SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිරූ ලිපේ තිබුනු පරිප්පුව හැඳි ගාන ගමන් හැරිලා ඔරලෝසුව දිහා බැලුවා. හයට කාලයි වෙලාව. හොඳටම පරක්කු වෙලා.

ඊයෙ රෑ නිදාගන්නකොට දොළහත් පහු වුණු නිසා උදේ එලාම් එකට නිරූට ඇහැරුනේ නෑ. පරක්කු උනොත් කඩ කෑම කන්න අකමැති නාලක බඩගින්නෙ. තාම පොල් ගෑවෙත් නෑ.

ඈ………. ඈ………

චූටි පුතා ඇහැරලා. නිරූ විගහට අත පිහිදගෙන කාමරේට දිව්වා. කණ ගාවම අඬන දරුවගෙ සද්දෙ නෑහුන නාලක හොඳටම නිදි. නිරූගෙ හිතට දැනුනෙ තරහක්. එක අතකින් පුතාව වඩා ගත්ත නිරූ අනිත් අතින් නාලකව හෙලෙව්වා.


“නාලක මොකක්ද අනේ නැඟිටින්නකෝ. මේ පුතාව ගන්න. මට උයන්න පරක්කු උනා”


නාලක චුක් ගාල අනිත් පැත්තට හැරුණා.


“මොකක්ද අනේ. එහෙනම් අඩු ගානෙ පොල් ටිකක්වත් ගාල දෙන්නකෝ.”


“මොන වදයක්ද ඕයි මේ. තමුසෙනම් දවසෙම ගෙදරට වෙලා නිකන් නේ ඉන්නෙ. මං එහෙමද”


නාලක කේන්තියෙන් කෑ ගහලා ආයෙ ඇස් පියාගත්තා. නිරූ කේන්තියෙන් පුතාවත් අරගෙන කුස්සියට ගියා.

 

 

mother 390 280

 



“හහ් මමත් රස්සාවක් කර කර හිටපු ගෑණියෙක්නේ. කොහෙද මේ ළමයි දෙන්නෙක් හින්ද ඒකත් නැති උනා. දැන් මිනිහගෙ රැවුම් ගෙරවුම් බලන්නත් වෙලා. “
හිත ඇතුලෙන් බැන බැන නිරූ පුතාව කුස්සියෙ බිමින් තිබ්බා. චූටි පුතා අඬන්න ගත්තත් නිරූ ඇහුනෙ නෑ වගේ කුස්සියෙ වැඩ කරා.

මේ යස්ස පැටවු දෙන්නෙක් හින්ද තමයි මේ ඔක්කොම. රස්සාවට ගියා නම් දවල් දවසෙ හරි නිදහසේ ඉන්න තිබුනා. දැන් මං මේ ගේ අස්සටම කොටු වෙලා.

චූටි පුතා ඇඬිල්ල නවත්තන පාටක් නෑ. කේන්තියෙන් පුතා ගාවට ගිය නිරූ ඇඟිල්ල දික්කරලා පුතාට සැර කරා.

"කට වහන් ඉන්නයි කිව්වෙ. තාත්ත කියන එකා හොඳට නිදි. මං විතරක් මැරෙන්න ඕන. ඒ මදිවට මුන්ගෙ කරදරේ"

ඇස් ලොකු කරලා නිරූ බනින දිහා බලන් හිටපු පුතා බය වෙලා තවත් හයියෙන් ඇඬුවා. නාලක කුස්සියට ආවෙ දරුව නවත්තන්නෙ නැතුව අඬන සද්දෙ අහන් ඉන්න බැරි තැන.

"මොකද මේ දරුව අඬවන්නේ?" නිරූ ඇහුනෙ නෑ වගේ පොල් ගෑවා.

"මහ පුදුම ගෑණියෙක් අම්මපා. හිතේ තියෙන කේන්ති දරුවගෙ පිටින් යවන්නේ"

 



mother 12




නාලක චුටි පුතාවත් වඩාගෙන සාලෙ පැත්තට ගියා. නාලක ඔෆිස් ගියාට පස්සෙ නිරූ ලොකු පුතාට බත් බෙදල දීල සාලෙ වාඩි කරවලා වතුර කෝප්පෙත් ළඟින් තියලා චූටි පුතා වත් වඩාගෙන මිදුලට බැස්සා. පාර දිගේ යන එක එක මෝස්තරේ ඇඳුම් ඇඳපු ගෑණු අය දිහා බලන් හිටි නිරූට නොදැනීම ලොකු හුස්මක් පිටවුනා.

චූටි පුතා ලැබුනට පස්සෙ නිරූ කර කර හිටපු රස්සාවෙන් අස්වෙලා ගෙදර නැවතුනේ කැමැත්තෙන් නෙවෙයි. වෙන කරන්න දෙයක් නැති කමට. එච්චර කල් කිරිල්ලියක් වගේ ඉගිල්ලුනු නිරූට ගෙදර නැවතුනාම දැනුනෙ හරියට තටු කපලා කූඩුවක හිර කළා වගේ හැඟීමක්. ඒ නිසා නිතරම එන කේන්තිය නොරිස්සීම් ඔක්කොම ළමයි දෙන්නගෙ පිටින් යවන්නයි නිරූ පුරුදු වෙලා හිටියෙ. මොකද නාලක ඉක්මනට කේන්ති ගන්න කෙනෙක් නිසා.


පාර දිහා බලන් ඉඳලා ගෙට ආව නිරූ දැක්ක දෙයින් හොඳටම කේන්ති ගත්තා. අවුරුදු තුනක ලොකු පුතා පිඟානෙ තිබුනු බත් එක බිම දාල ඒ උඩට වතුර කෝප්පෙ හලලා අත් දෙකෙන්ම අනනවා. කෑ ගහගෙන ගිය නිරූ කෝප්පෙයි පිඟානයි විසි කරලා දාල පුතාට පාරවල් කීපයක්ම ගැහුවා.

 

 

mother 800 563 123



“මුන් නම් මහ යක් පැටව්. පේනවද කරල තියෙන වැඩේ. මට වද දෙන්නම උපන්න උන් මේ නම්. වදකාරයෝ.”


නිරූ නොනවත්වාම බැන්න. ලොකු පුතා කෑ ගහල ඇඬුවත් නිරූ ඒ දිහා බැලුවෙ වත් නෑ.


දිගින් දිගටම මේ විදියට වෙනකොට ටික ටික ලොකු පුතා නිරූගෙන් ඈත් උනා. කොයි වෙලේත් මුල්ලකට වෙලා ගුලි වෙලා ඉන්න පුරුදු වුනු පුතාගෙ වෙනස්කම නිරූට පෙනුනෙ නෑ. හැමතිස්සෙම දරුව හිටියෙ බය වෙලා වගේ. නිරූත් කොයි වෙලෙත් මොන කේන්තියටත් දරුවොන්ට කෑ ගහන එක, ගහන එක නැවැත්තුවෙත් නෑ.


හදිස්සියෙන් දවසක ගෙදර ඇවිත් යන්න ආපු නිරූගෙ ලොකු අම්මගෙ දුව අමාලි දරුවගෙ මේ වෙනස්කම හොඳටම දැක්කා. කාලයක්ම ළමා වාට්ටුවක වැඩ කරපු වෛද්යවරියක් වෙච්ච අමාලිට දරුවගෙ මේ හැසිරීම ගෙනාවෙ ලොකු දුකක්.


අමාලි ගෙදර හිටිය පැය කීපයට නිරූ දෙතුන් වතාවක්ම දරුවන්ට මහ හයියෙන් බනිනවාත් අමාලි බලා හිටියෙ විමසිල්ලෙන්. හවස දරුවො දෙන්නම නිදාගනිපු වෙලාවෙ අමාලි නිරූ එක්ක මිදුලෙ අඹ ගහ යට බංකුවට ගිහින් වාඩි උනා.


"නිරූ මේ අහන්නකෝ"


"හ්ම්..."


"මං දන්නවා ඔයා ගෙදර නැවතිච්ච දා ඉඳලා ඉන්නෙ ලොකු පීඩනේකින් කියලා. ඒත් නිරූ ඒ පීඩනේ දරුවන්ගෙන් පිට කරන්න එපා. ඒක ඒ දරුවන්ගෙ අනාගත ජීවිතේටත් බලපාවි කවද හරි. ඔයා දැක්කෙ නැද්ද ලොකු පුතා කොයි වෙලෙත් මුලු මුලු වලට වෙලා ගුලි වෙන හැටි. දරුවා ඉන්නෙ බයෙන්. කොයිවෙලේ ගුටි කන්න වෙයිද කියලා සැකෙන්. ඒක එයාගෙ මනසට හොඳ නෑ නිරූ. එයාගෙ මුලු අනාගතේම ඒකෙන් අඳුරු වෙන්න පුලුවන්."

 

 

mother 34 800 563



අමාලි කියන දේට නිරූ බිම බලාගෙන ඇහුම් කන් දුන්නා. ඇත්තටම ලොකු පුතා දැන් වෙනස් බව නිරූට මතක් උනා. ඉස්සර හොඳට දුව පැනලා සෙල්ලම් කරල හිටිය දරුවා. නිරූගෙ ඇස් වල කඳුළු පිරුනෙ දුකට.
තමන්ගෙ පීඩනයට දරුවො පළි නැති බව තේරුනාම නිරූට අහිංසක දරුවො දෙන්න ගැන කියා ගන්න බැරි අනුකම්පාවක් ආවා. කොයිතරම් කේන්ති ආවත් මොන තරම් පීඩනයක් දැනුනත් ආයෙ කවදාවත් ඒව දරුවන්ගෙ පිටින් නොයවන්න නිරූ තමන්ටම පොරොන්දු උනා.
නිරූ අමාලිගේ අත තද කරල අල්ල ගත්තෙ මට සමාවෙන්න කියන්න වගෙයි.

 

උපුටාගැනීම - Googhousekeeping.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි