SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

NPPය ගණිකා වෘත්තිය නීතිගත කිරීමට බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේගය (NPP) ගණිකා වෘත්තිය නීතිගත කිරීමට බලාපොරොත්තු නොවන  බවත්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ගණිකා වෘත්තියේ නියැලෙන්නන් අපහසුතාවයට පත් කරන නීති කිහිපයක් පමණක් සංශෝධනය කරන බවත් NPP මන්ත්‍රී හරීනි අමරසූරිය පවසයි.

 

පසුගියදා ජවිපෙ හිටපු නාගරික මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ යූටියුබ් නාලිකාවකට පවසා තිබුණේ ඔවුනගේ මාලිමා ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීගිගත කරන බවයි. ඇය පවසා තිබුණේ ලංකාවේ පවතින සභ්‍යත්වය නිසා ගණිකාවන් නිර්මාණය කරන බවත්, පවතින තත්වය යටතේ ලිංගික ශ්‍රමිකයින්ද බරපතල අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති අතර ඔවුනගේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරමින් ඔවුන්ට අවශ්‍ය රැකවරණය ලබාදෙන බවත් ය.

 

එහෙත් හරිනි අමරසූරිය මන්ත්‍රීවරයි ඩේලි මිරර් පුවත්පත වෙත පවසා ඇත්තේ ආර්ථික දුෂ්කරතා විසින් කාන්තාවන් ගණිකා වෘත්තියට යොමු කර ඇති බැවින් NPP හි ප්‍රධාන අවධානය රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීම බවයි.

 

ඇතැම් නීති හේතුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බවත්, එවැනි තත්ත්වයන් අවම කර ගැනීමට සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට NPP එවැනි නීති සංශෝධනය කරන බවත් මන්ත්‍රීවරිය  පවසන්නීය.

 

 

|ගණිකා වෘත්තිය නීතිගත කිරීම සම්බන්ධයෙන් NPP සාමාජිකා සමන්මලී ගුණසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා සඳහන් කරන හරිනි අමරසූරිය, ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජනප්‍රිය මාතෘකාවක් පමණක් බවත්, මාධ්‍ය විසින් ඇයගේ කතාවේ කොටසක් පමණක් උලුප්පා දැක්වූ බවත්, ඇයගේ සම්පූර්ණ ප්‍රකාශය නිවැරදි අදහස ඇති බවත් පවසන්නීය.

 

 

කෙසේ වුවද ලංකාවේ ඊනියා ස්ත්‍රීවාදීන්, එම  සංවිධාන  සහ සංස්කෘතික දේශපාලන විශ්වාස කරන පශ්චාත් මාක්ස්වාදීන් ගණිකා වෘත්තිය නීතිගත කිරීම මගින් ලිංගික ශ්‍රමිකයින්  සූරාකෑමෙන් ගලවාගත හැකි බව විශ්වාස කරයි.

 

 

|ලංකාවේ පවතින අයාල පනත හරහා ලිංගික ශ්‍රමිකයින්ට පුද්ගලිකව තම ජීවනෝපාය වෙනුවෙන්  ඔවුනගේ වෘත්තියට  නීතිමය බාධාවක් නොමැති අතර ලංකාවේ පවත්නා නීතිය යටතේ ගණිකා වෘත්තිය සම්බන්ධ මහා පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යෑමට නීතියෙන් අවසර නැත.

 

 

ඒ අනුව ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් ව්‍යාපාර සඳහා මග පෑදෙන අතර එමගින් කිසිසේත් ලිංගික සූරෑකෑමට ලක්වීම නතර නොවන අතර වෙළඳපෙල බහුල වීමෙන් සූරාකෑම වඩාත් තීව්‍රැ වියහැකි බව විචාරක අදහසය.

 

කෙසේ වුවද මෙය  ජවිපෙ සහ ජාතික ජන බලවේගය අතර පවතින මතවාදීමය ගැටුම පිළිබිඹු වන තවත් එක්  මාතෘකාවක් වන බවත් ඉදිරියේදී මෙම ගැටුම විවිධ ක්ෂේත්‍ර හරහා උත්සන්න විය හැකි බවත් විචාරක අදහස ය.

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි