SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ඊලොන් මස්ක් සහ මාර්ක් සකර්බර්ග් ප්‍රධාන ලොව තාක්‍ෂණික ලොකු ලොක්කො පසුගිය බදාදා එක්සත් ජනපද පාර්ලිමේන්තුව වන කැපිටල් හිල් වෙත පැමිණ සිටියේ මේ වනවිට

ඇබ්බැහියක් ලෙසින් දැඩිව ව්‍යාප්ත වෙමින් ඇති කෘත්‍රිම බුද්ධියේ හානිකර අනාගත  බලපෑම්වලින් වැළකීම සඳහා වන ඔවුන්ගේ සැලසුම් බෙදා හදා ගැනීමේ රහස්‍ය සාකච්ඡාවකටය.

 

AI

 

එක්සත් ජනපදය මේ නව තාක්‍ෂණය වඩා හොඳින් පාලනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට දැන් ලහිලහියේ සූදානම් වේ.

 

230609034602 01 sam altman chatgpt 060923 restricted OpenAI’s Sam Altman

ලෝකය තුළ මෑත කාලයේ මහා අලකලංචියකට මුල පිරූ ChatGPT නිර්මාතෘ සහ OpenAI ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් සහ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ද මේ රහස්‍ය සංසදයට පැමිණ සිටියහ.

"මම (AI) ගැන ඉතා ශුභවාදීයි, නමුත් එයින් අදහස් කරන්නේ නැහැ බාධාවන් ඇති නොවන බව,” යැයි රැස්වීමට ඇතුළු වන විට ඇල්ට්මන් පැවසීය.

මාර්ක් සකර්බර්ග් සහ ඇල්ෆාබෙට් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායිද මෙයට සහභාගිව සිටියෝය.

download

Sundar Pichai CEO of Google

 

මේ සංසදයේදී AI “දෙබිඩි කඩුවක්" ලෙස හැඳින්වූ මස්ක් තදින්ම අවධාරණය කළේ මේ තාක්ෂණයේ ආරක්ෂිත භාවිතය සහතික කිරීම සඳහා නියාමකයකු පත්කර ගැනීම අවශ්‍ය බවයි.

"ක්‍රීඩාවකදී වගේ, අපට විනිසුරුවරයකු සිටීම වැදගත්"

යැයි මස්ක් පැවසුවේය. X සමාජ මාධ්‍ය වේදිකාවේ හිමිකරු වන මේ ප්‍රකෝටිපතියා, එබඳු නියාමකයකු "තාක්‍ෂණ සමාගම් සහ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂිත අවශ්‍යතා සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්නා බවට සහතික වනු ඇති" යැයි පැවසීය. මෙම රැස්වීම "මනුෂ්‍යත්වයට සේවයක්" බව පැවසූ මස්ක් මෙය "ශිෂ්ටාචාරයේ අනාගතයට ඉතා වැදගත් වූවක් ලෙස ඉතිහාස ගත වන" බවද පැවසීය.

 

Sam Altman Elon Musk How To Build Future

Elon Musk on how to build the future – Interview with Sam Altman

 

2024 වන විට යුරෝපීය කම්කරුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට ඔවුන්ගේ රැකියා සඳහා බරපතළ ලෙස බලපෑම් කිරීමට AI ‘සැලකිය යුතු ලෙස’ හේතු වනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ නිසාම මේ වන විට යුරෝපය ඔවුන්ගේම AI පනතක් සාදා එය  හොඳින් දියුණු කරගෙන ඇත.

 Bill Gates 2011

Bill Gates

 

OpenAI සමාගම ChatGPT චැට්බෝට් නිකුත් කිරීමෙන් පසු ඒ සඳහා පාරිභෝගික ජනප්‍රියත්වය නොසිතූ විරූ ලෙස ඉහළ ගොස් ඇති අතර නැගී එන මේ තාක්‍ෂණයේ බලපැමෙන් සිදුවන්නට නියමිත අන්තරායන් අවම කිරීමට දැන් එක්සත් ජනපද නීති සම්පාදකයන්ට ලහිලහියේ ක්‍රම සහ විධි සොයන්නට සිදුව ඇත.

 

අහිමිවන රුකියා, බහුල වන සාවද්‍ය තොරතුරු, ව්‍යාජ වීඩියෝ, මැතිවරණ ඇඟිලි ගැසීම් සහ තීරණාත්මක යටිතල පහසුකම්වලට එල්ල කළ හැකි ප්‍රහාරයන් වැනි භයානක අනාගත සයිබර්  අලකලංචිවලින් ආරක්ෂා වීමට නීති සම්පාදකයන්ට දැන් අවශ්‍ය වී තිබේ. මේ රහස් රැස්වීම මුළු දුන්නේ ඒ හේතුවෙනි.

 

 

chuck Schumer

Chuck Schumer Senate Majority Leader

එක්සත් ජනපද සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් බහුතර නායකයා වන සෙනෙට් සභික චක් ෂුමර් විසින් ඊනියා AI නවෝත්පාදන සංසද රුස්වීම් මාලාව, මාධ්‍යයන්ට සංවෘතව  රහස්‍යව පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

elon musk 2 Elon Musk, American entrepreneur

 

පසුගියදා එය පොදු භාවිතයට නිකුත් වූ දා සිට ලෝකය මහත් අලකලංචියකට පත් කළ ChatGPT වැනි තාක්‍ෂණයන්ගේ බලපෑම් පිළිබඳව තාක්‍ෂණ නායකයන්ගෙන් මෙහිදී නීති සම්පාදකයන්ට ප්‍රශ්න කළ හැකිව ඇත. මේ සඳහා  සෙනෙට් සභිකයන් 60 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

AI පිළිබඳ රජයන්හි නියාමනයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශ්වීය එකඟතාවයක් ඇතිකර ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත.