SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1981 වසරේ ආරම්භ වූ රූපවාහිනයේ ප්‍රධාන කාර්ය වූයේ ලාංකීය සමාජය සංස්කෘතික වශයෙන් වෙනස් කිරීමේ පුරෝගාමී කාර්යභාරයයි

(සවිස්තරාත්මක පැහැදිලි කිරීම මේ ලිපියේ : http://www.spartacus.lk/%e0%b7%80%e0%b6%b8-%e0%b6.../2019/). නමුත් ජේ.ආර්. හට ඔහුගේ අනුප්‍රාප්තිකයෙකු පත්කොට ගැනීමට නොහැකි වූ තත්වයක් හමුවේ (ප්‍රේමදාස යුගයේ ජනමාධ්‍ය රාජ්‍ය ඇමතිවරයා විසින් අභිනව MTV රූපවාහිනියට නියෝග කරන ලද්දේ නිදන කාමර දර්ශන නොපෙන්වන ලෙසය. නමුත් ජේ.ආර්. යුගයේ සම්පූර්ණ නිරුවත් දර්ශන සහිත චිත්‍රපට රූපවාහිනියේ විකාශය විය) තම වැඩපිළිවෙල කුරුවල් වී ගිය අතර එම කුරුවල්භාවය 1994 සිට 2022 දක්වා ඉදිරියට යන අතරතුර ජේ.ආර්.ගේ නියමම අනුප්‍රාප්තිකයා දෙවරක් බලයට පැමිණිය ද ඔහුට සාර්ථක වීමට ඉඩ නොලැබෙන්නේ විධායක ජනාධිපති ධූරය SLFPයට හිමිව තිබූ තත්වයක් යටතේ සහ ජාතිකවාදි කතිකාව ඊට බාදාවක් වූ බැවිනි. නමුත් මේ වන විට ජාතිකවාදී කතිකාව යට ගොස් ධනවාදී කතිකාව තහවරු වෙමින් ඇත

(ඒ පිළිබඳව දින කිහිපයකට පෙර ලියූ ලිපිය: https://web.facebook.com/permalink.php?story_fbid=pfbid026bp7BFpKQf8j4FX9MAnLiDC3brHRR3n6JwEqRrHDEzGyY84tGb2cxQW5DujxLMuCl&id=189404577862002).

 

ඒ අනුව, ඒ සඳහා ප්‍රධාන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කිරීම සඳහා ඉදිරිපත්ව ඇත්තේ Sudarshana Gunawardanaගේ ITN චැනලයයි. එම චැනලය විප්ලවීය පියවරක් අනුගමනය කරමින් සිංහල නළු නිලියන් යොදා තනා ඇති ලංකාවේ සම්මත සංස්කෘතික සදාචාර සීමාවට අනුව නම් රූපවාහිනියක විකාශය කිරීමට නොසුදුසු"වැඩි හිටියන්ට පමණක් සුදුසු" ටෙලි නාට්‍යයක් විකාශනය කරමින් තිබේ.

 

දැන් කෙනෙකුට පැවසිය හැක්කේ බහුතරය අන්තර්ජාලය පාවිච්චි කරන මේ යුගයේ ඕක මොකක්ද යන්නයි. නමුත් එහි සුවිශේෂතාවය ඇත්තේ ජාතික චැනලයක සිංහල නළු නිලියන් යොදා එවැන්නක් නිර්මාණය කොට විකාශය කිරීමේය.

 

 

2003 වසරේ ජිප්සීස් සුනිල් පෙරේරා ප්‍රමුඛ "රෝයල් stag night", පැමිණියේ ද, සිරස රූපවාහිනියේ "night time TV" පැමිණියේ ද, ජාතික රූපවාහිනිය පැය 24 තුලම විකාශ කටයුතු කරමින් ලිංගික දර්ශන අඩංගු චිත්‍රපට පෙන්වූයේ ද 2001 වසරේ රනිල් අගමැති වී UNP ආණ්ඩුවක් පිහිටවීමෙන් පසුවය. නමුත් ජාතිකවාදී රැල්ල ඔහු ප්‍රමුඛ UNPය එළවා දැමීය.

 

2015 වසරේ අගමැති දූරය සහිත ආණ්ඩුවක් ලැබුන ද ජනවරම හිමි වූ අහිනව ජනපති මෛත්‍රී හෙතුවෙන් රනිල්ගේ ප්‍රතිපත්ති කල එලි බැස්සවීමට ඔහුට නොහැකි විය. එහෙත් මේ වන විට ඔහුට අවශ්‍ය පිළිවෙල ස්ථාපිත කිරීම සඳහා සියලු ප්‍රභූන් ඔහුට අනුග්‍රහය දක්වමින් සිටින අතර 'ධනවාදී කතිකාව' තහවරු වෙමින් තිබේ. ජවිපෙ ප්‍රමුඛ වමට මේ පිළිබඳව හාන්කවෝසියක් හෝ නොමැති අතර X කණ්ඩායමේ පශ්චාත් නූතනවාදයෙන් ජවය සහ අනුප්‍රාප්තිකත්වය ලැබූ පශ්චාත් මාක්ස්වාදී සංස්කෘතික දේශපාලනය සඳහා සුදර්ශන විසින් විධානය කොට නිෂ්පාදනය කර, ඔහු විසින්ම විකාශය කරන මෙම ටෙලි නාට්‍ය භාර ගැනීමට සිදුවනු ඇත.

 

ඒ අනුව දීප්ති කුමාර ගුණරත්න අනුදත් මනොවිශ්ලේෂණ විකාරයට හෝ එම සප්‍රදයේම පශ්චාත් මාක්ස්වාදයට සිදු වන්නේ සුදර්ශන වෙනුවෙන් පෙනී සිටීමටය. ඉදිරියේදී මෙම ටෙලි නාට්‍යය පිළිබඳව සංවාද, විචාර, දොරට වැඩුම් නොපැමිණෙන්නේ නම් ඒ වෙනත් කුහකත්වයක් හේතුවෙන් මිස පශ්චාත්ලාට නම් මේවා ප්‍රතික්ෂේප කල නොහැකිය. පශ්චාත්ලා කෙසේ වෙතත් අශෝක හඳගම මේ සඳහා ප්‍රමුඛතාවය ගනු ඇත.

@ස්පාටකස් ලිපි

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි