SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

අපේ ගැහැණු ළමයි මූණ ලස්සනට තියාගන්න ලොකු උනන්දුවක් දක්වනවා.

 

නොයෙක් ආලේපන ගලවනවා. සත්කාර කරනවා. නමුත් ඔබ නොදන්නා දෙය තමයි පිරිමි ගැහැණුන්ගේ පිරිසිදුකම සහ ආකර්ෂණය මනින්නේ අත් කකුල් වලින් කියල. ඇතැම් අය වටිනා සෙරෙප්පු දානවා. නමුත් කකුල් පැලිලා. ඉරි තලලා . දුර්වර්ණ වෙලා. මේකට හේතුව අපේ දෙපා ගැන දක්වන නොසැලකිල්ල. අද මම පුංචි සත්කාර කීපයක් කියාදෙන්නම් නිරෝගී ලස්සන දෙපයක් උරුම කර ගන්න. ඔබ ආකර්ෂණයට ලක් වේවි.....

 

දෙපා හොඳින් පිරිසිදු කරන්න.



දිනපතාම හවසට කකුල් හොඳට Body Wash හරි සබන් හරි ගාල හොඳින් කුණු යන්න අතුල්ලන්න. කුඩා කපු රෙදි කැබැල්ලකින් හොඳට කුණු යනකම්ම අතුල්ලන්න ඕනේ.

සතියකට වතාවක් උණු වතුරට ෂැම්පු ස්වල්පයක් දාල විනාඩි කීපයක් කකුල බස්වාගෙන ඉන්න. ඊට පස්සේ ස්පොන්ජ් එකකින් මැරුණු හම ඉවත් වෙන්න අතුල්ලන්න. යටි පතුල තද වුන තැන් කකුල් උලන ගලකින් හොඳින් උලන්න. (මෙව්වා කඩෙන් ගන්න පුළුවන්) නැවතත් හොඳින් සෝදන්න.

 

සමේ තෙතමනය පවත්වාගෙන යාම



හැම රාත්‍රියකම හොඳ moisturizer ක්‍රීම් එකක් ගාල කකුල් දෙක මිනිත්තු පහක් පමණ මසාජ් කරන්න. පුළුවන් නම් නිදා ගනිද්දී පිරිසිදු කපු මේස් දෙකක් පළදින්න. ඔබේ දෙපා ඉක්මනින්ම ලස්සන වේවි.



නියපොතු වල ආරක්ෂාව



නියපොතු නරක් වීම වෙන්නේ Fungus එහෙම නැත්තම් දිලීර ආසාධන නිසයි. ඔබේ නියපොතු දෙපැත්තෙන් නරක් වෙලා සැරව පිරිලා නම් වහාම සම සම්බන්ධ වෛද්‍ය වරයෙක් හම්බ වෙලා බෙහෙත් අරගන්න. කල් යාමේදී ඔබේ නියපොත්ත ගැලවෙන්නත් පුලුවන්.

 

foot image 800 563



නිසි පරිදි කපන්න. නිය මල හැරෙන්න ගැඹුරට කපන්න එපා. පලුදු උන තැන් නිසි හැඩයකට කපා Manicure කර ගන්න.

නිය ආලේපන ගලවනවා නම් නියපොත්තෙ ආරක්ෂාවට Nail Hardener එකක් ගාන්න අමතක කරන්න එපා. නිය ආලේපන දිගින් දිගට ගාද්දී රසායන නිසා නියපොත්ත දුර්වල වෙනවා. හැම විටම දින කීපයක විවේකයක් නියපොත්තට දෙන්න. දින තුනකින් පමණ පරණ නිය ආලේපන ඉවත් කරන්න. ඒ සඳහා වෙළඳ පොලේ ඇති හොඳ Nail Polish Remover එකක්ම භාවිතා කරන්න. නිය ආලේපන ගැනීමේදී හොඳ වර්ගයකින් එහෙම නැත්නම් Brand එකකින්ම පාවිච්චි කරන්න.

 

men 2

 

men 4

 

foot image 800 563




Goodhousekeeping.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි