SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“මමත් මේ වේදිකාවේ සිටින සෑම කෙනෙක්මත් ජනතාව හමුවේ ශපථ කොට කියා සිටින්නේ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින් හෝ කඩනොකරන බවයි.

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට නම්, පළමුවෙන්ම බලය ලබාගත යුතුයි. අපි සෑමදෙනාම මේ වැඩ කරන්නේ ඒ වෙනුවෙන්. මේ ව්‍යසනයෙන් ගොඩඒමට අපි තනි තනිව කොතරම් පොර බැදුවත් ගොඩ එන්න බැහැ. එයින් ගොඩ ඒමට නම් අපි සියලු දෙනාම සාමූහිකව පොර බදන්න ඕනෑ.

 

මේ විනාශකාරී දේශපාලන අධිකාරිය වෙනුවට යහපත් දේශපාලන අධිකාරියක් බලයේ පිහිටුවන්න ඕනෑ. ජාතික ජන බලවේගය යනු යහපත් පාලනයක් ගොඩනැගීම සඳහා පිහිටුවා තිබෙන එකම දේශපාලන ව්‍යාපාරයයි.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

 

ඔහු මේ බව පැවසූවේ ඊයේ (12) පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව අමතමිණි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක,

 

“මෙතෙක් දේශපාලනයේ නොයෙදුණු මෙවැනි පිරිසක් ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවක් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් දේශපාලකයන් විසින් අපේ රටත් ජනතාවත් විශාල ව්‍යසනයකට ඇදදමා තිබීම නිසා මේ සියලු දෙනාට දේශපාලනයේ ක්‍රියාකාරීව නියැලෙන්න සිදුවී තිබෙනවා. භාණ්ඩාගාරය පතුළටම හින්ඳවා තිබීම, නීතියක් නැති රටක් බිහිකර තිබීම, අපරාධකරුවන් නිදැල්ලේ සිටීම වැනි තත්වයන් දේශපාලනඥයන් විසින් මෙතෙක් රට පාලනය කිරීමෙන් ලබාදී තිබෙන විනාශකාරී ප්‍රතිඵලයි. මෙයින් රට ගොඩගැනීමට නම් අනිවාර්යයෙන්ම ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට සිදුවී තිබෙනවා. මේ ව්‍යසනයෙන් ගොඩඒමට අපි තනි තනිව කොතරම් පොර බැදුවත් ගොඩ එන්න බැහැ. එයින් ගොඩ ඒමට නම් අපි සියලු දෙනාම සාමූහිකව පොර බදන්න ඕනෑ. මේ විනාශකාරී දේශපාලන අධිකාරිය වෙනුවට යහපත් දේශපාලන අධිකාරියක් බලයේ පිහිටුවන්න ඕනෑ. ජාතික ජන බලවේගය යනු යහපත් පාලනයක් ගොඩනැගීම සඳහා පිහිටුවා තිබෙන එකම දේශපාලන ව්‍යාපාරයයි. එය වටා ඔබ එකතු වී සිටින්නේ ඒ යහපත් දිසාවට මේ රට වෙනස් කරන්නයි.

 

ජනතාව මේ දක්වා කොතරම් රැවටීමට ලක්වී තිබෙනවාද? මහජනතාව එකතු වී ආණ්ඩුවක් පිහිටුවා අවුරුදු කිහිපයක් යන විට තමන්ට වැරදී ඇති බව තේරුම් ගන්නවා. 2019 ජනාධිපතිවරණයට හමුදාවේ සිටි රාජපක්ෂ කෙනෙක් එනකොට නිවැරදි තීරණයක් ගත් බවට කල්පනා කළත්, කෙටි කාලයකින්ම ජනතාව තේරුම් ගත්තේ “අනේ අපොයි අපට මේ මොකක්ද වුණේ!” කියලයි. අනෙක් කණ්ඩායම් කෙරෙහි විශාල අපේක්ෂාවකින් සිටි ජනතාව ඔවුන් අත්හැර විශාල වශයෙන් අප කෙරෙහි යොමු වෙමින් සිටිනවා. ඔවුන්ගේ අපේක්ෂාවන් දශමයකින්වත් කඩකරන්න අපිට අයිතියක් නැහැ. මමත් මේ වේදිකාවේ සිටින සෑම කෙනෙක්මත් ජනතාව හමුවේ ශපථ කොට කියා සිටින්නේ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින් හෝ කඩනොකරන බවයි. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට නම්, පළමුවෙන්ම බලය ලබාගත යුතුයි. අපි සෑමදෙනාම මේ වැඩ කරන්නේ ඒ වෙනුවෙන්.

 

ලෝකයේ ශිෂ්ටාචාරය ගමන් කිරීමත්, සමාජ පරිවර්තනයන් සිදුවීමත්, දශක ගණන්වලින්, සියවස් ගණන්වලින් හෝ වසර දහස් ගණන්වලින් සිදුවෙනවා. අපි අපේක්ෂා කරන්නේ සුපුරුදු පරිදි ගලාගෙන යන දේශපාලනය නොවෙයි. එක පාලකයෙක් වෙනුවට ඒ පාලක කණ්ඩායමේම වෙනත් කෙනෙකුට බලය ලබාදීම විසඳුම නොවෙන බව හැමදෙනාම පිළිගන්නවා. අවසන් වරට 2019 පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභයත්, සජිත් ප්‍රේමදාසත් වේදිකාවේ දෙකට බෙදී ගහගත්තා. ගෝඨාභය වේදිකාවල කීවේ මහ බැංකුව කොල්ල කෑව රනිල් වික්‍රමසිංහලා හිරේ දාන්න, රනිල් විකුණු හම්බන්තොට වරාය නැවත පවරා ගන්න, පාස්කු ප්‍රහාරය සිදුවෙන්න ඉඩ හැරීම වැනි දේවල් සඳහා දඬුවම් කරන්න බලය ඉල්ලුවා. ජනතාව ඒ බලය දුන්නා. දැන් සිදුවී තිබෙන්නේ ගෝඨාභයට බලයට ගේන්න ලබාදුන් ඡන්දයෙන්, රනිල් එලවන්න ගැසූ ඡන්දයෙන් රනිල් බලයට ගෙන ඒමයි. මෙහෙම දේවල් වෙන්නේ කොහොමද? සුපුරුදු පරිදි පාලක කණ්ඩායම්වලට වේදිකාවේ සතුරන් ලෙස තවදුරටත් පෙනී සිටීමට නොහැකි වීමයි. පාලක කණ්ඩායම්වලට තවදුරටත් ඒ පාලනය පවත්වාගෙන යා නොහැකි පරිදි ඉහළින් අර්බුදය මෝරා තිබෙනවා. ඒ වගේම ජනතාවටත් සුපුරුදු පරිදි තවදුරටත් තමන්ගේ ජීවිත පවත්වාගෙන යාමට නොහැකි පහළින් මතුවෙන අර්බුදයත් මෝරා තිබෙනවා. ඒ කියන්නේ සමාජ පරිවර්තනයක් සඳහා ජාතික ජන බලවේගයට අවස්ථාවක් උදාවී තිබෙනවා.

 

අනෙක් පැත්තෙන් පාලකයන් මේ බලය දාලා යන්නේ නැහැ. ඔවුන්ට අහිමි වෙන්න බොහෝ දේ තිබෙනවා. ඔවුන්ගේ පරම්පරාවල් රජකරවීමේ අවස්ථා අහිමි වෙනවා. නීති විරෝධී ලෙස උපයාගෙන තිබෙන ධනය අහිමි වී ඒ අපරාධවලට දඬුවම් විඳින්න සිදුවෙනවා. ඔවුන් වටා සිටින දූෂිත වළල්ලට ව්‍යාපාර අහිමි වී ඇත්ත ව්‍යාපාරිකයන්ට අවස්ථාව උදාවෙනවා. බලය අහිමි වෙන්නේ රනිල් වික්‍රමසිංහලාට පමණක් නොවෙයි. දූෂිත වළල්ලේ පැවැත්මත් අහෝසි වෙනවා. දූෂිත නිලධාරී සුළු පිරිසටත් බලය අහිමි වෙනවා. ඔවුන් සියලු දෙනා එක්වී අපට විරුද්ධව සියලු දුෂ්ටකම් කරන ධන බලය, මාධ්‍ය බලය, රාජ්‍ය බලය, එකට ඒකරාශී වෙනවා. ඒ බලයට එරෙහිව අපට තිබෙන්නේ මහජනතාවගේ බලය. ඒ මහජනතාවගේ බලය අපි ඉතා හොඳින් සංවිධානය කරන්න ඕනෑ. තමන්ට පෞද්ගලිකව කිසිම දෙයක් අපේක්ෂාවෙන් කිසිම කෙනෙක් මේ වේදිකාවට ගොඩවෙලත් නැහැ, මේ අවස්ථාවට සහභාගී වෙලත් නැහැ. හැමෝම ඒකරාශී වී සිටින්නේ යහපත් දේ වෙනුවෙන්.

 

 

එක්සත් ජනපදයේ සුරක්ෂිත ජීවිත ගතකරන ශ්‍රී ලාංකිකයන් ඔවුන් කොපමණ ඉහළ පහසුකම සහිත ජීවිතයක් ගත කළත්, ලංකාවේ අලුත් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. මම එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකිකයන් හමුවීමට ගොස් සිටි කාලයේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු එහෙ ගිහින් හිටියා. නමුත් ඒ කිසිවෙකුත් එක්සත් ජනපදයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් මුණගැසී තිබුණේ නැහැ. අපි විදේශගත ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරමින් සිටිනවා.

 

 

ඒ වගේම තවත් ප්‍රබලම කණ්ඩායමක් ලෙස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සංවිධානය කර තිබෙනවා. මෙතන රැස්වී සිටින බොහෝ දෙනෙකු ජීවිතය අනූනමයෙන් බේරා ගත් අයයි. ඒ වගේම ආබාධිතයන් වූ අයයි. ඔබ සියලු දෙනාම මරණය දැක දැක තමන්ගේ වෘත්තියේ නියැලුණු අයයි. ඒ නිසා අනෙක් සියලු බලවේගයන්ට වඩා ඔබ ජාතික ජන බලවේගයට සුවිශේෂී කියලා අපි කල්පනා කරනවා. අපි විතරක් නොවෙයි පාලකයිනුත් ඒ බව කල්පනා කරනවා.

 

ඒ නිසා අනෙක් සියලු සංවිධාන පිහිටුවීමට වඩා වැඩි බාධාවන් ප්‍රමාණයක් මේ කෙරෙහි සිදුකෙරෙමින් පවතිනවා. සම්පත් තුයියකොන්තා මහත්මාට කඳවුරු වහන්න නියෝග කළත් අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය පරාජය කිරීමේ අවසන් අදියරටම පැමිණ සිටිනවා. ගෝඨාභයගේ ඉතිරි වුණු කොටේ අදින්න ජනතා බලයක් නැති රනිල් වික්‍රමසිංහට සිදුවී තිබෙනවා. ජාතික ජන බලවේගයට සහයෝගය දීම නිසා යම් අයෙකුට විශේෂ අසාධාරණයක් සිදුකරනවා නම්, එයට එරෙහිව සාමූහික ලෙස සටන් වදින කණ්ඩායමක් හැටියටයි අපි වැඩකරගෙන යන්නේ. ආණ්ඩුවේ කුඩා කුඩා කෙනෙහිලිකම් හමුවේ පැන දුවන කණ්ඩායමක් ලෙස නොවෙයි ඔබ සැම ජාතික ජන බලවේගයට සම්බන්ධ වී සිටින්නේ. රනිල්ගේ කෙනෙහිලිකම්වලට බය නම් මේ කිසිවෙක් මෙතට සහභාගී වෙන්නේ නැහැ.

 

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය තවදුරටත් ගම්මට්ටමින්ම ගොඩනඟන්න ඕනෑ. මේ රට ගොඩනඟන්න නම්, විනයක් සහිත මිනිසුන් ඕනෑ. එවැනි මිනිසුන් සිටින තෝතැන්නක් තමයි මේක. ධෛර්යවන්ත මිනිසා, විශ්වාසවන්ත මිනිසා, විනයක් සහිත මිනිසා හමුවන්නේ ඔබ අතරින්. ජාතික ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණවලට සුවිශාල කාර්යභාරයක් ඔබට පැවරී තිබෙනවා. නමුත් ඇතැම් අය ඡන්දයක් දෙයිද කියන ප්‍රශ්නය මතුකරනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ පටන් ගත් කිසිම වැඩක් ඉවර කළ කෙනෙක් නොවයි. හැමදාමත් බාගයකට යන කොට ඇන ගත්ත කෙනෙක්. එක්සත් ජාතික පක්ෂය පසුගිය මහා මැතිවරණයේදී බින්දුවට වැට්ටූ නායකයෙක්. 2015 වන විට තිබුණු ණය කන්ද වගේ දෙගුණයකට වඩා වැඩි ණය කන්දක් 2019 වනවිට ගොඩගැසූ කෙනෙක්. මේ වෙලාවේ මහින්ද රනිල්ට පුටුව දුන්නේ දක්ෂයෙක් නිසා නොවෙයි; නාමල්ට අවස්ථාව සලසා ගන්නා තුරුයි. ලබන ඔක්තෝබර් 17ට පෙර ජනාධිපතිවරණය පැවැත්වූවහොත් රනිල්ට ඒ දක්වා සිටිය හැකියි. ජනාධිපතිවරණයට වෙට්ටු දාන්න ආවොත් ඊට කලින් යන්න වෙනවා. ලබන අවුරුදුදේ මේ කාලය වනවිට අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක් එනවා. ඒ අලුත් ආණ්ඩුව, අලුත් පාලනය ජාතික ජන බලවේගයෙන් පිහිටුවීම අපි සියලු දෙනාගේ වගකීමයි.

 

අපි සියලුම දෙනාට පැවරී තිබෙන්නේ කඩා වැටුණු රට ගොඩනැගීමයි. අපේ පාලනයක් යටතේ රටේ පුරවැසියන්ට නොලැබෙන කිසිවක් පාලකයාට නොලැබෙන ආදර්ශය ඉහළ සිටම ලබාදෙනවා. පොදු ජනයාටත් පාලකයටත් එකසේ වලංගු වන නීතියක් ක්‍රියාත්මක කරනවා. අපි ඔක්කෝම එකාවන්ව පොර බදා රට ගොඩනඟන පාලනය තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියන්නේ. මේ රට කඩා වැටීම සඳහා ප්‍රධානම හේතුව හොරකම සහ නාස්තිය බව මැනවින් සනාථ වී තිබෙනවා.

 

1996 ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ආවාට පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලය වටා විශාල ධනස්කන්ධයක් ගොඩගැසුණා. ක්‍රීඩකයන් අතර විශාල ධනයක් ගැවසෙනවා. මහා ධනවතුන් ක්‍රිකට් ක්‍රීඩාව සමග ගැවසෙනවා. ලෝකයේම ක්‍රීඩාවත් එක්ක විශාල ධනස්කන්ධයක ගැවසෙනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති විශාල ධනය වංචාවෙන් දූෂණයෙන් පිරී තිබෙනවා. මේ ගැවසෙන සල්ලි බෙදා ගන්න පාලකයන්ගේ තිබෙන ගැටීම ක්‍රිකට් අර්බුදයක් වී තිබෙනවා. මේ ගිණුම්වල විශාල ධනයක් ගොඩගැහෙන්නේ නැත්නම් අපේ රටේ ක්‍රිකට්වලත් අර්බුදයක් නැහැ. දේශපාලනය අධිකාරිය, ක්‍රිකට් පාලක මණ්ඩලයට දූෂණ චෝදනා නගන විට පාලක මණ්ඩලය අනෙක් පැත්තට කියනවා ඇමතිවරයා සල්ලි ඉල්ලූ බව. ක්‍රීඩාව යට ගොස් ධනය බෙදා ගැනීමේ තෝතැන්නක් වී තිබෙනවා. දූෂිත පාලක මණ්ඩලය පළවා හරින්න පාර්ලිමේන්තුව ඇතුලේ දූෂිතයන් අත උස්සනවා. නමුත් ජාතික ජන බලවේගය දූෂිතයින්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවත් දූෂිත පාලක කණ්ඩායමත් පළවා හරින පාලනයක් පිහිටුවනවා.”

 

@Lankatruth