SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බටහිර ජාතීන් ඇමරිකාවට සැපත් වෙනකොට සින්කෝනා (Cinchona) ගහට පේරූ ඇතුලු මධ්‍යම ඇමරිකානු කළාපයේ ජනතාව කීවේ "උණ ගස" කියලාය.

ඔවුන් සින්කෝනා ගහේ පොත්ත උණ, උදරාබාධ ඇතුලු රෝග කිහිපයකට ප්රතිකාර ලෙස භාවිත කරල තියෙනවා . සින්කෝනා ගහේ පොත්තේ තියෙන ප්රති මැලේරියා ගුණය සඳහා හේතුවෙන ඖෂධය ක්වීනීන් කියල පසුව හොයා ගන්නවා.

ක්විනීන් මැලේරියා රෝගයට ප්‍රතිකාරකයක් විදියට යුරෝපා ජාතීන් සොයා ගත්තේ 1631 දී විතරය. එවකට ස්පාඤ්ඤ සිටුවරයෙක් සහ පේරු හී පාලකයා වෙච්චි වයිස්රෝස්ගේ බිරිඳ වූ සින්කෝනා නැමති වංශාධිපතිනියට දරුණු ලෙස මැලේරියා රෝගය වැළඳී ඇත. ඇයව බේරා ගැනීම සඳහා කර කියාගත කිසිවක් නොවූ තැන පේරුවල පාරම්පරික ඖෂධයක් ලෙස භාවිතයට ගැනෙමින් තිබුණු ඇන්දීස් වනයේ ගසක පොතු, කරාබුනැටි, රෝස කොළ සිරප් සහ අනෙකුත් වියළි ශාක කොටස් කිහිපයක් සමඟ මිශ්‍ර කර සකස් කරන ලද කෂායක් ලබා දී ඇත. ආශ්චර්යමත් ලෙස ඉන් ඇය ඉක්මනින් සුවය ලැබූ අතර, ඇයව සුව කළ ආශ්චර්යමත් ශාකය ඇයට ගෞරවයක් ලෙස "සින්කෝනා" ලෙස නම් කර ඇත. අද එය පේරු සහ ඉක්වදෝරයේ ජාතික වෘක්ෂයයි.

සින්කෝනා යුරෝපයට ඉන්ට්රොඩියුස් කරල තියෙන්නේ 1600 ගණන්වලදී ආගම් ප්රචාරය සඳහා දකුණු ඇමරිකාවට ගිය මිෂනාරි පූජකයින්. රෝග කිහිපයකට ප්රතිකාරයක් විදියට සින්කෝනා ගහේ පොත්ත එකල යුරෝපා ජාතීන් භාවිත කරල තියෙනවා. ඒ කාලේ ඔය ගහේ පොතු සුද්දෝ හදුන්වල තිබුනේ "කාදිනල්ගේ පොතු", ("cardinal's bark,") "උතුම්, පූජනීය පොතු" ("sacred bark." ) වගේ නම්වලින්. ඝර්ම කළාපයේ රටවල් යටත් කරගන්න ගිය අධිරාජ්‍යවාදී සොල්දාදුවන් සහ හමුදා නායකයින් බුරුතු පිටින් මැරුනා මැලේරියාව හැදිලා. සින්කෝනා පොත්ත මැලේරියාවට හොඳයි කියල යුරෝපයේ ප්රසිද්ධ වෙන්නේ 1700 ගනන් වලදී. ඒ කාලේ සින්කෝනා ගහේ පොත්තෙන් පවුඩර් හදල වයින්වලට , කවලම් කරල තමයි බෙහෙත් හදල තියෙන්නේ. 1820 දී තමයි සින්කෝනා පොත්තෙන් quinine කියන පයිටොකෙමිකල් එක එක්ස්ට්රෑට් කරල ක්විනීන් ඩ්රග් එක නිෂ්පාදනය කරල තියෙන්නේ .

මැලේරියාව තමයි අධිරාජවාදීන්ට යටත් විජිත හදාගෙන යනකොට මුනගැහිච්ච බලවත්ම සතුරා. එදා ඔවුන්ට සින්කෝනා ගහේ පොත්තේ තෙරප්‍යුටික් වැලිවුස් ගැන දැන ගන්නට නොලැබුනානම් ලෝක සිතියම සමහරවිට වෙනස් වෙන්නත් තිබුනා.

සින්කෝනා පොත්තෙන් නිෂ්පාදනය කරපු ක්විනීන් (Quinine) ඩ්රග් එක පසුව ෆාමසූටිකල් කොම්පැනිවලට ධන නිධානයක් වුනා. මේ වනවිට ගෝලීය බහුජාතික සමාගම්වලින් මෙහෙයවෙන ක්විනීන් මාකට් එකේ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 2 ක් විතර වෙනවා. ඒක 2030 වෙනකොට ඩොලර් බිලියන් 2.6ක් විතර වෙයි කියල පුරෝකතනය කරල තියෙනවා.

 

 

gamunu 3

විද්‍යාව තාක්ෂණය දියුණු අද වගේ කාලෙක ඇන්දීස් වනන්තරේ ආදී වාසීන් කරපු විදියට සින්කෝනා ගහේ පොතු තම්බ තම්බ බොන්න ඕන නෑ. දැන් ශාකමය ඖෂධවල ක්රියාරි සංගටක, ඒවායේ තෙරප්‍යුටික් යූසේජස්, සයිඩ් ඉෆෙක්ට් සහ නිවැරදි ඩෝස් එක විද්‍යාත්මකව දන්නවා. හැබැයි විද්‍යාව, විද්‍යාත්මක ක්රමවේදය නිවැරදි වුවද විද්‍යාව පසුපස ක්රියාත්මක බහුජාතික ඖෂධ සමාගම්වල තක්කඩි ඒකාධිකාරි සූරාකෑමේ උවමනාවන් විසින් මනුවගට විද්‍යාත්මකව ගුණාත්මක සහ ලාභදායක, ඖෂධ ප්රතිකාර ලබා ගැනීමට ඇති අයිතිය අහිමි කරමින් පටවා තිබෙන ත්රාඩ බලහත්කාරයට අප විරුද්ධ විය යුතුය.

 

 

එක් අතකට ඖෂධ සමාගම් සහ සකස් කළ ආහාර සමාගම් විසින් ආහාර සහ ඖෂධ සම්බන්ධයෙන් ගොඩනඟමින් තිබෙන අධිපතිත්ව හෙජමනිය විසින් අප මත පටවමින් සිටින්නේ ස්වාභාවික ආහාර සතුව කිසිදු ඖෂධීය ගුණයක් නොමැති බවත් ඒවා තමන් විසින් පෝෂ්‍යපදාර්ථ කෘත්‍රිමව එකතුකර නිෂ්පාදනය කරනු ලබන කෘත්‍රිම ක්ෂණික ආහාර තරම් රසවත්, ස්මාර්ට් සහ ගුණදායක නොවන බවත්ය. ස්වාභාවික ආහාර සතු චිකිත්සක ගුණයන් සහ ඒවාට අදාල පයිටොකෙමිකල් පිළිබද වන විද්‍යාත්මක ශාක්ෂරතාවයෙන් පොදු මහජනතාව හැකිතරම් ඈත් කර තැබීමට ඔවුන් වගබලා ගන්නේ තමන් විසින් නඩත්තු නරනු ලබන ඊනියා ඇකඩමියානු බුරා පනින්නන්ගේද නොමද සහයෝගයෙන් බව පෙනී යයි.

පිළිකා සුව කිරීම සහ පිලිකාවලින් සුවය ලැබීමට සහය වෙන ශාකවලින් නිස්සාරණය කළ , FDA ඇප්රූඩ් ඖෂධ නිෂ්පාදන බොහෝ ප්රමාණයක් මේ වෙනකොටත් ඖෂධ වෙළඳපොළ තුළ තිබෙනවා සහ වෛද්‍යවරුන් පිළිකා රෝගීන්ට නිර්දේශ කරනවා.

උදා,

*මිනීමල් ශාකයෙන් නිස්සාරණය කළ Vincristine (Trade name - Oncovin)

* Flavopiridol - තොටිල ශාක වර්ගයකට අයත් Dysoxylum binectari ශාක නිස්සාරකයකි.)

 

රෝග සුවයට හේතු වන ශාක මත පදනම් වූ ක්රියාකාරි සංඝටක බොහෝ ප්රමාණයක් පිලිබද පර්යේෂණ රාශියක් සිදු කර සහ සිදු කෙරෙමින් තිබෙනවා. ඇත්තටම අද විද්‍යාත්මක ලෝකයේ ශාඛ මත පදනම් වූ පයිටො කෙමිකල් පිලිබද කෙරෙන පර්යේෂණ සඳහා විශාල අවකාශයක් සහ උනන්දුවක් හටගෙන තිබෙනවා.

gamunu 2

 

ඒ නිසා ශාක සතු ක්රියාරි සංඝටවලට රෝග සුවපත් කිරීමේ හැකියාවක් නැතැයි කියන අවිද්‍යාත්මක , මූඪ මතය මෙන්ම පර්යේෂණාත්මක තොරතුරු නොමැතිව නිවැරදි මාත්රාව, අතුරු ආබාධ, ලබාගත යුතු කාලය පිළිබදව වන නිවැරදි තක්සේරුවක් නොමැතිව තක්කඩි ලාබය මත පදනම්ව බොර දියේ මාළු බාන ධම්මික පැනි වට්ටෝරුවලටද අප එරෙහි විය යුතුය.

සියලු විද්‍යාවන් තිබෙන්නේ දේශපාලන ආර්ථික විද්‍යාවට පිටුපසින් සහ එහි ආනුභාවයට යටත්වය. ලාභදායක, ගුණාත්මක සහ හිඟයකින් තොරව ඖෂධ ප්රතිකාර සහ ආහාර ලබා ගැනීමට ජනතාවට ඇති මාණුෂීය අයිතිය දේශපාලන ආර්ථික ක්රමය විසින් වලපල්ලට යවා ඇති රටක පරාධීන හුදී ජනතාව එකී දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබද සම්මා සතිය පහදා නොගන්නා තුරු ප්රාග්ධනයේ අනසකට යට වූ විද්‍යාවෙන් ද සරණක් නොලබනු ඇත.

@ගැමුණු සාලිය පෙරේරා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක

නවතම ලිපි