SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ගර්භණී කාලයට වැදගත් ආහාර

නිරෝගී, බුද්ධිමත් මෙන්ම ලස්සන දරුවෙක් බිහිවීමේදී මවගේ පෝෂණයට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. ගර්භනී අවධියේ සිටින මව්වරුන්ගේ පෝෂණය සදහා වැදගත් වන කරුණු හා ගර්භනී අවධියේදී ඔබ ගත යුතු ආහාර පිළිබද අපි මෙහිදී අවධානය යොමු කරමු.

 

නිවිති

කැල්සියම්, විටමින් ඒ, විටමින් සී, තන්තු හා ෆොලික් ඇසිඩ් බහුල ආහාරයකි. මෙය ගර්භනී කාලයේදී මව්වරුන්ට ඇතිවන යකඩ හිගවීම හෙවත් රක්තහීනතාවය වැලැක්වීමට ඉතා වැදගත් වේ. දරුවාගේ රතු රුධිරානු නිශ්පාදනයට ඉතා වැදගත් වේ.

 

pregnant 1

 

කැරට්

ගර්භනී කාලය තුළ විටමින් ඒ අත්‍යවශ්‍ය වේ. එය දරුවාගේ ඇස්, දත් හා අස්ථි වර්ධනයට සෘජුවම දායක වේ. කැරට්වල ඉතා විශාල වශයෙන් විටමින් ඒ අඩංගුය. එහි ඇති තත්තු මගින් මලබද්ධය අඩු කර ප‍්‍රතිශක්තිය වැඩි කරයි.

අයඩින් මිශ‍්‍ර ලුණු

දරුවාගේ සංවර්ධනයට දායකවේ.

අලිගැටපේර

ෆෝලික් ඇසිඩ්, විටමින් සී විශාල වශයෙන් අඩංගු වේ. මේවා මගින් දරුවාගේ ස්නායු පද්ධතිය මනා ලෙස වර්ධනය කරනු ලබයි. ආහාර දිරවීම පහසු කරයි. දරුවාගේ සම පෝෂණය කරනු ලබයි.

 නට්ස්

මැග්නීසියම්, යකඩ, කොෆර්, සින්ක්, ඔමෙගා 3 යන ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය බොහෝමයක් සංයෝගවී පවතී. දරුවාගේ අස්ථි වර්ධනයට, බුද්ධි වර්ධනයට දායක වේ.

 

pregnant 3

 

මල් ගෝවා

කැල්සියම්, ෆෝලේඩ්, යකඩ බහුල ආහාරයකි

දොඩම් (පැගිරි පවුලේ පළතුරු)

මෙහි විටමින් සී, තන්තු, ෆොලේට් බහුල පළතුරකි. එහි සියයට අසූවක් ජලය පවතින බැවින් ගර්භනී කාලයේදී අවශ්‍ය ජලය ලබාදීම මගින් විශේෂ කාර්යයක් ඉටු කරයි. දරුවාගේ සම පැහැපත් කිරිමට විශේෂයෙන් උපකාරී වේ.

බිත්තර - කුඩා මාළු

ප්‍රෝටීන්, කැල්සියම්, ෆෝලික් ඇසිඩ් බහුල ආහාරයකි. යකඩ වැඩි නිසා දරුවාගේ බුද්ධි වර්ධනයට දායකවේ.

ආමන්ඩ්

මෙහි බොහෝ හිතකර සංඝටක අඩංගු වේ. හැකි සෑම දිනකම ඇට දෙකක් හෝ තුනක් ආහාරයට ගන්න.

පොල් වතුර

දරුවාගේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට දායකවේ. එසේම සම පැහැපත් කරයි.

 

pregnant 4

 

මීකිරි - චීස් - යෝගට්

ගර්භනී කාලයේදී කැල්සියම් අත්‍යවශ්‍ය වේ. එසේම මෙහි ප්‍රොබයොටෙක්ස් සංඝටක අඩංගුවේ. දරුවාගේ වර්ධනයට මේවා ඉතාමත් හිතකර වේ.

ගොටුකොළ කැද

කෑම දිරවීම පහසු කරයි. දරුවාගේ සමේ වර්ණය දීප්තිමත් කරයි. දීප්තිමත් ඇස්, කළු කොණ්ඩය ලබාගැනීමට වැදගත් වේ.

 දෙළුම් යුෂ - පළතුරු යුෂ

දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය සපයයි.

සමබල ආහාර වේලක් සමග ඉහත සදහන් ආහාරද එක් කරගැනීමෙන්, නිරෝගී පැහැපත් දරුවෙකු බිහිකරගත හැකිය.

 

නිරෝගී යහපත් දරු පරපුරක් වෙනුවෙන් ලියන මා,

එම්.කේ. එස්. නිල්මිණි

හෙද නිලධාරිනී

මහමෝදර ශික්ෂණ රෝහල - ගාල්ල

නවතම ලිපි