SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


කාන්තා ඔබ විසින් අනිවාර්යයෙන්ම දැනුවත් වන්න.


සුද යාම කියා ලෙඩක් නැහැ.

ඇත්තටම එවැනි නමක් ඇති රෝගයක් නැහැ.

මේ සරල තත්වය බොහෝ හොර වෙදුන්ට අසරණ වෙන කාන්තාවන්ගෙන් මුදල් උපයා ගන්න හොඳ ක්රමයක්. රහස් ප්රතිකාර, ඇඟේ උෂ්ණය නැති වෙන ප්රතිකාර වගේ බොහෝ දේවල් කරනවා. නමුත් ප්රතිපලයක් නැහැ. ඒ වගේමයි මේ හොර වෙදුන් අසරණ ඔබව බය කරනවා මේ නිසා ශරීරයේ බෝන් මැරෝ දියවෙනවා, ඇඟේ සාරය එලියට ගිහින් කෙට්ටු වෙනවා. මේවා පට්ටපල් බොරු!



මොකද්ද මෙහි ඇත්ත තත්ත්වය ?

 

බොහෝ විට කාන්තාවන් බහුතරයක් යෝනියේ යීස්ට් ආසාධනයෙන් පෙළෙනවා. ( Vaginal yeast Infection) බය වෙන්න කිසිවක් මෙහි නැහැ. මෙය ඉතාම සුලභ තත්වයක්. Candida Albicans යීස්ට් කියන්නේ යෝනියේ සුළු ප්‍රමාණයෙන් ජීවත් වෙන පුස් විශේෂයක්. මොවුන් ගහනය අසාමාන්‍ය ලෙස වැඩි වීම තමයි යීස්ට් අසාධනය ලෙස හඳුන්වන්නේ. මෙය සුව කිරීම සරල සහ පහසු දෙයක්. නිකරුනේ මේ ගැන මානසිකව වැටෙන්න එපා.


යීස්ට් වැඩි වෙන්න හේතුව මොකද්ද?

නිරෝගී යෝනියක තිබෙනවා බොහෝ බැක්ටීරියා සහ කුඩා ප්‍රමාන වල යීස්ට් ශෛල. බොහෝ බහුල බැක්ටීරියාව Lactobacillus acidophilus උදවු වෙනවා යීස්ට් ගහනය පාලනය කිරීමට. ඔබේ යෝනියේ බැක්ටීරියා සමබරතාවය ගිලිහෙන්න යමක් සිදු වුනාම මේ රෝග තත්වය ඇති වෙනවා.


image 800 900

යෝනියේ බැක්ටීරියා සමබරතාවය ගිලිහීමට හේතු

 

• කිසියම් රෝගයකට ප්‍රති බැක්ටීරියා කාරක ( antibiotics) ඹෞෂධ ලබාගැනීම නිසා හිතකර බැක්ටීරියා මැරී යාම.
• ශරීරයේ ඉස්ට්‍රජන් හෝර්මෝන ( estrogen level) මට්ටම ඉහල යාම. ගර්භනී වීම හෝ හෝර්මෝන උපත්පාලන ක්‍රම ( ගිලින පෙති, ඩිපෝ ප්‍රොවේරා එන්නත, ජඩෙල් රඳවනය) අනුගමනය කිරීම මේ තත්වයට හේතු වෙනවා.
• රුධිරයේ සීනි මට්ටම වැඩි වීම හෙවත් දියවැඩියා රෝගය.
• HIV වැනි රෝග තත්වයන්.

යීස්ට් ආසධනයේ රෝග ලක්ෂණ මොනවාද?


• යෝනියේ කැසීමක් හට ගැනීම.
• රත් පැහැ වීම, ඉදිමීම වගේ තත්වයන් රෝගය කල් ගත වෙලා වැඩි වෙද්දී ඇති වෙනවා.
• තද කුඩා චීස් කැබලි වැනි කැබලි සහිත සුදු ශ්‍රාවයක් යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම.
• බොහෝ විට මාස් ශුද්ධියට සතියකට පමණ පෙර මේ රෝග ලක්ෂණ උග්‍ර වෙන බව ඔබට වැටහීම.

image 600 700


පළමු පියවර වෛද්‍ය වරයෙක් හමු වීමයි

කිසිම විටක වෛද්‍යවරයෙක්ගේ හමුවකින් තොරව ප්‍රතිකාර වලට යොමු වෙන්න එපා. මොකද ඔබට ඇත්තේ යීස්ට් ආසාධනයක්මද කියා සැක හැර දැනගත යුතුයි. ඇතැම් ලිංගාශ්‍රිත රෝග නිසාත් මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. ඇතැම් විට ඔබ ගර්භනී තත්වයේ නොදනුවත්ව පසුවෙනවා විය හැකියි.
ඔබේ යෝනිය පරීක්ෂා කිරීමෙන් හා විද්‍යාගාර පර්යේෂණ මගින් මේ තත්වයන් සියල්ල තහවුරු කරගත හැකියි.



මොනවද කරන ප්‍රතිකාර

 

image




ඔබේ රෝග ලක්ෂණ ඉතාම කුඩා අවස්ථාවේ නම් ඇතැම් විට ඉබේම සුව වෙන්නත් පුළුවන්.


ගර්භනී කාලයේදී බොහෝ මවුවරුනට මේ තත්වය ඇති වෙනවා. එම නිසා වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයක් නැතුව antifungal බෙහෙත් වර්ග බොන්න එපා. එය කුස තුල සිටින බිලින්දාට අහිතකරයි.


අහිතකර තත්වයන් නැත්නම් වෛද්‍යවරයා ඔබට නියම කරාවි ප්‍රතිදිලීර හෙවත් antifungal බොන බෙහෙත් සහ බාහිර ආලේපයට ක්‍රීම් වර්ග.

දොස්තර මහත්තයාගේ බෙහෙත් බීලා මාස කීපෙකින් නැවත මතු වෙනවා.

මේක තමයි හැමෝම කියන ලොකුම ගැටලුව. එක වරක් යීස්ට් ආසාධනයකට ලක් වුනාම නැවත එන්න ඉඩ ගොඩක් වැඩියි. බය වෙන්න එපා. නැවත නොඑන්න පිළිපදින්න ඕනේ දේවල් ටික කියා දෙන්නම්. අන්න එතැනදී තමයි ඔබේ කැපවීම අත්‍යවශ්‍ය වෙන්නේ.

 

ඔබේ සෞඛ්‍යය, නිරෝගී කම කියන්නේ ඔබේ තීරණයක්!



image ok


යීස්ට් ආසාධනය නැවත මතු නොවීමට නම්...


මේ උපදෙස් දේව වාක්‍ය වගේ කසිම අඩුවක් නැතුව පිළිපදින්න. මේ දේවල් කරන්න වෛද්‍යවරයාට බැහැ. කළ යුතේ ඔබ විසින්මයි. මේ රෝගය සුව වෙන්න නම්, නැවත නොඑන්න නම් පහත උපදෙස් සියල්ල පිළිපදින්න.

 

  1. Antibiotics හෙවත් ප්‍රති බැක්ටීරියා කාරක නිතර පානයෙන් වලකින්න. බොහෝ දෙනෙක් පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් ෆාමසියෙන් ගන්නවා ඇන්ටි බයොටික්ස්. මේක ඉතාම නරක දෙයක්. අපේ රටේ නීතියක් තිබුනට ඇතැම් ෆාමසි කටින් ඉල්ලද්දී වෛද්‍ය නිර්දේශයක් නැතුව දෙනවා. හෙම්බිරිස්සාවක් පොඩි කැස්සක් හැදුනහම ශරීරයට තනිවම සුව වෙන්න වෙලාවක් දෙන්න. අධිකව ඇන්ටි බයොටික්ස් පානය කිරීම නවත්වන්න.
  2. ඔබේ ලිංගික අවයව ප්‍රදේශය නිතරම පිරිසිදුවත් වියලිවත් තබන්න. නිතර හෝදන්න යන්න එපා.
  3. තෙතමනය සහ උණුසුම කියන්නේ යීස්ට්ලාට වැ‌ඩෙන්න හොඳ අවස්තාවක්. ඔවුනට මේ අවස්තාව දෙන්න එපා.
  4. මේ ප්‍රදේශ සෝදා ඇඟ හෝදන තුවායෙන් පිහ දමන්න එපා. නාන කාමරයේ ටිෂු පැකට් එකක් තියලා හොඳින් තෙත මාත්තු කරන්න.
  5. වැසිකිලියට ගිය පසු සෝදා පිස දැමීමේදී ඉදිරියේ සිට පසුපසට පිස දමන්න. එමගින් ගුදයේ සිට යීස්ට්ලා යෝනියට පැමිණීම නවතිනවා.
  6. කිසිම අවස්ථාවක තද ඇඳුම් අඳින්න එපා..
  7. තෙත පිටින් යෝනි මාර්ගය තබන්න එපා. සැම සේදුමකටම පස්සේ ටිෂු මගින් හොඳින් පිහදාල ෆෑන් එකක් යටට ඇවිත් කකුල් දෙක පළල කරලා හොඳින් වේලා ගන්න.
  8. යට කලිසම් ඇඳීමෙන් වලකින්න. ඔබට මේ රෝගය වසර ගණනක් දරුණුව තියනවා නම් හොඳම දේ මේ ප්‍රදේශය වැහෙන විදිහට යට කලිසම් හෝ දිග කලිසම් ඇඳීමෙන් වලකින්න. ඒ වෙනුවට දිග සාය ඔබේ ඇඳුම් වලට එක් කරන්න. මාස් ශුද්දිය වෙලාවේදී පමණක් පෑඩ් එක සමග කලිසම් පාවිච්චි කරලා අනික් හැම වෙලේම යට කලිසම් ඇඳීමෙන් තොරව ඉන්න අඩුම ගානේ මාස කීපයක්. එවිට යීස්ට්ලාට වැඩෙන්න තෙත සහ උණුසුම යෝනියේ නැතිව යනවා. බොහෝ දෙනෙක් මේ ක්‍රමය මගින් සුව වුනා.
  9. රාත්‍රී නින්දට යද්දී පොරවාගෙන, ලිංගික ප්‍රදේශය වසාගෙන නිදියන්න එපා. හොඳින් හුලග වදින විදිහට දෙපා ඈත් කරගෙන නිදන්න.
  10. ඔබ උපත් පාලනයට හෝර්මෝන ක්‍රමයක් අනුගමනය කරනවා නම් ( ගිලින පෙති, ජඩෙල්, ඩිපෝ ප්‍රොවේරා එන්නත ) වහාම නවත්වා හෝර්මෝන නොවන ක්‍රමයකට මාරු වෙන්න .( කොන්ඩම්, ලූපය, LRT සැත්කම)
  11. ලිංගික ප්‍රදේශ වලට රසායන අඩංගු සුවඳ පැන්, ඩියොද්‍රන්ඩ් වගේ දේවල් ආලේප කරන්න එපා. එමගින් ස්වභාවික බැක්ටීරියා තුලනය වීම ඇනහිටිනවා.
  12. ඔබේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර දියවැඩියාව ඇත්නම් එයට ප්‍රතිකාර කරන්න.
  13. ඇමරිකාවේ වෛද්‍ය ජෝස් ඇක්ස් මහතා දරන මතයට අනුව පැණිරස නිතර ආහාරයට ගැනීමෙන් වලකින එකත් හොඳයි. පැණිරස ආහාරය කොහොමත් ශරීරයට අහිතකරයි.
  14. ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ ඔබේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමෙන් මේ රෝගය විතරක් නොවෙයි තව රෝග රාශියක් ඇති වීම වලකිනවා.




p

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි