SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අර හාමුදුරු දෙන්නෙක් අතර සිදු උණා කියන හඬ පට ඇහුවම මට වැඩිය පුදුම හිතුණේ අර ප්‍රචණ්ඩ හාමුදුරුවෝ ගැන නෙවෙයි.


අර පට්ට සාමකාමී විදියට කතා කරන හැබැයි අර ජාතික යුද්ධ ව්‍යාපෘතියේ නියමෙටම හිටියා කියන 'හාඩ් කෝ' හාමුදුරුවෝ ගැන. එයා ගැන දැන් ගොඩක් තොරතුරු හමුදාවේ අයම ලියනවා.

වැඩිය සද්ද බද්ද නැති, යුද්දේ වෙලාවේ හොඳටම හිටිය, මියුසික් හොඳටම දන්න, පරිගණක දැනුම තියන, වූෂූ දන්න, 'කොළඹ කොල්ලෙක්' වෙලා හිටිය ඒ හාමුදුරුවෝ තමයි නියම දෘෂ්ටිවාදයේ යාඥා චක්‍රය (prayer wheel).

එයා අද කාලෙට ගැළපෙන මොඩ් කෙනෙක්. හැමදේම දන්නා versatile කෙනෙක්. එහෙම අය තමයි අද ඕනි.

 

ෆොරස්ට් ගම්ප් (Forrest Gump) එකෙත් එහෙමයි. ගම්ප් යුද්දේ වෙලාවේ යුද්දේ ඉන්නවා, මාළු අල්ලනකොට මාළු අල්ලනවා, ලව් කරනකොට ලව් කරනවා, ටේබල් ටෙනිස් ගහනකොට ඒක ගහනවා, නටනකොට නටනවා....යනාදී වශයෙන්. ගතික චරිතයක් (dynamic). එක තැනකවත් නැහැ හැබැයි හැම තැනම ඉන්නවා.



යුද්දේ වෙලාවේ අර 'මොඩ් හාමුදුරුවෝ' යුද්දේ ඉන්නවා. යුද්දේ ඉවර වෙලා දැන් බණ කියනකොට එතැනත් එයා ඉන්නවා. තැන් දෙකකදීම එයාගෙන් ගැළවෙන්න අපිට බැහැ.

වැඩියෙන් ලස්සන අර ප්‍රචණ්ඩ හාමුදුරුවෝ දමනය කරන්න ඕනි වෙන්නේ අර කැලේ අස්සේ රිංගගෙන එයාලගෙම වචනයෙන් කියනවා නම් කැලේ හැමිල්ටන් වෙන (බවුන් වැඩීම පිණිස යොදන අද දවසේ පශ්චාත් නූතන වචනය) අය නෙවෙයි. IT දන්න, රොක් මියුසික් දන්න, වූෂූ දන්න, කොළඹ ඉන්න මේ වගේ අය...
කොළඹ එයා අරයගෙන් අහනවා ..'ඇයි මොකද සද්දේ අඩුවුණේ ඔබ වහන්සේගේ' කියල....

සද්දේ අඩුවෙන්න හේතුව තමයි අර සාමකාමී බවට යටින් ඉතාම තීව්‍ර ලෙස ඇහෙන හරිම නිශ්චිත ප්‍රචණ්ඩත්වය. මරණීය බව. කියන දේ ඇතුලේ නොකියන දෙය.


...ඔව් වරෙන්...හැප්පිලා බලමු...

වැඩේ ගැන දෙගිඩියාවක් නැහැ. සද්දේ ස්ථාවර ඒකයි.  

නිවුන නිශ්චල කාරුණික මෘදු වචන වලට යටින් තියන අඳුර....මම හිතන්නේ ඒක තමයි ලාංකික බුද්ධාගම. සමහර විට ගෝලිය බුද්ධාගම. අපි ආස කරන්නේ අඳුරට...

නවතම ලිපි