SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද සටහන පසු ප්‍රසව විශාදය ගැන

මොකක්ද මේ "පසු ප්‍රසව විශාදය" කියන්නේ ?

දරු ප්‍රසවයකින් පස්සේ කාන්තාවකගේ හැගීම්, දැනීම් . සිතුවිලි වෙනස් වෙන්න පුළුවන්. දුක, කාංසාව , මානසික පීඩනය වගේ තත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙහෙම වෙන්නේ හෝර්මෝන වෙනස් වීම නිසයි. මේ තත්වය අම්මට කොහෙත්ම තේරුම් ගන්න බැහැ. වටේ ඉන්න උදවිය තමා තේරුම් ගන්න ඕනේ. අපේ රටේ ඉන්න මිඩ් වයිෆ් මිස්ලා සැහෙන්න මේ ගැන දැනුවත්. අම්මට මේ වගේ තත්වයක් තියෙද්දී ඔවුන් වහාම වෛද්‍යවරයා වෙතට යොමු කරනවා.

Postnatal Depression

 

මේකේ රෝග ලක්ෂණ මොනවද ?

 1. Depressed mood or severe mood swings - අවපීඩනයට ලක් වුණ මනෝභාවය.

    ඒ කියන්නේ දුක, එපාවීම , වේදනාව අලුත් අම්මගෙන් දකිනවා.

 2. Excessive crying - හැම දේටම අඬන එක.

   මේ වගේ වෙලාවට මල සමයන් කියල බනින එක තමා සාමාන්‍යයෙන් වෙන්නේ. නමුත් වෙන්න ඕනේ දේ ඒ අම්මව සනසවීම සහ නිසි වෛද්‍ය උපදෙස්              පැතීමයි.

 3. Difficulty bonding with your baby - දරුවා එක්ක බැදීමක් ඇති වෙන්නේ නැහැ.

   " අනේ මේ ළමයා යකෙක් , "මේ ළමයා හරිම කැතයි". ''මට මෙයා එපා" වගේ සිතුවිලි එනවා. අම්මෙක් මෙහෙම කියනවා නම් වහාම වෛද්‍යවරයෙක් වෙතට      ගෙනියන්න.

    ලංකාවේ ඉන්න උන්දලා නිසා මේ තත්වය අම්මලට ඇතිවෙන ප්‍රමාණය වැඩියි. ඔය ගෙවල් වල ඉන්න නාකි මහිලා සංගම් තමා මේවගේ මුල ඉන්නේ

" අනේ ළමයා කලුයි නේද? අනේ ළමයාගේ කකුල් බකල් නේද? අපේ දුවගේ ළමයා නම් ඉපදෙද්දී ලොකුයි මේකා හාල් මැස්සෙක් වගේ, ඔයාට කිරි නැහැ නේද?"

ඉතින් මේ මන්තර ජප කරන නාකි උන්දලා තමා මේවට වැඩිම වැරදි. ඒ නිසා වයිෆ්ට බබෙක් ලැබෙන්න ඉන්නවා නම් අම්මා, බිරිඳගේ අම්මා, නැන්දම්මා, නැන්දා, නෑනා , යාලුවා, එහා ගෙදර ඇන්ටි වගේ අයගේ කටවල් වලින් එන හලාහල විස ගැන හිතන්න.

Ne Born Baby

 

  4. Withdrawing from family and friends - සැමියාව හදිස්සියේ එපා වෙනවා නම් මට ඔයා එපා කියන දේ ක්‍රියාවෙන් පෙන්වනවා නම් ටිකක් බලන්න.

 5. Loss of appetite or eating much more than usual - ගොඩක් කෑම නම් හොයන්න බැහැ. මොකද මේ කාලේ හැම අම්මටම බඩගිනියි. ඒ නිසා            ආහාර මගහරිනවා නම් ටිකක් බලන්න.

6. Inability to sleep (insomnia) or sleeping too much - නින්ද නොයාම හෝ වැඩිපුර නින්දයාම.

    මට මුලින් නින්ද ගියේම නැහැ. සැත්කමේ වේදනාව වගේම මට ඉඳල ඉඳල ඉපදුන දරුවට මට නින්ද ගියොත් අනතුරක් වේවි කියන බය. කොට්ටෙට මූණ දා        ගනීවි, රෙද්දක් මූනේ දා ගනීවි වගේ ලොකු බයක් මටත් තිබුණා. කොහොම වුනත් අම්මගේ නින්දේ වෙනසක් වෙනවා නම් ටිකක් කල්පනාවෙන්.

7. Overwhelming fatigue or loss of energy - මුකුත් කරන්න ශක්තියක් නැතිකම.

8. Reduced interest and pleasure in activities you used to enjoy - වෙනදා සතුටු වන දේවල් වලින් සතුටක් නැතුව කලකිරිලා සිටීම.

9. Intense irritability and anger - දැඩි තරහ සහ නුරුස්සනාකම.

    මේ වෙලාවට බිරිඳට බනින එක නෙවේ වෙන්න ඕනේ ඇය විවේක ගැන්වීම සහ ඒ ගැන අදාළ වෛද්‍ය හෝ පවුල් සෞක්‍ය නිලධාරීන්ට දැන්වීම.

10. Fear that you're not a good mother - තමන් හොඳ අම්මෙක් නෙවේ කියන සිතුවිල්ල එනවා. නිතර කියනවා.

Breast Feeding Mom

11. Hopelessness - අපේක්ෂා භංගත්වය

12. Feelings of worthlessness, shame, guilt or inadequacy - හැම වෙලේම තමන් ගැන වරදකාරී බවකින් සිටීම

13. Restlessness - මානසිකව අවිවේකී බව

14. Severe anxiety and panic attacks - පැනික් ඇටැක් එකක් ගැන පැහැදිලි කිරීමට මේ ලිපිය මදි. නමුත් නිකන් හිතට ගන්න එක පාරට ගැහිලා, සීතල          වෙලා මුකුත් කරගන්න බැරි වෙනවා වගේ තත්වයක් මේක. විනාඩි කීපයකට මෙහෙම වෙන්නේ.

15. Thoughts of harming yourself or your baby - දරුවාට හෝ ඔබට හානි කරගන්නට සිතීම .

     මේ සිතුවිලි එනවා නම් ඔබ අලුත් අම්මෙක් නම් වහා ක්‍රියාත්මක වෙන්න. සැමියා, අම්මා , යාළුවො හැමෝම අලුත් අම්මා ගැන critical නොවී ඇයට                   ආදරෙන් ඉන්නවා නම් මේවා අහුවෙනවා ඉක්මනට.

16. Recurrent thoughts of death or suicide - මියයාම හෝ සියදිවි නසා ගැනීම ගැන සිතුවිලි පහල වීම

       මේ තත්වය වටේ ඉන්න අයට හොයන්න ලේසියි. කලාතුරකින් මේ තත්වයෙන් ඔබ්බට ගිහින් Postpartum psychosis තත්වයට එන්න පුළුවන්. අන්න             එහෙම වෙලාවට තමා බොහෝ විට අම්මලා තමාට සහ දරුවන්ට හානි කර ගන්නේ.

මේ තත්වය පටන් ගන්නේ කොයි කාලේද ?

බොහෝ විට ප්‍රසවය වුණ මුල පටන් ගන්නවා. නමුත් සමහර අවස්ථා වල ප්‍රසවයට පෙර සහ ප්‍රසවයෙන් වසරක් ඇතුලත හටගන්න පුළුවන්.

ප්‍රසව වේදනාව ගැහැනියකගෙන් ගැහැනියකට වෙනස්.

mom and baby

 

මගේ අම්මට පැය 14 ක දැඩි වේදනාවක් තිබුණා දරුවෝ ලැබෙද්දී. නමුත් ලොකු හාමිනේ අම්මා කියනවා ඇයට දරුවෝ ලැබුණා කිසිම අමාරුවක් නැතුව කියලා. ඒ නිසා මා කියන්නේ වැඩි වේදනාවක් දැනෙන කෙනෙක්ට මෙයා බොරු කරනවා කියල කියන්න කලින් සානුකම්පිත වෙන්න. තමන් සියල්ල දත් බව නොසිතන්න.

 වටේ ඉන්න මහිලා සංගම්වල හැකර කටවල්

මේ තමා ප්‍රධානම හේතුව. "කිරි නැහැ...කිරි නැහැ ..ඔයාට කිරි නැහැ ..අපිට නම් ඒ කාලේ තෙමෙන්න කිරි " කියද්දී " කිරි නැති වෙන්නේ ළමයට ආදරේ නැති නිසා " කියද්දී අම්මගේ මුළු මානසික මට්ටමම කඩා වැටෙනවා. ප්‍රසවයේ පස්සේ අම්මෙක් ඉන්නේ දැඩි පීඩනයකින්. ඉතින් මේවා අපායට ගහන හෙන වගේ. ඒ නිසා දෙවියන්ගේ නමින් ඔබේ ජරා කට පරිස්සම් කරගන්න බැරි නම් යන්න එපා. මොකද ඕව අන්තිමේ ඉවර වෙන්නේ මහා අභාග්‍ය වලින්.

baby

ළමයාගේ තාත්තා ......

බොහෝ විට සැමියාගේ ආදරය , සෙනෙහස නොලබන අම්මලට මේ තත්වය ඇතිවෙන ඉඩ වැඩියි. අපේ අම්මල දහය දොළහ වැදුවේ තනියම කියල TV එක ඉස්සරහ පැලපදියම් වෙලා ඉන්න මීහරක් පුත්තු තාම මේ රටේ ඉන්නවා. ඒ නිසා පූර්ව ප්‍රසව සායන වලට සැමියාව අරගෙන යන්න අම්මලා බලකරන්න. වෛද්‍යවරයා සහ පවුල් සෞඛ්‍යය නෝනා මේවා ගැන දැනුවත් කරනවා.

Dad

 

    - කතෘ අඥාතයි -

නවතම ලිපි