SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔයා මේ ලෝකේ තියෙන ඒ එපා කරපු අත්දැකීමට එක පාරක් හරි මුහුණදීලා තියෙනවද? 

ඔයාගේ ආයතනයෙන්, ඔයාගේ පෙම්වතාගෙන් පෙම්වතියගෙන්, ඔයාගේ යාලුවෙක්ගෙන් , ඔයා ගොඩක් බැඳිල ඉන්න දේකින්?



ඔයා ගේ උත්තරේ නෑ නම් මගේ වචනයෙන් ඔයා මාර වාසනාවන්තයි.
ඔයා පට්ට ලකී...
ඒත් ඔයා මේ අත්දැකීමට මුහුණදීලා තියෙනවා නම් ඔයා දන්නවා ඒ කඩාවැටීම, ඒ වේදනාව, ඒ පීඩනය කොච්චර අමාරුද කියලා...
ඒ වේදනාවට සම කරන්න පුලුවන් කිසිම දෙයක් මේ ලෝකේ නෑ..
ඒත් ඔයා මේක දන්නවද?



එහෙම දහස් වතාවක් ප්‍රතික්ෂේප වුන මිනිස්සු තමයි මේ ලෝකේ වෙනස් කලේ කියලා?
වැඩියෙන්ම සතුටින් ඉන්නේ අද ඒ කඩාවැටුන, ප්‍රතික්ෂේප වුන මිනිස්සු කියලා?
මොකද එයාලා ඒ කඩා වැටීම, ප්‍රතික්ෂේප වීම හිතට හයියක් කරගත්ත නිසා..



Katy Perry - හොලිවුඩයේ ජනප්‍රිය ලස්සන ගායිකාවක්.

 

 

reject 500 800



ඇය කසාද බැන්දේ 2010 . කසාද බැදලා හරියටම අවුරුද්දකට පස්සේ ඇගේ සැමියා ඇයගෙන් divorce එක ඉල්ලනවා .ඇය කිසිසේත් බලාපොරොත්තු නොවුනු වෙලාවක කිසිසේත් බලාපොරොත්තු නොවුනු අවස්ථාවක තමා ඔහු ඇයගෙන් වෙන් වෙන්න ඕන කියන්නේ...


හරියටම ඇය ප්‍රසංගයක ඉන්නකොට ඇයගේ සැමියා ඇයට කෙටි පණිවිඩයක් එවනව.

"මට ඔයාගෙන් වෙන් වෙන්න ඕන"  කියලා...

ඒ වෙලාවේ ඇය එක්ක ඉන්න ඇගේ යාලුවා. ඔහු කියනවා,

katy ඔයාට, option 2 ක් තියෙනවා. එකක් ඔයාට මේ ප්‍රසංගය නවත්තලා ගෙදර යන්න පුලුවන්..
එහෙම නැත්නම් ඔයාට පුලුවන් අද ඔයාගේ හොදම ඉදිරිපත් කිරීම කරන්න...

ඔයා හිතන්න ඇත්තේ katy මොනවා කරන්න ඇත්ද?

ඇය ගෙදර ගියේ නෑ .වේදනාවෙන් පපුව පුපුරු ගාද්දී ඇය යනවා වේදිකාවට .ඇයගේ හොදම ඉදිරිපත් කිරීම එදා ඉදිරිපත් කරනවා. ඇයගේ ඇස් වලින් කඳුළු පනිද්දිත් ඇය ගායනා කරනවා. ඇය අද වාර්තා පිට වාර්තා තියපු දක්ෂ ගායිකාවක්..

ඒ සිද්ධියෙන් පස්සේ ඇය මාධ්‍යයට එක පාරක් කියනවා ඒ කෙටි පණිවිඩය එනකන් අපි දික්කසාදයක් ගැන කතා කරලා තිබ්බේ නෑ කියලා...
ඇය එදා ප්‍රසංගය කැන්සල් කලා නම් ,ඒ වේදනාව එක්ක කල් ගත කලා නම් ඇයට කවදාවත් සාර්ථක වෙන්න ලැබෙන්නේ නෑ..



J. k. Rowling

 

 

harry potter 800 563
  

ඇය පොත් ප්‍රකාශකයින් 12 දෙනෙක් ගෙන reject වෙනවා .
ඇයගේ පොත් කියවපු හැමෝම වගේ ඇයට , ඇයගේ අදහස් වලට හිනාවුනා .ඇය අතෑරියේ නෑ .
ඇගේ හිතුවක්කාරකම ඇගේ උනන්දුව නිසාම අද ඇය ලෝකේ ධනවත්ම කතුවරිය බවට පත්වෙලා තියෙනවා.



Merrill strip

 

marilin

 


අද මේ වෙනකොට ඉන්න සුරූපියම දක්ෂ නිලියක්. ඇයට රගපාන්න ආසාවක් ඇති වෙනවා.
අවුරුදු 27 දී ඇය යනවා කිං කොං චිත්‍රපටයේ තිර පරික්ෂණයට ...එතනින් ඇයව reject කරනවා.
ඔවුන් ඇයට කියනවා .." ඔයාගේ මූන මේ චිත්‍රපටවලට ගැලපෙන්නේ නෑ කැත වැඩියි කියලා.. ඇය නවතිනවද?
නෑ ...අද වෙනකොට වැඩිම ඇකඩමි සම්මානවලට නිර්දේශ වුන එකම නිලිය ඇය.. ඇගේ සිහිනය කොහොම හරි හඹා ගියා..

 

Deepika Padukone
බොලිවුඩයේ ඉන්න සූරීපියම නිලියක්.

 

 

deepika 800 500



ඇය බොහෝ කාලයක් ගොඩක් ආදරේ කල පෙම්වතාගෙන් reject වෙනවා. ඉතින් මේ ලොකේ ලස්සන අයත් reject වෙනවනේ .

ඔයා මොහොතකට හරි හිතනවා නම් ඔයා ලස්සන මදි නිසා reject වුනා කියලා ඒක ඔයා හදාගත්ත බොරු හේතුවක් විතරයි.

 

මේ ලෝකේ හැම කෙනෙක්ටම ආවේනික ලස්සනක් තියෙනවා .ඒක වෙන්කරලා දකින කෙනෙක්ට ඔයා ආදරය කරන්න. ඔයා ඔයා වෙන්න. ඔයාගේ හොඳ පැත්ත වගේම නරක පැත්තත් හඳුනගෙන ඔයා වෙනුවෙන් ඉන්න කෙනෙක් වෙනුවෙන් කාලය දෙන්න..

 

ඔයාගේ ප්‍රතික්ෂේප වීම්, ඔයා ඒ නිසා විඳපු දුක්, කාපු කට්ට හිතට හයියක් කරගන්න. ප්‍රතික්ෂේප වීම් ගස් ගල් වගේ දරාගන්න..

 

 

reject 800 563 image



ජීවිතේට මොනවා නැති වුනත් ඔයා ආදරේ කරන දේවල් අතාරින්න එපා .ඔයාට ඔයා ආදරය කරන්න. කවුරු හිටියත් කවුරු නැතත්.ඔයාට නැති වෙන්න දෙයක් නෑ කියලා හිතන්න .ඇත්තටම මේ ලෝකේ කිසිම කෙනෙක්ට නැති වෙන්න දෙයක් නෑ..
හැබැයි ඔයා ප්‍රතික්ෂේපවීම් වලට මුහුණ දීලා ඒ එපා කරපු දවස් වලින් මිදිලා දැන් පොලොවේ පය ගහලා ඉන්නවා නම් ඔයා ආඩම්බර වෙන්න ඔයා ගැන. දැන් ඔයා දන්නවා ඒවට මුහුණදෙන විදිය ,නැගිටින විදිහ ගැන.



මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු තමන්ගේ කඩාවැටීම් excuses බවට පත්කර ගනිද්දි සමහර මිනිස්සු ඒ දේවල් motivation බවට පත් කරගන්නවා. ඒ මිනිස්සුන්ව කාටවත් කොයි විදියකටවත් නවත්තන්න බෑ .

 

dont giveup 800 400



ඩේමින් ජයසූරිය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි