SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එන්න යාළුවනේ දවල්ට කැම කාලා ඉවර අය. මම රසම රස පුඩිං එකක් ගෙනාවා .,චොක්ලට් මූස්. හරිම රසයි වගේම හදන්නත් ලෙහෙසියි .

 

අවශ්‍ය දේවල්

 

ඩර්ක් චොක්ලට් 75g

ෆ්රෙශ් මිල්ක් 120ml

මාශ් මෙලෝස් කැලි 12

පලමුව ඩාර්ක් චොක්ලට් ග්‍රේට් කරන්න .

කිරි ටික භාජනයකට දමා ලිප මත තබන්න . මද ගින්දරේ . දැන් මාශ් මෙලෝස් කැලි ටික කිරි එකට දමා දිය කරන්න . කිරි රත් වනවිට දියවේ. කිරි ටික උතුරන විට ලිපෙන් ඉවත් කරන්න .

කිරි ටික උතුරා යාහැකි බැවින් පරිස්සම් විය යුතුයි .

දැන් එම කිරි මිශ්‍රණය ග්‍රේට් කරගත් චොක්ලට් උඩට දමන්න . හැන්දකින් කලවම් කර whisk එකකින් ටිකක් වෙලා ව්ස්ක් කරන්න .

පසුව ඔබ කැමැති භාජන වලට දමා නිවෙන්න තියන්න . මම වීදුරු අයිස් ක්‍රීම් කප් වලට දැම්මා . නිවුනාට පසු පහල පින්තූරයේ පෙනෙන පරිදි ටිකක් ලොකු භාජනයක තබා පියනකින් වසා ශීතකරණයේ තබන්න.

පුඩිං1

ඝන වීමට පැය 2 පමණ ගතවේ. මම උඩට චොක්ලට් ස්ප්‍රින්කල්ස් දමා සරසා ගත්තා .

 

(ධම්මිකා පනන්ගලගේ රෙසිපියක්)

නවතම ලිපි