාළ සමීක්ෂණයේ අයිතිය ඇති අයටත් හොරෙන් උස්සා තමන්ගෙ පරමාර්ථයක් වෙනුවෙන් මාර්කට් කිරීමය.

 

කොහොම උනත් අසෝක විසින්  ඒ එක වීඩියෝවක  සඳහන් කර ඇත්තේ,  මේ මොහොතේ දේශපාලන මහපොළොවේ අලුත්ම තත්වය මෙන්න මෙහෙමයි කියලා ය.

 

අලුත්ම තත්වය මොකක්ද?

  • ගැහැණු අපි එක මිටට!
  • ලන්සාගේ මෙහෙයුම!
  • දේශය වෙනුවෙන් එක්වන පියවරක්!
  • සතුටු දැයක්! ව්‍යවසායකත්ව රාජ්‍යයක්
  • ඉන්දියාව මධ්‍යස්ථ නම්!

 

මෙතනදි අසෝක වඩාත් අවධාරණය කරන කාරණයක් වන්නේ ඔහුගේ කාලයකට පෙර දේශපාලන හිතවතෙක් සහ සගයෙක් වූ පාටලී  චම්පික රණවකගේ 'දේශය වෙනුවෙන එක්වෙන පියවරක්' වැඩසටහනේ බෙදාහරින ලද ලියවිල්ල අතිශය දුරුවල එකක් ය යන්නය. ඔහු කියන්නේ ඒ ලියැවිල්ල නිසාම චම්පිකගේ පොදු අපේක්ෂකයා වීමේ උත්සාහය නිරර්ථක උනාය යන්න ය.

(මේ කාරණය කියද්දි අසෝකගේ මුහුණෙහි ඉරියව් හෝ ඔහුට සැඟවිය නොහැකි ඔහුගේ හදවතේ හිනාව ඔබට හොඳින් නැරඹිය හැකිය).

 

අසෝක යනු චම්පික රණවකගේ අතීත දේශපාලන ව්‍යාපාරයන් හි මෙවැනි ලියවිලිවල උරුමකරුවා ය. ඔහුගේ සිහිනය න්‍යායාචාර්ය ධූරයන් ය. ජනතා මිතුරෝ ව්‍යාපාරයේ සිට හෙළ උරුමය දක්වා වන චම්පික හා එක්ව සිටි ව්‍යාපාරයන්හි ඔහු න්‍යායාචාර්ය/විශ්ලේෂක/උපදේශක  භූමිකාව දරන්නට පිළිවෙතින් සිටි අයෙකි ය. චම්පික ද ඒ හැම අවස්ථාවකම අසෝකලාව උඩින් ඔසවා අනුශාසක දූරයේ තබා කටයුතු කළේ ය. ඔහු ඇමතිකම් දරද්දි එම අමාත්‍යාංශයන්හි ඇමති උපදේශක වී ඉන්නේද  අසෝක ය. ඉදින්, ඔහුගෙන් තොර ලියවිලි, විශ්ලේෂන චම්පිකගෙන් ඉවත්ව ගිය අසෝකට තවමත් දරා ගත නොහැක්කකි.

 

ඒ කුමක් වුවත් අසෝක අබේගුණවර්ධන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි එරික් වීරවර්ධන හරහා මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් වෙමින් සිටින්නේ ය.

ඔහු අවසන් වරට සිට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ  පාලන කාලයේ  බැසිල් රාජපක්ෂගේ කාර්යාලයේ ය.

 

ගම්මන්පිල ගේ  උවමනාව

 

මේ අතර පාඨලී‌ සමග 2015 දක්වා එක්ව දේශපාලන කළ තවත් අයෙක් වූයේ වර්තමාන පිවිතුරු හෙළ උරුම පක්ෂ නායක උදය ගම්මන්පිල ය. ඔහු මහින්ද රාජපක්ෂ දේශපාලනය හා එක්ව 2015 දී පාඨලීගෙන් වෙන්වූවෙක් වන අතර මේ වනවිට නිදහස ජනතා සභාවේ සිට ඉන් ඉවත්ව සමගි ජන බලවේගය හා සාකච්ඡා පවත්වා ඇතැයි යන්නද පසුගිය දිනවල දේශපාලන ආරංචිමාර්ගවල සටහන්ව පැවතුනි.

 

නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා ජනාධිපතිවරනයට තරග කිරීමට දක්වන උනන්දුව සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා  සඳහන් කර ඇත්තේ  කොළඹ දිස්ත්‍රිකයේ වත් පළමුතැනට පැමිණීමට නොහැකි රණවක මන්ත්‍රිවරයා රටේ මුල් තැනට පැමිණීමට උත්සහා දැරීම සාර්ථක කටයුත්තක් නොවන බව ය.

 

එමෙන්ම බලය අයුතු ලෙස භාවිතය, නිසි කළමනාකාරීත්වයක් නොපෙන්වීම, දාමරිකයෙකු වීම, දේශපාලන අදූරදර්ශීභාවය වැනි කරුණු රැසක් නිසා චම්පික රණවක මන්ත්‍රිවරයා ජනාධිපති ධූරය සදහා නුසුදුස්සෙකු වී ඇති බව උදය  ගම්මන්පිල වැඩිදුරටත් කියා ඇත.

 

කෙසේ වුවද ලංකාව වැනි රටක දේශපාලන ක්‍රියාවලියේදී වැඩි සතුරුභාවයක් හට ගන්නේ කලක් එක්ව වැඩකළ අතිශය සමීපව සිටි අයගෙන් වීම සාමාන්‍ය තත්වයක්ව පවතී. එය සෑම පක්ෂයකටම අදාළ අතර විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට අදාළව බෙදි වෙන්වූ පිරිස හරහා එය වඩාත් හොඳින් දැක බලා ගත හැකි ය.

 

@ලාල් ගේ කොලම