SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නැවතත් විදුලි බිල වැඩිකිරීමට විදුලිබල මණ්ඩලය සැරසේ.

විදුලි බලය මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරී කෙනෙක් පත් වී මසක් ගත වීමටත් මත්තෙන් මේ යෝජනාව කරලියට පැමිණීම බොහෝ විට කාගේ හෝ ලණුවක් කෑමක් විය හැකිය. මන්ද, මෙවර මෙම යෝජනාව පැමිණ තිබෙන්නේ මුළු මනින්ම නීති විරෝධී අයුරින් බැවිණි.

මන්ද, වර්ෂයකට විදුලි බිල වැඩිකළ හැක්කේ දෙවතාවක් බැවිණි. නමුත් මේ වර්ෂයේ ම තුන් වන යෝජනාව ය.

 

මෙම වසරේ විදුලි බිල පසුගිය පෙබරවාරි මාසයේ දි සහ ජූලි මාසයේදී ලෙස දෙවරක් වැඩි විය. ලංවීම යෝජනාව ඉදිරිපත් කලේ පසුගිය 28 වෙනිදා ය. එය ඔක්තොම්බර් 1 දින සිට වැඩි කිරීමේ අපේක්ෂාවෙන් ය. නමුත් තීරණය ගත යුත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගිනි. එම යෝජනාව කෙතරම් සාධාරණ යෝජනාවක් ද යන්න සලකා බලා අවශ්‍ය සංශෝධන ඇත්නම් එය සිදුකොට ඊට මහජන අදහස් ප්‍රසිද්ධියේ ලබා ගෙන ඒ අනුව එහි සාධාරණත්වය හා යුක්ත සහගත බව නිශ්චය කොට ප්‍රකාශ කළ යුතුය. මෙම ක්‍රියාවලිය නිසි පරිදි කිරීම සදහා අවම වශයෙන් මසක පමණක් කාලයක් ගතවේ. එසේ නම් රටේ බලපවත්නා අණ පණත් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා මේ ලෙසින් විදුලි බිල වැඩිකිරීමට එරෙහිව කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතුය.

 

මෙවර යෝජනාව මගින් සියයට 22 ක සමස්ත වැඩිකිරීමක් විදුලි බිලට යෝජනා කර තිබීම එක් යෝජනාවකි. අනෙක, ඒකකයට රු. 8 ක් වැඩි වීමකි. මේ යෝජනා දෙකම සාමාන්‍ය පාරිභෝගිකයාට කෙසේවත් ඉසිලිය හැකි යෝජනාවක් නොවන්නේ දැන් ජනතාව මෙන්ම ව්‍යාපාර ප්‍රජාව ද මුහුණ දෙන මෙම දරුණු ආර්ථික අර්බුදය නිසාය.

 

ඒකක 30 ට වඩා විදුලිය පරිභෝජනය කරන ලක්ෂ 20 ට ආසන්න පාරිභෝගික නිවෙස්වල විදුලි බිල වැඩිවීම සියයට 80 ක් වීම කෙතරම් සහගහන අපරාධයක් ද. විනාශ වී ගිය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, සංචාරක හෝටල් හි විදුලි වැඩිවීම සියයට 44 ලෙස යෝජනා කිරීම රටේ ව්‍යාපාර තවත් බිදදැමීමක් පමණි. ආණ්ඩු විරෝධී සමහර පක්ෂ, මෙම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ලෙස හුවා දක්වයි. නමුත් එය පිළිගත හැකි කරුණක් නොවන්නේ එවැනි සෘජු යෝජනා එම අරමුදල් විසින් නොකළ නිසාය. රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට හා වියදම් පාලනය කිරීම මූල්‍ය අරමුදලේ සෘජු යෝජනා වුවත් විදුලි බලමණ්ඩලයට වෙනත් කොතෙකුත් විකල්ප ඇති බැව් මතක් කළ යුතුය. විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතාවය හා කළමණාකරණය විධිමත් කිරීම ගැන මූල්‍ය අරමුදල උනන්දු විය හැකි වුවත් රටේ ආර්ථිකයට සෘජුවම බලපානු ලබන විදුලි බිල වැඩිකිරීමට යෑමේ විපාක අරමුදලට නොතේරෙනවා යැයි සිතිය නොහැක.

 

පසුගිය කාලයේදී ජල ධාරිතාව අඩුවීම නිසා ලංවිම පාඩු ලැබුවා යැයි කියන කතාව හාස්‍යය ජනකය. එනමුත් පාඩුව බොහෝම ලේසියෙන්ම විදුලි බිල වැඩිකොට පාරිභෝගිකයා මත පැටවීමට නම් දහසකට වැඩි විදුලි ඉංජිනේරුවන් සිටින විදුලිබල මණ්ඩලය හෝ මූල්‍ය අරමුදල අවශ්‍ය නොවනු ඇත. එය සිල්ලර කඩයක මුදලාලි කෙනෙකුගේ කාර්යයට සමානය.

 

පසුගිය අවස්ථාවේ විදුලි බිල වැඩි කිරීමේ දී වර්ෂාපතනයේ අඩුවීමක් හා ජල විදුලියේ සීමා අධ්‍යයනය කලාට සැක නැත. එසේ නොකලා නම් එයට ද ජනතාව වග කිව යුතු නැත. අනෙක, සැබෑවටම පාඩුවක් සිදු වූවේ නම් දැන් ලැබෙන වර්ෂාපතනය නිසා ජල විදුලිය නිශ්පාදනයේ වැඩිවෙන ප්‍රතිශතය අනුව එම පාඩුව වලක්වාගත හැකි යැයි අනාගත පූර්ව කථනයක් ද කළ හැකිව ඇත. එවැනි, විද්‍යාත්මක ප්‍රවේශයක් නොමැතිව සිදු කරන මෙවැනි මෝඩ හා දඩබ්බර යෝජනා වලට ජනතාව නිහඬව සිටිය යුතුද?

 

ලංවීම සැබෑ ලෙසම පාඩු ලබයි නම් ගත හැකි වෙනත් විකල්ප නොමැති ද? අඩු වියදම් විදුලි ජනනය අර්බුදයක් ඇත්නම් විදුලි කැපීමකට නොව විදුලි සංරක්ෂණට වැඩ පිළිවෙලක් තිබිය නොහැකිද. වියදම් අවම පුනර්ජනනීය විදුලි නිශ්පාදනය වේගවත් කිරීම විසදුමක් නොවේ ද?. නිවෙස් මත සවිකරන සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ආකර්ෂණීය අරමුදලක් ඇති කොට ණය සහනාධාරයක් ලබා දිය නොහැකි ද?

 

මේ සියල්ල විසදුම් ය. නැත්නම් මේ කරන්නේ විදුලි බල මණ්ඩලය පුද්ගලිකකරණයට අවශ්‍ය ආකර්ෂණීය මිලක් සදහා පසුබිමක් නිර්මාණය කිරීමද ?

රටේ දැන් නීතියක් හා පාලනයක් නැති ගානය. පොලීසිය, රාජ්‍ය නිලධාරීන් පමණක් නොව අධිකරණ සේවයේද එසේ වෙන බවට පෙනෙන විට, විදුලි ඉංජිනේරුවන් වැනි උගතුන් ද පිස්සු කෙලීම රට නැවත නැවතත් බංකොලොත් වීමේ පෙරනිමිති ය.

 

@Bandula Chandrsekara fb