SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය  පාඨලී චම්පික රණවක සිරස නාලිකාවේ ඉලක්කය වැඩසටහන හා එක්වෙමින් රටේ ආර්ථික අර්බූධය හා ඒවාට රජය ගෙන එන විසඳුම් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

ඔහු කියන්නෙ ලංකාවේ පහල වූ වැදගත්ම මහබැංකු අධිපති වන්නෙ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි බව වන අතර අර්ජුන් මහේන්ද්‍ර සහ නිවාඩ් කබ්රාල් වැනි අය සැබෑම ජාවාරම්කරුවන් බවය.

 

 

  • අජිත් නිවාඩ් කබ්රාල් හා අර්ජුන් මහේන්ද්‍රන් සැබෑම ජාවාරම්කාරයෝ..

 

  • රනිල්ගේ තියෙන ප්‍රධානම අඩුපාඩුව ජනතාවගේ පීඩනය ගැන අවබෝධයක් නෑ...

 

අර්ජුන් මහේන්ද්‍රන්, අජිත් නිවාඩ් කබ්රාල් වගේ අය ඇත්තටම ජාවාරම්කාරයො. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වගේ අය අතිශය වැදගත්. ඒක පැහැදිලිවම කියන්න ඔින. මට ඇහිල තියෙනව පාර්ලිමේන්තුවෙ එතුමට නින්දා අපහාස කරනවා. එතුමා නොවෙන්න 2020දිම ගෝඨාභය ආණ්ඩුව බංකොලොත් වෙනව. එතුමා හොයල දීපු ඩොලර් බිලියන 7.5න් තමයි රට ගියේ. ඒ වගේම ඔහු තමයි 2008 ඉඳන් මේ රටේ තිබුන බැඳුම්කර වංචාවට තිත තිබ්බෙ. ඔහු අහම්බෙන් ආවෙ, රනිල් වික්‍රමසිංහ මහත්තය වගේ ඇක්ස්ඩන්ට්ලි ආවට මොකද  ඔහු තමයි ඒක කළේ. ඔහුට ඒ ගෞරවය දුන්නෙ නෑ මේ රටේ. ඒක වැරදියි. ඒ ගෞරවය දෙන්න ඔින, මම නම් දෙනවා ඔහුට ඒ ගෞරවය.

 

ඒ වගේම තමයි නන්දලාල් මහත්මයා. එතුමා වෘත්තීය පැත්තෙන් එහෙම තියෙනව. එතුම මේ ලඟදි මේක පැහැදිලි කරල කියනව “කන්දෙන් පහලට බස් එක ගියා. ක්‍රෑෂ් වෙන්න ලඟයි. අපි බ්‍රේක් ගහල බස් එක නතර කරල තියෙනවා..” කියල. දැන් උඩට පහලට අරගෙන යන් එක අදාල දේශපාලන පක්ෂවල දෙයක්.

 

 

|එතුමා කිව්වෙ අපේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය, මූල්‍ය පද්ධති ස්ථායීකරණය (බැංකුවල වගේ) අපි කරල තියෙනවා. දැන් ඊළඟට ආර්ථිකය වර්ධනය කිරීම ඊළඟ ආණ්ඩුවල වැඩක් කියල. ප්‍රශ්නෙ මේකයි, මේ ගත්ත ඒවයෙ ප්‍රතිඵලයක් හැටියට ආර්ථිකය වර්ධනය කරගන්න බෑ. ඒකයි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ගැටළුව.

ඒ ඇයි? බදු කියන ඒව එක්තරා සීමාවකින් පස්සෙ ඉතාම නරක විදිහට සමාජයට බලපානව. මේ බදු නිසා මොකද වෙන්නෙ?

 

ප්‍රශ්නය - දැන් රනිල් වික්‍රමසිංහ මහත්තය කිව්ව රටේ ආර්ථිකය වෙනුවෙන් ඔහුට ගන්න තියෙන හැම තීරණයක්ම අරගෙන තියෙන්නෙ කියල? ඒත් දැන් පීඩනය උපරිමයෙන්ම දැනෙන්න පටන් අරන් තියෙනව. මීට වඩා විකල්පයක් නෑ කියල ඔහු කියනව.

 

වැරදියි. විකල්පයක් නෑ කියන එක වැරදියි. විකල්පය තිබුණා. අර රාජ්‍ය මූල්‍ය ආයතන තුන, ඒ කියන්නෙ ඉනර් රෙවනියු එකයි, සුරාබදු එකයි, කස්ටම් එකයි  විධිමත් කරන්න ඒ විනය හදන්න තාක්ෂනයෙන් වැඩිදියුණු කරන්න කටයුතු කරානම් ඔය බදු ගහන්න ඔින නැහැ.. ඔය අන්තිමට ගහපු බද්ද ගහන්න ඔින වෙන්නෙ නැහැ..‍

 

ප්‍රශ්නය - ඒ කියන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තය දැනට මේ ආණ්ඩුව පවත්වාගෙන ආපු නිසා රට ස්තායීකරණය කිරීම ගැන ඔබ තෘප්තිමත් ද?

 

|රටේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය කිරීම හරි. නමුත් ඒ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණයට ගත්ත පියවර විසින්  වෙලා තියෙන්නෙ මොකක්ද, බස් එක පහලට යන එක නවත්තගන්න බ්‍රේක් ගහපු එක නෙවෙයි වෙලා තියෙන්නෙ බ්‍රේක් ෆයින්ඩින් වෙලා.

 

 

ඔබ ජනතා නියෝජිතයෙක් විදිහට මේ රටේ මිනිස්සු විඳවන විඳවිල්ල ඔබතුමාට පේන්නෙ නැද්ද?

 

පේන හින්ඳ තමයි මම කිව්වෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ තියෙන ප්‍රධාන අඩුපාඩුව තමයි මහජනයාගේ දැවැන්ත වේදනාව ගැන හිතන්නෙ නැතිව මේක පටවන එක.

 

|දැන් මටත් ඔය ප්‍රශ්නය ආව  විදුලිබල මණ්ඩලය කරන කාලෙ.  බලාගාර තව හදනවද? නැත්නම් විදුලිය අපි ඉතුරුකරන ක්‍රියාමාර්ගයකට යනවද කියන එක. ඉතිං මම විදුලිය ඉතුරු කරන ක්‍රියාමාර්ගය තෝරගත්ත. එතකොට ඔය හිටපු ලේකම්වරු ආණ්ඩුවල අය මට කිව්ව ඔය මිනිහ එක මෙගාවෝට් එකක්වත් හදවපු මිනිහෙක් නෙවෙයි කියල. ඇත්ත. හැබැයි මම මෙගාවෝට් අළුතින් එකතුවෙන එක නතරකරල වෙනස්  ක්‍රියාමාර්ගයක් ගත්ත.

 

 

නවතම ලිපි