SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

නිසි පෝෂණය සහ සත්කාර නොමැති වුවහොත් නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීම සිහිනයක් ම පමණක් වනු ඇත.

ඔබේ රුව වඩවන පංච කළ්‍යාණයෙන් එකක් වන හිසකෙස් රැක ගැනීම ඉතාම වැදගත්. කොණ්ඩයේ වොලියුම් එක නැතිනම් ප්‍රමාණය වැඩි කර ගන්න නිවසේදී ම කර ගන්න පුළුවන් පහසු ක්‍රම කිහිපයක් ගැන මෙයින් ඔබට දැන ගත හැකි යි.




01. ජෙලටින් සහ එසෙන්ෂල් ඔයිල්




ජෙලටින්වල ප්රෝටීන් වැඩි වශයෙන් අන්තර්ගත වේ. එයින් හිසකෙස් වලට ඉතා හොඳ පෝෂණයක් ලබා දෙයි. ජෙලටින් ස්වල්පයක් ගෙන ජලය සමග මිශ්‍ර කර එයට ඔබ කැමති එසෙන්ෂල් ඔයිල් ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය හිසකෙස් වල හොඳින් ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. ඉන් පසු මිනිත්තු කිහිපයක් තබා සීතල ජලයෙන් සෝදා හරින්න.


hair image 1

 

02. බිත්තර සහ යෝගට්


බිත්තර වල ප්‍රෝටීන්, බයෝටින් සහ විටමින් B12 අන්තර්ගත වේ. මේ සියල්ල හිසකෙස් සඳහා මනා පෝෂණයක් ලබා දෙයි. ඔබේ හිසකෙස්වල ප්‍රමාණය අනුව බිත්තර එකක් හෝ දෙකක් ගෙන යෝගට් ස්වල්පයක් සමග මිශ්‍ර කර හිසකෙස්වල හොඳින් ආලේප කරන්න. මිශ්‍රණය පැයක් පමණ තිබෙන්නට හැර හොඳින් සෝදා වියළා ගන්න.



 

hair image 700 800


 

03. නින්දට යෑමේදී කොණ්ඩය ගෙඩියක් ලෙස බැඳ ගන්න


මෙය කොණ්ඩයේ පෙනුම වැඩි කර ගත හැකි ඉතාම පහසු ක්‍රමයකි. නිදාගැනීමට පෙර කොණ්ඩය සෝදා හිසේ ඉහළට වන්නට ගෙඩියක් සේ බැඳ ගන්න. උදෑසන අවදි වූ පසු ඔබේ හිසකෙස්වලට නව පෙනුමක් ලැබී ඇති බව ඔබට දිස් වේවි. කොණ්ඩයේ කැරලි ස්වභාවය වැඩි කර ගත යුතු නම් කොණ්ඩ ගෙඩි දෙකක් සකසා ගැනීම ද කළ හැක.



 

hari 700 800

 

 

4.තෙල් ගල්වා හිසකෙස් සම්බාහනය කරන්න




හිස්කබල හොඳින් සම්බාහනය කිරීම මගින් හිසකෙස් වර්ධනය වන අතරම හිස කෙස් ඝන වීමට ද එය බලපාන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. නෑමට පෙර හිස කෙස්වලට හොඳ පෝෂණයක් දෙන ඔබ කැමති තෙල් වර්ගයක් හෝ පොල්තෙල් හෝ ගල්වා මිනිත්තු කිහිපයක් ඔබේ හිස්කබල කවාකාරව හොඳින් සම්බාහනය කරන්න. සතියකට වරක් පමණ මෙය කිරීමෙන් ඔබට ඉකමනින් ම හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි වේවි.




05. ප්‍රෝටීන් බහුල ආහාර සහ එළවළු පළතුරු වැඩිපුර ආහාරයට ගන්න



බාහිරින් කෙතරම් සත්කාර කළද ඔබ ගන්නා ආහාර මගින් හිසකෙස්වලට අවශ්‍ය අභ්‍යන්තර පෝෂණය ද ලබා දීම ඉතා වැදගත් වේ. මේ සඳහා යකඩ, බයෝටින් සහ විටමින් අඩංගු ආහාර වැඩිපුර ලබාගන්න. කොළ පැහැති එළවළු, නිවිති, බෝංචි, පළතුරු වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඔබට ඔබේ හිසකෙස්වලට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගත හැකි වේ.




hair 800 400

 

 

 

6.වෛද්‍ය උපදෙස් ලබා ගන්න




පෝෂණ ඌණතා මෙන් ම ඇතැම් විට විවිධ සෞඛ්‍ය හේතූන් නිසාද හිසකෙස් දුර්වල විය හැක. ඔබේ හිසකෙස් අධිකව ගැළවී යනවා නම්, හිසකෙස් ඉතාම දුර්වල නම් ඒ සඳහා වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබා ගැනීම වඩා සුදුසු වේ.

 

 

7.අධිකව කොණ්ඩය උණුසුම් කිරීමෙන් වළකින්න




හිසකෙස් අධික ලෙස උණුසුම් කිරීම නිසා හිසකෙස් දුර්වල විය හැක. එනිසා කොණ්ඩය වියළීමේදී සහ විලාසිතා කිරීමේදී හැකිතාක් ස්වභාවික ක්‍රම භාවිතා කරන්න.

 

 

8.සතිකට වරක් අලිගැටපේර සහ බිත්තර යොදන්න

 

 

hair 6




හිසකෙස් පෝෂණය කිරීමට කෘතීම දේවල් පසුපස යාමේ කිසිදු අවශ්‍යතාවයක් නැත. අලිගැටපේර, බිත්තර, ඔලිව් තෙල් සහ මී පැණි ඔබේ හිසකෙස්වල ප්‍රමාණය අනුව අවශ්ය තරම් ගෙන හොඳින් මිශ්‍ර කර හිස්කබලේ සහ කෙස්වල ආලේප කරන්න. මෙය තෙත කොණ්ඩයේ හෝ වියළි කොණ්ඩයේ ආලේප කළ හැක. ඉන් පසු මිනිත්තු 20ක් පමණ තබා හොඳින් සෝදා හරින්න. දිගු කාලීනව මෙය සිදු කිරීමෙන් ඔබට පැහැදිලි වෙනසක් ඉතාම ඉක්මනින් දැකගත හැකි වේවි.

 

hair 500 400

 

 

 

9.හිසකෙස් වර්ණ ගැන්වීමේදී හෙයාර් ස්ප්රේ (Hair Spray) භාවිතා කරන්න




ඔබ හිසකෙස් වර්ණ ගන්වන කෙනෙක් නම් ඔබට මෙය අනුගමනය කළ හැකි යි. හිසකෙස් වර්ණගැන්වීමේදී හෙයාර් ස්ප්‍රේ භාවිතා කිරීමෙන් කොණ්ඩයට පිරිපුන් බවක් ලබා ගත හැකියි. මෙහිදී කොණ්ඩය ඉතාමත් අඩුවෙන් ඇති ස්ථානවල අගට ස්ප්‍රේ භාවිතා කළ යුතු යි. ඔබගේ කොණ්ඩය වර්ණගන්වන රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය ලවා ඔබට මෙය ඉතාම පහසුවෙන් සිදු කරගත හැකියි.

 

 

goodhousekeeping.lk

නවතම ලිපි