SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යහපාලන ආණ්ඩුවේ උපායමාර්ග ව්‍යවසාය කළමනාකරණ  ආයතනයේ (SEMA) හිටපු සභාපතිවරයෙකු වූ අශෝක අභයගුණවර්ධන විසින් ගෝටාට බැරිවූ දේ රනිල් කළේ කොහොමද?

යනුවෙන් අදහස් දැක්වීමක් සිදු කර ඇත. ඒ ඔහු විසින් ප්‍රකාශයට පත්කරන ‘රටට හෙටක්’ යූ ටියුබ් නාලිකාව හරහාය.

 

ගෝඨා පැනල ගියා!

රනිල් රජ පුටුවේ වාඩිකළා!

රනිල්ගේ මහලොකු සැළසුමක් තිබුණේ නැහැ!

රනිල් කරන තරමක් කරන්නේ රටේ අනාගතය විනාශ කරන ප්‍රතිපත්ති.

ඉතිං ගෝඨාට බැරි වුන දේ රනිල් කළේ කොහොම ද?

 

රට යම් තරමකට හෝ යථා තත්වයට පත්කිරීම සඳහා ගෝඨාභය ජනාධිපතිවරයාට කරන්නට බැරි වූ දෙය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වූයේ ඇයිද යන කාරණයට අශෝක අභයගුණවර්ධන කරුණු තුනක් මෙහිදී පෙන්වා දේ.

 

ඔහු කියන්නේ,

(1) වෙනත් වසරවලදී සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී දැඩි නියගයක් පවතින නමුත් 2022 අගෝස්තු මාසයේදී ධාරානිපාත වැසි ඇතිවී ජලාශ ආශ්‍රිතව ජල ධාරිතාව ඉහළ යෑම නිසා ජල විදුලිය නිෂ්පාදනය වැඩිවූ බවත් ඒ නිසාවෙන් පැය 10ක් 12ක් කපන්නට සිදු ව තිබූ විදුලි කප්පාදුව අඩු කරන්නට ලැබුනු බවත්ය. ඒ අනුව එය රනිල්ගේ නොව සොබාදහමේ මැජික් එක්ක බව අශෝක කියයි.

 

තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති වූයේ කෙසේද?

 

(2) තෙල් පෝලිම් නැති වූයේ තෙල් මිළට ගැනීමට හැකිවීමක් නිසා නොව ආණ්ඩුව විසින් QR code එක හඳුන්වාදීම නිසා බවත්, සලාක ක්‍රමයට තෙල් බෙදා දීම නිසා 20%කින් පමණ තෙල් පරිභෝජනය ලංකාවේ අඩුවූ බවත් ඔහු කියයි. තවද ඒ සමගම තෙල් මිල හතර පස් ගුණයකින් ඉහළ දැමීම නිසාත් මිනිසුන් අත්‍යවශ්‍යම කාරණයකට පමණක් ප්‍රවාහනය යොදා ගැනීමත්, මිනිස්සුන්ට මේ අධික මිළ දරාගැනීමට නොහැකි නිසා අරපිරිමැස්මෙන් පටි තද කරගැනීමත් හේතුවෙන් තවත් 15%ක පමණ තෙල් පරිභෝජනය අඩුව ඇති බවත් ඔහුගේ විශ්ලේෂනයේ දක්වා ඇත.

 

(3) එසේම ගෑස් පෝලිම් නැති උනේ ගෑස් මිළට ගැනීම සඳහා ණයක් ලබාගෙන ගෑස් ආනයනය කිරීම නිසා පව ඔහු පවසා ඇත.

සම්පූර්ණ වීඩියෝව පහතින්...