SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

න්‍යාය විරෝධී ව්‍යවහාරය යනු ජවිපෙ ප්‍රධාන උරුමයකි. 1987-1990 "දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය" පටන් ගැනීම සමගින් එය උත්සන්න වෙයි.

එකල විජේවීර විසින් ප්‍රකාශ කරන ලද්දේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනු ජවිපෙ විසින් නායකත්වය ලබාදෙන බහු පක්ෂ ව්‍යාපාරයක්ය යන්නයි. විජේවීර විසින් එකල තව දුරටත් කියා සිටියේ එහි UNP, SLFP සාමාජිකයින් ද සිටින බවත්, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ආරම්භ වූයේ රට පාවා දෙන ඉන්දු ලංකා සාම ගිවිසුමට ඇති විරෝධය නිසා බවත්, ඒ අනුව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනු දේශහිතෛෂී පිරිස් එකතුව ගොඩනගා ගත් දේශපාලන ව්‍යාපාරයක්ය යන්නයි.

නමුත් එම ප්‍රකාශයන් තුල ඇත්තේ ව්‍යාජයක් බව නොපෙනෙන කෙනෙක් නැති තරම්ය. ජ.වි.පෙ.ට අනුව ඝාතන සියල්ල සිදු කරන ලද්දේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් මිස ජ.වි.පෙන් නොවේ.

 

ජ.වි.පෙට සත්‍ය ලෙසම අවශ්‍ය වූයේ තම න්‍යායික ස්ථාවරයට එරෙහි ව්‍යවහාරය සාධාරණීකරණය කරගැනීමයි. එවිට එවැනි ව්‍යවහාරයකට ජවිපෙට අවශ්‍ය වන්නේ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා උපක්‍රමයක් ලෙසය. ඕනෑම උපක්‍රමයක් භාවිතා කොට රාජ්‍ය බලය ලබාගත් පසු සියල්ල සංස්කරණය කල හැකි බව ඔවුනගේ ස්ථාවරය විය. ජ.වි.පෙ. මෙම ජනතාවාදය 1987-1990 සමයෙන් පසු දිගටම දැකිය හැකි වූ දේශපාලන සංසිද්ධියකි. ඔවුන් 1994 නැවත ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණෙන්නේ "ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ" නමින් නැවතත් දේශප්‍රේමය තොරොම්බල් කරමිනි. ඉන් කලකට පසුව ජ.වි.පෙ. ලෙසම දේශපාලනයේ නිරත වුව ද එහිද අන්තර්ගතය වූයේ දේශප්‍රේමයයි.

 

ජවිපෙ වර්තමාන ව්‍යවහාරය පරිපූර්ණ ලෙසම ලිබරල්වාදී වී ඇත්තේ "ජාතික ජන බලවේගය" අටවාගැනීමත් සමගිනි. නැවතත් එය රාජ්‍ය බලය සඳහා වන උපක්‍රමය වන විට පිවිතුරු ශුද්ධ මාක්ස් ලෙනින්වාදී බෝල්ෂෙවික් පක්ෂය ටිල්වින් යටතේ පවතී. බෝල්ෂෙවික් පක්ෂයට අනුව උපක්‍රම යොදා "ජනතාව" රවටා රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසුව සමාජවාදය හෝ ඊට ආසන්න තත්වයක් අභ්‍යාස කිරීම ඔවුනට කල හැකිය. නමුත් ඔවුන් තේරුම් නොගන්නේ ඔවුන්හට රාජ්‍ය බලය ලබා ගත හැකි වුවද ඒ වන විටත් ඔවුන් විසින් ඔවුන්ගේ සැබෑ දේශපාලන ස්ථාවරයට එරෙහිව ඉතාමත්ම වෙහෙස මහන්සි වී සමාජය ගොඩනංවා අවසන් බවය.

 

ජ.වි.පෙ. වෙතින් පෙ.ස.ප. ඛණ්ඩනය සිදුවන්නේ ද ජ.වි.පෙ. එම උරුමය දරාගනිමින්මය. ඛණ්ඩනය සමගින්ම ඔවුන් විසින් "ජන අරගල ව්‍යාපාරය" අරඹන්නේ තම සුපුරුදු උපාය උපක්‍රම භාවිතය ප්‍රගුණ කිරීම සඳහාය. ඒ සඳහා නියම තක්කඩි අමනයෙකු වන චාමින්ද සහ ඔහුගේ ගෝල හැත්තක් ද එකතු වේ. රෝග ලක්ෂණය උත්සන්න වන්නේ ඒ එකතුව සමගිනි. ජන අරගල ව්‍යාපාරය යනු ජ.වි.පෙ. විසින් අටවාගෙන ඇති "ජාතික ජන බලවේගයට සමාන පෙ.ස.පෙ. උපක්‍රමික ව්‍යාපාරයයි. ශුද්ධ බෝල්ෂෙවික් පක්ෂය කුමාර් ගුණරත්නම් යටතේ පවතින විට පෙ.ස.ප. විසින් නායකත්වය දෙන ලිබරල්වාදීන්, පශ්චාත් මාක්ස්වාදීන්, ට්‍රොස්කිවාදීන් වැනි පෙ.ස.ප. විසින් දරා සිටින ශුද්ධ මාක්ස්-ලෙනින්වාදය නොපිළිගන්නා කණ්ඩායම් ජන අරගල ව්‍යාපාරය තුල අඩංගු වේ. නමුත් පෙ.ස.පට අනුව ඔවුන් එම වාදයන් පිළිනොගන්නා මුත් පවතින දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහි පුළුල් ජන අරගලයක් වෙනුවෙන් එම ව්‍යාපාරයට නායකත්වය ලබා දේ. ඔවුන් සිතනුයේ ඒ තුලින් ඔවුන්හට ජ.වි.පෙ. අභිබවා ඉදිරියට ගොස් රාජ්‍ය බලය නමැති අග්‍රඵලය අත්පත්කොට ගත හැකි බවය.

 

න්‍යාය විරෝධී ලෙස එවැනි විකාර සහගත සම්භාෂණයක යෙදෙමින් පෙ.ස.ප. නායකයින් අප වෙත ගෙනෙන චෝදනාව වන්නේ අප වැනි කණ්ඩායම් වලට කිසි දින පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය නොහැකි බවය. නමුත් ඔවුන් වටහා නොගන්නේ ඔය ආකාරයේ ජනතාවාදයන් තුලින් සිදුව ඇත්තේ ජාතිකවාදය උත්සන්න වී (1994-2010 ජවිපෙ දේශපාලනය) රාජපක්ෂලා බලයට පැමිණ නැවත සංස්කරණය කල නොහැකි විනාශයක් සිදුවීම සහ ලිබරල් යථාර්තයක් ගොඩනැගීම (ජවිපෙ සහ පෙසප වර්තමාන දේශපාලන ව්‍යවහාරය) සඳහා අවශ්‍ය පදනම සකස් වීම බවය.

 

අප ගොඩනගන කතිකාව සමාජගත කිරීමට ඇති ප්‍රධාන බාධාව වන්නේ ඉහත කී ජ.වි.පෙ. සහ පෙ.ස.පෙ දේශපාලනය මෙන්ම වාමාංශික කතිකාවයි.

 

@spartacus.lk