SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයේ අවසරය පරිදි ඉන්දීය අදානි සමාගම මගින් මන්නාරම් දූපත පුරා ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙගා වොට් 250ක දැවැන්ත සුළං විදුලි බලාගාර පද්ධතිය නිසා

වසරකට රටවල් 30 කින් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන කුරුල්ලන් මිලියනයකට ආසන්න ප්‍රමාණයකට මාරාන්තික තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව පක්ෂි විද්‍යාඥයෝ කියති.

 

පක්‍ෂීන් විශේෂ 150 කටත් වඩා මීට අයත් බව ද ඔවුහු කියති. මේ නිසා මෙම දැවැන්ත සුළං බලාගාර පද්ධතිය කුරුලු බාධකයක් ලෙස ඉදිකිරීම නවතා එය තවදුරටත් උතුරුකරයට වන්නට පිහිටුවන වඩාත් විද්‍යාත්මක තීන්දුවකට රජය පැමිණිය යුතු බවද මේ අතර පරිසරවේදීහු පවසති.

 

කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ පක්ෂි පර්යේෂක කණ්ඩායම GPS-GSM තාක්ෂණය යොදා ගනිමින් වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද පර්යේෂණ අනුව ශ්‍රී ලංකාවට පැමිණ මන්නාරම ප්‍රදේශයේ ස්ථානගත වන කුරුල්ලන් ගමන් කරන මාර්ග සිතියම අනුව ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර පද්ධතිය ලොව පුරා වෙසෙමින් ශ්‍රී ලංකාවට පැමිණෙන මිලියන ගණනක කුරුල්ලන්ට අනිවාර්යයෙන්ම මාරාන්තික අනතුරු ඇතිකරන්නක් බව ද මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න කියා සිටී. ‘සමහරෙක් නිකම්ම නිකම් මුඩු බිමක් ගාණට දකින මන්නාරම් දූපත ලෝකයේ ප්‍රධානම සංක්‍රමණික පක්ෂි මාර්ගයක් වෙන ‘මධ්‍යම ආසියානු සංක්‍රමණික පක්ෂි මාර්ගයේ’ කේන්ද්‍රස්ථානයි. අපි මෙහි පැමිණෙන කුරුල්ලන් ගැන දිගු කලක් පර්යේෂණ සිදු කරනවා. සැබැවින්ම උතුරු අර්ධ ගෝලයේ ඇති වන සීත කාලයට මෙහි පැමිණෙන කුරුල්ලෝ මිලියනයකට වැඩි ගණනක් වසර සිය දහස් ගණනක් තිස්සේ සිට ශ්‍රී ලංකාවත් ජාත්‍යන්තරය අතරත් නොබිඳෙන ජෛවීය සබඳතාවක් පවත්වනවා. ඒ සබඳතාව පමණක් නොව, කුරුල්ලන්ගේ ජීවිත පවා මේ බලාගාර පද්ධතිය මගින් නැතිවෙනවා. ඒ නිසා මේ රටේ පරිසරලෝලී ජනතාව හැකි ඉක්මනින් මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ පිළිබඳව සිදුකරන මහජන අදහස් විමසීමට ප්‍රතිචාර දැක්වීම වැදගත්” යැයි ද මහාචාර්ය සෙනවිරත්න කියා සිටී.

 

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන කුරුල්ලන් මිලියනයකට ආසන්න ප්‍රමාණයකට සිදුවන මාරාන්තික තත්ත්වයට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය මගින් විවෘත කර ඇති මහජන අදහස් විමසීමට පහත ක්‍රම ඔස්සේ වහාම ප්‍රතිචාර දක්වන ලෙස පරිසරවේදීහු ජනතාවගෙන් ඉල්ලති.

අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, බත්තරමුල්ල ලිපිනයෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයෙන් අදහස් දැක්විය හැකිය.

 

@ජගත් කණහැරආරච්චි