SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

CIA සංවිධානයේ ප්‍රධානියෙකු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පෙනී යන්නේ ඇමරිකාව විසින් ලංකාව පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බවය.

ඔහුට ඇමරිකාවෙන් මෙන්ම ලංකාවෙන් ද ලබා දී තිබූ ආරක්ෂාව (ඇමරිකානු ජනාධිපතිවරයාට නොදෙවෙනි ආරක්ෂාවක්) පිළිබඳව සැලකීමේදී නැගෙන ප්‍රශ්නය වන්නේ CIA ප්‍රධානියෙකු ලෙස පැවසුව ද ඒ පැමිණයේ CIA ප්‍රධානියාම ද යන්නයි.

 

ඇමරිකාව යනු, පත්වන විධායක ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩු වලට මැදිහත් විය නොහැකි "ක්‍රමයක්" ක්‍රියාත්මක වන රටකි. පත්වන විධායක ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව යනු එම ‘ක්‍රමය’ ක්‍රියා කරවීම භාරගන්නන් මිස කිසි සේත්ම "ක්‍රමයේ" වෙනසක් වෙනුවෙන් මැදිහත් විය හැකි තත්වයක් නොවේ. "ක්‍රමයේ" ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන සහ සංවිධාන සඳහා ඍජු ස්වාධීනත්වයක් තිබේ. උදාහරණ ලෙස CIA සංවිධානය, ඇමරිකානු ෆෙඩරල් සංචිත පද්ධතිය (The Federal Reserve System), වැනි ආයතන සඳහා ඇමරිකානු ආණ්ඩුවට ඍජුව මැදිහත්විය නොහැකිය. ඒ අනුව ඒවා ක්‍රියාත්මක වන්නේ ඇමරිකානු ධනවාදයේ ආරක්ෂක, උපක්‍රමික, කලමනාකාරීමය ආයතන ලෙසය. ජනාධිපතිගේ කාර්යභාරය වන්නේ ඒවාට වගකීම් භාරදීම පමණි. වගකීම් ඉටු කිරීමේදී ඒවා ඉටු කරන ආකාරය ඔහුට අදාළ නැත.

 

මින් පෙර සිටි ඇමරිකානු තානාපතිවරුන්ගේ ක්‍රියා කලාපයට සපුරා වෙනස්ව වත්මන් ඇමරිකානු තනාපතිවරියගේ හැසිරීමෙන් ද පෙන්නුම් කෙරෙනුයේ ලංකාව කෙරෙහි ඇමරිකානු බලපෑමයි. ඇය මේ වන විට ලංකාවේ බොහෝ දිස්ත්‍රික්ක වල සංචාරය කොට ඇත.

 

අනාගත ලෝක බලවතා බවට පත්වීමේ ක්‍රියාකලාපයක (one belt, one road, one currency) නිරතව සිටින චීනයේ උපක්‍රමයන්ට අදාළ ප්‍රධානතම මර්මස්තානයක් ලෙස ලංකාව සලකුණු වී තිබීම තුල, ලංකාව තම ග්‍රහණයට නතු කරගැනීමේ වෑයම ඔවුන් අත්නොහරිනු ඇත. යම්කිසි ලෙසකින් ජවිපෙ බලයට පත්වුවහොත් අනීවාර්ය ලෙසම ජවිපෙට සිදුවනුයේ ලංකාව චීන කොලනියක් බවට පත් කිරීමටයි. එසේ නොමැති නම් ඔවුනට ද සිදු වන්නේ ගෝඨාභයට අත් වූ ඉරණමට ලක්වීමටය. විශේෂයෙන්ම මධ්‍යම පන්තිය තුල සිටින්නන් සහ මධ්‍යම පාන්තියට ඇතුල් වීමට සිහින මවන්නන් මෙවර ජවිපෙ ප්‍රධාන ගාමක බලවේගය බවට පත්ව ඇත. ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ පෙට්‍රල් රුපියල් 117ට, ඩීසල් 90ට, පෙර පවතී විදුලි බිල, වාහන සඳහා තිබෙන අධික බදු ඉවත්කොට වාහන මිල අඩු කිරීම, නැවතත් ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය නගා සිටුවීම වැනි බලපොරොත්තූන්ය (මේ පිළිබඳව මීට පෙර කිහිප වතාවක්ම සවිස්තරාත්මකව ලියා ඇත). එම බලාපොරොත්තු යම් මට්ටමකට හෝ සඵල කොට ජනප්‍රසාදය රැක ගැනීමට නම් විශාල ප්‍රාග්ධන සැපයුමක් අවශ්‍ය වේ. ඒ ඩොලර් බිලියන 53ක විදේශ ණය ගෙවීමක් තිබෙන තත්වයක් තුලය (රාජපක්ෂ පාලන සමයේ තිබූ සුදිය යැපුණේ විදේශ ණය මතය). එවැනි ප්‍රාග්ධන අනුග්‍රහයක් ඇමරිකා-යුරෝපා රටවලින් ලබා ගැනීමට ජවිපෙට නොහැකිය. එබැවින් එකම පිළිසරණ වන්නේ චීනයයි. නමුත් චීනයේ මෙම උත්සාහයට ඇමරිකාව ඉඩ නොදෙන බව දැන් පැහැදිලිය.

 

ඒ අනුව දැන් ලංකාවට අදාළ දේශපාලන සටන පවතිනුයේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලිබරල් කඳවුර සහ රාජ්‍ය ධනවාදී චීනය සමගය. ඇමරිකානු කඳවුරේ ඍජු නියෝජිත පරපුරේ නියම අනුප්‍රාප්තිකයා දැන් රටේ ජනාධිපති බවට පත්ව ඇත. ඔවුනට ඔහු විශ්වාසවන්ත වීම, එනම් කියන ඕනෑම දෙයක් කරන අවනත ගැත්තෙකු වීම, චීනයට ඇති දැඩි අවාසියි.

 

මැතිවරණය කල් දැමීම පිටුපස තිබෙන රහස වන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් ලැබීමට නියමිත බවට බලාපොරොත්තු වන මූල්‍යමය ආධාර සහ ණය ව්‍යාපෘතීන්ය (IMF ඩොලර් බිලියන 2.5 වැනි සොච්චමකින් රනිල් හට වීරයා වීමට නොහැකිය. නමුත් IMF ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම තුල, එම කොන්දේසීන් සැපිරීම තුල, ආයෝජන සඳහා සුදුසු තත්වයක් උදා වන බවට බලාපොරොත්තු වේ. එනම්, කම්කරු නීති, පාරිසරික නීති, ඉඩම් පිළිබඳව නීති සහ කොන්දේසි අහෝසි කිරීම වැනි දෑ...). ඒ අනුව රනිල්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ ඇමරිකානු ව්‍යාපෘතියට නතු වී ක්ෂණිකව දැඩි ආර්ථික හාස්කම් පෙන්වා රට ගොඩ ගත් උත්කෘෂ්ට ප්‍රතිභාවන්තයා බවට පත්වීමයි. UNPය මෙන්ම ලාංකීය ධනවාදය ගොඩ ගත හැකි එකම මග එය බව ඔහු දනී.

 

චීන මකරා සහ ඇමරිකානු පාදඩ යැංකි බල පොරය හමුවේ පෑදී ඇති ඉල්ලම ගොඩ ගැනීමට නම් අඩු තරමින් තව වසරක් වත් කෙසේ හෝ බලය රැකගෙන වැඩ පෙන්විය යුතුය (ඇමරිකාවේ උපදෙස වනු ඇත්තේ ද එයයි). දැන් සිදුවෙමින් පවතිනුයේ එම අවශ්‍යතාවයයි. මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යනු මේ තත්වයට අදාළ නොවන දේවල් බවට පත්ව ඇත්තේ ඒවාට අදාළ මහා දේවල සහ දෙවිවරුන්ට අනුව ඒවා ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය තත්වය ලංකාව තුල නොමැති නිසාය. ඒ අනුව ඒවා ක්‍රියාත්මක විය හැකි ආර්ථික සමාජ තත්වයක් ඇති කිරීම සඳහා සුදුසු පාලන තන්ත්‍රයක් තිබෙනවා යයි අදාළ දේවල වලින් පිළිගැනීම තුල එම පාලන තන්ත්‍රයට අවශ්‍ය ඕනෑම ආකාරයක මර්ධනයක් සිදු කිරීම වෙනුවෙන් එම දේවල වල අනුග්‍රහය ලැබෙනු ඇත. ඒ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්වදාය, වැනි මූලධර්ම රැකගැනීම වෙනුවෙනි (සැබැවින්ම ධනවාදයට එරෙහි විමුක්ති ව්‍යාපාරයක් විසින් කල යුතු ප්‍රමුඛ කාර්ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වීමයි. නමුත් එවැනි ව්‍යාපාර යයි සිතා සිටිනා ව්‍යාපාර විසින් සිදු කරනුයේම මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය , වෙනුවෙන් පෙනී සිටීම සහ තව තවත් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටීමයි.)

 

ඒ අනුව එම ක්‍රියාවලිය සාර්ථක වුවහොත් ජවිපෙ රැල්ල බැස යනු ඇත. එසේම මේ වන විට එම ව්‍යාපෘතිය වෙත අභියෝග කිරීමට ජවිපෙ සතුව පෙර කල තිබූ ශඛ්‍යතාවය අහෝසි වී ගොස් ඇත. ඒ ඔවුන් මධ්‍යම පාන්තික හොඳ, ගුණ යහපත් පිරිසක් බවට පත්වීම තුලය. ජවිපෙට අදාළ එහි ප්‍රධානතම සන්ධිස්ථානය වන්නේ ලාංකීය ප්‍රභූ දේශපාලන ඉතිහාසය තුල පැය 48ක් වැනි කෙටි කාලයක් තුල ප්‍රභූ නිවාස රැසක් ගිනි තබා, ප්‍රභූ නායකයින් පලා ගොස්, තැන් තැන් වල සැඟවෙන තත්වයක් ඇති වූ තත්වයයි. නමුත් ජවිපෙ ඒ අවස්ථාවේ එයට සහාය දීම මගහැරියා පමණක් නොව රනිල් විසින් ක්‍රියාත්මක කල දැවැන්ත මර්ධනයට එරෙහි වීමක් හෝ සිදු නොකරන ලදී. එහි ප්‍රතිඵල ඉදිරියේදී ජවිපෙ විසින් අත්විඳිනු ඇත.

 

සුපුරුදු පරිදි "ඓතිහාසික භෞතිකවාදය" අවිඥානික තකතීරු වාමාංශිකයින් (ට්‍රොස්කිවාදීන්) හිටපු තකතීරු වම්මුන් රනිල් ප්‍රමුඛ UNPයට සහාය දෙමින් යැංකි ව්‍යාපෘතිය "සමාජ සංවර්ධනයේ" (ප්‍රගතිශීලීත්වයේ) ඉදිරි පියවර ලෙස භාරගෙන, ඊට සහාය දෙමින් සිටී. ඔවුනට අවශ්‍යව ඇත්තේ පැය 18ක් පමණ වැඩ කරන මිනිසුන් සිටින කර්මාන්ත, ඉදිකිරීම්, වෙළඳාම් සහ වගා බිම් පුරවරයක් බවට ලංකාව පත් කිරීමයි.

 

ශ්‍රී ලංකා මහ බැංකුව පනතක් මගින් ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම (එය ශුද්ධ ලෙසම ක්‍රියාත්මක රටක් වන ඇමරිකාවේ මෙන්) සහ ආර්ථික විද්‍යාව, මූල්‍ය උපක්‍රම සහ මූල්‍ය කළමනාකරණය පිලිබදව විශේෂඥයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් එහි තීරණ තීන්දු ගන්නන් බවට පත්කරන පනතක් සම්මත කිරීම සඳහා නියමිතව ඇත්තේ එය IMF ප්‍රධාන කොන්දේසියක් මෙන්ම යම් හෙයකින් ජවිපෙ විසින් ආණ්ඩුවක් පිහිටවුවහොත් ජවිපෙට රිසි ලෙස ක්‍රියා කිරීමට නොහැකි වන පරිදිය. රනිල් ඉන් නොනවතිනු ඇත. ඔහු තවත් එවැනි ස්වාධීන ආයතන සහ මණ්ඩල පිහිටවනු ඇත. ඒ වත්මන් ආයෝජකයින්ගේ, ව්‍යාපාරික ප්‍රජාවගේ සහ ඉදිරි ආයෝජකයින්ගේ ආරක්ෂාව වෙනුවෙනි. එසේම ප්‍රජාතන්ත්‍රවාදය තුල ක්‍රමයේ ආරක්ෂාව වෙනුවෙනි (ක්‍රමය යම් පමණකට හෝ වෙනස් කිරීමට නම් එක්කො ප්‍රජාතන්ත්‍ර විරෝධී විය යුතුය නැතිනම්, තුනෙන් දෙකේ බලයකින් පනත් වෙනස් කල යුතුය. නමුත් ඒ දෙකම කිසි සේත්ම පහසු කාර්යන් නොවේ).

 

සැබෑ ප්‍රතිරෝධතාවාදීන් සෑම විටම සුළුතරයේ සිටින අතර, අවනත, කීකරු, ශික්ෂිත අය බියගුලු වීමට වඩා ඔවුන් විසින්ම ඔවුන් වඩා ගුණ යහපත් අය ලෙස සැලකීමට වී තිබෙන තත්වය දැන් උදා වී තිබේ. දෘෂ්ටිවාදයේ කෘත්‍ය මෙයයි. එයට මුහුණ දීම එක එක්කෙනාට බාර වී ඇත.

පවතින ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ වලට සහභාගී වෙමින් එවැනි උද්ඝෝෂණ පවත්වන පක්ෂයක සාමාජිකයෙකු මෙය කියවීමේදී සිතිය හැක්කේ තමන් සැබවින්ම ප්‍රතිරෝධතාවාදියෙකු බවය. නමුත් සත්‍ය ලෙසම ඔහු පවුල තුල ඉතා හොඳ ගුණ-යහපත් මිනිසෙකු, කාලකන්නියෙකු නොවන්නෙකු වී තිබීම යනුම ඉහත කී අවනත, කීකරු, ශික්ෂිත අය වී ඇති තත්වයයි. ඒ අනුව ඔවුන් බියගුළු නොමැත. ඒ ධනවාදයටයි.

 

එබැවින් නරිල්, නරිල්, කියමින් ෆේස්බුක් බැනර දමමින් හුදු රනිල් විරෝධයක් නඩත්තු කරමින් ජනතාවාදයක් නඩත්තු කරන පෙසප වැනි කාලකන්නි පක්ෂ යනු සබැ ප්‍රතිරෝධතාවයක් දක්වන්නන් නොවේ. ඔවුන් විසින් ජවිපෙ මෙන්ම සැබවින්ම නියෝජනය කරනුයේ නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපනයේ දියුණුව, පෙට්‍රල් රුපියල් 117ට, ඩීසල් 90ට, පෙර පැවතී විදුලි බිල, වාහන සඳහා තිබෙන අධික බදු ඉවත්කොට වාහන මිල අඩු කිරීම, නැවතත් ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය නගා සිටුවීම වැනි බලපොරොත්තූන්ය. රනිල් විසින් වලි කන්නේද ඔවුන් බලාපොරොත්තු වන තත්වය ඔවුන් බලාපොරොත්තු වනවාටත් වඩා හොඳින් ඉටු කොට දීමටය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි