SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජවිපෙට සහය දීමට ඉන්දියාව තීරණය කර ඇති බවක් පෙනේ. එම තීරණය ගැනීම සඳහා රට තුල මේ වන විට ගොඩනැගී ඇති තත්වය බලපා ඇත.

සාම්ප්‍රදායික ප්‍රධාන දේශපාලන දහරාවේ හිටපු මැති ඇමතිවරුන් හට මෙවර ඔවුන් සිතන පරිදි මිනිසුන් එකතු කල නොහැකි වනු ඇත. ඊට ප්‍රධාන හේතුව වන්නේ අනුග්‍රාහක සබඳතාවය බිඳ වැටී තිබීමයි. එනම්, ප්‍රාදේශීය වශයෙන් ගොඩනැගී ඇති නාගරික සහ ග්‍රාමීය ව්‍යාපාරිකයින් හට අනුග්‍රහය දැක්වීම කල නොහැකි වී තිබීම ප්‍රධාන හේතුවකි.

 

ජවිපෙ 2

 

ගල්, වැලි, පස්, ගස්, ලී, මැටි, මැටි, බොරළු වැනි ව්‍යාපාර... මාර්ග, පාලම්, බෝක්කු, පාරට විදුලිය... ප්‍රාදේශීය සභා සහ නගර සභා සභාපති වරුන් විසින් ගෙනගිය ප්‍රධාන අනුග්‍රාහක සම්බන්ධයක් වූ පොලීසිය වෙතින් ආරක්ෂාව සැලසීම (යම් කිසි වරදක් සිදු කල විට බේරාගැනීම, වාහන වැරදි සම්බන්ධයෙන්, ඉඩම් ආරවුල් වැනි... අසල්වාසීන් සමග රණ්ඩු වැනි බොහෝ කරනා තුල), ඉඩම් ඔප්පු-නිවාස සැලසුම්, කොන්ත්‍රක්ත්,... නව ව්‍යාපාර ආරම්භ කිරීම, පවතින ව්‍යාපාරයට ආරක්ෂාව ලබාගැනීම, රැකියා සහ රැකියා මාරුවීම්, වැනි සහ තවත් එවැනි බොහෝ කරනා තුල මෙවර ඡන්ද ව්‍යාපාරය දියත් කල නොහැකි තත්වයක් මේ වනවිට උද්ගතව ඇත. එබැවින් සාම්ප්‍රදායික ආසන සංවිධායකවරුන් හට මෙවර පිරිස් එකතු කල හැකි තත්වයක් නොමැත. මෙතුවක් කල් ජන රැලි ගොඩනැගුනේ මෙසේ එකතු කරගන්නා පිරිස් වටාය (එම අනුග්‍රාහක සම්බන්ධයන් තුල තම යැපුම් මාර්ග ගොඩනගාගත් විශාල ජන පිරිසක් ඇත). එබැවින් මෙවර රැස්වීම්, කාර්යාල, පෝස්ටර්, වැනි සක්‍රිය ක්‍රියාකාරකම් සඳහා සාම්ප්‍රදායික ප්‍රභූවරයා හට ගමන් කිරීමට නොහැකි උභතෝකොටිකයක් ජනිතව ඇත.

 

නමුත් මෙවර මාලිමාව වටා රොක් වී ඇති ඉහත සඳහන් කල ආකාරයේ පිරිස් බලාපොරොත්තු වනුයේ ද මාලිමාවේ ජයෙන් පසු එම සන්ධානයට ක්‍රියාශීලිව වැඩ කල තමන්හට එවැනි අනුග්‍රහයන් ලබාගත හැකි වීමයි. නොපැවැත් වූ පසුගිය පලාත්පාලන මැතිවරණයේදී එය දැකගත හැකි විය. ප්‍රධාන වශයෙන් එය විද්‍යාමාන වූයේ අපේක්ෂකයින්ගේ ඥාතීන් ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක වීම තුලය. එය බලය ලබාගැනීමෙන් පසු ජවිපෙට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ප්‍රතිවිරෝධයකි (ජවිපෙ ඇමති තනතුරු ලබාගත් 2004 ආණ්ඩුව සමයේ ගම් වල සිටි ජවිපෙ ප්‍රභලයින් විවිධාකාරයේ සුළු පරිමාන කූටක්‍රියා සිදු කරන ලදී).

 

WhatsApp Image 2024 02 15 at 17.10.02

 

චම්පික රණවක සාම්ප්‍රදායික ප්‍රභූන් බේරාගැනීමේ පලිහ ලෙස අභිෂේක කිරීමට නියමිත වුව ද ඔහු ඉතාමත්ම අසරණ වීමට නියමිතව ඇත්තේ ගොඩනැගෙන සන්ධානයේ මැතිවරණ යාන්ත්‍රනය දියත්කර ගත නොහැකි තත්වයක් තුලය. මේ බවක් තේරුම්ගෙන ඇති රනිල් විසින් මේ වන විට ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් බෙදා දීමට තීරණය කර ඇත. ඔහුට අවශ්‍ය වී ඇත්තේ කැලා ඉඩම් පවා බෙදා දීම තුලින් නැවතත් ප්‍රභල අනුග්‍රාහක දේශපාලන සම්බන්ධයක් ගොඩනගා ගැනීමයි. ලංකාවේ ඇත්තේ පවුල් ලක්ෂ 52කි. එවිට ලක්ෂ 20ක් ඉඩම් ඔප්පු ලබා දීම යනු ලංකාවේ ජනගහනයෙන් අඩක් පමණ ආවරණය වන පවුල් සංඛ්‍යාවකට ඉඩම් බෙදා දීමයි.

 

වතු ද්‍රවිඩ ජනයා හට ද ඉඩම් ලබා දීමට තීරණය කොට ඇත (ඒ තුලින් ඉදිරියේදී කඳුකර ප්‍රදේශ සහමුලින්ම වැනසෙනු ඇත). මේ විනාශය සිදුකරනුයේ බලය රැකගැනීම සහ සාම්ප්‍රධායික ප්‍රභූත්වය රැකගැනීම වෙනුවෙන්ය. එය කෙතරම් විශාල වුව ද රනිල්ට හෝ සාම්ප්‍රදායික ප්‍රභූත්වයට ඒ පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් නොමැත. එම ක්‍රියාවට ජ.වි.පෙ.ට හෝ පෙ.ස.ප.ට එරෙහි විය නොහැක්කේ "ජනතාව" ඔවුන් සමග වෛර බැඳගන්නා බැවිනි. "ජනතාවාදය" විසින් සැමවිටම ජනිතකරනුයේ අතිවිශාල ඛේදවාචකයන් සහ විනාශයන්ම පමණි. ඒ කෙසේ වෙතත් ඉඩම් බෙදා දීම තුලින් රනිල් ගසා ඇත්තේ ලෙහෙසි පහසු ගැටයක් නොවේ. ඉඩම් බෙදා දීම සාර්ථක කොට ගත හැකි වුවහොත්, ඉදිරියේදී මාලිමාවට දැනට ඇති ජන රැල්ල බැස යනු ඇත.

 

ජවිපෙ

 

මාලිමාවට ඇති ජන රැල්ල බැස යන තත්වයක් යටතේ ඉන්දියාවේ තීරණය පවා නැවත වෙනස් වනු ඇත. ඒ අනුව, ජවිපෙ විසින් ලංකාව සම්බන්ධයෙන් සැලකිය යුතු චීන මැදිහත්වීමකට ඉඩ ලබා නොදෙන්නේ නම් මැතිවරණ ජයග්‍රහණය ගැන වගබලා ගත හැකි බවට වන ඉන්දියාවේ පැහැදිලි පොරොන්දුව ඉදිරියේදී වෙනස් වනු ඇත.

 

උතුරු නැගෙනහිර ඡන්ද සහ වතුකරයේ ඡන්ද සම්බන්ධයෙන් ඉන්දියාවට ඍජු මැදිහත්වීමක් කල හැකිය. ඒ අනුව 25%ක් වන සුළු ජාතික ඡන්ද ප්‍රතිශතයේ ද්‍රවිඩ ඡන්ද ප්‍රමාණය තීරණය කිරීමේ හැකියාව ඉන්දියාව සතුය. ද්‍රවිඩ ඡන්ද ප්‍රතිශතය එසේ තීරණය වන විට වාසි පැත්තට හැරීමේ වෙළඳ උරුමය දරාගත් මුසොල්මානු ඡන්ද ද ඒ මත තීරණය වේ.

 

@ස්පාර්ටකස් ලිපි