SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාලෙන් කාලෙට මතුවන ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම’ යන්න සටන් පාඨයකටත් වඩා හැමදාම යමක් වසන් කර ගැනීමේ හෝ කාලය ගැනීමේ දේශපාලන තක්කඩිකමකට සූදානම් වීමේ ගුන්ඩුවක් බවට පත්ව ඇත.

මෙවර ඒ සඳහා වන වැඩපිළිවෙල නැවත ආරම්භ කෙරෙන්නේ  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය හරහා ය.

 

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජන මතයක්  සකස් කර එම ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම එම ව්‍යාපාරයේ අරමුණ බව ඔවුන් ඉදිරිපත් කරන තර්කයයි.

ඉතා පලල්ව සිතා බලන්නෙ නම් මෙම කටයුත්ත සඳහා මූලිකත්වය ගෙන සිටින්නේ, මේ වනවිටත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හා අතිශය හිතවත් හිටපු කතානායක කරූ ජයසූරිය යි.‍

 

කබලෙන් ලිපට වැටුනු රටවැසියාට විහිළුකාර ප්‍රකාශ

 

ජනාධිපතිවරණය ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවක් එක්සත් ජාතික පක්ෂය විසින්ද මේ වන විට ආරම්භ කර තිබේ.

තම පක්ෂය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් බවට මෙන්ම ඡන්ද කෝටියක් වැනි විහිළුකාර ප්‍රකාශ වලින්  පුරසාරම් දොඩන එජාප නායකයන් මහපොළොවේ යථාර්ථයට අන්ධව හෝ එසේ මවාපාමින් සිටිති.

 

|ඉන්ධන සහ ඉවුම් පිහුම් ගෑස් සඳහා පෝලිම් නොතිබුණද, ජනතාව 2022 දී අරගලයට පෙර සහ පසු විඳි දුක් වේදනාවලට වඩා එම තත්වය  "ම්ලේච්ඡ" ය.

බොහෝ දෙනා චෝදනා කරන්නේ එසේනම් දැන් මිනිසුන් පාරට බහිනවාද යන්න ය.

 

 

දැන් ජනතාවට පාරට බහින්නට  නොහැකිව ඇත්තේ ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග හේතුකොටගෙන මෙන්ම එවන් දෙයකට වැය කරන්නට තරම්වත් කාලයක් මිඩංගු කිරීමට නොහැකි තරමට ජීවන අරගලයෙන් බැට කමින් සිටින නිසා ය.

 

කෙසේ වුවද මැතිවරණයකට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින ආණ්ඩු පක්ෂ දෙක එම තත්ත්වය පිළි නොගතහොත් බොහෝ පක්ෂවලට කිසිදා පණ නොලැබෙන  අන්දමින් ජනතාවගේ කලකිරීම ඉදිරි මැතිවරණවලදී ප්‍රකාශ වනු ඇතැයි යන්නද දනී. 

 

|අනෙක් අතට ලංකාවේ දේශපාලන පක්ෂ වෙත දේශපාලකයින්ගේ සංචලනයන් සාමාන්‍යයෙන් මෙහෙයවනු ලබන්නේ මතවාදයන්  මත නොව පුද්ගලික න්‍යාය පත්‍ර සහ පැවැත්ම සඳහා වන පෙළඹවීම් මගිනි.

 

 

උදාහරණකකට, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා වැනි කණ්ඩායම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූයේ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ඔවුන්ව කොන් කළ නිසා පමණි. 

 

මෙවන් හේතූන් නිසා මතවාදී දේශපාලනයන් සමාජගත කරමින් ‘රටට වැඩපිළිවෙලක්’  ඉදිරිපත් කරන්නට සූදානම්ව ඇති පාඨලී චම්පික රණවක වැන්නන්ට හමුවන්නේ මෙවන් දේශපාලකයින් වීම පිළිබඳව  පරෙස්සම් විය යුතුව ඇත.

 

වාර්තා අතරට එක්වීමට ඇති රනිල් ගේ ආසාව

 

‘විධායක ජනාධිපතිධූරය’ අහෝසිකිරීම සටන්පාටය  රැල්ලක් ලෙස  මතුව ආවේ 1994 මැතිවරණය ඉලක්ක කොටගෙනය.

ඉන් අනතුරුව වරින්වර බලයට පත් සෑම අපේක්ෂකයෙකුම අඩු හෝ වැඩි වශයෙන් මෙය ස්ලෝගන් එකක් කර ත්තේ ය.

 

vi 3

vi4

vi5

 

 

අනතුරුව 2015න් පසු එය වියැකී ගියේය.

 

 

ජනාධිපතිවරණය 2024ද? 2029ද?

 

 

ලංකාවේ මැතිවරණ කොමිසමේ නිර්දේශවලට අනුව ජනාධිපතිවරණය මේ වසරේ නොවැම්බර් මස 18 වැනි දිනට මාසයකට පෙර පැවැත්විය යුතු ය.

මේ වනවිට වර්තමාන ජනාධිපතිවරයා මැතිවරණ වර්ෂය ප්‍රකාශයට පත්කොට මෙම වසරේ අයවැයෙන් මුදල් ද වෙන්කොට හමාර වී ඇත. එහෙත් ඔහුගේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව ඇති සමාජ දෙගිඩියාව ඔහුගේ වර්තමාන  පදනම හා සම්බන්ධව ඇතැයි යන්නද අපට නොසලකා හැරිය නොහැකි ය.

 

 

|මේ නිසා බොහෝ දුරට ජනාධිපතිවරණය පිළිබඳ මෙතෙක් ලැබී ඇති විවිධ රහස්‍ය වාර්තා පදනම් විය හැකි අතර ඒ අනුව එක්කෝ ජනාධිපතිවරණයේ ඉරණම පළාත් පාලන මැතිවරණයේ ඉරණමම විය හැකි ය.

 

 

කෙසේ වුවත් මුලින් ජනපතිවරණයක් පැවැත්වීමකට වඩා මහා මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ ඇති වුවත් එමගින් මූලිකව  සමගි ජන බලවේගයට සහ දෙවනුව ජාතික ජන බලවේගයට  ලැබෙන වාසිදායක තත්වයන් හමුවේ එයද දෙගිඩියාවකට පත්ව ඇත.

 

අශ්වයා පලාගියාට පසු ඉස්තාලය රකිනවාද නැතිනම් ඉස්තාලය කඩා බිඳ දමනවාද ?

නොඑසේනම් ලැබුනු අවස්ථාව හැකි තරම් භුක්ති විඳින්නට කාලය ගන්නවාද? ඒ කාලය ගැනීමට කරන්නට ඇති හැකි සියල්ලම භාවිතා කර බලනවාද?

 

වික්‍රමසිංහ ජනාධිපතිවරයා කාලය අල්ලා තමන් සතු කරගැනීමට හොඳින් මාන බලන්නෙකු ලෙස ප්‍රචලිතයෙකි.

මේ නිසා 2024 වසර  දුරින් දුරින් අඩි තබමින් 2029 වසර බවට පත්වීම ද විය හැකිය.

නැතහොත්  යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ මාමා පටන් ගත් දේ බෑණා අවසන් කලා යන වාර්තාව පිහිටුවීමට ද විය හැකිය.

 

 

@සමාරා පරණවිතාන

#දේශපාලන මතවාද  

නවතම ලිපි