අර්බුදකාරී ආර්ජන්ටිනාවට නව ජනාධිපතිවරයෙක් තේරී පත්විය. ඔහු අවසන් කළේ ආර්ජන්ටිනාවේ දකුණේ සහ වාමාංශික දේශපාලනයේ ප්‍රධාන ධාරාවේ ආධිපත්‍යයයි.
ලෝකයේ ස්වෛරී ණය අර්බුදයක සිරවී සිටි ආර්ජන්ටිනාවේ දේශපාලන සංස්ථාපිතය කෙරෙහි මහජන කෝපයේ රැල්ලක් කලක සිට ගමන් කරමින් පසු විය. එහි ප්‍රතිඵලයක් ලෙස දක්ෂිනාංශික සහ වාමාංශික දේශපාලනයේ ආධිපත්‍යයට පිටස්තරවම පුද්ගලයෙක් වූ ජේවියර් මිලෙයි තේරී පත්වූ අතර ඔහුව ලිබරල්වාදී මාධ්‍ය සංදර්ශනකරුවෙකු වශයෙන්ද ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් විසින් හඳුන්වනු ලැබීය.
20 වන සියවසේ මුල් භාගයේ ලෝකයේ ධනවත්ම රටවලින් එකක් වූ ආර්ජන්ටිනාවේ ආර්ථිකය 30 දශකයේ මුල් භාගයේ සිට අර්බුදයෙන් අර්බුදයට ඇද වැටුණි. එය 21 වැනි සියවසේ තුන් වතාවක් ඇතුළුව නව වතාවක් ණය පැහැර හැරිනි. එයට අර්බුධ සමයේදී දීර්ඝ කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 45 ක IMF අරමුදල් පහසුකම් ද ඇතුළත්ය.
මයිල්ස් ගේ ආන්දෝලනාත්මක ප්‍රතිකර්මයන්හි සාර්ථකත්වය කෙසේ වෙතත්, බලාපොරොත්තු සුන්වීම පිළිබඳ ජනප්‍රිය හැඟීම ප්‍රයෝජනයට ගැනීමට ඔහු සමත් විය. ඔහු ආර්ජන්ටිනාවේ ආර්ථිකය ඩොලර් කිරීමට, ජාතික මුදල් ඉවත දැමීමට, මහ බැංකුව "ඩයිනමයිට්කරණය" කිරීමට, අධ්‍යාපන, සෞඛ්‍ය සහ සමාජ සුබසාධන ඇතුළු අමාත්‍යාංශ වසා දැමීමට සහ බිට්කොයින් නීත්‍යානුකූල ටෙන්ඩරයක් ලෙස හඳුන්වා දීමට ඉදිරිපත් විය.
කෙසේ වෙතත්, ආර්ජන්ටිනාව අන්ත දක්ෂිනාංශික සහ ජාතිකවාදී ආන්ඩු අත්පත් කර ගැනීමේ ගෝලීය ප්‍රවණතාවයෙන් පිටස්තරයෙකු විය හැක්කේ කෙසේද යන්න විවාදාත්මක කාරණයක්.
ගෝලීය ප්‍රවනතාවන් එසේ වන විට ඔක්තෝම්බර් මාසයේ නවතම ඡන්ද සමීක්ෂන වටයෙන් පෙන්නුම් කළේ ජවිපෙ/ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඡන්දදායකයින්ගෙන් අඩකගේ (සියයට 51) සහය ලබා ගන්නා බවයි. සජිත් ප්‍රේමදාස 30% ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ 13% ක් ලබාගෙන ඇත.
මෙහිදී වඩා වැදගත් වන්නේ තවමත් එළැඹෙන මැතිවරණයක අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මූලික කරගෙන ඇත්තේ අනුර කුමාර, සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ වීමයි. පොහොට්ටුව පක්ෂය පිළිබඳ සමීක්ෂණය සපුරාම රනිල් වික්‍රමසිංහට ලැබෙන ප්‍රතිශතයට සමීක්ෂන වාර්තාවන්හිදී එක්කර ඇත.
එහෙත් පවත්නා තත්වය සහ ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයින්ගේ අනන්‍යතාවන් වෙනස් වීමට මූලික ඉඩකඩ දැනට සැකසෙමින් ඇති අතර ලබන වසරේ මුල් මාස දෙක ඇතුලත ඒ පිළිබඳ අනාවරණයන් සිදු වනු ඇත.
කෙසේ හො වේවා ආර්ජන්ටිනාවේ මෙන්ම ගෝලීය ප්‍රවණතාවය ශ්‍රී ලංකාව තුළ ප්‍රතිවර්තනය වීමේ අපේක්ෂාව ඉතා වැඩිය. ශ්‍රී ලාංකීය කාරණයේදී, සිදුවිය හැකි මාරුව දකුණට නොව වමට වුවද, දැවෙන ආර්ථික ප්‍රශ්නවලට අහස උසට විසඳුම් ඉදිරිපත් කරයි නම් සිදුවන්නේ යළිත් අර්බූධය පුපුරා යෑමකි. එයින් රට අභ්‍යන්තර ඇතිවූ අතීත අමිහිරි භීෂණයක සෙවනැලි යළිදු වැටීමටද ඉඩ කඩ විවෘතවම ඇත.
එසේ නොවන්නේ නම් ජාතික ජන බලවේගය විසින් පවත්නා පරිභෝජනවාදී වෙළඳ රටාව වෙනස් අගයකට නැතහොත් ලංකාවට ඔබින පන්නයට වෙනස් කරලීමට අවශ්‍ය සැළසුම් ඉදිරිපත් කළ යුතුව ඇත. එහෙත් දැඩිලෙස පරිභෝජන ආර්ථිකයට ගිජු වූ ලාංකිකයාට අවශ්‍ය වන්නේ ණය වී හෝ ගිතෙල් අනුභව කිරීම නිසාම ගෝඨාභයගේ දෘෂ්ටිවාදයට එරෙහිව රාජපක්ෂලාගේම විරෝධාතාව රහසිගතව ක්‍රියාත්මක වූවා සේම සිදුවිය හැකි අනර්ථය ඉහළය.
මෙම මත විමසුම් සලකා බැලීමේදී ඒවායෙහි දවටනයන් ගැනත් සැලකිය යුතුය. මන්ද, අයෙක් තර්ක කරනුයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ (IHP) ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණ (SLOTS) විසින් ඔක්තෝම්බර් මාසයේ නවතම ඡන්ද වටය තුළ ජවිපෙ අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලය (NPP) ඡන්ද දායකයින්ගෙන් අඩකගේ (සියයට 51) සහය ලබා ගනිමින් ද සජිත් ප්‍රේමදාස මහතා 30%ක් ලබාගෙන දෙවැනි ස්ථානයට ද රනිල් වික්‍රමසිංහ 13%ක් ලබාගෙන තිබීමේ සාම්පලයන් පිළිබඳවය.
එකී සාම්පලවලින් පෙනෙන්නේ ඒවා කොළඹ සහ පළාත්වල පිකට් ලයින් වලින් ලබාගත් ඒවා ලෙස කෙනෙකුගේ තර්කයන් වේ. එහෙත් මත විමසුමකදී මිනිසුන් කියන දේ සහ මැතිවරණවලදී ඡන්දය දෙන ආකාරය සපුරාම වෙනස් විය හැකිය.
ලෝකයේ වෙනත් තැන්වල මෙන්ම ශ්‍රී ලංකාවේද JVP/NPP යෙහි සාර්ථකත්වය එහිම ජයග්‍රහණයක් නොව පවත්තා සමාජ ක්‍රමයෙහි අසාර්ථකත්වයකි.
එවිට ආර්ථික දුෂ්කරතා හමුවේ ඇතිවන මහජන කෝපයෙන් ප්‍රයෝජන ගැනීමට එය සමත් වේ. එහෙත් ලබාගන්නා බලය තමන්ට රිසිසේ පාලනය කරන්නට මෙම කෝපයට පත්ව සිටින ජනතාව කෙසේ ඉඩ ලබාදෙනු ඇද්ද?
මන්ද ඔවුන්ගෙ අදහස් දැක්වීම් ස්වකීයත්වයන් තුළ පරස්පර ය. ඔවුන් ඉහල යන ආන්ඩුවේ වියදම් වලට දොස් පවරන අතරම සමාජ සුභසාධනය කපා හැරීමට විරුද්ධ වෙති. ඔවුන් ඉහල යන ණය හෙළා දකින අතර ඒ සමගම වැටුප් වැඩිකිරීම් ඉල්ලා සිටිති; ඔවුන් රජයට අයත් ව්‍යවසායන් (SOEs) අඩු ක්‍රියාකාරීත්වය ගැන රජය විවේචනය කරන නමුත් ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධ වෙති.
අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඔවුන් අවධාරණය කරයි, එහෙත් එය වෙනස් වන්නේ කවරෙකුගෙන්ද? අනෙක් සියල්ලන් ද එසේ කරයි. ඉනික්බිති දේශීය ආර්ථිකය ගෝලීය සැපයුම් දාමයන් සමඟ සම්බන්ධ කිරීම සඳහා අනිවාර්ය ආර්ථික, ශ්‍රම, ඉඩම්, නීතිමය සහ වෙළඳ ප්‍රතිසංස්කරණවලට ඔවුනගේ දේශපාලන මතයන් තුළ සිට විරුද්ධ වෙති.
තවත් අයෙකුගේ තර්කය වන්නේ, බුද්ධිගලනය ගැන ඔවුන් විලාප නගන නමුත් බොහෝ ශ්‍රී ලාංකීය තරුණයින්ට සැබෑ අඩිතාලමක් සැපයිය හැකි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වන බවය. එසේම අධ්‍යාපනය නැමැති අධිකාරීවාදී මුලාව වෙනුවෙන් ඔවුන් සටන් කරති.
මෙම නොගැලපීම් සාමාන්‍ය ඡන්දදායකයින්ට අදාළ නොමැති අතර සාමාන්‍ය මාධ්‍ය සම්මුඛ සාකච්ඡා සහ කතා සංදර්ශන වලදී ඒවා විසඳන්නේද නැත. සාමාන්‍ය ඡන්දදායකයා දේශපාලන වේදිකාවේ අධික ලෙස ගලා යන තම කෝපය හා සැසඳෙන කෝපයෙන් සෑහීමකට පත්වේ. කව්දෝ මාධ්‍ය සගයෙකු පවසා තිබුණේ විරෝධතා ඡන්දය යනු වස මිශ්‍ර කළ පාත්‍රයක් බවය.
ලංකා ආර්ථිකයේ ප්‍රධානතම අවුල ආර්ථික විද්‍යාඥයින්ගේ ඊනියා බුද්ධි මහිමය පෙන්වීමට ගොස් ඇන ගැනීම යැයි ඔවුන් සිතන්නේ නැත. ඔවුන් ඒ ආර්ථික විද්‍යාඥයින් ලවාම රට ගොඩනගන සංකල්ප යළිත් උත්කර්ෂයට නංවනු ඇත. එවිට යළිත් පස්ස බිම ඇන ගැනීමට හැකි වුවත් පස්ස බිම ඇනුනේ කවර වරදකින්දැයි යළිත් අර ඊනියා විද්‍යාඥයින්ගෙන්ම උත්තර ඉල්ලා ලබාගනු ඇත.
අයෙක් තර්ක කරන්නේ ජවිපෙ ගැටලු හඳුනාගැනීමේ සාර්ථකකරුවන් වුවත් ක්‍රියාවලියේදී අසාර්ථකය යන්නය. එවිට තවත් අයෙකුගේ අදහස ඔවුන්ට ක්‍රියාවලියට අවස්ථාවක් නොලැබුනු බවය. එහෙත් ඔවුන් ඒ සඳහා විසඳුම් ලබාගන්නේ කා වෙතින්ද?
උදාහරණයකට පසුගිය දා එක් අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මහා භාණ්ඩාගාරයේ සිටින්නේ පසුගිය ජනාධිපතිවරුන් සිටි කාලයේ සිටින නිළධාරීන්මය යන්නය. එනිසා ඔවුන් වෙතින් රට ගොඩනැගීමට සහයෝගයක් නැති බවය. එය සැබැවින්ම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වැන්නක්ය. ඔවුන් එතැනින් ඉවත් කර නැවත පත්කරන්නේද එවැනිම නිළධාරී තන්ත්‍රයක්, විශේෂඥවරුන්මය යන්න ඔහුට නොවැටහෙන්නකි.
මත විමසුම් සමීක්ෂන කෙසේ වෙතත් දැන් රාජපක්ෂවරුන්ගේ කෙරුවාව අහවර ය. වරින්වර ඇතිවන තත්වයන් යනු පුස් මල්වෙඩිය. (හෙට අනිද්දාට සුගතදාසය පුරවන මල් වෙඩිල්ලක් සකස් කෙරෙනු ඇත.)
සන්දාන දේශපාලනය සම්බන්ධව 2015 ඇතිකළේ ගුජුප්සාජනක මතකයක් සහ අත්දැකීමකි. එසේ වුවත් දේශපාලන සන්ධානයක රහසිගත දුම්වළාකුළු තැනින් තැන නැග එනු පෙනේ. අළු යට ගිනි පුපුරු තිබූනද, බලය පිළිබඳ අධිකතර කෑදරකම නොවන්නට ලංකාවට සන්ධාන දේශපාලනයකින් තරමක ප්‍රතිඵලයන් අත්කරගත හැකි වනු ඇත. බලය නිසා සන්ධාන දෙදරා ලත් තැන ලොප් වන බවද සිහිකළ යුතුය.
ඊනියා සටන් උද්ඝෝෂණ වලින් දැන් මේ මහපොළොවට වැඩක් ඇත්තේම නැත. අවශ්‍ය වන්නේ අප ජීවත්වන මේ රටාව අවුලක් බව අවබෝධ කර ගැනීමය. ඇකඩමියානු වන්දිභට්ටයින් හා පිස්සන්ගෙන් මිදී එය අවබෝධ කරගැනීමය.
දහදුක් විඳිමින් නොකා නොබී තේරුමක් නැති අධ්‍යාපනයක් දරුවන්ට ලබාදෙන්නට වෙර දරන දෙමාපියන්ගේ සිට සතුට යැයි සිතා අල්ලා බදාගන්නට යන ජීවන විලාසයෙන්ද උරුම ව ඇත්තේ විඳවීමක් නොවන්නේද? ජීවිතය සැබෑ ලෙස අත් විඳින කව්රුන් හෝ නම්කළ හැක්කේ කාහටද?
ඉදිරි 2024 වසර මැතිවරණ වසරකි.
එය රජයේ, ජනාධිපතිවරයාගේ නිවේදනයකි.
@සමාරා පරණවිතාන
#දේශපාලන කරලියේ වගතුග