SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර 900ක්..
  • සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ජපන් රැකියා අවස්ථා ලබන මාර්තුවේදී විවෘත වෙයි..
  • ගම්වල විගමණික ශ්‍රමික කමිටු 2850ක් හදලා තියෙනවා..
  • විදේශ රැකියා ජාවාරම්වලට - විසිට් වීසා ජාවාරම්වලට අහුවෙන්න එපා කියලා කොච්චර කිව්වත් අහුවෙනවා..
  • ඕනෑම අවශ්‍යතාවයකට සේවක අර්ථසාධක අරමුදලින් සියයට 30 ගන්න පුළුවන් විදියට පනත වෙනස් කරනවා..
  • 2025 වන විට ළමා ශ්‍රමයෙන් තොර රටක් බවට පත් කරනවා..
  • ගරු සරු හරහා ශ්‍රමයට ගරුත්වයක් - සෑම අයෙක්ටම සමාජ ආරක්ෂණයක්...
  • මිනිස් ජාවාරම් වැලැක්වීමට - උන්ඩියල් ජාවාරම් වැලැක්වීමට රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරණයට ලක් කරනවා...

 

 

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක්  නිකුත් කර ඇති බවත්, ඒ හරහා ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය

 

Manusha sports budget

 

මෙම වාහන ගෙන්වීමට අදාල ණයවර ලිපි නිකුත් කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන ලෙසට ජනාධිපතිතුමා අවස්ථා තුනකදී දැනුම්දී ඇති නමුත් උපන්දා සිට මුදල් අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් එයට අවශ්‍ය පියවර ගෙන නොමැති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසුවේය.

 

"අපි රටක් විදිහට තිබුනේ පුලුවන් එකා පුලු පුලුවන් හැටියට ජීවත් වෙන බැරි එකා බැරි බැරි ගාතේ හුස්ම ඉහල පහල දාන රටක් බවට අපි පත්වුනා. මේක හැමදාම තියෙන්න ඕනෙද? බැරි බැරි ගානේ හුස්මගන්න මනුස්සයාට බොරු කියලා දේශපාලනය කරන එකද නැත්තම් හරියට වැඩ කරන කෙනාට හූමිට තියෙන එකද කළ යුත්තේ.

 

අපි කරන්න ඕනේ රටේ ඇත්ත තත්ත්වය පහදල දීලා තමන්ගේ වැඩ කරන එක පටන් ගෙන මේ වෙනස කරන එක පටන් ගැනීමයි කළයුත්තේ.   මේ අයවැයෙනුත් අපි කළේ ඒ වෙනස කරන්න පටන් අරගෙන ඒ වෙනස ආරම්භ කරලා ඒ ගමනේ දෙවැන අයවැය තමයි අද සාකච්ඡාවට බදුන් කරන්නේ.

 

විපක්ෂනායකතුමා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිව්වා. එතුමා කිව්වා මුස්ලිම් ජාතිකයින්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන්. අපි එදත් ඒ සම්බන්ධයෙන් විරුද්ධව සිටියා. අලි සබ්‍රි ඇමතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් ඊට විරුද්ධව සිටියා.

අපි එදා විපක්ෂයේ ඉඳගෙන ඒ මතයට විරුද්ධව හිටියා. අද අණ්ඩු පක්ෂයේ හිටියත් අපි අපේ හෘද සාක්ෂියට එකඟව මුස්ලිම් ජනතාවට කරපු හානිය අපි හෙළාදකිනවා. ඉදිරියටත් එය එසේම වෙනවා. ඒ වගේ දේවල් යලිත් ඇති වීම වැලැක්වීමට අදාල නීති හැදීමටයි අපි කටයුතු කරන්නේ.

 

 

ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගැන බොරු බිල්ලො මවනකොට මේ වගේ ජාතීන් අතර අර්බුද නිර්මාණය කිරීම, බොරුවට මිනිසුන්නට චෝදනා කිරීම, කුණු හරප කීම, අබූත චෝදනා කිරීමට අයිතියක් වගවීමක් තියෙන්න ඕනේ නැද්ද?

 

 

මේ  ඔන්ලයින් සේෆ්ටි බිල් එක ක්‍රියාත්මක වෙන්නේ මම කිව්ව දේවල වලට විතරයි. ඉතින් ඇයි ඒකට බය? බොරු කියනවාට, මිනිස්සුන්ට අපහාස කරනවා, ආගම් අතර ප්‍රශ්න ඇති කරනවාට, සම්බන්ධයෙන් වගකීම ගන්න කියන එක විතරයි මේකේ තියෙන්නේ.

රටක් වෙනස් වෙනවා නම් මිනිස්සු වගකිම් ගන්න නීතියට ගරු කරන පිරිසක් බවට පත්විය යුතුයි. ඒ නිසාමයි මේ වගේ නීතියක් ගෙන එන්න කටයුතු කරන්නේ.

 

අපි මේ රට භාරගත්තේ රටේ ඩොලර් සංචිත පහල්ලෙහාටම වැටිල තිබුණ අවස්ථාවකයි. දේශපාලන පක්ෂ වල නායකයෝ රටට සල්ලි එවන්න එපා කියලා ව්‍යංගයෙක් කියලා ඒ වගේම සල්ලි එව්වේ නැත්තම් මේ රට වට්ටන්න පුළුවන් කියන කාරණය පැහැදිලිව කියලා සල්ලි රටට එවන එක නවත්වලා උන්ඩියල් හරහා සල්ලි ගෙන්වන්න ලෑස්ති කරලා රට වට්ටපු වෙලාවක අපි කිව්වා ඩොලර් එවන්න කියලා.

 

එහිදී අපි කිව්වා ඩොලර් මිලියන 500ක පංගු කාරයෙක් වෙන්න කියලා විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලපු වෙලාවේ අපේ විදේශගත ශ්‍රමකියන් ඉතාම ධනාත්මක විදිහට ප්‍රතිචාර දැක්වූවා.

 

අපිට මුලින්ම සල්ලි බැංකු හරහා එවන්න කියලා කියන්න දැන්වීමක් හදන්නවත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ අපේ හිතවතුන්ගේ පුද්ගලිකව සල්ලි ටිකක් එකතු කරගෙනයි පළමුවෙන් දැන්වීම් ටික හදලා ඒ වඩා පළකරලා රටට බෙහෙත් ටික ගන්න, තෙල් ගහන්න, දරුවට කිරිපිටි එක ගන්න පුළුවන් වෙන්න සල්ලි එවන්න කියලා ඉල්ලුවා.

 

ඒ වෙලාවේ අපේ විදේශගත ශ්‍රමකියෝ අර දේශපාලන මතවාද වලට අහුවෙන්නේ නැතිව රට ඇතුලතට සල්ලි එව්වා.   එහිදී රට ඇතුලට සල්ලි එවීමේදී විදේශගත ශ්‍රමිකයින්ට නිසි ගෞරවයක් ලබාදීම සිදුකරන්න වුනා. ඒකට විශාල වැඩපිළිවෙලක් දියත් කරන්නත් වුනා.

මේ ව්‍යපෘති සඳහා අපිට සහය ලබා දුන්න අමාත්‍යංශයේ නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යංශය, රට මේ තැනට ගෙන එන්න විශාල සහයක් ලබා දුන්නා. එහිදී තානාපති සේවයේ ඉන්න අපේ නිලධාරීන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළා. බැංකුත් ඒ සඳහා අපිට උදව් කළා. 

 

විදේශ රටවලුත් අපිට සහයක් දුන්නා. එහිදී අපේ ශ්‍රමිකයින් ඔවුන් ගත්තා. අපේ ශ්‍රමිකයින්ට ඉඩකඩ හදලා දුන්නා. ඒ ඔස්සේ අපිට හිමි අවස්ථා පුළුල් කරලා දෙන්නත් කටයුතු කලා. ඒ නිසාම මැදපෙරදිග ඇතුළු සියලුම රටවලට අපේ ස්තූතිය පුද්කරන්න කැමතියි. ජාත්‍යන්තර කම්කරු සංවිධාන්‍ය ඒ වගේම අයි ඕ එම් ආයතනය ඇතුළු ආයතනය වලටත් අපි අපේ ස්තූතිය පළකරනවා.

 

විදේශ විනිමය ලැබීම් වර්ධනය කරගන්න අපි ඉලෙක්ට්‍රික් වාහන බලපත්‍රක්‍රමයක් හදුන්වාදුන්නා. එතනදි අපි දළ වශයෙන් විද්‍යුත් වාහන නවසීයකට ආසන්න සංඛ්‍යාවකට බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඒ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩි මුදලක් රට තුලට ඇවිල්ලා තියෙනවා.

 

 

ඒ වගේම ණයවර නිකුත් කිරීම දීර්ඝ කරන්න තියෙනවා ඒත් ජනාධිපතිතුමා ඉල්ලීම් කරලත්  මහා භාණ්ඩාගාරය තවමත් ප්‍රතිචාර දක්වලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගෙ කාලයෙත් මහා භාණ්ඩාගාරය ඇතුලේ හිටියෙ එකම නිලධාරීන් පිරිසක්.

 

 

උපන්දා සිට මහා භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීන් ඉන්නවා. විශේෂයෙන්ම ආචාර්ය කපිල සේනානායක කියන කෙනා. ඇත්තටම ඔය ආර්ථිකය වැටුනා කියන කාලයෙත් හිටියේ මේ අයමයි. ඒ අය තවමත් රටට අත්‍යාවශ්‍ය වෙලාවේ රටට ඩොලර් මිලියන ගණනක් ගෙන්ලා තියෙන මිනිස්සුන්ට දීපු මේ ප්‍රතිලාභය විශේෂයෙන් මේ වාහනය ගෙන ඒමට අදාල ණයවර ලිපිය විවෘත කරන එකේ දිනය දීර්ඝ කිරීමට කල් අරගන්නවා.

 

අපි දන්නේ නැහැ මේ අයගේ දේශපාලන මත මොනවාද කියලා. අර රටට සල්ලි එවන්න එපා කියපු අය වගේම රට වට්ටන්න උවමනාවක් තියෙන අයද කියලත් ජනාධිපතිතුමාත් අපි සියලුදෙනාමත් අපි අවධානය යොමු කළයුතුයි.

 

මේ වගේ නිලධාරින් එක්ක රට අමාරු තත්ත්වයකට වැටිල ඉන්න අවස්ථාවක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලත් අවධානය යොමු කළයුතුයි.

 

ගුවන්තොටු පොලේ දී  අපි විදේශගත ශ්‍රමිකයින් එවල ලද මුල් ප්‍රමාණය අනුව තීරු බදු සහන ලබා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. එහිදී වැඩියෙන් මුදල් එව්වා නම් වැඩියෙන් තීරු බදු සහන ලබාදෙන්නත් එහිදී තීරණය කළා. හැබැයි මේවා කැබිනට් එක අනුමත කරලා කැබිනට් එක් ගැසට් එකත් ගහල තියෙද්දිත් තවමත් රේගුවට මේ බදු සහනය ලබා දෙන්න බැරිවෙලා තියෙනවා.

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි