SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනවාරි පළමුවෙනිදා සිට 18% වැට් ප්‍රකාශන ක්ෂේතුයට ක්‍රියාත්මක වන ආකාරය ගැන සමාජ මාධ්‍ය තුළ කතිකා වේ.

ඒ අනුව මෙම ගැටළුවලට පිළිතුරක් සපයමින් NEO GRAPHICS අධිපති Amarajeewa Tpg විසින් මුහුණු පොත වෙත ප්‍රකාශ කර තිබූ ලිපියක් පහත පළවේ.

 

VAT bill

|මෙය මගේ ක්ෂේත්‍රයට ද යම් පමණකට අදාල නිසාත් මගේ දැනුම් ප්‍රමාණය මත කරුණු ඉදිරිපත් කරන්න අවශ්‍යයි සිතුනා. මොකද ප්‍රකාශන ක්ෂේත්‍රයේ දි (මුද්‍රිත) ප්‍රකාශක සමාගමක් ඍජුවම මුද්‍රණශිල්පියා හා සම්බන්ධ වන නිසා. කෘතියක් නිපදවීම නිර්මාණකාර්යක් වගේම තාක්ෂණික කාරණා එක්ක බැදුණු දෙයක්.

 

 

එය අවසානයේදී වෙළදපල කරා පැමිණෙන නිසා මිල තීරණය කිරීමක් සිදු වෙනවා. මෙම අවසාන මිල තීරණය කරා එන ගමන කර්තෘ ප්‍රකාශනයක සිට එක් එක් ප්‍රකාශන සමාගම් ඒ කෘතියට අදාලව කරනු ලබන නිර්මාණාත්මක ශ්‍රමයද ඇතුලුව මුද්‍රණ වියදම් සදහා ගෙවීමක් සිදු කෙරෙනවා. එම වියදම් තීරණය වන්නේ (මුද්‍රණ කර්මාන්තය පැත්තෙන්) එක් එක් කර්තෘ හෝ ප්‍රකාශක සමාගම්වල නිපදවෙන අවසාන කෘතියෙහි ගුණාත්මකභාවය හේතු කොට ගෙනයි. ඉතින් මේ සියලු වියදම් එකතු කර පොත් සාප්පු සදහා ගෙවිය යුතු වට්ටම්ද එකතුකොට අවසාන මිලක් තීරණය කරයි. එය කෘතියෙහි අවසාන වටිනාකම ලෙස ගණනය කරයි.

 

|මීට පෙර පොත් පත් සදහා වැට් අය නොකලත් මුද්‍රණකරුවෙකු ලෙස අප කෘතියක් නිපදවීමට ඒ සදහා අමුද්‍රව්‍ය ලබා ගැනීම සදහා 60% - 70% අතර ප්‍රමාණයක් වැය කර ඇත. ඒ කියන්නේ මීට පෙර වැට් ලෙස 15% තිබු මුදල වක්‍රාකාරව ගෙවා ඇත. නමුත් මේ වනතෙක් පොත් පත් සදහා VAT Exempted එහෙමත් නැත්නම් වැට් බදු වලින් නිදහස් කාණ්ඩගතව තිබු නිසා අප විසින් ප්‍රකාශන සමාගමට ඉදිරිපත් කරන බිල වැට් බිලක් ලෙස නිකුත් කෙරුනේ නැහැ.

 

 

එතකොට නිශ්චිතවම වැට් registered මුද්‍රණ සමාගමකින් ප්‍රකාශන සමාගමක් මුද්‍රණ වැඩ කරගන්නා විට අර මා කලින් සදහන් කල අමුද්‍රව්‍ය මුදල් සදහා අප වැයකරන මුදල්වලට අදාලව වන වැට් මුදල අප නැවත ප්‍රකාශන සමාගමකට හෝ කර්තෘ ප්‍රකාශකයෙකුට එය නැවත එකතු කරන්නේ නැහැ. නමුත් කලින් තිබුනාට වඩා අමතර 3% එම අමුද්‍රව්‍ය බිලට එකතු වී අපගේ සේවාවන් සදහා අදාල කොටසට එනම් 30% - 35% අතර කොටසට පමුණක් අමතර 18% එකතුවීමට නියමිතයි. මොකද අදින් පසු වැට් සදහා ලියාපදිංචි මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ප්‍රකාශන සමාගම් වලට ඍජුවම අපෙන් මේ වැට් බිල ඉල්ලා එය ඔවුන්ගේ ගිණුම් වලදී නැවත වක්‍රාකාරව තමන්ට අයකරගන්න පුලුවන්.

 

 

|එහිදී වැට් සදහා ලියාපදිංචි වියයුතු අය ලෙස සලකන්නේ වාර්ෂික බිල්පත් ආදායම මිලියන 60ට වැඩි කොටසයි. එයින් අදහස් වෙන්නේ නැහැ ඒ සදහා ලියාපදිංචි නොවු පිරිසට වැට් බදුවලින් 18%ක ලාභයක් ලැබෙන බව. එය බොරුවක්. මොකද මං ඉස්සරවෙලා පැහැදිලි කරපු ආකාරයට අපි කොහෙන් මුද්‍රණය කලත් අමුද්‍රව්‍ය සදහා වන මුදලට ඒ කොයි කවුරැත් වක්‍රාකාරව වැට් ගෙවන්න සිදු වෙනවා.

 

 

එතකොට දැන් තේරෙන්න ඕන කෘතියක මුද්‍රණ වියදමේදි සිද්ධ වෙන ක්‍රියාවලියයි මං පැහැදිලි කලේ. හැබැයි මුද්‍රිත කෘතියක් සදහා වෙලදපල වටිනාකමක් එකතු කරනවිට කෘතියෙහි (මුද්‍රිත) වටිනාකමට ආයතනික වියදම්, ලාභ සහ පොත්සාප්පු සදහාද දිය යුතු වට්ටම්ද එකතුකොට තවත් දෙගුණයක්වත් මිලට එකතු කලවිට වැට් ලියාපදිංචි ප්‍රකාශන සමාගමකට එම මුදල සදහා ද 18% ගණනය කරන අතර වැට් ලියාපදිංචි නොවූ කුඩා සමාගම් සඳහා ඒ වාසිය හිමිවනු ඇත. ඒ අනුව ඉදිරියේදි පොත් සාප්පු වලින් ලබා ගන්නවාට වඩා විකල්ප ක්‍රම මගින් පොත් බෙදාහැරීම තුල උපරිම සාධාරණයක් පාඨකයාට ලබා ගන්න පුලුවන්. ඒ 20% සිට 40% දක්වා වට්ටම් මුදල් බිල්පතට එකතු වීම වලකිනකොට ඒකට වැට් බදු ලෙස අයකෙරෙන අමතර 18% න්ද නිදහස් වෙන නිසා.

 

නමුත් එය සාධාරණ නොවන්නේ පොත් සාප්පු එමගින් විශාල අර්බුදයකට යන නිසයි. ඒත් මේ කර්මාන්තය රැකගන්නත් තිබෙන නීති රීති වලට යටත්ව විකල්ප මාර්ග තෝරාගන්නත් අපි හැමෝටම සිදු වේවි.

 

@Amarajeewa Tpg

Neo Graphics

නවතම ලිපි