SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දොර්සා ඉපදෙන්නෙ 1998 ඉරානයේ ටෙහෙරාන් නගරයේදි.

සමහර ඉස්ලාම් රටවල කාන්තාවන්ට ක්‍රීඩා තහණම්.. සමහර රටවල එයාලට ක්‍රීඩා කරන්න පුළුවන් පිරිමින් තෝරා දෙන ක්‍රීඩා විතරයි..

දොර්සා චෙස් ක්‍රීඩාවට පුරුදු වෙන්නෙ එයාගෙ තාත්තගෙන්.

වාසනාවකට ඉරානයේ කාන්තාවන්ට චෙස් ක්‍රීඩා කරන්න තහනමක් නෑ. ඉතා ඉක්මණින්ම තාත්තව පරද්දන මේ කෙල්ල ඉරානයේ විතරක් නෙවේ මුළු ආසියාවෙම කණිෂ්ඨ ශූරිය බවට පත්වෙනව.

dorasa 3

2012, 2013, 2014 වසර වල පිට පිටම ආසියාවේ කණිෂ්ඨ ශූරතා දිනා ගන්නා දොර්සා මුළු ලෝකෙම අවධානය තමන් වෙතට හරව ගන්න සමත් වෙනව.

2016 අවුරුද්දෙ ලෝක කණිශ්ඨ ග්‍රෑන්ඩ් මාස්ටර් ශූරතාව ලේසියෙන්ම දිනා ගන්න දොර්සා, තමාට අභියෝග කරන්න පුළුවන් කිසිම තරුණියක් මේ ලෝකෙ නෑ කියල නිහඬවම ඔප්පු කරනව.

නමුත් මේ තරඟාවලිය අතරතුර කීප වරක්ම දොර්සා තමන්ගෙ හිස් ආවරණය ඉවත් කරපු බවට ආගමික අන්තවාදීන්ගෙන් චෝදනා එල්ල වෙනව.

dorasa 2

2017 වෙද්දි දොර්සාත් එයාගෙ බාල සහෝදරයාත් දෙන්නම ස්පාඤ්ඤයේ ඉගෙනුම ලබමින් ඉන්නෙ.

අවුරුදු 15 වයස් ඛාන්ඩයේදී දොර්සාගෙ මල්ලි යුරෝපීය ශූරයා වෙද්දි.. දොර්සා අවුරුදු දහ අටේ ඛාන්ඩයේ නිල නොවන ශූරිය වෙනව.

"නිල නොවන" වීමට හේතුව තමයි ඉරානය විසින් මේ කෙල්ලට තරඟ තහනමක් පැනවීම.

ඒ මොකද.?

ඉස්ලාම් කාන්තාවන් අනිවාර්‍යෙන්ම පැලඳිය යුතු හිජාබ් හිස් ආවරණය පැලඳ ගන්නෙ නැතිව තරඟ කිරීම හේතුවෙන් දොර්සාට ඉරානයේදීවත් ඉන් පිටතදිත් කිසිම තරඟයකට සහභාගි වෙන්න බැරි වෙනව.

dorasa 6

" මං පුංචි කාලෙ බොහෝම තරඟ දිනුවෙ හිස් ආවරණය නැතුව.. ඔළුව වහගෙන තරඟ කරද්දි මගෙ හිසට ඒක බරක්.. මට පුරුදු විදිහට හිතන්න බෑ..". මේ තරුණිය මෙහෙම කියන්නෙ මාධ්‍ය වේදියෙකුට පිළිතුරු දෙමින්.

ඉරාන රජය මේ තරම අන්තගාමීද...? රජය නෙවේ.. රජය මෙහෙයවන ආගමික අන්තවාදීන් තමයි මේ තරම් අන්ධ.

මෙන්න මෙතනදි තමයි දොර්සා නම් චෙස් ශූරිය වෙනුවට දොර්සා නම් තරුණිය බිහි වෙන්නෙ.

"මට ඕනෙ නිදහස මිසක් කාගෙවත් රූකඩයක් වෙන්න නෙවේ. "

එහෙම කියන දොර්සාට එල්ලවෙන තර්ජන ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.

තමන් ඉපදුනු රටට ඇතුල්වෙන්න බැරිවෙන තරමට බලවත් ආගමකින් ඇති වැඩක් තියනවද?

 dorasa 4

මේ වෙද්දි දෝර්සා ඉගෙන ගනිමින් ඉන්නෙ මැඩ්‍රිඩ් නගරයේ සෙන්ට් ලුවිස් කොලීජියේ.

මේ කොලීජිය අයිතිවෙන විශ්ව විද්‍යාලය පිහිටල තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයෙ.

ස්පාඤ්ඤය වගේම ඇමරිකාවත් දොර්සාට ආරාධනා කරනව තමන්ගෙ රටට එන්න කියල.

2017 අප්‍රියෙල් මාසෙදි ඇමරිකා එක්සත් ජනපදයෙ මිසිසිපි ප්‍රාන්ථයේ සෙන්‍ට් ලුවිස් විශ්ව විද්‍යාලයේ ආරාධනාව පිලිගන්න මේ චෙස් ශූරිය තමන්ගෙ විශය විදිහට තෝර ගන්නෙ ජීව විද්‍යා විෂයයන්.

එතැන ඉඳල ..විශ්ව විද්‍යාල ශූරතා .. ඇමරිකානු ශූරතාව .. පෑන් ඇමරිකා වගේ විවිධ ශූරතාවන් ගණනාවක් දෝර්සාගෙ නම ඉස්සරහින් සඳහන් වෙනව.

ඒ ජයග්‍රහණ තවම පටන් ගත්ත විතරයි.

2019 දී ජර්මනියේ මියුනිච් නගරයේදී විශ්ව විද්‍යාල සිසුන් අමතා දොර්සා පවත්වන දේශණාව ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙනව.

dorasa 1

"නිදහස" " නිදහස තෝරාගැනීමේ සටන හැබෑවටම සැලකිල්ලට ගත යුතුයි "

" ලෝකෙ වටේම ඉන්න තරුණියො තමන්ගෙ නිදහස තමන් විසින්ම ලබා ගත යුතුයි"... " පිරිමින් විසින් කාන්තාවන්ගෙ ඇඳුම පවා තීරණය කරනව නම්... නිදහස කියන්නෙ මොනවගේ තේරුමක් ඇති වචනයක්ද..?"

මේ දොර්සා එතැනදි කියපු වාක්‍ය වලින් කීපයක් ....

ඉතිහාසය.... උරුමය... ආගම.... දෙවියන්... සදාචාරය.. පෙරදිග හැදියාව.. වගේ අමුතුම වචන වලින් එන්නෙ එකම විදිහෙ අන්ධ නීති රීති තමයි...

ඒව බිඳගෙන නිදහස හොයාගෙන යන්නෙ සැබෑම ගැහැණුන් හා මිනිසුන් විසින් පමණයි.

නිදහසට ගැහැණු.. පිරිමි භේදයක් නෑ... මිනිසුන්ගේ නිදහස සීමා කරන්න ආගමික නායකයන්ට.. භික්ශූන්‍ට... පූජකයන්ට තියා දෙවියන්ට වත් බැරි බව ඔප්පු කරන මිනිස්සු අපි අතර සිටීම සැබෑවටම සතුටට කරුණක්.

නවතම ලිපි