SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු  අධිකරණයේ නඩු නිමිත්තක් බවට පත්ව ඇති ලංකාවේ පැරණිතම ප්‍රධාන පක්ෂ කිහිපයකින් එකක් බවට පත් දේශපාලන පක්ෂයකි.

ඒ අනුව දිනපතා අධිකරණ තීන්දු වාරණ සහ නව නිළධාරීන් පත්කරගැනීම් වැනි නාටකයන් පවතිද්දී පසුගියදා අප අතරින් වෙන්ව ගිය මහාචාර්ය නලින් ද සිල්වා තම දිවිසැරිය නිම කිරීමට සතියකට පමණ පෙර ලියන ලද ලිපියක් ඔහුව ස්මරණය කරමින් පහත පළ කරමු.

 

 

රනිල්ට එරෙහි ව ජාතිකත්වය

 

ශ්‍රී ල නි ප කෑලි කීයකට කැඩී ඇත්දැයි දැන ගැනීම තරමක් අමාරු වැඩක්. චන්ද්‍රිකාගේ කණ්ඩායම, දයාසිරි ජයසේකර කණ්ඩායම, දුමින්ද අමරවීර කණ්ඩායම පමණක් නොව රනිල් වික්‍රමසිංහ කණ්ඩායමක් ද වෙනවා. රනිල් වික්‍රමසිංහ කණ්ඩායමක් පොහොට්ටුවෙත් ඉන්නවා. යාපනයෙත් අරුන් සිද්ධාර්ථන් මගින් කණ්ඩායමක් ඉන්නවා.

 

මෙය තරමක ප්‍රශ්නයක්. 2020 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට නොහැකි වූ රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් පාස්කු ප්‍රහාරය කාලයේ අගමැති ව සිටි රනිල් අද ජනාධිපති පමණක් නොව ඇතැම් පක්‍ෂවල කණ්ඩායම් කිහිපයක් මෙහෙයවීමේ හැකියාවක් ඇති පුද්ගලයකු ද බවට පත් වී තියෙනවා.

 

මේ ආණ්ඩුව කිසිසේත් ම රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවක් නොවෙයි. රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවක් විය හැක්කේ රනිල් හා බැසිල් එකට ආණ්ඩුව මෙහෙයවනවා නම්. එහෙත් එවැන්නක් සිිදුවන්නේ නැහැ. බැසිල්ට අවශ්‍ය අන්දමට ආණ්ඩුවේ වැඩ කෙරෙන්නේ නැහැ. බැසිල් එන්න එන්න දුර්වල වෙනවා. රනිල් එන්න එන්න ශක්තිමත් වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් හරි ගිය පුද්ගලයා රනිල්. එයින් මා කියන්නේ නැහැ පාස්කු ප්‍රහාරය රනිල් බලවත් කිරීම සඳහා මහා මොළකරුවකු සැලසුම් කළ එකක් කියා. කාදිනල්තුමාත් එවැන්නක් කියන එකක් නැහැ. ඕමල්පේ සෝභිත හිමියන් හා චම්පකත් එහෙම කියන එකක් නැහැ.

 

එහෙත් රනිල් පාස්කු ප්‍රහාරය ඉතා මැනවින් යොදා ගන්නා බව පේන්න තියෙනවා. පාස්කු ප්‍රහාරය නිසා මෛත්‍රිපාල සිරිසේන අධිකරණ තීන්දුවකට යට වී සිටිනවා. ඔහු අපට ඉන්දියාව පෙන්නන්න හදනවා. රනිල්ට ඉන්දියාව පෙන්නන්න බැහැ කියා මා කියන්නේ නැහැ. එහෙත් ඉන්දියාව රනිල්ට කැමති නැහැ. අධිකරණ තීන්දුව නිසා අසරණ තත්වයකට පත් වී ඇති මෛත්‍රිපාලට රනිල් සරණ හැර වෙනත් සරණක් නැහැ.

 

ශ්‍රී ල නි ප මෛත්‍රිපාල කණ්ඩායම කියන්නේ රනිල් කණ්ඩායම. රනිල්ට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂයවත් පොහොට්ටුවවත් ශක්තිමත් කිරීම නො වෙයි. ඒ දෙක ම දුර්වලකිරීම. ඒ පක්‍ෂ දෙකට තමයි මෙරට ජාතිකත්වය අගයන ඡන්දදායකයන් වැඩි ප්‍රමාණයක් ඡන්දය දෙන්නෙ. ජාතිකත්වය දුර්වල කිරීමයි රනිල්ගෙ අරමුණ. මෛත්‍රිපාල තරම්වත් ජාතිකත්වයක් නැති විජේදාස නීතිය හරස් නොවන්න ශ්‍රී ල නි ප වැඩ බලන සභාපති.

 

පරගලයේ ප්‍රධාන අරමුණ වුණෙ සිංහල බෞද්ධ ජාතිකත්වය දුර්වල කිරීම. වසරක් පමණ පාර්ලිමේන්තුවට නෑවිත් සිටි රනිල් පාර්ලිමේන්තු ආවෙත් බටහිරයන්ගෙ අවශ්‍යතාවට. ඉරාන ජනාධිපති ඇවිත් ගිය පමණින් බටහිරයන් රනිල් අතහරින්නෙ නැහැ. රනිල් බලයට පත්කෙරුණේ බටහිරයන් විසින්. ඒත් ඉන්දියාව ප්‍රශ්නයක්.

 

ඉන්දියාව සජිත්ට පක්‍ෂ වේවි. ඒත් ස ජ බ යම් පිරිසක් ඉන්නෙත් රනිල් එක්ක. ටිල්වින්ලා ලාල්කාන්තලා සමන්ත උමාරත්නලා කොහේ හිටියත් රනිල්දාස ඉන්නෙ රනිල් එක්ක. රනිල් බලවත්. එහෙත් ඔහුට ජාතිකත්ව ඡන්දදායකයන් නැහැ. තවමත් ඔහුගෙ ප්‍රශ්නය එයයි. මොන දේශපාලනය යට ගියත් ජාතිකත්ව දේශපාලනය යට යන්නෙ නැහැ.

 

බටහිරයන් පරගලය මගින් පොහොට්ටුවත් ශ්‍රී ල නි පක්‍ෂයත් දුර්වල කර ඇති බව පැහැදිලියි. අද වන විට ඊනියා වාම දේශපාලනයක් නැහැ. සෙප්පන්ට කළ හැකි දෙයක් නැහැ. වමාලා දැන් වාම දේශපාලනය අත්හැරලා. අද සමසමාජ නව සමසමාජ පක්‍ෂ නැහැ. මොස්කව් කොමියුනිස්ට් පක්‍ෂය කියා එකකුත් නැහැ. අද ඒ පක්‍ෂය මෙහෙයවෙන්නේ චීනයෙන්. ලෙනින් සමරන්නේත් චීනයේ මැදිහත් වීමෙන්. චීන යුවාන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ජා ජ බ තවදුරටත් වමේ පක්‍ෂයක් නොවෙයි.

 

අද දේශපාලනයේ රනිල්ට එරෙහි ව බලවේගයක් ලෙස ඇත්තේ ජාතිකත්වය පමණයි. ජාතිකත්වයට නැත්තේ නායකත්වයක් පමණයි. බටහිරයන්ට කළ හැකි වූයේ ජාතිකත්වයට තාවකාලික ව නායකත්වයක් නැති කිරීම පමණයි.

 

@නලින් ද සිල්වා

Thursday 25 April 2024

kalaya.org

nalan mendis

නවතම ලිපි