SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාටලී චම්පික රණවක විසින් ආර්ථික අර්බුධයට අදාළ හේතු දක්වා තිබේ.

අදාළ වීඩියෝව:

 

 

2018 වසරේ ජුනි 7 වන දින මහින්ද රාජපක්ෂ විසින් යහපාලන ආණ්ඩුව වෙත පහත සඳහන් චෝදනාව සිදු කරයි:

"මේ රජය බලයට පත්වී මාස 36ක් වැනි කෙටි කාලයක් තුළ විදේශ මුදල් ණය වශයෙන් පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 14.6කට අධික ණයක් ලබාගෙන ඇති අතර, එහි බිඳවැටීම මෙසේය - ජනවාරි සිට ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම හරහා ඩොලර් බිලියන 7.2ක්. 2015 සිට, 2015 සහ 2017 දී නිකුත් කරන ලද ස්වෛරී බැඳුම්කර වලින් USD බිලියන 3.6 ක්, 2015 සහ 2016 දී ඉන්දියාව සමඟ මුදල් හුවමාරු කිරීමේ විධිවිධාන හරහා USD බිලියන 2.2 ක්, 2015 සහ 2017 දී ජාත්‍යන්තර බැංකු කිහිපයක් හරහා සකස් කරන ලද සම්මිලිත ණය (syndicated loans) හරහා USD බිලියන 1.7 ක් සහ 2017දී, 2016 දී IMF විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ USD බිලියන 1.5ක් වශයෙන් ණය ලබාගෙන ඇත."

රාජපක්ෂ එසේ පවසනුයේ 2017 දක්වා ලබා ගත් ණය පිලිබඳවය.

 

chrt 2

 

ඉන් පසුව නැවතත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යටතේ ඩොලර් බිලියන 12.5ක් අධික පොලියට ණය ලබා ගනී.

නමුත් චම්පික රණවකට අනුව එය ඉතා හොඳ, තීක්ෂණ නුවනින් යුතුව කල ක්‍රියාවකි. එවිට යහපාලන සමයේ සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 27 ඉක්මවයි. නමුත් බොහෝ දෙනෙකු අවධාරණය කරනුයේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සමයේ ගත් ඩොලර් බිලියන 12.5 පිළිබඳව පමණි.

(අදාළ සබැඳීය: https://sundaytimes.lk/.../former-president.../18-1037597)

 

 

මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා බවට පත්වන්නේ ණය අර්බුධය උග්‍ර අතට හැරෙමින් රවී කරුණානායක අසාර්ථක වන විටය. නමුත් ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත්වන්නේ රවී කරුණානායක ලබා ගත් ණය හේතුවෙනි. වැගන් ආර් වසන්තය, ප්‍රවාහන ප්‍රවණතා, ඉදිකිරීම් බුබුල, නිවාස, කඩ සාප්පු සහ හෝටල් ඉදිකිරීමේ අද්විතීය යුගය, විදේශ අධ්‍යාපනය, විදේශ සංචාර, මහා මංගල උත්සව, රූපලාවන්‍ය, විනෝද චාරිකා, ඇතුළු පෙර නොවූ විරූ ලෙස පාරිභෝජනවාදයක් උත්සන්න වූයේ මේ කාලයේදීය.

 

chrt 3

 

2019 ඔක්තෝබර් මාසයේදී යහපාලන ආණ්ඩුවේ ණය අර්බුදය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කරමින් රාජපක්ෂ කියා සිටියේ 2015 යහපාලන රජය බලයට පත්වීමෙන් පසු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය 71% කින් ඉහළ ගොස් ඇති බවයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, 2019 ඔක්තෝබර් 7 දින අමාත්‍ය සමරවීර කියා සිටියේ රාජපක්ෂලා සියලු ආණ්ඩු වලට වඩා වැඩියෙන් වැඩි පොලියට විදේශ ණය ලබාගෙන රට ණය උගුලකට ඇද දමා ඇති බවයි.

අදාළ සබැඳිය: http://www.colombopage.com/archive.../Oct07_1570418270CH.php

 

 

ඉහත සංවාද සහ කරුණු වලින් පැහැදිලිව පෙනෙන කාරණය වන්නේ ගෝඨා බලයට පැමිණීමට පෙර ද රට ණය උගුලේ සිරවී, උග්‍ර තත්වයට පත්වූ බවය.

 

chartss

 

 

එබැවින් ගෝඨාභය බලයට පත්වන්නේ ණය අර්බුධය උග්‍ර වී පවතිද්දීය.

 

 

මේ වීඩියෝවේ චම්පික විසින් පවසන මුඛ්‍ය කාරණය වන්නේ ගෝඨාභය විසින් ලබා දුන් බදු සහන ලංකාවේ ආර්ථික අර්බුධය හට ගැනීම සඳහා මූල හේතුව බවට පත් වූ බවය.

නමුත් ඔහු අමතක කරනා කාරණය වන්නේ බදු සහන ලබා දුන්නේ ඒ වනවිටත් උග්‍ර වී පැවති අර්බුධයෙන් ගොඩ ඒම සඳහා බවය.

ඒ චම්පික මෙම වීඩියෝවේ පවසන පරිදිම ඉහළතම ව්‍යාපාරික ප්‍රජාව පවසා ඇත්තේ මෙසේ බදු සහන ලබා දුනහොත් අදාළ සමාගම් ඉපයීම ඉහල දැමිය හැකි බවය. එසේම එමගින් විදේශ ආයෝජකයින් ලංකාවට ගෙන්වා ගැනීම ද ගොඨාගේ එක් ප්‍රධාන අරමුණක් විය (අවධාරණයෙන් පැවසිය යුත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථිකයට කිසිඳු බලපෑමක් සිදු වී නැති බවය).

නමුත් තත්වය එසේ තිබියදී චම්පික පවසනුයේ රේටින් එජෙන්සීස් විසින් එම හේතුව නිසා ලංකාව පහලට ඇද දැමූ බවත්, එවිට මාකට් එක පැනික් වූ බවත්, එබැවින් මූල්‍ය වෙළඳ පොළ විසින් ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කල බවත්ය. ඒ නැවත අයකොට ගතහැකි තත්වයක් නොමැති බව පෙනී ගිය නිසාවෙනි. ඔහු පවසන පරිදි එසේ නොවුනි නම් ගිනි පොලියට හෝ ණය ලබාගෙන තව දුරටත් ජනතා ආතල් එක ඉදිරියට ගෙන යා හැකිව තිබුණි.

 

මේ ප්‍රකාශයේ තේරුම කුමක්ද?

 

 

ඇත්තටම මෙහි ඇත්තේ රනිල් වික්‍රමසිංහ බේරාගැනීමේ උවමනාව මිස වෙන යමක් නොවේ (UNPයට රිංගා නායකත්වය ලබාගත හැකිවේය යන සිහිනයෙනි).

 

 

විදේශ ණය අර්බුධය උග්‍ර වූයේ ගෝඨාභය විසින් බදු සහන ලබා දීම නිසාද?

 

 

පොහොට්ටුව, UNPය, සජබ, ජවිපෙ, පෙසප, චම්පික ඇතුළු සියලු දේශපාලන පක්ෂ, සංවිධාන සහ පුද්ගලයින් පවසන්නේ එකම කතාන්දරයකි. ඒ සොරකම්, වංචා-දූෂණ සහ කළමනාකරණය පිලිබඳ ප්‍රශ්නාවලියයි. සියලු දෙනා ආර්ථිකවාදයේ ගිලී ඇත. ජවිපෙට අනුව රටේ ආර්ථික අර්බුධයට ප්‍රධාන හේතුව සොරකම්, වංචා සහ දූෂණය. පෙසප සහචරයින් ඊට තව අතිරික්තයක් එක් කරමින් "over invoicing " පිලිබඳ කතාවක් පවසයි. චම්පිකට අනුව අර්බුධයට මූලික හේතුව රනිල් වික්‍රමසිංහ දිගටම බලයේ නොරැඳී සිටීමයි.

 

චම්පික ඉතා පරිස්සමින්, සංයමයෙන් යුතුව රනිල්ගේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම සඳහා කතන්දරයක් ගොඩනගමින් සිටී. ‍

 

ආර්ථිකවාදය තුල සියලු දෙනා සිදුකරමින් සිටිනුයේ සැබෑ අර්බුධ සියල්ල වසා දැමීමට කටයුතු කිරීමයි.

 

 

 @ස්පාටකස් ලිපි

spartacus.lk

 

අර්බුධයේ සැබෑ හේතුවට අදාළ අපගේ ලිපි:

http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%af%e0%b7%8a.../2022/

http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6.../2022/

http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%ad.../2022/

http://www.spartacus.lk/%e0%b7%80%e0%b6%b8-%e0%b6.../2022/