SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන මැතිවරණ වර්ෂය වෙනුවෙන් නිමල් ලංසා කණ්ඩායමත්  සාකච්ඡා ගණනාවක් පවත්වලාලු.

ආරංචි හැටියට ඔවුන් පසුගිය දිනයක  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ද හමුවෙලාලු.. වර්තමාන දේශපාලන ආර්ථික තත්ත්වය ගැන මේ අය අතර මෙහිදී  දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුනාලු.

කොහොම උනත්  සාකච්ඡාව ගැන විවිධ කතා පැතිරෙමින් තියෙනවා.

 

“පාඨලී දැන් අනුර සමඟ අනෙක් අයට සටන් කරන්න බැරි බව පෙන්නලා, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගන්න උත්සාහ කරනවා."

 

“ලන්සාගේ ටීම් එක, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණොත් අසරණ වෙනවා. ඒකයි ඔය පාඨලීලත් එක්කත් කතා කරන්නෙ."

“මේ වෙද්දි රටේ නායකත්වය බුද්ධිමතෙකුට, වෘත්තිකයෙකුට නොගියොත් රට කඩාවැටීම නවත්වන්න බෑ කියල මතයක් රටේ ඇති වෙමින් යනවාලු”

“ජවිපෙ බලයට ආවොත් ජනතාවගේ ප්‍රතිවිරෝධය තවත් සිය දහස් ලක්ෂ ගණනික් වැඩිවෙන කියල ජවිපෙ නායකයොම කියනවලු”

“එහෙම උනොත් එයාලත් රාජ්‍ය මර්ධක යන්ත්‍රය පාවිච්චි කරනවලු, මොකද ජනතාව බලය දෙන්නෙ රාජ්‍ය බලය පාවිච්චියටලු”

“චම්පික රණවක මේ සියලු කාරණා ගැන එයාගෙ කපටි වෘත්තික ඥානය පාවිච්චි කරනවලු, පොදු අපේක්ෂකයා විදිහට ජවිපෙට එරෙහිව ඉදිරිපත් වෙන්න”

 

කොහොම උනත් මේ වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවනු ඇති බවටත් අදහසක් දේශපාලන කරළියේ සමහරුන් අතර පැතිර යමින් තියෙනවාලු. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් මේ  අදහස මතු කරල තිබුණා.

 

“හූනා කිව්ව වගේ කියන්නම්. රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ආයෙ ජනාධිපතිවරණයට එන්නෙ නෑ. කවුරුහරි හිතාගෙන ඉන්නව නම් එයි කියලා, අනේ පව් කියලා තමා මට කියන්න වෙන්නෙ. එතුමා බලයි මොකක් හරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන යෙහෙන් වැජඹෙන්න."

රනිල් පාර්ශ්වයෙ අය කොහොම හිතාගෙන හිටියත් ජනාධිපතිවරණයෙන් රනිල් ලොක්කට කිසිම වාසියක් අත් වෙන්නෙ නැහැ කියල හැම සමීක්ෂනයකින් ම හෙළි වෙලා තියෙන හින්ඳලු මහා සන්දානයක් හැදෙමින් තියෙන්නේ..

 

ඒකෙ නායකත්වය රටේ ඉන්න ප්‍රධානම තලයෙ බුද්ධිමත් දේශපාලන නායකයෙක් හරහා සිද්ධ වෙනවලු.

සාකච්ඡා දිගින් දිගටම සිද්ධ වෙනවලු.

ඒක මහා පරිමාණෙන් ආරම්භ වෙන්නෙ ලබන ජනවාරියෙදිලු.

පාර්ලිමේන්තුවේ දැනට නම්වෙලා ඉන්න උගත් බුද්ධිමත් සෙට් එකක්ම ඒ සන්ධානයට එකතු වෙනව කියලයි ආරංචිමාර්ග කියන්නෙ.

 

#දේශපාලන කරලියේ වගතුග

නවතම ලිපි