SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ දේශපාලන සිතියමේ හැඩය මේ දවස් වල ඉක්මනින් වෙනස් වෙනවා. ඊයේට වඩා අද වෙනස්..

ජනාධිපතිවරණයක් එන්න නියමිතව තියන මොහොතක සමාජයට මේ පවතින මොහොතේ රනිල් සහ අනුර විතරයි පේන්නේ.

සජිත් තාම බෝඩ් වෙලා නෑ.

 

පහුගිය මාස කීපයේ පහුබැහැලා උන්න මාලිමාව ගිය සතියේ ආයේ ගියර් මාරු කලා. ඒක එයාලා කල දේකට වඩා රනිල් තමන්ගේ ඩිෆෙන්ස් එක ලිහිල් කලා කියන්න පුලුවන්.

රනිල් දන්නවා මේ මොහොතේ තමන්ට එන අභ්‍යන්තර පීඩනය හසුරුවාගන්න හැටි. මාලිමාවේ පසුබැසීම එක්ක රාජපක්ෂලා සහ රනිල් වටේ ඉන්න පොහොට්ටුවේ වටපඩයො සෙට් එකට තටු ආවා.

ඒකෙ පීඩනය වැඩියෙන්ම දැනෙන්නෙ රනිල්ට.

 

ගිය අවුරුද්දෙ මාලිමාවෙ සීග්‍ර නැග්ම පිටිපස්සෙ තිබ්බෙත් රනිල්ගෙ ඩිෆෙන්ස් ලිහිල් කිරීමේ සිද්ධාන්තය. එදා රනිල් ඒක කලේ සජිත්ව නිශ්ක්‍රීය කරන්න.

රනිල් සාර්ථක උනා..හැබැයි මාලිමාව රනිල්ගෙ කන්ට්‍රෝල් එකෙන් ගිලිහුනා.

රනිල් පලාත්පාලන මැතිවරණයට වල කැපුවා. මාලිමාව ක්‍රමයෙන් පසු බැස්සා.

 

ජනාධිපතිවරණයකදි නෝ චාන්ස් උනාට මහමැතිවරණයක පැහැදිලි වැඩි වාසිය මේ මොහොතේත් තියෙන්නෙ මාලිමාවට.

රනිල් මාලිමාව හරහා තර්ජනය කරන්නෙ පොහොට්ටුවට.

රනිල් පාර්ලිමේන්තුව විසිරෙව්ව්වොත් පොහොට්ටුව, රාජපක්ෂලා සහ උන්ගෙ වටපඩයන්ගේ දේශපාලනය ඉක්මනින්ම අහවර වෙනවා.

 

රනිල් කරන්නේ මහින්ද, සජිත්,ඩලස්,නාමල්,මෛත්‍රී විතරක් නෙවේ විමල්වත් බිත්තියටම හේත්තු කරන එක..ජනාධිපතිවරණයේදී තමන්ට සහයෝගය දෙන්න ඕන කියන තැනට.

ඒ තර්ජනය රනිල් කරන්නේ අනුර හරහා..

මාලිමාවට ශක්තිමත් වෙන්න ඉඩ දීලා.

 

තාමත් දේශපාලන සිතියම අඳින පැන්සල තියෙන්නේ රනිල් ගාව. මාලිමාවේ එලියට පේන ශක්තිය අඩු වැඩි වෙන්නෙ රනිල්ට ඕන විදියට.

එක්කො ඒක රනිල් සහ අනුර අතර ඩීල් එකක්. එහෙම නැත්නම් රනිල් තාමත් ඒ තරම් ප්‍රබලයි සහ මාලිමාව ගේම් එක කියවාගෙන නෑ.

වර්තමානය ඒක උනාට අනාගතය ඊටත් වඩා සංකීර්ණයි.

 

කලින් සැරේ රනිල් මාලිමාව කන්ට්‍රෝල් කලේ පලාත්පාලන මැතිවරණයෙන් උනාට ඊලඟ තුරුම්පුව මොකක්ද කියන එක තාම පේන්න නෑ.

රනිල් උත්සාහ කරන්නේ අනුරට එරෙහි ජනාධිපති අපේක්ෂකත්වය හැකිතාක් කාලයක් තමන්ගේ අතේ තියාගන්න. රනිල් කියන්නෙ මැරෙන කන් මරණය බාර නොගන්නා ජාතියේ මිනිහෙක්.

 

සංකීර්ණ සහ අලංකාර කොටස එන්නෙ රනිල්ට ඔය අපේක්ෂකත්වය අත අරින්න වෙනවද නැද්ද කියලා තීරණය කරන්න සිද්ධ වෙන මොහොතේ.

ඒ වෙද්දි රනිල් මහින්දලා ඩලස්ලා විතරක් නෙවේ සජිත්වත් වට්ටලා ඉවරයි.

 

රනිල් දන්නවා තමන්ට 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්ව තරගයේදී හම්බවෙන භයානකම ප්‍රතිවාදියා "උස කෙට්ටු ගණන්කාරයා" බව.

ඉවසීම රනිල්ගෙ ලෙවල් එකේ හෝ ඊටත් වඩා තියෙන "උස කෙට්ටු ගණන්කාරයා" තමයි රනිල්ගෙ අතින් නූල ගන්න පුලුවන් මිනිහා…

ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන ලක්ෂ්‍යය වෙන්නෙ රනිල්ගෙ අතින් නූල පාඨලී අතට යන මොහොත..

ඕක පාඨලීට කරන්න පුලුවන් ද ?

 

ගේම් තමන්ගෙ ජීවිතේ කරගත්තු රනිල්, පාඨලී වෙනුවෙන් ගේම් එකක් ප්ලෑන් කරලා නැති වෙන්න බෑ.

2024 ජනාධිපතිවරණය කියන්නේ "problem solving skills" උරගා බලන තරගයක්.

ජනාධිපතිවරණයටත් වඩා තරගකාරී වෙන්නෙ අනුරගේ ප්‍රතිවාදියා වීම.

මොකද ඉතා පැහැදිලිවම ලංකාවේ ඊලඟ ජනාධිපතිවරයා වෙන්නෙ ඔය කියන අනුරගේ ප්‍රතිවාදියා වීම නිසා.

 

@නදීෂ ද සිල්වා

2023.08.29

@Nadeesha De Silva ගේ මුහුණුපොතෙනි.