SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බටහිර කාන්තා සටනේ දැවැන්ත ජයග්‍රහණයක්!

කාන්තා අයිතිවාසිකම් පිළිබඳ මතවාදයන්, සටන් මුලින්ම ආරම්භ කළේ පෙරදිග අප වැනි රටවල්වලින් නොවේ. මේ පිළිබඳ විවිධ න්‍යායන් හා ගුරුකුලයන් පෝෂණය වන්නේ යුරෝපය ප්‍රමුඛව බටහිර රටවල් තුළයි. එහෙත් සටනක් ලෙස ඔවුන් මහපොළොවේ දීර්ඝකාලීන අත්දැකීම් හා අත්විඳීම් සමග තම අපේක්ෂාවන් අත්පත් කරගනිද්දී එය ඔවුන්ගේ ජීවිතාභ්‍යාසයට ආගන්තුක වන්නේ නොවේ. එනිසාම එම දිනාගැනීම් ජීවිතයෙන් පිටස්තර අයිතියක් නොව තම ජීවිතයේම කොටසකි. මේ නිසාම එහි පැවැත්ම ආත්මීයවේ.

පෙරදිග ස්ත්‍රිය අයිතිවාසිකම් ලැබීම් පක්ෂයෙන් බැලූවිට යුරෝපයටත් වඩා ඉදිරියෙන්, ඊටත් වඩා ඉක්මණින් හා පහසුවෙන් ලබාගත්තකි. ඡන්ද බලය, සාක්ෂරතාවය, අධ්‍යාපනය, නායකත්වය, නීති පහසුකම් මේ යනාදිය බැලුවත් බැලූ බැල්මට සියළුම අංශයන්හි සමාන සැලකීමක් ලෙස මේවා ඔවුන්ට පහසුවෙන් අත්පත් කරදුන් දේවල් වී ඇත. මේ නිසාම ඒ්වා සමාජ මතවාදය හා අනන්‍ය නොවන අතර නීතිය එක් පසෙකත් භාවිතය හා අත්විඳීම තව පසෙකත් වෙන්ව පවතී. කාන්තාවගේ ආධ්‍යාත්මය තුළත් එය බෙදා වෙන්ව පවතින, එනිසාම තම එදිනෙදා ජීවිතයට, ජීවිතාභ්‍යාසයට ඒවා අයත් නොවන්නකි.

මේ අදහස් හුවමාරු කරගන්නට අපට හේතුපාදක වූයේ ස්විට්සර්ලන්තයේ හමුදා සෙබළියන්ට කාන්තා යට ඇඳුම් ඇඳීමට නීතිමය ඉඩක් ලබාදීම සම්බන්ධ පුවතක් නිසාය. එය මාධ්‍ය වාර්තා කර තිබුණේ බටහිර කාන්තා අයිතිවාසිකම් සටනට තවත් දැවැන්ත ජයක් ලෙසය. වසර ගණාවක් දශක ගණනාවක් තිස්සේ පිරිමි යට ඇඳුම් අඳින්නට සිදුවූ ස්විස් හමුදා සෙබළියන්ට එය සරල දිනාගැනීමක් නොවේ. ඇත්තෙන්ම මෙය ඔවුනගේ ජයග්‍රහණයකි. බටහිර කාන්තා අයිතිවාසිකම් සටනේ දැවැන්ත ජයග්‍රහණය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙසේය.

ස්විට්සර්ලන්තයේ හමුදා සෙබලියන්ට කාන්තා යට ඇඳුම් ඇඳීම සඳහා අවසර ලබා දීමට එරට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

දැනට හමුදාවට බැඳෙන භටයන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් කට්ටලයට අයත් වන්නේ පිරිමි යට ඇඳුම් පමණි.

හඳුන්වා දීමට යන අලුත් ක්‍රමය යටතේ, ස්විට්සර්ලන්තයේ හමුදාවට එක්වන නව සාමාජිකාවන්ට ලබා දෙන නිල ඇඳුම සමඟ ග්‍රීෂ්ම සහ ශීතල කාලවලදී ඇඳිය හැකි ස්ත්‍රී යට ඇඳුම් කට්ටල දෙකක් සැපයෙනු ඇත.

ස්විට්සර්ලන්ත සන්නද්ධ හමුදා තුළ කාන්තා ප්‍රතිශතය 1%ක් වන අතර වසර 2030 වන විට එය 10% දක්වා වර්ධනය කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

 

Swise 1

 

Swisw 2

 

Swise 3

 

Swise 5

 

 

ප්‍රවෘත්තිය උපුටාගැනීම - emanisa.lk

නවතම ලිපි