SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ තකහනියක් මාලදිවයිනට ගිහින්. ඒ එරට ජනාධිපති දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමට.

මාලදිවයිනේ වැසියන් අටවැනි සියවසේ පමණ ලංකාවෙන් එහි ගිය සිංහල බෞද්ධයන්ගෙන් පැවත එන්නන් බව කියැවෙනවා. ඔවුන් පසුව ඉස්ලාම් ආගම අදහන්න පටන් අරන්.

 

ඔවුන්ගේ බස දිවෙහි බස නමින් හැඳින්වෙනවා. එය සිංහල බසෙහි විකාශයක් ලෙසයි කියැවෙන්නේ. එහි සංඛ්‍යා ද්විදශම පාදය මත පදනම් වෙන බව කියැවෙනවා. ඒ කියන්නේ දහය වෙනුවට දොළහ පදනම් කර ගත් සංඛ්‍යා ක්‍රමයක්. ඒ ක්‍රමයෙහි දහතුනට කියන්නෙ දොළොස් එක කියා. සිංහලයන් අතර දැන් නැතත් කලකට පෙර ඒ ක්‍රමය තිබී තියෙනවා. අප තවමත් සුවිසි විවරණ දහඅට රියන් පිළිම වහන්සේ හැට පැය තුන්තිස් පැය ආදී වශයෙන් ව්‍යවහාර කරන්නේ දොළහ අපෙත් පදනම වී ඇති බැවින්.

 

mohomad muizu 1

ජනාධිපති මොහමඩ් මුයිසු

 

එහෙත් රනිල් මාලදිවයිනට ගොස් ඇත්තේ ඒ සම්බන්ධකම් නිසා නොවන බව පැහැදිලියි. එරට අලුතෙන් පත් වී ඇති ජනාධිපති මොහමඩ් මුයිසු හිටපු ජනාධිපති මොහමඩ් සෝලි මෙන් නොව ඉන්දීය විරෝධියෙක්. මුයිසු චීනයට පක්‍ෂපාති අයෙක්. රනිල්ටත් ඉන්දියාව අකමැතියි. චීනයට හම්බන්තොට වරාය බදු දිම නිසා ඉන්දියාව රනිල් විශ්වාස කරන්නේ නැහැ. රනිල්ගේ මාලදිවයින් ගමන වැදගත් වන්නේ එබැවින්.

 

රනිල් හා ඉන්දියාව අතර විරසකයක් ඇති වී තිබෙන නමුත් ඔහු බටහිර නියෝජිතයා. බටහිර හා ඉන්දියාව අතර යම් සුහදතාවක් ගොඩ නැගිලා තියෙනවා. අද ඉන්දියාව සිය මුස්ලිම් විරෝධයත් සමග ඊශ්‍රායලයට පක්‍ෂපාතීත්වයක් දක්වනවා. රනිල් ඊශ්‍රායලය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ වෙනත් ප්‍රතිපත්තියක්. ඒ අතර ක්‍රිකට් සම්බන්ධයෙන් ගත් කල මෙරට ක්‍රිකට් ඉන්දියාව විසින් මෙහෙයවෙනවා. එහි දී රනිල් ඉන්නේ ඉනදියාව සමග බව ඔහුහේ හැසිරීමෙන් පේන්න තියෙනවා. මේ සම්බන්ධකම් ඉරක් ගසා මේ අය මේ පැත්තේ එ අය ඒ පැත්තේ කියා වර්ග කරන්න බැහැ.

 

 

 

එහෙත් අද ලෝක බලවතකු බවට පත්වීමට වෙර දරණ ඉන්දියාව පැහැදිලිව ම කලාපීය බලවතා. ඔවුන් වැඩ කරන්නේ ඉන්දියන් සාගරය ඉන්දියාවේ සාගරය කියා සලකමින්. අද ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලින් එංගලන්තය බටහිර ඉන්දීය කොදෙවු නෙදර්ලන්ත වැනි රටවල් කිහිපයක් හැරුණු විට අනෙක් රටවල් ඉන්දියන් සාගරය හා සම්බන්ධයි. ක්‍රිකට් දැන් ඉන්දියන් සාගරයේ ක්‍රීඩාවක් බවට පත් වෙලා. ඉන්දියාව අද ලෝකයේ ක්‍රිකට් බලවතා.

 

 

 

2024 ජනාධිපතිවරණය පවත්වනවා ද නැද්ද යන්න දැන් ම කියන්න බැහැ. ඒ තීරණය කෙරෙන්නේ රනිල් විසින්. ජනාධිපතිවරණයක් පැවැත්තුවොත් එහි දී ඉන්දියාව රනිල්ට සහාය දෙන එකක් නැහැ. වෙල්ලාලයන් අවසානයේ දී ඉන්නේ ඉන්දියාව සමග මිස රනිල් සමග නොවෙයි.

 

mohamed 2

 

ජනාධිපතිවරණයක් තිබ්බොත් ඉන්දියාවේ අනුග්‍රහය ලබන අපේක්‍ෂකයා කවුරුන් විය හැකි ද? ඊයේ පැවති ඩී ඒ රාජපක්‍ෂ ගුණ සමරුවේ අනුස්මරණ දේශනය පැවැත්තුවේ මා තරමක් දන්නා මහාචාර්ය දනන්ජය ගම්ලත්. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්යවරයෙක්. ඔහු කතා කෙළේ ඉන්දු ලංකා සබඳතා ගැන. ඔහුට අවශ්‍ය වුණේ මූලික වශයෙන් ම ලංකාව හා දකුණු ඉන්දියාව අතර සමීප සම්බන්ධතාවක් ඇති බව පෙන්වීමට. ඔහු කාලිංගය ද (වත්මන් ඔඩෙස්සාව) දකුණු ඉන්දියාව ගොඩට දැම්මා!

 

ඔහු කතාව අවසන් කෙළේ පහුගිය කාලයේ ඉන්දියාවෙන් ලැබුණු ආධාර ගැන ද කතා කරමින් උතුරු වසන්තය හා නැගෙනහිර නවෝදය වැඩ පිළිවෙළ නිමා කරන්න බැසිල් රාජපක්‍ෂට ඒ ආධාර උපකාර වූ බව ද සඳහන් කරමින්. ඔහු අවසානයේ බැසිල්ගේ ව්‍යාපෘතියට ජය ප්‍රාර්ථනය කළා. ඒ ව්‍යාපෘතිය කුමක් ද කියා පැහැදිලි නැහැ. එහෙත් එන පොට හොඳ නැති බව නම් තේරුම් ගියා. ඉදිරි ජනාධිපතිවරණයක දී ඉන්දියාවේ අනුග්‍රහය ලබන්නාත් රනිලුත් පරාජය කරන්නේ කෙසේ ද?

 

 

@Nalin De Silva