SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇඹුල් තියල් කියන්නේ හැමෝම කැමති ආහාරයක්.

 

නමුත් බොහෝ දෙනෙක් අපෙන් අහනවා ඔවුන්ට මේකේ පදම හරියට එන්නේ නැහැ කියල. ඇත්තටම මට නම් හිතෙන්නේ බොහෝ දෙනෙක් වරද්දගන්නේ ඇඹුල් තියල් කියන වචනෙට බය වෙලා රටේම තියන දේවල් ඒකට දාල නිකන් මිරිස් හොද්දක් හදා ගන්නවා කියලයි.


මේ මම හදන ක්‍රමය. ඉතාම පහසුයි. සරලයි. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. රස ඒ විදිහටම තියනවා.

 

මෙන්න මේ දේවල් අවශ්‍යයි


අලුත් බල හෝ කෙලවල්ලා මාළු කිලෝ 1 යි ( පරණ මාළු වලින් නියම රස ගන්න බැහැ)
• ගොරකා ග්රෑම් 100 යි
• තරමක් ලොකු කුරුඳු පොතු කැබැල්ලක්
• ගම්මිරිස් මිටක්
• කරපිංචා ඉති 3ක්
• හට්ටිය අඩියේ ඇතිරීමට කුරුඳු කොළ හෝ නැත්නම් කරපිංචා කොළ ඇති තරම්
• ලුණු 

 

සාදාගන්න ක්‍රමය 

 

මාළු හොඳින් සෝදලා මැටි භාජනෙකට දමන්න. ගොරකා , කුරුඳු පොතු කැබැල්ල , ගම්මිරිස්, කරපිංචා, ලුණු බ්ලෙන්ඩර් එකට දමා හොඳින් ක්‍රීම් එකක් වගේ වෙන්න බ්ලෙන්ඩ් කර ගන්න.

ගොරකා ක්‍රීම් එක මාළු කැබලිවල හොඳින් දවටමින් අත ගාන්න. මාළු නොතැලෙන්න සීරුවට කර ගන්න ඕනේ. පැයක් පමණ මැටි අඩි වළඳකින් වසා තබන්න.

ඉන් පසු කුරුඳු කොළ හෝ කරපිංචා කොළ උයන වළදේ අඩියේ අතුරන්න. ඒ මතින් මාළු කැබලි එකින් එක අරගෙන තියන්න. තබා මාළු දමා වසා තිබුන භාජනයට වතුර පීරිසි කෝප්ප භාගයක් වගේ වක් කරලා ඒ වළඳ සෝදලා එන වතුරත් මාළු භාජනේට දමන්න.

දැන් ලිප ඉතාම අඩු කර හෙමින් තැම්බෙන්න ඉඩ දෙන්න. මාළු හැඳි ගාන්න යන්න එපා. කල්පනාවෙන් ඉන්න. කර ගඳක් වගේ ලාවට එද්දී ලිපෙන් බා ගන්න. 

 

මේ තමයි නියම රසට ඇඹුල් තියල් පහසුවෙන් හදන ක්‍රමය.

නවතම ලිපි