SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොහොට්ටු නව සන්ධානය අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් එළඹෙන ජනවාරියේ එළිදකින නව දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනමින් සිදුවන බවත්

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂකයෙක් නම්කර ගැනීමේ සූදානමක් පවතින බවටත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

 

බොහෝ දෙනාගේ අදහස වූයේ රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය මේ හරහා ගොඩනැගෙනු ඇති බව වුවත් මේ වනවිට චම්පික රණවකගේ නායකත්වයෙන් සිදුවන පක්ෂ ගණනාවක එකතුවෙන් සාකච්ඡා වෙමින් පවතින සන්දානය හා එක්වීමේ සාකච්ඡා ද රහසිගතව සිදුවන බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් හෙළිවී ඇත.

 

 

එහිදී ශ්‍රිලනිපයේ ප්‍රධාන තනතුරකට පත්වීමට නියමිත හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු ශ්‍රිලනිප කොටසක් සමග ද පාඨලීගේ සාකච්ඡා පැවැත්වෙන බවට ඉඟි පළවන අතර චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ආශීර්වාදය පොදු අපේක්ෂකයෙකු ලෙස පැමිණීමට පාඨලීට හිමිව ඇති බවත් එකී ආරංචිමාර්ග වලින් පවසයි.

 

 

අනුර කුමාර දිසානායකට මුහුණ දියහැකි ප්‍රබල සන්දානයක් අවශ්‍ය බවත් භූමියේ පවතින දේශපාලන යථාර්තය තුළ ජාතික ජන බලවේගය විශාල බලවේගයක් බවට පත්වෙමින් තිබෙන නිසා 50% ලබාගත හැකි සන්දානයක් ගොඩනගන්නට නම් පොදු අපේක්ෂකත්වය වෘත්තිකයෙකුට ලබාදිය යුතු බවටත් එකී සාකච්ඡාවන්හිදී  විශේෂයෙන් අවධාරණය වී ඇති බවද පැවසේ.

 

 

ඒ අනුව ප්‍රබල පක්ෂයක හිමිකාරත්වයක් නොමැතිවීම නිසා ජනපති සිහිනය ප්‍රායෝගික යථාර්තයක් බවට පත්කරගන්නට අසීරුව සිටි පාඨලී චම්පිකට වැඩි ඉඩකඩක් මෙම සන්දානය තුළ ලැබෙනු ඇති බවට ද  ඉඟි පල වෙමින් ඇත.

 

#දේශපාලන කරලියේ වගතුග

 

සබැඳි ලිපි-

https://slleader.lk/life-style/8860-2023-12-02-14-44-11

නවතම ලිපි