SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රජාතන්ත්‍රවාදය ස්වභාවික ද? 

ඊයේ අප විසින් කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් උසුළු විසුළු කරමින් ඊට එරෙහිව සමහරුන් කරුණු දක්වා තිබුණි. එම ප්‍රකාශයන් තුල ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ස්වභාවික වී ඇති තත්වයක් තුල අපගේ ප්‍රකාශයේ අර්ථය නොපෙනී යාමයි.

රනිල් ප්‍රතිත්‍රස්ත පනත ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සංස්ථාපනය කිරීම සඳහාය. ප්‍රජාතන්ත්‍රවාදී සියලු දෙනා ඊට පක්ෂ විය යුතු අතර එයට එරෙහි වන්නේ නම් කල යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයම ප්‍රතික්ෂේප කිරීමයි. රනිල්ගේ ස්ථාවරය වී ඇත්තේ කැරලි-කෝලහාල, උද්ඝෝෂණ, රාජ්‍ය විරෝධයන් ඇති වන්නේ ඕනෑම අයෙකුගේ 'ආශාව' හඹා යාම සීමා වීම, එනම්, අධ්‍යාපනය, නිදහස් වෙළඳාමට ප්‍රවේශ වීම සහ රැකියා කිරීම, භාණ්ඩ සහ සේවා සුලබ ලෙස පාරිභෝජනය කිරීම, වැනි කාරනා වලට ඇති සීමා මායිම් නිසාය යන්නයි.

ඒ අනුව ඔහු උත්සාහ කරනුයේ රට සිංගප්පූරුවක් බවට පත්කොට එම සීමා මායිම් අහෝසි කිරීමයි. එවිට කැරලි-කෝලහාල, උද්ඝෝෂණ, රාජ්‍ය විරෝධයන් අවශ්‍ය නොවේ යන්න එම ස්ථාවරය වේ. එයට වර්තමාන වාමාංශිකයින්ට එරෙහි විය නොහැකිය. ඒ ඔවුන්ද එයම පිළිගන්නා බැවිනි. රනිල්ට අනුව ප්‍රතිත්‍රස්ත පනත ගෙන එනුයේ රනිල් කරන්න යන දේම ඉල්ලා සිටිමින් ඊට එරෙහිව කැරලි-කෝලහාල, උද්ඝෝෂණ, රාජ්‍ය විරෝධයන් සිදු කරන වාමාංශික පිරිස් මැඩපැවැත්වීම සඳහාය. රනිල්ගේ එම ස්ථාවරයට එරෙහි කතිකාව ගොඩනගන්නේ අප පමණි.

 

ප්රජා 2

 

අපගේ ප්‍රජාතන්ත්‍රවාදය ලිපි පෙළ (http://www.spartacus.lk/democracy/2022/) සඳහා සැබෑ අර්ථය ගෙන එමින් සිටිනුයේ රනිල් වික්‍රමසිංහ විසිනි. මේ වන විට වාමාංශිකයින් ඇතුළු රටේ බහුතරය ඉල්ලා සිටිනුයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් බවට පත්කරන ලෙසය. මෙවැනි ප්‍රතිත්‍රස්ත පනතක් නොමැතිව ශ්‍රී ලංකාව සිංගපූප්රුවක් බවට පත්කල නොහැකිය. සිංගපූරුවේ ඇත්තේ රනිල් ගෙන එන ප්‍රතිත්‍රස්ත පනතට ද එහා ගිය මර්ධන අණ පන්ත්ය.

 

එසේම වාමාංශිකන් ද ඇතුළු සියලු දෙනා පිළිගන්නා අනෙක් ප්‍රධාන කරණය වී ඇත්තේ රටට ආයෝජකයින් පැමිණිය යුතු බවය. එසේ ආයෝජකයින් පැමිණීමට නම් සැපිරිය යුතු ප්‍රධාන කොන්දේසිය වන්නේ ශ්‍රම-කාලය පැය 16ක් හෝ දක්වා ඉහල දැමීමක් සහ ලාභ ශ්‍රමය ලබාගත හැකි වීමය. මේ සඳහා ලංකාව තුල බලාපොරොත්තු තැබිය හැකි තත්වය වන්නේ තවමත් රැකියා වල නිරත විය හැකි වයසේ පසුවන තවත් 65%ක පමණ කාන්තාවන් ප්‍රතිශතයක් ඉතිරිව තිබීමයි (http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6.../2022/). එසේම පාරිසරික නීති සහ බදු ලිහිල් කිරීම සිදු කල යුතු අතර වැඩවර්ජන, උද්ගෝෂණ නොමැති විය යුතු බවට සහතික විය යුතුය (ඒ සියල්ල සැපිරුවද ආයෝජන පැමිණීම ගැන විශ්වාසයක් නොමැත).

 

ප්රජා 7

 

මේ තත්වය මත රට සිංගප්පූරුවක් කරන ලෙස ඉල්ලන ජවිපෙ සහ පෙසපට මේ පනතට එරෙහි විය හැකි ද?

 

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහි ජනතා විරෝධයක් පැමිණෙන බවක් නොපෙනේ. එම තත්වයට වගකිව යුත්තේ ද ජවිපෙ සහ පෙසපයි. දැවැන්ත විරෝධයක් ඇති කොට රනිල් එළවා නොදමුවහොත් පාර්ලිමේන්තුවේ සිටිනා ප්‍රභූ දේශපාලනඥයින් එකතුව මෙය එය ඉතාම පහසුවෙන් සම්මත කරගනු නියතය. ඒ අනුව මැයි 9 ප්‍රහාරයෙන් සිදු වූ හානිය ඉන් නැවත ප්‍රතිස්ථාපනය කොට ගත හැකිය.

 

ප්රජා 3

 

මේ වන විට පොලීසියට සහ හමුදාවට අවශ්‍ය ආකාරයට තම රාජකාරි සිදුකොට ගත නොහැකි වී තිබේ. ඒ සඳහා නවීන තාක්ෂනය ද බලපෑ ඇත. මෙම පනතින් පසුව උද්ඝෝෂණ වලදී පොලිස් සහ හමුදා නිලධාරීන් සිදු කරන ක්‍රියාවන් සබන්ධයෙන් ජංගම දුරකථන වීඩියෝ විහිළු බවට පත්වීමට නියමිතය. ඒ අනුව ප්‍රතිත්‍රස්ත පනත යනු ලංකාව වැනි රටක ධනවාදය පවත්වා ගැනීම අභියෝගයට ලක්වී ඇති තත්වයක් තුල එය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පනතක් බවට පත්ව ඇත. එබැවින් කල යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුල සිට ප්‍රතිත්‍රස්ත පනත ප්‍රශ්න කිරීම නොව ප්‍රජාතන්ත්‍රවාදයම ප්‍රතික්ෂේප කරන කතිකාවක් ගොඩනැගීමයි.

 

ප්රජා 5

 

මීට වසර 20කට පෙර මෙවැනි පනතක් ගෙන ආවේ නම් ඇති වන විරෝධය අද නොමැත්තේ වාමාංශික ව්‍යාපාරය විසින් ද ප්‍රජාතන්ත්‍රවාදය භාරගත් නිසාය. ඉන් තහවරු වූයේ ධනවාදී කතිකාවයි (https://web.facebook.com/permalink.php?story_fbid=pfbid02nstKN8WC3KSDc1Wr5W8vbVLSKRFtqoxggzBTQexvpn8EocepgLHZqVHNsmJQmDMl&id=189404577862002). එබැවින් මැතිවරණ වලට අවාසිදායක වේ යයි සිතමින්, ඊනියා "ජනතාව" තම පක්ෂ වලින් ඈත් වේ යයි සිතමින්, ළඟ නැවීමට ගිය පාර්ලිමේන්තුවාදයේ ප්‍රථිපලය වී ඇත්තේ ජවිපෙ ද රැඩිකල්හරණය වෙමින්, ධනවාදය තුලට තල්ලු වෙමින්, රට සිංගප්පූරුවක් කිරීමට 1948 සිටම බලාපොරොත්තු තැබූ (ජේ.ආර්. ඩී.එස්. සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමැති ලෙස),1977 සිටම කැසකැවූ නායකත්වය අවසානයේ බලයට පැමිණීම සහ සියලු ප්‍රභූ දේශපාලන-ව්‍යාපාරික සහාය ඔහුට එකවර හිමි වීමයි ("ගෝල්ෆේස් අරගලයේ" ප්‍රථිපල:

http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%af%e0%b7%8a.../2022/).

 

ප්රජා 9

 

කෙසේ වෙතත් ප්‍රතිත්‍රස්ත පනත පරාජය කල යුතුව ඇත. නමුත් ජවිපෙ ඒ සඳහා පියවර ගන්නා බවක් නොපෙනේ. ඒ ඔවුන් සිටිනුයේ බලය ලබා ගැනීමේ සිහිනයක බැවිනි. බලය පිලිබඳ සිහිනය ක්‍රමක්‍රමයෙන් බොඳ වී යන බවක් ඔවුනට නොපෙනේ. එසේම ජවිපෙ මෙම ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරනුයේ රනිල් සමග ඔවුනට වෙනත් ගනුදෙනුවක් ද ඇති බවය. ඒ බවට රනිල්ගේ උපදේශකයෙකු අප සමග කල ප්‍රකාශය තහවරු වන ක්‍රියාකාරීත්වයක් ජවිපෙ මේ වන විට පෙන්නුම්කරමින් සිටී.

උපදේශකයාගේ අදාළ ප්‍රකාශය මෙසේය.

 

"ජවිපෙට බලයට ඇවිත්, ජවිපෙට අවශ්‍ය දේ කරන්න නම් රනිල් මේ කරගෙන යන වැඩපිළිවෙල සාර්ථක වෙන්න ඕන. ඒක සාර්ථක නොවී ජවිපෙ බලය අරන් වැඩක් නැහැ."‍

 

ප්රජා 8

 

ඔහු තවදුරටත් කරුණු දැක් වූ අතර එම අදහසෙහි මුඛ්‍ය අර්ථය වූයේ ට්‍රොස්කිවාදී ස්ථාවරය වන ධනේශ්වර සංවර්ධනය සිදු වී අවසන් විය යුතු බවයි. වික්‍රමභාහු ඇතුළු NSSP ට්‍රොස්කිවාදී වාමාංශිකයින් ද රනිල්ට සහාය දක්වන්නේ එම ස්ථානයෙනි. එකී ප්‍රකාශය සිදු කල රනිල්ගේ උපදේශකයා ද ඔහුගේ අර්ථයෙන් තවමත් වාමාංශිකයෙකි (http://www.spartacus.lk/%e0%b7%80%e0%b6%b8-%e0%b6.../2019/ ).

 

ප්‍රතිත්‍රස්ත පනත නොමැති වුව ද ඕනෑම ආණ්ඩුවකට ඕනෑම ආණ්ඩු විරෝධයක් මැඩපැවැත්විය හැකිය (ඒ බව හොඳින්ම ඔප්පුකොට ඇත්තේ රනිල් විසිනි). නමුත් ප්‍රතිත්‍රස්ත පනත හරහා කිසිදු කැතක් නොමැතිව විරෝධය ඇති වීමට කලින්ම, නීත්‍යනුකූලවම එවැනි විරෝධයක ඡායා මාත්‍රයක් හෝ ඇති නොවන පරිදි එය මකා දැමිය හැකි සේම මුලදී පනත ප්‍රකාරව සිදු වන අත්අඩංගුවට පත්වීම් පූර්වාදර්ශ වී කිසිවෙකු එවැනි විරෝධතා වලට නොයන තත්වයක් උදා වනු ඇත. එය ආයෝජකයින් සඳහා ඉතා හොඳ සහතික වීමක් ද වනු ඇත.

 

@spartacus.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි