SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව සිටින්නේ බල අරගලයේය. රට නිවැරදි කිරීමේ අරගලයක කිසිදා කිසිවකු සිටින බව නොපෙනේ.

නවතම වශයෙන් ඔත්තු සේවාවල තොරතුරු අනුව ලංකාවේ ඊලඟ ජනාධිපති වරයා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ය. ඔහු ජයග්‍රහණය කරන්නේ protest Vote වලිනි.

 

 

එම ඡන්ද වල වැඩිම කොටසට බලපාන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු හා සිටින නිලධාරින් ජාලයය. එයට බලපෑ ප්‍රධානතම හේතුව ගජබා රෙජිමේන්තුව විසින් ලංකාවේ යුධ හමුදාව පාලනය කිරීමේ අකටයුතු කම්ය. ගජබා ඒකාධිකාරී දුෂිත හමුදා පරිපාලනය විසින් හමුදාව අතෘප්තිමත් බවට පත් කර ඇත. හමුදාවේ අභ්‍යන්තරය ජවිපය දෙසට හැරෙන්නේ තම විරෝධතාව දැක්වීමටය.

 

 

යහපාලනය කාලයේ සිදු වූ අතෘප්ති මත් භාවය නිසා ඇමෙරිකාවේ සිටි ශවේන්ද්‍ර සිල්වා නැවත කැඳවා හමුදාපති ධුරය ප්‍රදානය කරන ලදී. එම හමුදාවේම සිටි ගෝඨාභය අමෙරිකාවෙන් ගෙන්වා ගෙන ජනාධිපති බවට පත් කරන ලදී. සියුම් විග්‍රහයේදී එදා යහපාලන ආණ්ඩුව පමණක් නොව 2002 රනිල් ගොඩනැගූ ආණ්ඩුවටද ගෙදර යන්නට සිදු වුණේ හමුදාව නිසාය.

 

javipe 2

 

 

බුද්ධි අංශ සිද්දිය ඊට වසර 20 කට පසු රනිල් සභාවේදී තමන්ගේ පැත්තෙන් හිතෙන දේ කියා නිවැරදි වෙන්නට බැලුවද රනිල් ට හැමදාම අයහපතට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ හමුදාව හා සම්බන්ධ කටයුතු වලදීය. අපිට නම් රනිල්,මහින්ද ,අනුර,සජිත් යන සියලු දෙනාම සමාන ගති ගුණ ඇති දේශපාලකයන් පත් වීමේ අරුමයක් නැත. ලංකාවේ ජනතාවගේ මානසික මට්ටම සංඛ්‍යා දත්ත, සිද්ධි හා කරුණු විශ්ලේෂණ කර ඡන්දෙ දෙන්නේ නැත. අදටත් වැඩිම සිවිල් සමාජ බලපෑමක් ඇත්තේ ලංකාවේ හමුදාවේ සේවය කරන පුද්ගලයන්ටය. අනුර ගමේ කෙනෙක් නිසාත්, හැමදාම විපක්ෂයේ සිටිනවාට වඩා වැඩක් කරන්නට බලයක් දීමේ වරදක් නැත.

 

 

එහෙත් අනුර ජනාධිපති වන්නට පෙර මගේ පැත්තෙන් මම ඉල්ලීම් කිහිපයක් කරන්නේ අප හැමදාම දකින අනතුර ලාල් කාන්තගේ ප්‍රකාශයෙන් තහවුරු කර ඇති බැවිනි. අනෙක් අතින් හමුදාව ජවිපය දෙසට දක්වන නැඹුරුව ලාල් කාන්තගේ අනතුරු හැඟවීම සමග ඒ අනතුර විශාල ගුණයකින් වැඩි කර ඇති බැවිනි. ඒ ඉල්ලීම් කිහිපය ලැබෙන්නේ ජනතාව කබලෙන් ලිපට දැමීමට අනවශ්‍ය නිසා මිස ජවිපයේ කකුලෙන් ඇදීමට නොවේ.

 

ජවිපය වැට්ටීමට ගෙන ආ යෝජනා බොහෝවක් මම පෞද්ගලිකව ප්‍රතික්ෂේප කර ඇති බව ඒ යෝජනා ගෙන ආ අය දනිති. මේ සටහනින් ජවිපය සමග හොදය්යක් ඇති කර ගැනීමක් කිසිවිටක අපේක්ෂා කරන්නේ නැත. එහෙත් මංගල සමරවීර මිය යන්නට පෙර අනතුරු කල හැඟවීමක් මම නැවත සිහිපත් කරමි. ගෝඨාභයගේ සිද්ධියේදී හමුදාව හැසිරුණු විලාශය අක්‍රිය හා බලය ලබා ගැනීමේ විලාශයකි. අනුරට ගෝඨාභයට තරම් ජාලගත ආරක්ෂාවක් නැත. අනුරගෙන් බලය වෙනත් තැනකට උදුරා ගැනීමකට පහසුවෙන් හැකිය.

 

javipe 1

 

ජවිපය රට භාර ගැනීමට පෙර මට ඇති යෝජනා අතරින් ප්‍රධානතම යෝජනාව වනුයේ ජවිපයේ පක්ෂ ව්‍යවස්ථාව,ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය සම්පුරණ ප්‍රජාතන්ත්‍ර ලෙස වෙනස් විය යුතු බවය. මේ යෝජනාව මා කලින්ද කිහිප විටක්ම කර ඇත. ජවිපය සැම විටම දකුණට සිග්නල් දා වමට හැරවූ පක්ෂයකි. මැයි රැලිය හොඳම උදාහරණය ය. රට භාර ගැනීමට පෙර ජවිපය පක්ෂයේ ව්‍යුහය වෙනස් නොකර ගන්නේ නම් තවමත් සන්නද්ධ සිහිනයේ සිටින ජවිපයට හමුදාව උපරිම සහයක් ලබා දෙනු ඇත. හමුදාව ඉන්නේද කොයි වෙලේ හෝ යුද්ධයක් ,ගැටුමක් අවශ්‍ය මානසිකත් වයකය. මේ නිසා ජවිපය සම්පුරණ ප්‍රජාතන්ත්‍ර වෙනසකට ඊලඟ මැතිවරණ වලට පෙර පැමිණීම වැදගත් බව සැමට ලියා තබමි. අනුර ලා ප්‍රජාතන්ත්‍ර වාදය පක්ෂය තුලින් ක්‍රියාත්මක කර පෙන්වුවහොත් ජනතාව වන අපගෙන්ද ආරක්ෂාව උපරිමයෙන් ලැබිය හැකිය. ජනතාවට ආරක්ෂාව උපරිමයෙන් ලැබිය යුතුය.

 

දෙවන කරුණ නම් ජවිපය දැනට පත්ව ඇති පොලිස් පති වරයාගේ කරුණු ගැන ජනතාවට තම මතය කියා දැනුවත් කල යුතුය.ජවිපයේ නිහඬ බව ඉහත කි පළමු කරුණ සමග 2032 දක්වා විශ්‍රාම යන්නට කාලය ඇති පොලිස් පති වරයා ගේද හැසිරීම හා තත්ත්වය දකින විට හමුදාව සමග විය යුතු සුසංයෝගය පොලීසිය සමගද වුවහොත් ලාල් ගේ ප්‍රකාශය රටේ මිනිසුන්ට මානව නිදහස හා ජිවත් වීමේ අයිතිය යන කරුණු දෙකම ගැන බරපතල අයුරින් ප්‍රශ්නගත වෙයි. අනෙක් අතින් හොඳ දේශපාලන ඉවක් ඇති ටිරාන් දේශබන්ධු යොදවාගෙන මේ යන්නේ කුමන ගමනක් ද යන්න තුල ජවිපයේ අක්මුල් නැති බව විශ්වාශ කල නොහැකිය. ඒ ගමන ගැන බියක් ඇති වීම සාධාරණ මිනිසාගේ නිගමනයයි.

 

ජවිපය මේ කරුණු ගැන තමන්ගේ ස්ථාවරය දැනටම ජනතාවට කියා සිටිය යුතුය. නැතහොත් ජවිපයේ ජයග්‍රහණය වැළකීමට බොහෝ දෙනෙකුට කටයුතු කරන්නට සිදුවනු ඇත. මේ සටහන රටේ අනාගතය වෙනුවෙන් මිස පෞද්ගලික ව තැබූ සටහනක් නොවේ.

 

@Subhashini Wipfler

නවතම ලිපි