SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වෘත්තියෙන් නීතීඥවරියක් වූ Subhashini Wipfler යනු ජර්මනියේ Global Centre for Monitoring Political and Economic Crimes in Sri Lanka Kraichtal ආයතනයේ විධායක අධ්‍යක්ෂවරියකි. ජර්මනියේ පිහිටුවා ඇති  දේශපාලන සහ ආර්ථික අපරාධ අධීක්ෂණ ගෝලීය මධ්‍යස්ථානයේ සිට ඇය ලංකාවේ පසුගිය කාලය තුළ සිදුවූ බොහෝ සිදුවීම්වලදී ක්‍රියාකාරීව මැදිහත් පාර්ශ්වකරුවෙකු වශයෙන් කටයුතු කර ඇත. 

මේ ඇය විසින් ඉදිරිපත් කළ ලිපියකි...

 

පොලීසිය හා පන්සල ආර්ථික ඝාතකයන්:

ගොඩාක් දෙනෙක් කැමතියි තමන් කැමති නායකයා,දේශපාලන දර්ශනය තමන්ගේ රටේ ස්ථාපිත වෙනවා නම්. විවේචන කරන්නෙම නැහැ. කරන කෙනාටත් සෑහෙන්න වෛර කරනවා.ගොඩක් දෙනෙක් පිලි නොගන්න එක තමයි,කොහොම හරි කැරකි කැරකි මේ ඉන්න හැමෝම වසර 50,40,30,20,10 බැගින් මේ දේශපාලනයේ පක්ෂ විපක්ෂ,මුක්කු සභාග වල හිටපු බව.හැම විනාශයකට ම දායක වෙච්ච බව හා අළුත් අදහස් ක්‍රමවේද මේ දුපතේ ඔය දේශපාලනයේ ඇට්ට කුණා වෙමින් ඉඳලා අරහං බව. එහෙම රටවල් වෙනස් කරන්න ඕන මහා අරමුණ මේ ම්නිස්සු ළඟ තිබුණා නම්..මේ වෙනකොට ඒක කරන්න තිබුණු බව. අනිත් හැමෝටම වගේ ඔය දේශපාලනයේ ඉන්න මිනිස්සු හිතන්නේ තමන් යැපෙන්නේ කොහොමද කියන එක ගැන. දැන් 50 කට වැඩි පිරිසක් ඉන්නවා 2024 මුල වගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් පෙන්ෂන් අහිමි වෙන.එයාලා කොහොම හරි අපිට පේන්න චන්ද දියව් කියනවා. යටින් යටින් ,අනේ පාර්ලිමේන්තුව නම් විසුරුවන්න එපා කලින්,අවුරුදු 5 සම්පුර්ණ වෙනකම් ඉන්න කියනවා.

මේ රට මේ ක්‍රමයට ගෙනියන්න කාට ඕන වුණත් මෙයින් ඉදිරියට එහෙම යන්න තත්ත්වයක් නැති වෙනවා.අපි අවුරුදු තුනක් තිස්සේ කියන කතාව හර්ෂ ඩී සිල්වා ඊයේ කියලා තිබුනා..අපි ආසියාවේ ඉන්න දුර්වලම ආර්ථිකය තිබෙන රට.මේ පසුවෙන්නේ ආසියාවේ සහශ්‍රකය.වසර සිය ගණනකට පස්සේ ආසියාවේ ආපු ස්වර්ණමය යුගය. ඒ ස්වර්ණමය යුගයෙන් කාන්දුවක් වත් ගන්න, සැලසුමක් නැතිව අපි යන ගමන බලාගෙන ඉන්නකොට ඇත්තටම දුක හිතෙනවා.කේන්ති එනවා.ඩීල් කාරයෝ එක්ක කේන්ති එනවා.පාර්ලිමේන්තුවේ කතා වෙන දේවල් හැසිරීම දැක්කම මේ කපේ නම් රට ගොඩ යයි කියලා හිතෙන්නේ නැහැ.කොහොම නමුත් වෙනසක් කරන්න කියලා ඉදිරිපත් වෙලා ඉන්න චරිත ටිකගේත් ගෝ එකක් නැහැ ඉගෝ එකක් හැර.

 

මිහින්තලේ චාදු ගේ බයිලා ටික ඔක්කොම දේශබන්ධුගේ පත් කිරීමෙන් එළියේ.හරියට මොණරා පිල් විදහාගත්තා වගේ.අපරාදේ සජිත් ගෙවපු ලයිට් බිල.වලහා ටයි දේශබන්ධුටයි ගොඩාක් සමානකම් තිබෙනවා.දේශබන්ධු නීතීය ආරක්ෂා කරන තැන ඉඳලා කරන අවනීතික වැඩයි, වලහා චීවරේ දාගෙන කරන පාපතර වැඩයි එකම සමාන්තර රේඛාවක.හදිසියේ සිවුර කරට අරන් මතුවෙන ඕනෑම තක්කඩියකු අයිති වන්නේ එකම කඳවුරට.මිහින්තලේ චාදු මිහින්තලේ ආර්ථිකය ගිලගෙන ,අයිතිකරගෙන ඉන්නේ.ඔහුගේ බැංකු ගිණුම් වල තත්ත්වය දන්නා කෙනෙක් මයි සහෝදරිගේ පුතා සමග විවාහ වුණේ.එයා මිහින්තලේ බැංකුවක සේවිකාවක්.එයා ගෝල්ඩ් ඩිගර් කෙනෙක් වෙලා සියල්ල පාලනය කරමින් ඉන්නවා.අයිතිහාසික කටු සෑය පවා භුක්ති විඳින්නේ දුෂණය වංචාව ගැන සිවුර කරට අරන් බණ කියන වලහා චාදු.

 

කොළඹ දිසාවෙන් පවරපු මත්කුඩු නඩු වලින්, පවරපු නඩු 900 කින් 800 ක් ම බොරු නඩු.හෙරොයින් වෙනුවට පෙනඩෝල් නඩු කියලා රස පරික්ෂක දෙපාර්තමේන්තුව කියනවා. ටිරාන් කුඩු කාරයෝ මට්ටු කරන්න කියලා පොලිස්පති තනතුරට ගෙන ආපු දේශබන්ධු දැන් කාලයක් තිස්සෙම ඉන්නේ මත්ද්‍රවය අංශ භාරව,කොළඹ දිශාව භාරව. පොලීසිය දුෂිත විතරක් නෙවෙයි දේශබන්ධුගේ මැදිහත් වීමෙන් සුවිසල් ආර්ථික ඝාතකයකු ලෙස ක්‍රියාත්මක වෙනවා. බොරු නඩු 800 ක් වෙනුවෙන්,බොරු සිරකරුවන් 800 ක් වෙනුවෙන් , විනිසුරු වැටුප් වෙනුවෙන්, බී වාර්තා ටයිප් කරන යතුරු ලියනයේ සිට පොලීසියේ සේවක මුදල් පවා මහා පරිමාණ අවබාවිතාවක් තමයි දේශබන්ධු කොළඹ දිශාවේදී මේ වෙනකම් කරලා තියෙන්නේ.අධිකරණය නොමග යැවීම අධිකරණයට අපහාසයක්. නඩු 800 ක් බොරු නඩු දාලා අධිකරණය අන්දලා තිබෙන තිබිල්ල. මේ නඩු වලට පටලවපු අය පාතාලයේ කියලා මහා මගදී මරලා දාලත් තියෙන්නෙම මේ නඩු පවරපු විදියටම තමයි. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වලට යන වියදම් 800% ගුණයක් වැඩි කරලා තියෙන්නේ ටිරාන් ගේ අතිදක්ෂ දේශබන්ධුගේ පොලිස් ගෝලයන්ගේ බොරු නඩු.

 

ඒ නිසා පොලීසිය B වාර්තාවල ලියන,මාධ්‍ය වලට දෙන ඕනෑම නඩුවක ක්‍රෙඩිබිලිටි එක ඍන.පොලීසිය මිලියන 22 ක ජනතාවක් ඉන්න රටේ 800% ගුණයක් අපරාධ තිබෙන රටක් බවට පත් කරලා ලෝකයේ නරකම රටක සංඛ්‍යා ලේඛන වලට සමාන කරලා රටේ ඉමේජ් එක විනාශම කරලා දාලා. දේශපාලකයාට , විධායකයට පොලීසිය නිවැරදි කරන්න අවශ්‍ය නම් ..ඔවුන් මීට වඩා වෙනස් වෙන්න ඕන. වෙනස් විදියට වැඩ කරන්න ඕන. එහෙම කව්රුත් පොලීසිය නම් හදන්න යනවා මේ ජිවිත කාලේ දැක්කෙම නැහැ. පොලිස් පතිට දැන් පොලිසියෙන් දාන්න සුදුස්සෙක් නැතිනම්,පරිපාලන සේවයෙන් දක්ෂ නිලධාරියෙක් පත් කරන එක තමයි සුදුසුම. එතනදී අඩුම තරමේ මේ ජනතා පීඩක පොලීසියේ බොරු නඩු ටික හරි අඩුවෙයි කියලා හිතෙනවා.පේන මානයක නිවැරදි මිනිහෙක් පොලිසියේ නැහැ වගේම රටට වගේම පොලීසියට විසඳුමකුත් නැහැ.

 

 

අහිංසක මිනිස්සු පොලීසිය කියන නිල චන්ඩි,නිල පාතාලය නිසා පීඩාවට පත්වෙනවා.මේ සියල්ල නිවැරදි කරන්න දැන් තමන්ගේ තියෙන හය්යෙන් 225 කව්රු හරි කට අරිනවා ඔබ අහලා තිබෙනවද? අලුතෙන් වෙනස්කම් අවශ්‍ය නැහැ,ඔවුන් මේ රට නිවැරදි කරන්නේ නැහැ.ඔවුනට ඕන අපේ රට හැමදාම දුප්පත්,අපරාධ කාරයෝ ,කුඩු කාරයෝ වැහි වැහලා ඉන්න,මෙලෝ රහක් නැති රටක් හැටියට තියාගන්න.අපිව අත්අඩංගුවට අරන් ඉදිරි පරපුර තවත් විනාශ කරන්න දෙනවද? සම්පුර්ණ හා ක්‍රමයේ වෙනසකට යන්න ජනතාව සුදානම් ද?

 

@Subhashini Wifpler