SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්ලැටොනික ප්‍රේමයක සුන්දරත්වය මෙහෙමයි   ප්ලැටොනික් ලව්

එහෙම නැතිනම් අපි ඒක සිංහලට හරවාගෙන තියෙන විදියට ප්ලැටොනික ප්‍රේමයක්කියන්නේ මොකද්ද? අපි ඔය වචනේ පොත් වල, ෆිල්ම් වල ඕන තරම් අහලා තිබුණට, ඇත්තටම අපේ ජීවිතවල ප්ලැටොනික ප්‍රේමයන් තිබුණද නැද්ද කියලාවත් අපි දන්නවාද? ඇත්තටම මගේ මිත්‍රයා, ප්ලැටොනිකආදරයක් හැබෑවටම විඳලා තිබුණා නම්,ඔබ භාග්‍යවන්තයෙක්. 

 මේ ප්ලැටොනික් ආදරය ගැනයි… 

 

ඇත්තටම මොකද්ද මේක?


what is platonic love 1


මොකද්ද ප්ලැටොනික් ආදරය කියන එකහොයන්න අපිට ග්‍රීක දර්ශනය පැත්තට යන්න වෙනවා. ග්‍රීසියේ හිටපු ශ්‍රේෂ්ඨදාර්ශනිකයෙක් වෙන ප්ලේටෝ මේ අදහස ගැන ලියලා තිබුණා ඔහුගේ සිම්පෝසියම් කියන විශිෂ්ටසංවාදයේ. හැබැයි ප්ලේටෝ ලියනකොට මේකට ප්ලැටොනික ආදරය කිවුවේ නෑ ඉතින්. මෙතනදීනිර්වචනය සරලයි. ලිංගිකමය හැඟීම් වලින් තොරව -ඒ කියන්නේ කිසිදු භෞතික ආකර්ෂණයකින්තොරව- බුද්ධිමය සහ/හෝ ආත්මීය තලයක පවතින්න පුළුවන් ප්‍රේමයක් තමයි ප්ලැටොනික ප්‍රේමයක්කියන්නේ. හැබැයි එහෙම කිව්වට ප්ලැටොනික ප්‍රේමයේ නිර්වචනයට වඩා, ඇත්තටම ප්ලැටොනික ප්‍රේමයත් එක්ක එන හැඟීම් බොහොම ගැඹුරුයි, සංකීර්ණයි එක්තරා විදියකට. 

 

එතකොට සෙක්ස් නැති ආදරයක් නම්ප්ලැටොනිකයිද?


what is platonic love 2


වරද්ද ගන්න එපා. මෙතනදී අපිකියන්නේ භෞතිකව, ඒ කියන්නේ ලිංගිකව ආකර්ෂණයක්නොපවතින, හැබැයි ඊට වඩා බොහොම ගැඹුරින්ආදරයක් පවතින දෙයක් ගැන. එහෙම නැතුව සෙක්ස් නැති සම්බන්ධයක් ප්ලැටොනික් කියන එකනෙවෙයි. සමහර සම්බන්ධතා වල සෙක්ස් නැත්තේ එක්කෙනෙක්ට සෙක්ස් ඕන නැති නිසා. හැබැයිඅනිකාට ලිංගික ආකර්ෂණයක් තියෙන්න පුළුවන්. එහෙම නැතිනම් ලිංගික ආකර්ෂණයක් දෙන්නාටමතිබුණත් මොකක් හරි හේතුවක් නිසා ඒ සම්බන්ධය ඇතුළේ සෙක්ස් නැතිවෙන්න පුළුවන්.හැබැයි ප්ලැටොනික ආදරයක් කියන්නේ මේ එකක්වත් නෙවෙයි. 

 

 ශාරීරික අයිති කරගැනීමක් නැති…

 

what is platonic love 3



ප්ලැටොනික ආදරයක ලිංගිකඅයිතිවාසිකමක්, භෞතිකව අයිතිකර ගැනීමේ හැඟීමක්, ලිංගික ඊර්ෂ්‍යාවක් වගේ කිසිම දෙයක් නැහැ. මේකෙන් කියනේ එහෙමලිංගික ආකර්ෂණයක්/භෞතික ආකර්ෂණයක් තියෙන ආදරයක් ලස්සන නැහැයි කියන එක නෙවෙයි. හැබැයිඅර නන්දා මාලිනී කියන විදියේ අචින්ත්‍ය, සුරම්‍ය ආදරයක්ප්ලැටොනික ප්‍රේමයකත් තියෙනවා. රාගයෙන් තොර නිසාම, ඒකට වඩාත්ගැඹුරක් ලබාගන්නත් එක්තරා විදියකට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම භෞතික ආකර්ෂණය අදාළනොවෙන නිසාම, ප්ලැටොනික ආදරයක් ක්‍රමයෙන්වියැකිලා යන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම ශාරීරික අයිති කරගැනීමේ හැඟීම් නැති නිසාම, ප්ලැටොනික ආදරයක පැවැත්මත් වඩා ස්ථාවරයි. 

 

ඇයි ප්ලැටොනික ආදරයක් අවශ්‍ය?


what is platonic love 4

හැමෝම ප්ලැටොනික ආදරයක බැඳෙන්න ඕනකියලා නීතියක් කොහේවත් නෑ. ඒ වගේම, අපිට ඕන නම්අපේ සහකරුවා හෝ සහකාරිය එක්ක තියෙන භෞතික ආකර්ෂණයකින් යුක්ත ආදරය පවා වඩාත්ගැඹුරින් ගැඹුරට ගවේශණය කරන්න පුළුවන්. 

හැබැයි නිකමට හිතලා බලන්න, අපේ සහකරුවා හෝ සහකාරිය වගේම අපිට කිට්ටු, හැබැයි කිසිම ලිංගික සම්බන්ධතාවයකින් හෝ භෞතික ආකර්ෂණයකින් තොරවඅපිට ආදරය කරන යාලුවෙක් ගැන. අපිට ඕනම දෙයක් කියන්න පුළුවන්, අපේ හිතට කිට්ටු ඒ වගේ මිත්‍ර සන්ධවයක්, ආදරයක් අපේ ජීවිතේට අවශ්‍යයි. ඒ වගේ ආදරයක් බොහොම පහසුයි, ලේසියි, ඊර්ෂියාකම් වලින් තොරයි වගේමකිසිම පීඩනයක් නැතුව භුක්තිවිඳින්නත් පුළුවන්. 

ඇත්තටම මේ පීඩනය කියන එකලිංගිකත්වය තියෙන සම්බන්ධතාවයකදී අපිට බොහොම නරක විදියට සමහර වෙලාවට අත් විඳින්නසිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ, එතනදී ඩිමාන්ඩ් කිරිල්ලක්තියෙනවා. භෞතික ආකර්ෂණය එක්ක තියෙන ආදරේ කොයි තරම් සුන්දර වුණත්, ඒකත් එක්ක එන අහිතකර හැඟීම් එක්ක ඒ ආදරය නරක අතට සංකීර්ණ වෙන්නතියෙන ඉඩත් වැඩියි. සාමාන්‍යයෙන් ඒ වගේ ආදරයක් හරියට කළමනාකරණය කරන්න ඕන. හැබැයිඇත්තම ප්ලැටොනික ආදරයක එකිනෙකාගෙන් අපේක්ෂා කරන දේවල් නැති නිසා, ඒ වගේ කළමනාකරණය කිරිල්ලක් අවශ්‍ය නැහැ. ඒ නිසාම ඒක බොහොම හිතටපහසුයි. පීඩනයකින් තොරයි. 

 

 ලෝකයා මොනවා කියයිද?


what is platonic love 5

මේක ඉතින් ඇත්තටම තමන් විසඳගන්නඕන දෙයක්. දැන් සාමාන්‍යයෙන් අපි ඉන්න සමාජයේ -අද පවා- විරුද්ධ ලිංගිකයෝ දෙන්නෙක්ටහොඳම හොඳ යාලුවෝ විදියට සෙනෙහසින් වෙළිලා ඉන්න අමාරුයි. බාහිර සමාජය එතකොටඋපකල්පනය කරනවා මේ දෙන්නා අනිවාර්යයෙන්ම සෙක්ස් කරන ලව් එකක හරි, තනි සෙක්ස් සීන් එකේ හරි තමයි ඉන්නේ කියලා. අපිට පෙම්වතෙක් හෝපෙම්වතියක් ඉන්න අතරේ, එහෙම නැතිනම් අපි විවාහ වෙලා ඉන්නඅතරේ, අපිට හොඳම හොඳ යාලුවෙක් කියලාකියන්න පුළුවන් ප්ලැටොනික් ලව් එකක් තිබුණොත්, බාහිර සමාජයඅනිවාර්යයෙන්ම හිතයි අපි සයිඩ් සම්බන්ධතාවයක් රන් කරනවා, අපි චීට් කරනවා,අපි අපේ පාට්නර්ට හොරෙන් හොර කොටුපනිනවා කියලා. ඉතින් ඕවා වෙනස් කරන්න බැහැනේ. ඒ නිසා හොඳම දේ තමයි, තමන්, තමන්ගේ පාට්නර් සහ තමන්ගේප්ලැටොනික ආදරය අතරේ හොඳ අවබෝධයක් තියාගන්න එක. එහෙම කරලා, ලෝකයාට කුද ගහගන්න කියන එක. 

 

එයා මොනවා කියයිද?



what is platonic love 6

මේක සාමාන්‍යයෙන් ස්ථිරසම්බන්ධතාවයක ඉන්න, හැබැයි විරුද්ධ ලිංගිකයෙක් හෝතමන් ආකර්ෂණය වෙන ලිංගික නැඹුරුතාවයේ කෙනෙක් ප්ලැටොනික ආදරය විදියට තෝරගන්න ගොඩක්අයට එන්න පුළුවන් ප්‍රශ්නයක්. ඇත්තටම ඒකට දෙන්න පුලුවන් සරල උත්තරයක් නැහැ. මොකද, ඒක තමන් කළමනාකරණය කරගන්න ඕන දෙයක්. විශේෂයෙන්ම, තමන් සහ තමන්ගේ ප්ලැටොනික ආදරවන්තයා හෝ ආදරවන්තිය අතර තියෙන්නේ“ආදරයක්ම” වුණත්, ඒක ලිංගික බැඳීමකින් හෝ භෞතිකආකර්ෂණයකින් තොර එකක් බව තමන්ගේ සහකරුවාට හරි සහකාරියට හරි ඒත්තු ගන්වන්න වෙනවා.තමන්ගේ ප්‍රමුඛතාවයන් හරියට සකස් කරගන්න වෙනවා. 

ඒ වගේම හොඳම දේ: ප්ලැටොනිකආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් අපිව අයිති කරගන්න, වෙන් කරලාතියාගන්න උත්සාහ නොගන්න නිසා,ඒක අමාරු දේකුත් නෙවෙයි! 

 

ඒක අනියම් සම්බන්ධයක් නෙවෙයිද?



what is platonic love 7

මේකත් අර උත්තර දෙන්න අමාරුවිදියේ ප්‍රශ්නයක්. හේතුව ප්‍රශ්නේට උත්තරේ අවුල් නිසා නෙවෙයි, ප්‍රශ්නේ ඇතුළේ තියෙන නිර්වචනයන් අවුල් නිසා. සරල උදාහරණයක් ගමු.සමහර පිරිමි ළමයි ඉන්නවා තමන්ගේ වයිෆ් වෙන පිරිමි පරාණයක් එක්ක හිනාවෙනවට වුනත්කැමති නෑ. එහෙව් එකේ පිරිමි යාළුවෙක් ඉන්නවා කිවුවොත් හතරවරං ගහයි. ඒ නිසාම ඒවයිෆුත් හිතාගෙන ඉඳියි තමන්ගේ හස්බන්ඩ්ගෙන් පිට කිසිම පිරිමි යාළුවෙක් ඉන්න එක නරකදෙයක් කියලා. හැබැයි ඉතින් ඒකෙන් කියවෙන්නෙ නැහැනේ ඒක වැරැද්දක් කියලා. 

ඒ නිසා පොදුවේ උත්තර දුන්නොත්අපිට කියන්න වෙන්නේ ප්ලැටොනික ආදරයක් කියන්නේත් “ආදරය”, “ප්‍රේමය” වගේ වචන එක්ක එන ගැඹුරු සම්බන්ධතාවයක් වුනාට, ඒක අනියම් සම්බන්ධතාවයක් නම් නෙවෙයි කියලා. මොකද, මෙතනදී සිද්ධ වෙන්නේ ප්ලැටොනික ආදරය කියන එක සම්මත සාම්ප්‍රදායිකසම්බන්ධතා කියලා අපි හදාගෙන ඉන්න පෙට්ටි වලට දාගන්න බැරි වෙන එක. හැබැයි ඒකෙන්කියැවෙන්නේ නෑ ඒක අනියම් සම්බන්ධතාවයක් කියලා. 

ප්ලැටොනික ආදරය කියන්නේ කෙනෙක් ජීවිතේඑක වතාවකදී හෝ අත්විඳලා තියෙන්න ඕන සුන්දර දෙයක්. එච්චරයි…



(Lifie වෙබ් අඩවියෙන් උපුටාගැනීමකි.)

නවතම ලිපි