SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතීන්ගේ විද්‍යාත්මක කවුන්සිලයේ  (IPCC) නිර්ණායකයන්ට අනුව ලෝකය දේශගුණික විපර්යාස වලින් ගැලවීමට නම් එක් පුද්ගලයෙකු විමෝචනය කළයුතු වාර්ෂික කාබන් ප්‍රමාණය පිළිබඳව සහ

එම කාබන් ප්‍රමාණය ලෝකයේ රටවල් ලබාගෙන ඇති  ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක විද්‍යාත්මක විශ්ලේෂනයක් ඉදිරිපත් කරයි.

 

ඔහු කියන්නේ ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී ලංකාවට හිමි කාබන්  ප්‍රමාණයක් අපට නොදන්වා ජපානය, එක්සත් ජනපදය, යුරෝපයද චීනයද ලබාගෙන ඇති බවය.

 

ඔහුට අනුව ඒ මෙසේයි.

 

WhatsApp Image 2023 11 22 at 21.14.30

 

එක්සත් ජාතීන්ගේ විද්‍යාත්මක කවුන්සිලය (IPCC) කියන ආකාරයට ලෝකය දේශගුණික විපර්යාස වලින් ගැලවීමට නම් එක් පුද්ගලයෙකු විමෝචනය කළයුතු වාර්ෂික කාබන් ප්‍රමාණය - 2.1 Tons

ලෝකයේ දැනට එක් පුද්ගලයෙකු පිට කරන කාබන් ප්‍රමාණය - 4.69 Tons

පැරිස් කණ්ඩායම ඇතුළු දියුණු කණ්ඩායම් වල විමෝචනය - 8.3 Tons

චීනයේ ඒක පුද්ගල විමෝචනය - 7.6 Tons

ලංකාවේ ඒක පුද්ගල විමෝචනය - 1.1 Tons

එහෙයින් ලංකාවට තවදුරටත් ලෝක සම්මුතියට අනුව එක් පුද්ගලයෙකුට භාවිතා කළ හැකි වාර්ෂික කාබන් ප්‍රමාණය - 1 Tons

එනම් මිලියන 22 ජනතාවට මිලියන 22 Tons

නමුත් අපගේ විමෝචන හැකියාව ඉහත පැරිස් සමුළුවේ රටවල් (ජපානය, එක්සත් ජනපදය, යුරෝපයද ඇතුලත්ව) මෙන්ම චීනයද අපට නොදන්වා ලබාගෙන ඇත. ඉන්දියාව තවමත් ඒ කාණ්ඩයට ලඟා වී නැත.

එහෙයින් කාබන් අය - වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇත.

දැනට කාබන් 1 Tons ක් අලෙවි වන්නේ ඩොලර් 6 - 10 අතරය.

මේ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් දායකත්වය ඩොලර් මිලියන 132 - 220 අතරය.

1991 සිට ගත් කළ ඩොලර් මිලියන 3900 - 6600 අතරය.

 

ලංකාවේ විදේශ ණය වලට ඉහත රටවල් මේවා හිලව් කළ යුතුය.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ ඉන් අනතුරුවය.

 

සම්පූර්ණ කතාව පහතින්...