SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේවායේ මෙච්චර යකඩ තියෙනවා කියල දැනන් හිිිිිිටියාද..?

ලංකාවේ කඩේ විකුණන බත් පැකට්වල මැල්ලුමක් අනිවාර්යෙන්ම තියෙනවා. අංක එකට තියෙන්නේ කීර කොටුවල වගා කරන මුකුණුවැන්න. මුකුණුවැන්න දැන් ජාතික මැල්ලුම වෙලා. ඊළගට තියෙන්නේ කංකුන්. ඉදල හිටල කතුරුමුරුංගා කොළ, ගෝවා කොළ එහෙමත් තියෙනවා.

අමු කොළ සලාදයක් විදියට කීර කොටුවල වගා කරන ගොටුකොළත් ඉදල හිටල බත් පැකට් එකක තියෙනවා. ලංකාවෙි සාමාන්‍ය ජනතාවගේ නිවෙස්වල සකස් කරන කෑම වේලෙත් ඔය කිවුව පලා වර්ග තමයි ජනප්රිය. මුරුංගා කොළ, කෙසෙල් මුව එහෙමක් තරමක් දුරට උයනවා.

WhatsApp Image 2024 02 11 at 08.54.17 1WhatsApp Image 2024 02 11 at 08.54.17WhatsApp Image 2024 02 11 at 08.54.18

 

අර මුලින් කිවුව වගාකරන මුකුණුවැන්න ගොටුකොළවල වස විස පැටිකිරියනම් අන්තිම සවුත්තුයි. ඒක එහෙමයි කියල කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය. ඔය කියන පළා වර්ග දෙකේ වස විස අන්තර්ගතය සීමා මායිම් පැනල ගොඩක් වැඩියි. මේ ලිංකුව ඔිපන් කරල බැලුවොත් ඒ් පැටිකිරිය බලාගත්තෑකි.

https://www.researchgate.net/publication/354606124_A_baseline_survey_on_food_safety_hazards_in_commonly_consumed_food_items_in_Sri_Lanka

හැබැයි, මොන පළා වර්ගයක් වුනත් දන්න කියන, දූෂිත නැති තැනක හැදෙන ඒ්වානම් කෑමට බොහොම ගුණයි. හැබැයි එළවළු පලා පළතුරු මස් මාලු මේ හැම කෑමකින්ම දවස ගානේ වර්ග ගොඩක් කෑවොත් තමයි හොද පෝෂණයක් ලැබෙන්නේ. ඒ්කට කියන්නේ ආහාර විවිධත්වය විචිත්රත්වය කියල. කෑම බීම අහස උසට ගණන් ගිහින් තියෙන මේ වෙලාවේ මේ යකා මරු කියවනවද කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ්ත් මන් මෙතන කියන්නේ කඩෙන් ගේන එළවළු  පලා වර්ග ගැන නෙවෙයි , බෙහෝ දෙනෙකුට තම ගෙවත්තේ වගා කර ගන්නට පුලුවන් එහෙමත් නැතිනම්, වටපිටාවෙන් අඩු වියදමකින් හොයා ගන්න පුලුවන් එළවලු පලාවර්ග ගැන.

ලංකාවේ සුලභව තියෙන ඒ්ත් වැඩි දෙනෙකු නිතර කෑමට ගන්ෙන් නැති පලා වර්ග කීපයක තියෙන ගුණ පෙහොසත්කම් ගැන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පස්චාත් කෘෂිකර්ම  විද්‍යා අධ්‍යනාංශයේ (Postgraduate Institute of Agriculture University of Peradeniya Sri Lanka)

පර්යේෂණ කණ්ඩායමක් කරපු අධ්‍යයනය වාර්ථාවක් පහත ලිංකුවේ තියෙනවා . ඒ්ක සහ ඒ් අධ්‍යයනයේදී අවදානයට ලක් නොවුණු හැබැයි වෙනත් විශ්වාසවන්ත මූලාශ්රවල තියෙන කරුණු කාරණා කියෙවුවාම ඔබට තේරුම් ගන්න පුලුවන් වේවි වස විස නැති පරිසරයක වගා කරන හෝ වැවෙන වැඩිය ජනප්රිය නැති පලා වර්ගවල හිතා ගන්නවත් බැරි මට්ටමක පෝෂණ ගුණයන් තියෙනව කියල. සමහර පලා වර්ගවල විටමින් වර්ග බහුලයි. සමහර ඒ්වායේ  ඛනිජ ලවන වර්ග බහුලයි. සමහර ඒ්වායේ ප්රෝටීන් බහුලයි. හරිම විවිධයි විචිත්රයි. මේ ජාති හැම එකක්ම කෑමට ගන්නවානම් ඔබේ පෝෂණය ගොඩ.

 

WhatsApp Image 2024 02 11 at 08.54.18 1WhatsApp Image 2024 02 11 at 08.54.19 1WhatsApp Image 2024 02 11 at 08.54.19

 

 

ලේ ධාතුව රකින යකඩ වැඩිම පලා වර්ග.

මේවායින් ඔබේ අවදානය යකඩ පධාර්ථය කෙරේ යොමු කරන්න කැමතියි. ඒ්කට හේතුව ලංකාවේ ගර්භනී අම්මලා දුවන් සහ විශේෂයෙන් අධ්‍යාපනය ලබන වැඩිවියට පත් ගැහැණු දරුවන් අතර බරපතල සහ සැලකිය යුතු පෝෂණ ගැටලුවක් ලෙස යකඩ ඌණතාවය හදුනාගෙන තිබීම ය.

 

යකඩ පධාර්ථය කෑමවලින් දවසකට ගන්න ඔින ප්රමාණයක් තියෙනවා.  ඒ් ප්රමාණය කාලයක් තිස්සේ ගත්තේ නැති වුනාම ලේවල ඒච්.බී. (හීමොග්ලොබින් ) ප්රමාණය අඩු වෙනවා. ඒ්ක නීරක්තියට බලපානවා. යකඩ අඩුවෙන ඒක සෞඛ්‍ය ප්රශ්න , ලෙඩ රෝග ගොඩකට හේතු වෙනවා .

කොච්චර යකඩ ඔීනද..?

යකඩ පධාර්ථය දවසකදී කෑමවලින් ගත්තොත්,

 

* පිරිමි ළමයෙකුටනම් මිලිග්රෑම් 8ක් 11 අතර ප්රමාණයක් (වයස අනුව)

* වැඩිවියට පත්වෙච්චි ගැහැණු දරුවෙකට මිලිග්රම් 15ක් විතර , *ආර්ථවහරණය නොවූ කාන්තාවකට දවසකට මිලිග්රෑම් 18ක්,

*ගර්භනී මවකට මිලිග්රෑම් 30ක් විතර

* වැඩිහිටි පිරිමියෙකුට මිලිග්රෑම් 8ක්,

*ආර්ථවහරණය සිදුවුණු ස්ත්රියකට මිලිග්රෑම් 8ක්

ආදි වශයෙන් යකඩ ඔින වෙනවා.

යකඩ පධාර්ථය මස් මාලු කිරි බිත්තර ධාන්‍ය ඇට වර්ග පලතුරු ආදි ආහාර වර්ග ගොඩකින් අඩු වැඩි වශයෙන් අපට ලැබෙනවා .

යකඩ බහුල ලාබෙට ගන්න පුලුවන් පලා වර්ග.

ලංකාවෙි එළවළු පලා වර්ග අතරින් යකඩ වැඩියෙන්ම තියෙන්නේ කෙසෙල් මුවවල, කෙසෙල් මුව ග්රෑම් 100 ක යකඩ මිලිග්රෑම් 56ක් විතර තියෙනවා. ඒ් කියන්නේ ඔබ දවසකදී කෙසෙල් මුව, වෑංජන බෙදන හැදි ඒකක් විතර කෑමට ගත්තොත් යකඩ මිලිග්රෑම් 18ක් විතර ලැබෙනවා.

කෙසෙල් මුව ළගට අපේ රටේ පලා වර්ග අතරින් යකඩ බහුලම පලාවර්ගය තමයි තම්පලා. තම්පලා මැල්ලුම් හැදි ඒකක යකඩ මිලිග්රෑම් 6ක් විතර තියෙනවා.

 එළවළු පලා පලතුරු, ඇට වර්ගවල තියෙන යකඩ ශරීරයට උරාගන්න එකත් ලේසි නෑ. කෑමට දෙහි ටිකක් ඒකතු කර ගත්තාම හරි, මස් මාලු බිත්තර කරවල හාල්මැස්සො ටිකක් හරි ඒකතු කර ගත්තාම යකඩ උරා ගන්න ඒක ලේසි කරගන්න පුලුවන් .

 

මල්ලුම් පලා වර්ග කිහිපයක (ග්රෑම් 100 ක) තියෙන යකඩ ප්රමාණයන් මෙසේය.

  • කෙසෙල් මුව - 56.4 mg https://www.jnmhs.com/html-article/19878
  • කොළ තම්පලා -20 mg
  • රතු තම්පලා - 15.6 mg
  • වෙල් ගොටුකොළ - 9.3 mg
  • සාරණ - 9.1 mg
  • වෙද මුකුණුවැන්න - 6.7 mg
  • කතුරුමුරුංගා කොළ - 6.4 mg
  • තෙබු කොළ - 5.5 mg
  • කඩේ මුකුණුවැන්න - 5.5 mg
  • අගුණ කොළ - 4.8 mg

WhatsApp Image 2024 02 11 at 08.54.20 1WhatsApp Image 2024 02 11 at 08.54.20

 

පෝෂණ ගුණයෙන් ඌණ සෞඛ්‍යටත් අහිතකර වෙන්න පුලුවන් වෙළද දැන්වීම්වල පිස්සුකෙලින සුරංගනා කෑම බීම රටාවකට වහවැටිලා, ඇබ්බැහි වෙලා ඉන්න අපි මහඉහළින් ඔලුවේ තියාගෙන ඉන්න බොහෝ කෑම බීමවල තියෙනවාට වඩා ප්රරතිඔක්ෂිකාරක, ඖෂධීය ශාක රසායනයන් සහ පෝෂ්‍ය පධාර්ථ මහ ගොඩක් ජනප්රිය පෝෂණ විද්‍යා පොත්පත්වල නැති  ස්වභාවික ආහාරවල තියෙනවා සහ ඒ්වා පරිභෝජනය කරන ප්රමාණයට සාපේක්ෂව අපගේ නීරෝගී යහපැවැත්ම රඳාපවතින බව තමයි නූතන විද්‍යාත්මක මතය.

‍‍

@ ගැමුණු සාලිය පෙරේරා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක .

දෙහිවල ගල්කිස්ස මහානගර සභාව

nalan mendis

නවතම ලිපි