SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විද්‍යාව පිළිගන්නා අය අතර දෙවියන් පිළිගන්නා මෙන්ම නොපිළිගන්නා අය ද සිටී. එසේ දෙවියන් ප්‍රතික්ෂේප කල ද විද්‍යාව විසින් තම ආගම (ඕනෑම ආගමක්) තහවුරු කරනා බව ඒ ඒ ආගම් වල බහුතර ජනයාගේ මතයයි.

සිංහල බෞද්ධ බහුතරයකට (විශේෂයෙන් උගතුන්ට අනුව) අනුව නම් නූතන විද්‍යාව විසින් බුදුන් වදාළ සියල්ල තහවුරු කරමින් තිබේ. කෙසේ වෙතත් නිරාගමිකයින් රැසක් ද සිටී. එම නිරාගමිකයින් නොදන්නා කාරණය වන්නේ ඔවුන් ආගමක් ලෙස හංවඩු නොගැසුන ආගමක දැඩි භාක්තිවන්තයින් වී ඇති බවය.

 

දෙවියන් ප්‍රතික්ෂේප කරනා කිසිවෙකුත් මිනිසා, සතුන්, ගහ කොළ ඇතුළු සියල්ල දෙවියන්ගේ මැවීමක් ලෙස විශ්වාස නොකරනු ඇත. එම විශ්වාසයේ ප්‍රභලතම නියෝජනය වන්නේ නිරාගමික නූතන විද්‍යාවාදීන්ය. ඔවුන් පිළිගන්නේ මහා පිපිරුම්වාදය ඇතුළු ජීවයේ සම්භවය සහ සත්ව පරිනාමයයි. නමුත් ඒ සියල්ල තුල ඇත්තේ මැවුම්වාදයම බව ඔවුන් නොපිළිගන්නා මුත් විද්‍යාව පිළිගන්නා සියලු දෙනා හට මැවුම්වාදය අවිඤ්ඤාණික වේ. "දෙවියන්ට එරෙහිව සාපේක්ෂතාවාදය" නමැති ලිපි පෙළ සපුමල් සේනානායක නමින් විදුසරට ලියූ පාටලී චම්පික රණවක ද එවැන්නෙකි.

මේ වීඩියෝවේ ඇති චම්පිකගේ කතාවට අනුව (එනම් චම්පිකට අනුව) දෙවියන් විසින් මිනිසා මවා ඇත්තේ වසර 100ක පමණ ආයුෂ කාලයක් ජීවත්විය හැකි අයුරින් වුව ද "මිනිසා" තම ආයුෂ වැඩි කොට ගත යුත්තේ තම දැනුම තුලිනි. එනම්, දෙවියන් විසින් මිනිසා මවා ඇත්තේ නූතන විද්‍යාව ගොඩනගාගෙන තම ආයුෂ වැඩිකොට ගත හැකි ආකරෙනි. ඒ අනුව මිනිසා දැන් එය කරමින් සිටී. චම්පිකට අනුව දැනට වසර 100කට පමණ පෙර මිනිසුන්ගේ ආයුෂ වසර 40කටත් වඩා අඩු වන අතර විද්‍යාවේ පිහිටෙන් දැන් එය වසර 79 දක්වා වැඩි වී ඇත. එසේ නොවුනි නම් අවුරුදු 59ක් වයසැති ඔහු ද මේ වන විට පොලවට පස් වී ඇති බව ඔහු විසින් පවසයි. නූතන සංඛ්‍යාන දත්ත (විද්‍යාත්මක සහ ඓතිහාසික) වාර්තා අනුව එම ප්‍රකාශය බොරුවක් ද නොවේ.

 

චම්පික බුද්ධිමතෙකි. එසේ නම් බුද්ධිය යනු කුමක් ද? බුද්ධිය යනු න්‍යායික හා තාර්කික ආකාරයකින් සංකේත සහ නිරූපණයන් හැසිරවීමේ හැකියාවයි. එනම්, එය සාම්ප්‍රදායික අර්ථයෙන් කිවහොත් සිතීමට සහ ඉගෙනීමට ඇති හැකියාවයි. චම්පික යනු එම අර්ථයෙන් සමාජයේ සිටිනා අනෙකුත් අයට වඩා සුවිශේෂී ලෙස එම හැකියාව අත්පත්කොටගෙන ඇති අයෙකි (නිර්මාල් විසින් ද පවසා තිබුනේ චම්පිකට පසුව තමන්ට හමු වූ විශාලතම බුද්ධිමය ධාරිතාව ඇති පුද්ගලයා තමළු මලිත්ත පියදිගම බවය... නිර්මල්ගේ කතාව ව්‍යාජයක් නොවේ...). එම හැකියාව තමන් හට ඇති බැවින් චම්පික දිගින් දිගටම පවසා සිටිනුයේ රටේ පාලනයට සුදුසුම පුද්ගලයා තමන් බවය. විද්‍යාවේ ආත්මය (subject of science) තහවුරු වූ ලෝකයකට අදාලව එය සත්‍යයකි. එනම් ධනවාදය තුල ජාතික රාජ්‍යයක පාලනය සඳහා අවශ්‍ය වන්නේ එවැනි පුද්ගලයෙකි. ඒ අනුව වෙනත් එවැන්නෙකු ජාතික දේශපාලන තලය තුල මේ සිරිලක නොමැත (තමළු තවමත් ජාතික දේශපාලන තලයට පැමිණ නොමැත).

 

 

විද්‍යාව සංස්ථාපිත වන්නේ මිනිසා සතුව එතෙක් පැවති ප්‍රතිභානය (intuition) යටපත් කරමින් බුද්ධිය (intelligence) සංස්ථාපනය වීමෙනි. එබැවින් විද්‍යාවෙන් පසුව මිනිසාගේ ප්‍රතිභානය සහ අලුතෙන් ගොඩනැගෙන ප්‍රතිභානය යනු පරාරෝපිත තත්වයකි (විද්‍යාවේ ආත්මය අවිඥානයේ ආත්මය වීම හේතුවෙන්). අවිඥානය යනු භාෂාවේ සහ සංස්කෘතියේ නිෂ්පාදනයක් (සංකේත රටාව) වන විට එය භාෂාවක් මෙන් ව්‍යුහගත වී ඇත. භාෂාව නෛසර්ගිකවම පරාරෝපිත වේ. මෙයට හේතුව නම්, භාෂාව සෑම විටම අනෙකා/අනෙකුන් (Others) විසින් කතා කරන අතර, මම මා ගැන ඉගෙන ගන්නේ අනෙකාගේ (The Other) භාෂාව හරහා වීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ ආශාවන් සෑම විටම අනෙකාගේ භාෂාවෙන් මැදිහත් වන අතර, අපට කිසි විටෙකත් ඒවා සම්පූර්ණයෙන් දැන ගැනීමට හෝ ප්‍රකාශ කිරීමට නොහැකි වේ.

 

අපගේ ආශාව පමණක් නොව අපගේ සියල්ල සුවිශේෂී බුද්ධිමතුන්ගේ දූරවලියක් විසින් තීරණය කරනා සමාජය ක්‍රමයෙන් සංස්ථාපනය වන්නේ ගැලීලියෝගෙන් පසුවය. අපගේ ජීවිත වල සියල්ල තීරණය වන්නේ සුවිශේෂී මිනිසුන්ගේ දැනුම, ආධිපත්‍ය සහ කැමැත්ත තුලය.

මේ පිළිබඳව සවිස්තරාත්මකව ලියා ඇති ලිපි වල සබැඳීන්:

  1. http://www.spartacus.lk/23-8/2023/
  2. http://www.spartacus.lk/%e0%b6%ba%e0%b7%9d%e0%b6%b0.../2022/ ).

 

උදාහරණයකට අප කන-බොන සහ නොකන-නොබොන දෑ මෙන්ම ඒවා කන, බොන ආකාර පිළිබඳව අපගේ ප්‍රතිභානය මේ වන විට වියැකෙමින් යන (බොහෝ සෙයින් වියැකී ගොස් ඇත) අතර සියල්ල බුද්ධිය තුලින්, එනම් න්‍යායික හා තාර්කික ආකාරයකින් සංකේත සහ නිරූපණයන් හැසිරවීමේ හැකියව තුලින් තීරණය වෙමින් තිබේ (මේ තුලින් නැවත ගොඩනැගෙන ප්‍රතිභානය යනු සුවිශේෂී දැනුම තුලින් ගොඩනැගෙන්නකි). ඒවා තීරණය කිරීමේ බලය ලත් ආයතන දූරවලියක් ඇති අතර එම දූරවලියේ කේන්ද්‍රස්ථාන ඇමෙරිකා-යුරෝපා කේන්ද්‍රීයව පවතී.

 

චම්පික පවසා සිටින්නේ අපගේ ආයුෂ වැඩි වී ඇත්තේ එම සුවිශේෂී මිනිසුන්ට පමණක් සතුකොට ගත හැකි බුද්ධිමය බලයේ ප්‍රතිඵලයක් ලෙස බවය. එය පිළිගන්නේ නම් කොම්යුනිස්ට් සමාජ ගැන කතා කිරීම, නිදහස, සමානාත්මතාවය ගැන කතා කිරීම මෙන්ම යටත්කිරීමට ලක්වීමට එරෙහි වීම ද තේරුමක් නොමැත. නමුත් එම තත්වය පිළිබඳව බුද්ධිමය සංවාද තුලින් නව සදාචාර තත්වයකට අදාළ ආචාරධාර්මික සීමාවන් පිහිටුවාගෙන ප්‍රඥාවන්ත මිනිසුන් ඇති සමාජයක් වෙනුවෙන් විශ්ව විද්‍යාල වල කලා පීඨ මහාචාර්ය/ආචාර්යවරුන් හට Think Tanks සකසාගෙන දාර්ශනික සංවාද කල හැකිය. නමුත් එය ද ඉදිරියේදී කිච වීමට නියමිත වන්නේ ඊලන් මස්ක්ගේ ව්‍යාපෘතීන් තුලිනි. එනම්, මිනිසුන් කෙතරම් ප්‍රඥාවෙන් කටයුතු කල ද අධ්‍යතන ධනවාදය තුල මිනිසුන් තුලින් වැරදි සිදු වන බැවින් අනාගත සංකීර්ණ සමාජය තුල (සමාජය, කටයුතු සහ මිනිස් ජීවිතය වඩ වඩාත් සංකීර්ණ වීමට නියමිතය) එම human error එකට ඉඩ තැබිය නොහැකි යථාර්තයක් සංස්ථාපනය වීමට නියමිත බැවිනි. එබැවින් ඒවා අනාගත සමාජයක් වෙනුවෙන් වන ව්‍යපෘතීන්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි පිම්ම එයයි.

 

ඒ පිළිබඳව ලිපි වල සබැඳීන්:

3. http://www.spartacus.lk/792-2/2021/

4. http://www.spartacus.lk/democracy/2022/

5. http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a.../2022/ ).

 

මේ වන විට කෘතීම බුද්ධිය පිමි පනිමින් ඉදිරියට වර්ධනය වේ. එබැවින් ඉදිරියේදී ප්‍රතිභානය යන්න සපුරා වියැකෙන, හැඟීම් විහීන සමාජයක් සංස්ථාපනය වීම නොවැලැක්විය හැකිය. ඒ ඔබට සිදු කිරීමට අවශ්‍ය සියල්ල කෘතීම බුද්ධිය විසින් තීරණය කරනු ලබන හෙයිනි. එය ChatGPT තරම් සරල තත්වයක් නොවනු ඇත. ChatGPT තුල පවා තමන්ට සිදු කිරීමට අවශ්‍ය සියල්ල පිළිබඳව ඉන් විමසා සිටිය හැකිය. උදාහරනයටකට ඔබ ගත යුතු ආහාර, යම් ආහාරයක් උදෑසන ලබා ගත්තේ නම් එම ආහාරයට සෞඛ්‍ය ආරක්‍ෂිත සහ ගුණාත්මක වශයෙන් අනුරූපව දවලට ගත යුතු ආහාරය... එසේ අහාර ගෙන දවාලිය යුතු කැලරි ප්‍රමාණය... වැනි ලෙසය. තවත් උදාහරණයකින් පවසන්නේ නම් ඔබගේ පෙම්වතිය තෝරාගන්නා ආකාරය... ඇය ඇසුරු කරන ආකාරය... වැනි සියල්ල... ඊලන් මස්ක් උත්සාහ දරනුයේ ජංගම දුරකථනය හෝ පරිඝනකය හරහා දැනට ක්‍රියාත්මක වන මේ බුද්ධි ක්‍රියාකාරීත්වය ඩිජිටල් අවකාශයක් පදනම් කොට ගනිමින් ඍජුවම මිනිස් මනස තුලින් සිදු කිරීමටය.

 

පන්ති සවිඤ්ඤාණිකතත්වය පිළිබඳව ලෙනින්වාදී විකාරය ද මේ සමගින් ප්‍රශ්න කල හැකිය. විමුක්ති දේශපාලනය තුල සිදුවිය යුත්තේ පන්තිය සවිඤ්ඤාණික කිරීම හෝ වෙන කිසිවෙකුත් සවිඤ්ඤාණික කිරීම නොවේ. එනම්, බුද්ධිය යනු අපගේ සවිඤ්ඤාණික මනස හරහා ලෝකය දැන ගන්නා මාර්ගයයි (ඊට දැන් කෘතීම බුද්ධිය ප්‍රවේශ වී ඇත). තවත් විධියකින් ප්‍රකාශ කරන්නේ නම් තර්ක බුද්ධිමය ඤාණසම්බන්ධි/සංජානනීය (cognitive) ක්‍රියාවලියයි. එවිට බුද්ධිය සහ ප්‍රතිභානය යනු ලෝකය දැනගැනීමේ එකිනෙකට වෙනස් මාර්ග දෙකකි. බුද්ධිය යනු අපගේ සවිඤ්ඤාණික මනස හරහා ලෝකය දැන ගන්නා මාර්ගයයි. එය අපගේ සිතුවිලි, අපගේ සංකේත රටාව සහ අපගේ න්‍යායික තර්කනය තුළින් ලෝකය පිළිබඳ අර්තයයක්/හැඟීමක් ඇති කරන ආකාරයයි. අනෙක් අතට, ප්‍රතිභානය යනු අපගේ අවිඥානික මනස හරහා ලෝකය දැන ගන්නා ආකාරයයි. එනම්, ඒ දේවල් අපි දන්නේ කෙසේදැයි කියා නොදැන දන්නා ආකාරයයි.

 

 

එක් අතකින් ප්‍රතිභානය අදාලව පවතින්නේ භාෂාවෙන් සහ සංකේත රටාව තුලින් සංකේතවත් කළ නොහැකි හෝ සම්පූර්ණයෙන් ග්‍රහණය කරගත නොහැකි යථට අදාලවය. බුද්ධිමය මැදිහත්වීමේ ප්‍රතිඵල තුලින් අද ලෝකයට අත්කොට දී ඇති දෑ ඒවා විඳීමට සිදුව ඇති මනුෂ්‍යයා හට දැනෙන ස්ථානය, නමුත් ඔවුනට එය ඇඟවුම් කරන කිසිවක් නොපෙනෙන හෝ නොඇසෙන ස්ථානය (කාංසාවට, අසහනයට සහ විඳවීමට ලක්වන ස්ථානය)... එනම් පැහැදිලි කළ නොහැකි වුව ද ප්‍රතිභානය අපට පවසන්නේ කුමක් හෝ වරදක් ඇති බවය. මෙය බුද්ධියට ගෝචර නොවන ස්ථානයයි. විමුක්ති දේශපාලනයේ ස්ථානය මෙයයි. මේ දිනවල ජනප්‍රිය මර්තෙලිස් ඇසුරෙන් පවසන්නෙ නම් මර්තේලිස් හසු වූයේ දැවැන්ත බුද්ධිමය දේශපාලන ව්‍යාපෘතියකටය. එම දේශපාලන ව්‍යාපෘතියේ කාර්යභාරය වී තිබුනේ මර්තේලිස්ලා සවිඤ්ඤාණික කිරීමයි. අදට ද එය එසේය. අද එහි පුරෝගාමියා වන්නේ "ක්වන්ටම් ජයගොඩය" (නලින් ද සිල්වා විසින් පුබුදු ජයගොඩට ලබා දී ඇති ගෞරවනාමය).

 

 

දැන් ටික කලක සිට බොහෝ දෙනෙකු ප්‍රභූ/නිර්ප්‍රභූ සම්භාෂණයකට අවතීර්ණ වී ඇත. වර්තමානයේ සංවාදගත වන අර්ථයෙන් එම සංවාදය කරලියට රැගෙන ආවේ අපය. නමුත් අපගේ අර්ථය තුල එය භාරගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකරමින් සිටිනුයේ ඉතාම සුළු පිරිසකි. බොහෝ අය වෙන මනස්ඝාත දොඩවමින් සහ ලියමින් සිටී. ප්‍රභූත්වය අවශ්‍ය බවත්, රටක් පැවතිය යුත්තේ ප්‍රභූ ආධිපත්‍ය තුල බවත් පිළිගනිමින් තම ස්ථාවරය චම්පික විසින් ප්‍රකාශ කොට ඇත. ඔහුට අනුව ප්‍රභූත්වයේ අදට අවශ්‍ය ස්වරූපයේ නියමාකාර ලාංකීය නියෝජනයේ ඉහලම සුදුස්සා ඔහුය. බණ්ඩාරනායක පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කොට සිටිනුයේ සිංහල රාජ්‍ය භාෂාව නොකළේ නම් දක්ෂයා හට ප්‍රභූ දූරවලියේ ඉහලට යාමට හෝ තම පන්තිය අතික්‍රමණය කිරීමට නිදහස් අධ්‍යාපනය තුලින් ඉඩ ප්‍රස්තාව නොසැලසෙන බවය. ඒ අනුව චම්පික යනු ප්‍රභූත්වයේ සහ අධිකරීත්වයේ නව ස්වරූපයේ හිමිකරු 'දක්ෂයා' ලෙස පිළිගන්නා අයෙකි. ඒ ප්‍රභූත්වයේ සහ අධිකරීත්වයේ පැරණි ආකාරයට එරෙහිව වුවත් පැරණි උරුමයට ද ගරු කරමිනි. මෙම ස්ථාවරය පිළිගන්නා වාමාංශිකයින් ඇතුළු අති මහත් බහුතරයට නොපෙනෙන සහ නොපිළිගන්නා කාරණය වන්නේ සුවිශේෂී දක්ෂයා යනු ද සාම්ප්‍රදායික ප්‍රභූවරයා සහ එහි ආධිපත්‍යයේ ස්වරූපයේම වෙනත් අකාරයක් බවය. ඔවුන්ට එය නොපෙනෙනුයේ බුද්ධිය පිළිබඳව ඔවුනට ඇති වන්දනීය සහ පූජනීයභාවය හේතුවෙනි

 

අදාළ ලිපි:

6. http://www.spartacus.lk/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb.../2022/

7. http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%ad.../2022/

 

@spartacus.lk