SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අඩු වයසින් වැඩ පෙන්නපු ව්‍යවසායකයෝ 7 දෙනෙක්ව්‍යවසායකයින් අලුතින් හැදෙනවා.

ඒ වගේම සමහර ව්‍යවසායකයින් සාර්ථක වෙනවා. ඒ වගේම සමහරක් අය අසාර්ථක වනවා. තරුණ වයසින්, අඩු කාලයකින් ව්‍යවසායකයෙක් විදිහට ඉදිරියට ගිහින් ව්‍යාපාරික ලෝකය විතරක් නෙමෙයි මුලු ලෝකයම ජයගත්තු ව්‍යවසායකයින් ගැන කතා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ලංකාවෙ අයත් දෙන්නෙක්ම ඉන්නව අපේ මේ ලැයිස්තුවේ.

 

1. මාක් සකර්බර්ග්

 

මාරක් සකබර්ග්

 

මෑතකදිත් ලෝක ජනමාධ්‍ය හරහා මහත් ආන්දෝලනයක් ඇති කල මාක් සකර්බර්ග් තමයි අපේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නෙ. 2004 පෙබරවාරි 04 වෙනිදා හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ කාමරයකදී මාක් සකර්බර්ග් නම් 19 හැවිරිදි තරුණයා සහ ඔහුගේ සගයා ඔවුන්ගේ විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘතිය සඳහා වෙබ් අඩවියක් මුදා හරිනවා. The Facebook නමින් මුදා හැරි එහි URL එක උනේ www.thefacebook.com යන්නයි. එයින් පසු ඔහු ටිකෙන් ටික ඔහුගේ ව්‍යාපාර දැනුමද යොදමින් මෙය වැඩි දියුණු කල අතරේ අති විශාල ෆේස්බුක් ග්‍රාහකයන් පිරිසක් ඔහුගේ ව්‍යාපෘතිය සමග එකඟ උනා. ඔහු දැනට ඇමෙරිකානු ඩොලර් බිලියන 66ක වත්කමක් උසුලනවා. ඔහුගේ දැන් වයස අවුරුදු 33ක් පමණයි.

 

2. ඩස්ටින් මොස්කොවිට්ස්

 

ඩස්ටින් මොට්ස්

 

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේදී මාක් සකර්බර්ග් සමග ඉගෙන ගන්නට වාසනාව ලද ඩස්ටින් ෆේස්බුක් ආරම්භක කණ්ඩායමේද සාමාජිකයෙක් වුණා. ෆේස්බුක් ආයතනය වැඩි දියුණු වූ පසු එහි ප්‍රධාන තාක්ෂණ නිළධාරී ලෙස කටයුතු කල ඔහු පසුව එයින් ඉවත් වී අසානා (Asana) සමාගම ආරම්භ කලා. ඔහුගේ මුලු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 13ක් පමණ වනවා. ඔහුගේ දැනට වයස 31ක් පමණ වනවා.

 

3. චමත් පලිහපිටිය

 

චමත් පලිහපිටිය අඩුවයසින් සාර්ථක ව්යාවසායකයින්

 

චමත් පලිහපිටිය ශ්‍රී ලාංකිකයෙක්. වයස අවුරුදු හයේදී කැනඩාවට තමන්ගේ පවුල සමග ගිය ඔහු සිය මූලික අධ්‍යාපනය හමාර කර වෝටර් ලූ විශ්ව විද්‍යාලයට අධ්‍යාපන කටයුතු සඳහා බැඳෙනවා. ඒ විදුලි ඉංජිනේරු උපාධිය සඳහායි. පසුව ඔහු ෆේස්බුක් සමාගමට බැඳෙන්නේ එහි ග්‍රාහක සංඛ්‍යාව වැඩි කර ගැනීමේ ක්‍රියාවලියක් නිර්මාණය කර දීමටයි. ඔහුගේ ක්‍රියාවලිය අතිශය සාර්ථක වූ අතර ග්‍රාහකයන් සංඛ්‍යාව අධිකව ඉහළ නංවා ගැනීමට ඒ යටතේ ෆේස්බුක් සමාගමට හැකි වුණා.

පසුව ඔහු එයින් ඉවත් වී 2011 වසරේදී ඔහුගේම සමාගමක් වන The Social + Capital Partnership ආයතනය ආරම්භ කලා. දැනට ඔහුගේ මුලු වත්කම ඩොලර් බිලියනයක් පමණ වන බව කියවෙනවා. දැන් ඔහුගේ වයස අවුරුදු 41 ක්.

 

4. දීපක් රවීන්ද්‍රන්

 

දීපක්

 

දීපක් රවීන්ද්‍රන් කියන්නෙ ඉන්දියානුවෙක්. ඔහු සමග මිතුරන් තිදෙනෙක් කන්නූර් විශ්ව විද්‍යාලයෙන් එලියට දමන්නේ ඔවුන් අතින් සිදුවූ විනය විරෝධී ක්‍රියාකාරකමක් නිසයි. එයින් පසුබට නොවී එම අත්දැකීම සවියක් කරගත් දීපක් බොහෝ කාලයක් වෙහෙස වී Innoz නම් Application එක නිපදවනවා. එය මගින් අන්තර්ජාලයේ Google Search එකකින් හෝ Wikipedia Search එකකින් ලබා ගත හැකි තොරතුරු අන්තර්ජාල පහසුකම් ලබා ගත නොහැකි දුරකථනයකට වුවද කෙටි පණිවුඩයක් මගින් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

 

5. දුලිත් හේරත්

 

දුලිත් හේරත්

 

ලංකාවේ ලබන පාසල් අධ්‍යාපනයෙන් පසුව කෙන්ටකී විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරන දුලිත් ඉන් අනතුරුව මයික්‍රොසොෆ්‍ට් ආයතනයට සිය සේවාව ලබා දෙනවා. වර්ෂ 2002 දී සිය නව්‍ය සමාගම වන Kapruka සමාගම ආරම්භ කරන දුලිත් මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ඉවත් වී සිය පූර්ණ කාලීන සේවය තම සමාගමට යොදවනවා. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් බවට ඉතා තරුණ කලදීම පත්වූ දුලිත් ආසියා පැසිෆික් කලාපයේ හොඳම තරුණ ව්‍යවසායකයා සම්මානයද වරක් දිනාගැනීමට සමත් වුණා.

 

6. පාවෙල් ඩුරොව්

 

පාවෙල් ඩුරාවේ

 

රුසියාවේ සමාජ මාධ්‍ය ප්‍රචලිත කිරීම කෙරෙහි ඉමහත් දායකත්වයක් දැක්වූවකු ලෙස පාවෙල් හැඳින්විය හැකියි. ඒ නිසාම ඔහු හැඳින්වෙන්නේ රුසියාවේ සක’බර්ග් නමිනුයි. VK නම් රුසියාවේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලය සිය වැඩිමහල් සහෝදරයා වන ප්‍රකට ගණිතඥ නිකොලායි ඩුරොව් සමග එකතුවී නිර්මාණය කල ඔහු පසුව Telegram Messenger නම් Application එක නිපදවීමෙන් ලෝකයේම අවධානය දිනාගත්තා. දැනට වයස අවුරුදු 33ක් වන ඔහුගේ මුලු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙසයි කියවෙන්නේ.

 

7. යැන්ග් හුයියෑන්

 

යැන්ග් හුයියෑන්

 

සිය පවුලෙන් ලැබුණු ව්‍යාපාර තවත් ඉහළට ගෙනයමින් ව්‍යාපාර ලොව හිනිපෙත්තට පැමිණි තරුණ ව්‍යවසායිකාවක් ලෙස යැන්ග් හඳුන්වන්නට පුලුවන්. විශේෂයෙන්ම ආසියාවේ කාන්තාවන් ව්‍යාපාර ක්ශේත්‍රයේ මදක් පසුගාමී වෙද්දී ඇය කාලයක් ලෝකයේ ලාබාලම බිලියනපතිනිය විදිහටත් නම් දැරුවා. ඒ විතරක් නෙමෙයි දැනට ඇය ආසියාවේ ධනවත්ම කාන්තාව ලෙසත් හැඳින්වෙනවා. ලෝක ප්‍රකට අධ්‍යාපන ආයතනයක්, ඉඩම් විකිණීමේ ආයතන, හෝටල් සමූහයක් වැනි විවිධ මට්ටමේ ව්‍යාපාර රැසකින් ඇයගේ ව්‍යාපාර සමූහය සමන්විතයි. වයස අවුරුදු 36 ක් වන ඇයගේ මුලු වත්කම ඩොලර් බිලියන 28ක් පමණ වන බව පැවසෙනවා.

උපුටාගැනීම - Lifie වෙබ් අඩවියෙන්

නවතම ලිපි